අපවත්වී වදාළ මාදුළුවාවේ සෝභිත ස්වාමීන් වහන්සේ තම මවට වඩාත් ආදරය කළ හිමි නමක් ලෙස සැලකෙනවා.
මගේ ගම් පළාත මාදුළුවාව. මහා පිටිසර ගමක්. එය හරිම ලස්සනයි. කඳුවැටි, ළඳු කැලෑ, කුඹුරු, ඇළ, දොළ, ගහකොළ පිරි සුන්දර ගමක්. එහි ජීවත් වූ මිනිස්සුන් හරිම අහිංසකයි. කාටවත් හිංසා පීඩා නෑ. සතා සීපාවාටත් ආදරෙයි. වවා ගත් බත බුලත බෙදා හදා ගෙන කමින් සාමයෙන් ජීවත් වුණා. මගේ ගම ගැන සිහි වන විට මට හැම විටම මතක් වෙන්නේ සාගර පලන්සූරිය (කේයස්) කවියාගේ සුදෝ සුදු හි කියැවෙන ඒ ගම්මානයයි.