ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Thursday, October 15, 2015

‘මෛත්‍රී සිංහලෙන් ලොව ඇමතීම ගැන ආඩම්බරයි‘ - මහින්ද...!!!

ජනපති මෛත්‍රිපාල සිරිසේන  සිංහල භාෂාවෙන් එක්සත් ජාතීන්ගේ මහ සමුළුව අමතන විට තමාට ආඩම්බරයක් දැනුණු බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ  (15) කොළඹදී පොත් එළිදැක්වීමේ උළෙලකට එක්වෙමින් පැවසීය.
සිංහලයෙක් ලෙස මව් භාෂාව ලෝකය ඉදිරියේ කතා කිරීම හේතුවෙන් තමාට එවැනි ආඩම්බරයක් දැනුණු බවත් ජාත්‍යන්තරයේදී සිංහල භාෂාවෙන් ලෝකය ඇමතීම ඇතැම් පිරිස් වැරදි ආකාරයට අර්ථකථනය කිරීමට උත්සාහ කළද එවැනිදෑ නොසලකා හැරිය යුතු යැයිද රාජපක්ෂ  කීවේය.

දයා විමලවීර මතක සමරු...

ඔබ මේ ලිපිය කියවන මොහොතේ දයා විමලවීරයන්ගේ උපන්දිනයක්‌ හෝ එතුමාගේ පියාණන්ගේ ගුණ අනුස්‌මරණ උත්සවයක්‌ හෝ පවත්වන දිනයක්‌ නොවේ. එවැන්නක්‌ නුදුරු සති කිහිපය තුළ එළැඹෙන්නේ ද නැත. කිසියම් කරුණක්‌ සඳහා දයා විමලවීර මැතිතුමා පිළිබඳව දත්තයන් එකතු කිරීමට මට අවශ්‍ය වී ඇත.
බොහෝ විට අපේ සිනමාවේ ජ්‍යෙෂ්ඨයන් පිළිබඳව කරනු ලබන විවිධ අන්දමේ වැඩසටහන් අප දකින අතර ඒවායින් බොහෝමයක්‌ ම හදිසියේ නින්දෙන් නැඟිට කඩිමුඩියේ ඇපෙන් බේරෙන්නට කළාක්‌ මෙන් කර ඇති බව ප්‍රබුද්ධ ප්‍රේක්‍ෂකයාගේ සාධාරණ මතයයි.

වෙලේ සුදාට දුන් මරණ දඬුවම අසා නිළියන් රැසක් හඬා වැළපෙයි...!!!

වෙලේ සුදාට දුන් මරණ දඬුවම අසා උදයන්ති , ෂෙහාරා ජයවීර ,ඇතුළු ජනප්‍රිය නිළියන් රැසක් හඬා වැළපී ඇතැයි වාර්තාවේ.ගම්පොළ විදානගමගේ සමන්ත කුමාර හෙවත් වෙලේ සුදා නැමැත්තාට කොළඹ මහාධිකරණය විසින් අද මරණ දඩුවම නියම කළා. ඒ හෙරොයින් ග‍්‍රෑම් 7 යි මිලිග‍්‍රෑම් 5 ක් ළග තබා ගැනීම සහ හෙරොයින් ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු වීම හේතුවෙන්. මේ අනුව කොළඹ මහාධිකරණ විනිසුරු පී‍්‍රති පද්මන් සූරසේන මහතා විසිනුයි ඊට අදාල නඩු තීන්දුව ප‍්‍රකාශයට පත් කරමින් මෙසේ මරණ දඩුවම නියම කරනු ලැබුවේ.

වැලිකඩ, අනුරාධපුර සිටින්නේ දරුණු කොටි ත්‍රස්‌තයන්...!!!

ද්‍රවිඩ සන්ධානය බේරාගැනීමට උත්සාහ කරන්නේ මෙලෙස බිහිසුණු අපරාධ කළ ත්‍රස්‌තයන්....!!!අහිංසක ජනතාව සූල ඝාතනය කළ, මිනිසුන් කපා කොටා ඉතා ම්ලේච්ඡිත අමානුෂික ලෙසින් මැරූ...කොටියන්වේ.
 වැලිකඩ සහ අනුරාධපුර බන්ධනාගාරවල රඳවා සිටින්නේ ගුවන් යානාවලට මිසයිල එල්ල කිරීම, නාවික යාත්‍රා පිපිරවීම සහ වෙනත් බිහිසුණු අපරාධ සිදුකළ දරුණු ගණයේ හිටපු කොටි ත්‍රස්‌තයෝ යෑයි ඉහළ පෙළේ ත්‍රස්‌ත මර්දන ආරංචි මාර්ග පවසයි.

යුරෝපා සංක්‍රමණික අර්බුදයට විසඳුම් සොයයි....!!!


යුරෝපයේ සංක්‍රමණික අර්බුදය සම්බන්ධයෙන් එකඟත්වයකට පැමිණීම සඳහා යුරෝපා කොමිසමේ කණ්ඩායමක් තුර්කිය වෙත යෑමට නියමිතව තිබේ. බ්‍රහස්පතින්දා ඇඹෙන සමුළුව සමග මෙම එකඟත්වය ලබාගැනීම යුරෝපා කොමිසමේ බලාපොරොත්තුව වී තිබේ. කෙසේ වෙතත්, තුර්කියට එල්ල වූ බෝම්බ පිපිරීමෙන් පසුව දින තුනක ශෝක කාලයක් ප්‍රකාශයට පත්කිරීම නිසා මෙම සාකච්ඡා ප්‍රමාද විය හැකි බවද කියැවෙයි.

මහින්ද ජනපති කොමිසමට පැමිණි හැටි - මහා සෙනගක් රැස්වෙයි - ආරක්ෂාව තරකරයි...!!!

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ  ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (15) පෙරවරු 8.55 පමණ නීතිඥ ගාමිණී මාරපන ඇතුළු නීතිඥවරුන් කිහිපදෙනකු සමඟ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පිහිටුවා ඇති බරපතල වංචා දුෂණ සෙවීමේ ජනාධිපති කොමිෂන් සභාවට පැමිණියේය.

ප්‍රභූ පුතාගේ ඩුබායි ගිණුමේ කෝටි 46782 ක්‘...!!!


ඩුබායි බැංකුවක ඉහළම දේශපාලන පවුලක සාමාජිකයන්ට අයත් බව කියන ගිණුම් 8ක් පරීක්ෂා කරන බව කැබිනට් ප්‍රකාශක ඇමැති රාජිත සේනාරත්න පවසයි.

ආණ්ඩුව බිලියන දෙක හමාරක් (2.5) ක අති විශාල මුදල් ප්‍රමාණයක් අච්චු ගසයි...!!!

යහපාලන ආර්ථික ඔස්තාර්ලාගේ උපදෙස් මත ශ්‍රී ලංකාව සුකිත මුදිත වනවා දැකීමට කැමති සියලු යහපාලනගාමීන් වෙත සතුටුදායක ආරංචියක් ලැබී ඇත. එනම් ආණ්ඩුව රුපියල් බිලියන දෙක හමාරක මුදල් ප්‍රමාණයක් අයවැයට පෙර අලුතෙන් අච්චු ගැසීමට යන බවය. මේ වන විටත් එය පටන් ගෙන ඇති බව වාර්තා වේ. 

යහපාලනයේ කුණුවෙන කොළඹ....!!!

  • පාවෙන වෙළෙඳපළ වේලෙනවා
  • රාත්‍රියට ගණිකා මඩමක්‌ කුඩු තිප්පොලක්‌
  • හරස්‌ වීදි යළිත් පේව්මන්ට්‌ වෙළෙන්දන් අතේ
හැඩ වෙමින් තිබුණු පිටකොටුව ආයෙමත් කැත වෙලාය. තැන, තැන කුණු ගොඩවල්ය. කුණු වතුරවලින් කාණු පිරී ගොස්‌ය. ඒ මතින් වහනය වන දුගඳට බඩේ තියෙන කෑම එළියට එන තරම්ය. අමුතුම පිළී ගඳකි. නාසය අත්ලෙන් මිරිකාගෙන හෝ දුගඳ දරාගත්තද, පිටකොටුවට සිදුව ඇති විපත්තිය පෙනෙන විට නම් හදවත කම්පනයට පත්වන්නේය. පදිකයෙන් විසි වෙච්ච වෙළෙඳ ලෑල්ල නැවතත් පිටකොටුව විදි දිගට වැටී ඇත. වීදි දිගේ යන මිනිසුන්ට නැවතත් තට්‌ටු බට්‌ටු වැටෙන්න පටන්ගෙනය. විසිතුරු ගඩොලින් හැඩ වැඩ වූ පේව්මන්ට එක දිගටත් කුණු රොඩුය. ආයෙමත් කොළඹ නරගය ආපයට වැටෙන මාවත එළිපෙහෙළි වෙමින් තිබෙන්නේය. 

වෛද්‍යවරියක් රෝහලේදීම මිය ගිහින්....!!!

හලාවත මහා රෝහලේ සේවය කරමින් සිටි වෛද්‍යවරියක් රෝගී තත්ත්වයට පත්ව එම රෝහලේම දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇත.
මිය ගොස් ඇත්තේ නෂ්ලා රෂ්ඩීන් (අවු:25) නම්වූ වෛද්‍යවරියකි.ඇය ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචිකාරියකි.ඇයගේ දෙමව්පියන් සෞදි අරාබියේ පදිංචිව සිටින බව කියති.

කරුපයියා නිසා රෝද හතරේ සිහිනයට බැඳෙන වැට....!!!

අලූතින් පාර්ලිමේතුවට පත්වූ මහජන නියෝජිතයන්ට තීරු බදු රහිත වාහනයක් මිලදී ගැනීමට අවස්ථාව ලැබේ. මහජන නියෝජිතයන්ට වාහන බලපත්‍රය නීත්‍යනුකූලව හිමි එකකි. තීරු බදු රහිතව පමණක් නොව වාහනයේ මිල නොසලකා සුපිරි අවස්ථාවක් හිිමිවීම වරප්‍රසාදයකි. මහ මැතිවරණයේ දී අති විශාල ධනස්කන්ධයක් වියදම් කරන ලද්දේ මෙම වරප්‍රසාද වෙනුවෙන්ය. නීති කඩමින්, මැර බලය උපයෝගී කරගනිමින් ඡන්දයෙන් දිනන්නට තැත් කරන්නේ මෙවැනි වාසි වෙනුවෙන්ය. ඡන්දය පාවිච්චි කළ ජනතාවට ඒ වෙනුවෙන් වන්දියක් ගෙවන්නට සිදුවෙයි. මැති ඇමැතිවරුන්ට බදු රහිත වාහන ලැබෙන විට පොදු ජනතාවට ණයගැතිව වාහනයක් මිලදී ගන්නට ඇති පහසුකමටද බාධා පමුණුවයි. ජනතාව ගෙවන වන්දිය එයයි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.