ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Wednesday, September 30, 2015

තවත් සිඟිත්තියක් ගල්ගුහාවක....!!!


නිවසින් අතුරුදහන්වී සිටි වයස අවුරුදු 3 ½ ක් වන පුංචි දැරිවියක් මහ වනාන්තරයේ ගල් ගුහාවක් තුළ සිටියදී පැය 12 ක පමණ මෙහෙයුමකින් අනතුරුව සොයා ගෙන ඇති බව කරුවලගස්වැව පොලීසිය කියයි.

අතුරුදහන්වී සිටියදී සොයා ගෙන ඇත්තේ කරුවලගස්වැව - පහරිය පදිංචිකාරයක් වන කිරිහෙට්ටිගේ දිනිති අහිංසා (අවු 3 ½ ) නම්වූ දැරිවියකි.

ජිනීවා මානව හිමිකම් සැසියට උතුරෙනුත් යති....!!!

ශ්‍රී ලංකාවේ පැවැති සිවිල් යුද්ධයේ ගොදුරු බවට පත්වූවන්ට සාධාරණය ඉටු කිරීමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය කටයුතු කළ යුතු යැයි   ස්විට්සර්ලන්තයේ ජීනිවා නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට සහභාගි වූ උතුරේ දේශපාලනඥයෝ පිරිසක් ඉල්ලා සිටියහ.
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පැවැති සංවාදයට උතුරේ දේශපාලනඥයන් වන සුරේෂ් පේ‍්‍රමචන්ද්‍රන්, ආනන්දි ශෂීදරන් , එම්.කේ සිවාජීලින්ගම්,  උතුරු පළාත් සභාවේ මන්තී‍්‍රවරයකු වන ගජේන් පොන්නම්බලම් එක් වූ අතර වගවීම සම්බන්ධයෙන් නව ආණ්ඩුව ගෙන ඇති කි‍්‍රයාමාර්ග සම්බන්ධයෙන් සෑහීමකට පත්විය නොහැකි යැයි ඔවුහූ   පැවැසූහ.

මක්කම තදබදයෙන් මියගිය සංඛ්‍යාව 4000 පනී...!!!

හජ් වන්දනාව අතරතුර ඇතිවූ තදබදයෙන් මිය ගිය සංඛ්‍යාව 4173ක් දක්වා ඉහළ ගොස් ඇති බව සවුදි රජයේ ආරංචි මාර්ග විසින් වාර්තා කර තිබේ.
පසුගියදා මාධ්‍ය වෙත අදහස් දක්වමින් සවුදි අරාබියානු නියෝජ්‍ය සෞඛ්‍ය ඇමති හමාඞ් බින් මුහම්මද් අල් ඩුවෙයිලා පවසා ඇත්තේ වන්දනාකරුවන් 4173ක් මියගිය බවට දැක්වෙන ඡයාරූපයක් තමන් අතට පත්වූ බවයි.
අධික උෂ්ණත්වය නිසා විජලනයට පත්වීමත් හුස්ම හිරවිමත් මෙම මරණයන්ට ප‍්‍රධාන හේතූන් බවද සවුදි සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් වැඩිදුරටත් පවසා තිබේ.

කරුපයියා අත්සන් කළ මුදල් ගිනිතබයි...!!!

ශ්‍රී-ලංකාවේ වලංගු මුදල් නෝට්ටු වල නිල අත්සන් තැබිය යුත්තේ මුදල් අමාත්‍යවරයාද නැතහොත් මහ බැංකුව අයත්වන ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශය භාර අමාත්‍යවරයා ද යන්න පිලිබඳ නෛතික ගැටළුවක් පැනනැඟී ඇතැයි වාර්තා වේ.
මෙම ගැටළුවට හේතු වී ඇත්තේ අමාත්‍යවරුන්ගේ විෂය පථයන් තීන්දු කරන නව ගැසට් නිවේදනය අනුව ශ්‍රී-ලංකා මහ බැංකුව අයත්වන්නේ කරුපයියා යටතේ පවතින මුදල් අමාත්‍යංශයට නොව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යටතේ පවතින ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශය වීමයි.

අගමැති විකුණන මෙගා ඩිල් කාරයෝ මෙන්න....!!!

හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග අත් අඩංගුවට නොගෙන නොතීසියකින් ලිස්සා යැවීමටත්,ඇවන්ගාඩ් නඩුවෙන් නිස්සංක සේනාධිපති නිදහස් කිරීමටත් මහාධිකරණ විනිසුරුවන් පොළඹවා ගැනීමට අතරමැදියන් ලෙස කටයුතු කළ පිරිස අතර ආණ්ඩුවේ ප්‍රබලයන් දෙදෙනෙකු සහ තුප්පහි චිවරධාරියෙකුද සිටින බව මේ වනවිට අනාවරණය වී තිබේ.
එනම් අගමැතිගේ නම විකුණා තම දේශපාලන බලය පෙන්වීමට තැත්කරනා වරක් මහමැතිවරණයෙන් අන්ත පාරාජ වී ආතක් පාතක් නැතිව සිට යහපාලනයට පිං සිද්ද වෙන්න ඇමති කෙනෙකු ලෙස දිවුරුම්දුන් ඇමති තොත්ත බබා වජිර අබේවර්ධනයි. මොහු විසින් දින සියේ ආණ්ඩුව පැවති අවධියේදීද රාජපක්ෂ හෙන්චයියන්ගෙන් ඔහුගේ “වජිර අබේවර්ධන පදනමට” නොයෙක් ආකාරයෙන් මුදල් ලබාගෙන රාජපක්ෂ හෙන්චයියන් රැකීමට පොලිස් නිලධාරින්ට පවා බලපෑම් කල පුද්ගලයෙකි.පොලිස් ප්‍රධානීන්ට දුරකතන ඇමතුම් දෙමින් තමා කතා කරන්නේ අගමැතිවරයා වෙනුවෙන් යයි ඔහු පවසා තිබේ.
මෙහි ඇති විශේෂම කාරණය වන්නේ ඔහුගේ පසුගිය මැතිවරණ ප්‍රචාරණ කටයුතු සදහා ඇවන්ගාඩ් සමාගමෙන් රුපියල් මිලියන ගණනනින් මොහුගේ පදනමට ලබාදී තිබීමයි.

සමලිංගිකයන් යහපාලනයේ වැඩ අල්ලයි...කොළඹ සමලිංගික වැඩමුළුවක්…!!!

ශ‍්‍රී ලංකාව තුල සමලිංගිකයන් පිලිගැනීම, ඔවුනට නිත්‍යානුකූල අයිතීන් ලබා දීම ආදී සමලිංගික අයිතීන් ලබා ගැනීම සඳහා වූ වැඩමුළුවක් කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී ඊයේ දිනයේ පැවැත්වී තිබේ. මෙම වැඩමුළුව USAID සංවිධානය විසින් සූදානම් කර තිබූ අතර ඊට මෙරට සමලිංගික අයිතීන් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන හතකින් පමණ 20 දෙනෙකුගේ පමණ පිරිසක් හා මාධ්‍යවේදීන් කිහිප දෙනෙකේද සහභාගී වී තිබින.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.