ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Wednesday, September 23, 2015

රටම පාවාදුන් කාළකණ්නි “රෝ” ඔත්තුකරුවන් මෙන්න....!!!

ජනතාවාදි රාජපක්ෂ ආණ්ඩුව පෙරලා ජාත්‍යන්තරවාදි යහපාලන ආණ්ඩුව නිර්මාණය කිරිම සදහා ඉන්දිය රෝ සංවිධානය බිලියන් ගණන් මුජ්දල් පොම්ප කරමින් අවසානයේ මෛත්‍රීපාල වැනි රූකඩ පාලකයෙකුට පිංසිදුවන්නට ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට රිංගා ගත් රෝ සංවිධානයේ මාසික පඩි ලබන රනිල් ගැත්තේක් වන පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ මලිත් ජයතිලික සිය පැටිකිරිය හෙලිවිම හෙතුවෙන් කලබලයට පත්ව මෛත්‍රීගේ  සම්බන්ධීකරණ ලේකම්වරයා  නීතිඥ ශිරාල් ලක්තිලකද ලග තබාගනිමීන් සුද්ධ වන්තයා විමට උත්සහ දරා තිබේ.

බල්ලාගේ බලු ගතිය ප්‍රසිද්ධයේ කියයි...!!!

දැනටත් මට බිරියන් දෙකයි.. එයත් ඩිවෝස් වෙලා ආවොත් එයත් බඳිනවා.. – අසාද් සාලි..තමන්ට මේ වන විටත් බිරියන් දෙදෙනෙක් සිටින බවත් තමන් පැහැර ගෙන ආ බවට චෝදනා එල්ල වන කාන්තාවද දික්කසාද වී පැමිණියහොත් ඇයද විවාහ කරන්නා බව ජාතික සමගි පෙරමුණේ නායක මධ්‍යම පළාත් සභා මන්ත‍්‍රී අසාද් සාල් පවසයි.

කොටි ජිනිවා නුවර යකා නටයි….!!!

කොටි පොලිසිය හා ස්විස් පොලිසිය ඇනගනී..රනිල් නිදහස් කල “වානිකුමාර්”මානව හිමිකම් සැසියේ (Video)
දෙමළ ජනතාව වෙත යුක්තිය ඉල්ලමින් එක්සත් ජාතීන්ගේ සංවිධාන වෙත ගමන් කළ ඊළාම් වාදින්ගේ මහා විරෝධතා පෙළපාලියට සහභාගි වූ විරෝධතාකරුවන් සීමා උල්ලංඝනය කර ඉදිරියට ගමන් කිරීමට උත්සාහ කල අවස්ථාවේ ස්විට්සර්ලන්ත විශේෂ පොලිස් අංශයටත් විරෝධතාකරුවන්ටත් අතර ගැටුම්කාරී තත්ත්වයක් හටගෙන තිබේ.පෙරේදා (21දා) දහවල් ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල් කීපයක සිට එම ස්‌ථානයට පැමිණි ඊලම්වාදීන් ශ්‍රී ලංකාවට එරෙහිව උද්ඝෝෂණයක්‌ පැවැත් වූහ.

සජිත් ඇප මත නිදහස්..!!!

මාස හතරක පමණ කාලයක් රක්‍ෂිත බන්ධනාගාරගතව සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන   කොළඹ මහාධිකරණය විසින් ඇප මත නිදහස් කර තිබේ.
ඔහු එසේ නිදහස් කර ඇත්තේ රුපියල් මිලියනයක මුදල් ඇපයක් හා රුපියල් කෝටි 02ක ශරීර ඇප දෙකක් මතයි.

අසාද්ට ඉවත්වන ලෙස බල කළොත් සාකච්ඡ වැඩිදුර යන්නේ නෑ – ප‍්‍රංශය -

සිරියානු ජනාධිපති බෂාර් අසාද් නොමැතිව සිරියාවට දේශපාලන විසඳුමක් උදා කරගැනීම සිදුකළ නොහැක්කක් බව ප‍්‍රංශ විදේශ ඇමති ලෝරන්ට් ෆේබියස් පවසා ඇතැයි වාර්තා වේ.ඔහු පවසා ඇත්තේ සාකච්ඡුා ආරම්භ වීමටත් පෙර අසාද් ඉවත්වනු දැකීමට අවශ්‍ය වුවහොත් සාකච්ඡුා වැඩි දුර යාම උගහට බවයි.සිරියාවට දේශපාලන විසඳුමක් අත්පත් කරගැනීම සඳහා අසාද් පාලනයේ කොටස්ද එක්කරගත් ජාතික ඒකාබද්ධතා රජයක් ගොඩනැගීම අත්‍යවශ්‍ය වන බව ෆේබියස් පවසා ඇත.

ගයිඩන්ගෙන් "සැබෑ සංචාරක මඟපෙන්වන්නා" වහා වෙන්කර ගත යුතුය....!!!

එය සංචාරක කර්මාන්තයට පමණක්‌ නොව රටටත් හොඳය. ඊළඟට වැදගත්ම දේ

සංචාරකයන්ගේ ආරක්‍ෂාවය. මේ බ්‍රිතාන්‍ය ජාතික යුවළ මහ පාන්දර පයින්ම නවාතැන කරා ඇවිද යන්නේ රටේ ආරක්‍ෂාව ගැන හොඳ විශ්වාසයකින් බව කිව යුතු නැත. පරණ තංගල්ලේ සිද්ධියේදී, ඊට සහභාගි වූ පුද්ගලයන්ට නොව එවකට ආණ්‌ඩුවට ලවක්‌ දෙවක්‌ නැතුව බැණ වැදුනේ එවකට සිටි විපක්‍ෂයයි. දැන් ආණ්‌ඩුව කරන පක්‍ෂය කුමක්‌ද විපක්‍ෂය කුමක්‌දැයි තෝරා ගැනීමට නොහැකි වුවත් සංචාරකයන්ගේ ආරක්‍ෂාව ගැන තව ටිකක්‌ වැඩිපුර හිතන්නට වන බව සිහිපත් කරමු.බ්‍රිතාන්‍ය ජාතික "කුරාම් ෂෙයික්‌" ඝාතනයත් ඔහුගේ පෙම්වතිය වූ වික්‌ටෝරියාට පහරදී රංචු ගැසී දූෂණය කිරීමේ සිද්ධියත් සිහි කල්පනාව ඇති කාටත් අමතකව නැතැයි අපි තදින්ම විශ්වාස කරමු. රටේ නම අපකීර්තියට පත් කළ, එමෙන්ම මිනිසකුට එතරම්ම ම්ලේච්ඡ ගති පැවතුම් ඇතැයි කිසිවිටෙකත් සිතිය නොහැකි සිදුවීමක්‌ ලෙස එය ඉතිහාසයට එකතු වී තිබේ.

පිට කොන්දක් සහිත රටවැසියෙක් ගේ ඉල්ලීමක්....!!! ජාත්‍යන්තර විමර්ශනය නීති විරෝධී බවට තීන්දු කරන්න....!!!

එවකට පැවති රජය විසින් දෙමළ ඊළාම් විමුක්‌ති කොටි සංවිධානයට එරෙහිව ගෙන ගිය යුද්ධයේ 2009 අවසන් අදියර තුළ සිදුවූවා යෑයි කියන මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳව පැවැත්වෙන ජාත්‍යන්තර විමර්ශනය නීති විරෝධී බවට පිළිගන්නා ලෙසට බලකරන නියෝගයක්‌ නිකුත් කරන්නැයි ඉල්ලා ප්‍රසිද්ධ ගත්කරුවෙකු සහ සාහිත්‍යධරයෙකු වන ආචාර්ය ගුණදාස අමරසේකර  ඊයේ (23 දා) කොළඹ දිසා අධිකරණයට පෙත්සමක්‌ ගොනු කළේය.

වීද්‍යෝදය කාව්‍ය (සම ) සම්මානයක් - කදුමුදුනට-

Samitha B. Atuwabendela කියන්නේ කවිය ගැඹුරින් අවශෝෂණය කරගත් අපේ පරපුරේ කවියෙක්. කවිය සංවේදනා පලකිරීමට පමණක් මාධ්‍යක් කොට නොගන්නා සමිත රසිකයා ප්‍රඥාවව දිශානත කිරීමට උත්සාහ කිරීම ඔහුගේ කාව්‍ය මාර්ගයේ මා දකින සුවිශේෂත්වයයි. ඔහු වැදගත්කොට සලකන්නේ කවියෙන් සංවේදන පලකිරීමට වඩා කවියේ තේමාත්මක ගැඹුරයි. ඔහු සුවිශේෂ වන්නේත් එනිසයි. ඔහුගේ කවිය තවමත් කොළොඹ කේන්ද්‍රීය කතිකා,සංවාද, වටමේස ,කව වල ප්‍රමාණාත්මක ලෙස සාකච්චාවට ලක්වී නැහැ.කොළඹීන් එපිට සිටින නිසා සැර මදුවිතක් සමග ඔහුට එවැනි දෑ ප්‍රයෝගිකව සංවිධානය කිරීමට ඇති නොහැකියාව නිසා නුතන කවියේ භාරකරුවන්ට ඇතැම් විට ඔහුගේ කවිය ගිලිහී යන්නට ඇති .

ලොකු ළුණු බදු රුපියල් 200%කින් වැඩි කෙරේ..

 ලොකු ළුණු ආනයනය කිරීමේදී රජය විසින් කිලෝවක් සඳහා ආනයනික බදු රුපියල් 20 කින් ඉහළ දමා තිබේ.
ඒ අනුව මෙතෙක් රුපියල් 10ක් වූ කිලෝවකට ආනයන බද්ද රුපිියල් 30ක් වනු ඇත.

ජනපති නියෝග නොතකා ග්ලයිපොසේට්‌ ජාවාරම ජයටම....!!!

ජනාධිපතිගේ සෘජු මැදිහත්වීම යටතේ ග්ලයි පොසේට්‌ (රවුන්ඩ්අප්) තහනම රට පුරාම ක්‍රියාත්මක කර තිබියදීත් කොළඹ ආනයනික සමාගම් මගින් ප්‍රාදේශීය වෙළෙඳුන්ට රහසිගතව ග්ලයි පොසේට්‌ අලෙවි කිරීම නිසා ගොවීන් මේවා රහසිගතව වැඩි මුදලක්‌ ගෙවා ලබාගෙන භාවිතයට ගන්නේ යෑයි නුවරවැව ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති ජී. ටී. ජයසූරිය  අනුරාධපුර දිස්‌ත්‍රික්‌ කෘෂිකර්ම කමිටුවට පැමිණිලි කළේය.

යහපාලන හතුරන්ට ඇමැතිධුර දීමෙන් අපේ ඡන්දවලින් අපටම ගුටි කන්නවෙලා...!!!

යහපාලන ආණ්‌ඩුවට ඡන්දය දුන් ඡන්දදායකයන්ට මැර ප්‍රහාර එල්ල කරන බවට චෝදනා කරමින

මහව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයකු සහ මන්ත්‍රීවරු දෙදෙනකු උපවාසයක නියෑළිනි. ඉඩම් රාජ්‍ය අමාත්‍ය ටී. බී. ඒකනායක  පිළිගැනීම සඳහා උත්සවයක්‌ මහව නගරයේදී පසුගියදා පැවැත්විණි. උත්සවයට පෙර මහව නගරය කොළ පැහැති කොඩිවැල් වලින් සරසා තිබුණු අතර උත්සවය සඳහා පෙරදින රාත්‍රී නිල්පැහැති කොඩිවැල්වලින් නගරය සරසා තිබිණි. උත්සවය නිමා වූ දින රාත්‍රී නැවත කොඩිවැල් ඇදීමක්‌ සිදුකිරීමට යැමේදී දෙපාර්ශ්වය අතර ගැටුමක්‌ හටගෙන තිබූ බව මහව පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු සඳහන් කළේය.

පොලොන්නරුවේ වී ගොවියෝ පාරට බසිති...!!!

තම වී අස්‌වනු මිලට ගන්නා ලෙස රජයට බලකරමින් වී තොග රැගත් ට්‍රැක්‌ටර් රථ හා වී ගෝනි ප්‍රධාන මාර්ග අසලට ගෙනැවිත් එම මාර්ග අවහිර වන සේ නවතා තබා පොලොන්නරුව දිස්‌ත්‍රික්‌කයේ ස්‌ථාන රැසකදී ගොවීහු ඊයේ (22 දා) දහවල් විරෝධතා දැක්‌වූහ.

UN වාර්තාව ප‍්‍රතික්‍ෂෙප කල යුතුයි.. – මහින්ද ගේ නිවේදනයක්..

ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ  මානව හිමිකම් සමුළුව විසින් එළිදක්වා ඇති වාර්තා  ප‍්‍රතික්‍ෂෙප කල යුතු යයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ  පවසයි.
මේ බව සඳහන් කරමින් ඔහු විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

UN අවසන් වාර්තාව සූදානම්.. හමුදාවේ 400කගේ නම් ඇතුලත්.. සාක්‍ෂිකරුවන් 2032 වනතුරු හෙළි නොකරයි..

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය විසින් සූදානම් කර ඇති අවසන් වාර්තාවට මෙරට අවසන් යුධ මෙහෙයුම්වලට සම්බන්ධ වූ නිලධාරීන් 400ක පමණ නම් ඇතුළත්ව ඇතැයි වාර්තා වෙයි.
එමෙන්ම එම කාලයේදී සිදු කල මෙහෙයුම් 300ක පමණ තොරතුරුද වාර්තාවේ සඳහන්ව ඇතැයිද පැවසෙන අතර ඉහළ නිලධාරීන්ගේ සිට පහළ නිලධාරීන් දක්වා නම් සඳහන් කර ඇති බවද පැවසෙයි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.