පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක තනතුරට ද්‍රවිඩ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් පත් කිරීම ගැන පාර්ලිමේන්තුවේ තරමක උණුසුම් කතා බහක් ඇති විය.
එහිදී විපක්ෂය නියෝජනය කරමින් අදහස් දැක්වූ විමල් වීරවංශ පැවසුවේ කුමාර වෙල්ගම විපක්ෂනායක ලෙස පත්කරන්නැයි ඉල්ලා මන්ත්‍රීවරුන් 56ගේ අත්සනින් ලිපියක් බාරදුන් බවයි.
එසේ තිබියදී මෙම පත් මෙම පත්කිරීමේ වලංගුතාවය ගැන ඔහු අදහස් දැක්වීය.
කථානායක කරූ ජයසූරිය කියා සිටියේ තමන්ට එවැනි ලිපියක් ලැබී නැති බවයි.
වීඩියෝව නරඹන්න
ටී.එන්.ඒ. සංවිධානයේ මැතිවරණ ප්රකාශනය කරුණු 4 කින් සමන්විතයි. දෙමළ
ජනතාවට ස්වයං තීරණ අයිතිය හිමිවන බව, උතුරු නැඟෙනහිර දෙපළාත වහාම නිත්‍ය
වශයෙන් එකතු කළ යුතු බව, ඒකීය රාජ්‍ය ක්‍රමය වෙනුවට පෙඩරල් රාජ්‍ය
ක්‍රමයක් ඇති කළ යුතු බව සහ ලංකාවේ හමුදාව විසින් සිදුකළා යෑයි කියන යුද
අපරාධ සෙවීමට ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍ය බව එම කරුණු 4 යි.
සම්බන්දන් විපක්ෂ නායක
කිරීම
ප්රජාතන්ත්රවාදී මූලධර්ම උඩු යටිකුරු කිරීමක්
ප්‍රවීණ දේශපාලන විචාරක ආචාර්ය දයාන් ජයතිලක
සම්බන්දන් විපක්ෂ නායකයා ලෙස පත් කිරීම මේ රටේ මහජන වරම සහ
ස්වාධිපත්‍යය සහමුලින්ම උල්ලංඝනය කරමින් ප්රජාතන්ත්රවාදී
මූලධර්ම උඩුයටිකුරු කිරීමක්. ඔහුට මේ තනතුර ලබාදීම දෙස මා
බලන්නේ ජනවාර්ගික ප්‍රිස්මයක් තුළින් නෙමෙයි.
එජනිසය
සමඟ ජාතික ආණ්ඩුවක් සඳහා ගිවිසුමක් අත්සන් කර ඇති බවත්
අවශ්‍ය නම් තමන්ට එය කථානායකවරයාට ඉදිරි පත් කළ හැකි බවත්
අගමැති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී (03
වැනිදා) පැවැසීය.
අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවේදී අසයි
ජාතික ආණ්ඩු යෑයි කියා ගනිමින් ඇමැති ධුර 48 ක් දක්වා
වැඩිකරගත් ඇමැති මණ්ඩලයක වාඩි වෙන්න තරම් මේ
මන්ත්‍රීවරුන්ට ලැඡ්ජාවක් කියල දෙයක් නැත්දැයි ජවිපෙ
පාර්ලිමේන්තු කණ්ඩායම් නායක අනුර කුමාර දිසානායක
පාර්ලිමේන්තුවේදී (03 දා) ප්‍රශ්න කළේය.
දෙමළ ජනතා ප්‍රශ්න විසඳීමට විපක්ෂ නායක ධුරය යොදා ගන්නවා
- සම්බන්දන් මංගල කතාවෙන් කියයි....!!!
දෙමළ ජනතාවගේ ජාතික ප්රශ්නය සේම ඔවුන්ගේ සෙසු ප්‍රශ්න
විසඳීමටද විපක්ෂ නායක ධුරය යොදා ගන්නා බව විපක්ෂ නායක
ධුරයට පත් වූ ආර්.සම්බන්දන් සිය මංගල කතාව කරමින්
(03 දා) පාර්ලිමේන්තුවේදී කීවේය.ඉන්දියාවේ පාලන ක්‍රමය සේ
මෙරට ද ප්‍රාන්ත කිහිපයකට බෙදා උපරිම පාලන බලයක් එක රටක්
තුළ එම ප්‍රාන්තවලට ලබාදිය යුතු බව ද හෙතෙම කීවේය.
විමල්
වීරවංශ ගේ ජාතික නිදහස් පෙරමුණ සහ උදය ගම්මන්පිලගේ පිවිතුරු හෙළ උරුමය පාර්ලිමේන්තුව තුළ පිළිගත්
දේශපාලන පක්ෂ ලෙස නොසැලකීමට ප්‍රධාන පක්ෂ නායකයන් තීරණය
කර තිබේ. එම මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුව තුළ පක්ෂ
නායකයන් ලෙස නොව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස පමණක් සැලකීමට තීරණය කර
ඇති අතර පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ නායකයන්ට හිමිවන
වරප්‍රසාද මින් ඉදිරියට ඔවුනට අහිමි වේ.
මැතිවරණය නිමාවී ඇත.
යතාර්ථයක් වූ පසුගිය නොවැම්බරයේ සිට සිදුවන කුමන්ත්‍රණය පිලිබඳ එතරම් දැඩිව
සැලකීමක් නොදැක්වුවන් තමන්ගේ අභිප්‍රාය වූ ජයකණුව වෙත ළඟා නොවිම කෙරෙහි
තරමක අප්‍රසාදයක් හෝ අතෘප්තිකර තත්වයකට පත්ව ඇති බව දකිමි. සියලු කරුණු
කාරණා සලකා බැලීමේදී සන්ධානය මේ ලද ජයග්‍රහණයේ ධනාත්මක පැතිකඩයන් ගැන සිතා
බලනු වටී.
රනිල් ගැන ඔබ නොදත් හෝ ඔබට අමතක බොහෝ දේ තිබිය හැකිය.
මඳකට සිහිපත්කර ගැනීම සඳහා මොහොතක් වැයකරන්න.
අනිවාර්යෙන්ම නරඹන්න.
‘මහින්ද පුම්බන්න ඇමෙරිකාවට දුන් 87 කෝටිය වතුරේ‘
පසුගිය රජය සමයේ සිදුවූ අයථා මුදල් ගනුදෙනු ගැන චෝදනා නැගුණේ වරක් දෙවරක්
නොවේ. නමුත් ඒ සම්බන්ධයෙන් කිසිදු පරීක්ෂණයක් සිදුවූයේ නැත. එම මුදල්
ගනුදෙනු වලට සම්බන්ධව සිටියෝ සියල්ල
මනාව යටගැසූහ.
නමුත් 2014 වසරේ සන්ඩේ ටයිම්ස් ජූලි හා අගෝස්තු කලාපයන්ගෙන් එක්තරා
හෙළිදරව්වක් සිදුකෙරිණ. පාර්ලිමෙන්තුවට රහසේ ශ්‍රී ලංකා මහ බැංකුව ඇමරිකාවේ
පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන් හා මහජන සම්බන්ධතා උපදේශකවරුන් පිරිසක් සමග
මුදල් ගනුදෙනු වල යෙදී ඇති බවට පැහැදිලි සාක්ෂි අනාවරණය කෙරිණ.
මේ රටේ
UNP උගතුන් ප්‍රධාන විපක්ෂය කළ යුතු බව කී ජනතා විමුක්ති පෙරමුණට සිදුව
ඇත්තේ මාර සන්තෑසියකි. මොවුන් කැට තබා දිවුරා කීවේ ජනතා විමුක්ති පෙරමුණ
ආසන 25ක් දිනාගනු ඇති බව ය. එහෙත් ප්‍රතිඵල නිකුත් වූ විට මට සිහියට ආවේ
ආඬි හත් දෙනාගේ කැඳ හැලියේ කතාව ය. අවසානයේ ඡන්දය දෙන බව කී කිසිදු UNP ආඬි
උගතෙකු JVP එකට ඡන්දය ලබා දී නොමැත. අනුර කුමාර පසු කර ඔහුට වඩා කොළ පැහැ
රනිල් අසල ඒ ඡන්ද නතර වී තිබේ. අනුර කුමාර දිසානායක ද බොහෝ විට නොදැනම
එජාපයට ඡන්ද ලබා දෙන්නට ඇත.
සිරස රූපාවාහිනියෙන් පසුගියදා විකාශනය වූ සටන සජීවී දේශපාලන සංවාදය සඳහා
සහභාගී වූයේ මදුළුවාවේ සෝභිත හිමියන් , ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා ,
සහ කෝනල් පෙරේරා යන මහත්වරුන්ය. එහිදී මාදුළුවාවේ සෝභිත හිමියන්
පාර්ලිමේන්තුවට කුඩු වෙළෙන්දන්, ස්ත්‍රී දූෂකයින් , මංකොල්ලකරුවන් පත් නොකර
වැදගතුන් , බුද්ධිමතුන් යැවීමේ වැදගත් කම පෙන්වා දුන් අතර සාධාරණ සමාජයක් ,
ප්රජාතන්ත්රවාදී සමාජයක් බිහි කරගත හැක්කේ එලෙස පමණක් යයිද අවධාරණය කළහ.
උන් වහන්සේ ආයාසයෙන් මවාගත් මුහුණින් යුතුව ඉතා අලංකාරව ප්‍රසිද්ධියේ එසේ
පැවසුවද තිරය යට තිබුනේ ඊට වඩා අවලස්සන කතාවකි.
ඉතිහාසයේ දූෂිතම මැතිවරණයෙන් බලයට පැමිනි
මෛත්‍රී-චන්ද්‍රිකා-රනිල් හවුල් ආණ්ඩුව නිවට රජයක් වනු ඇත. එමෙන්ම එය ජනමතය
නොඉවසන රජයක් වෙනු ඇත. ඊටත් වඩා එය අස්ථාවර රජයක් වනු ඇත. මේ සියලු කාරණා
සැපිරුණු රජයක් 1948 න් පසු මෙරට පිහිටුවා නැත. මේ රජයට නියමිත කාර්යභාරය
වනුයේ සිංහලුන්ගේ ස්වාධිපත්‍යය අහිමි කිරීමය.
කිසියම් රටකට හෝ දේශයකට හෝ ඇත්තේ එකම ජාතික ගීයකි. රටක ජාතික ගීය
නිර්මාණය කිරීමේ පරම භාග්‍යය උදාවන්නේ පුද්ගලයින් එක් අයෙකුට හෝ දෙදෙනකුට
පමණි. ඔවුහු සමස්ත ජාතියේම සම්භාවනාවට පාත්‍ර වන්නෝය. මේ නිසාම වත්මන්
ලෝකයේ ජාතික ගී නිර්මාතෘවරු සුවිශේෂී වරම් ලද්දන් ලෙස ගෞරව බහුමානයට පාත්‍ර
වෙති.
හලාවත නගරයේ ඇති කුණු කසල බැහැර කරන ප්‍රධාන
ඇල මාර්ගය කාලයකින් පිළිසකර නොකිරීම නිසා තමන් දැඩි දුෂ්කරතාවයකට පත්ව ඇති බව
හලාවත - ලංසියාවත්ත ප්‍රදේශයේ ජනතාව කියා සිටිති.
නගරය තුළ ඇති සියළුම කාණු පද්ධතිය එකට එකතු
වී කලපුවට ගලා යන්නේ ලංසියාවත්ත ගම්මානය හරහාය.පවුල් 25 කට වැඩි පිරිසක් මෙම ප්‍රදේශය
තුළ පදිංචිවී සිටිති.කාණු පද්ධතිය නිසි පරිදි පිරිසිදු නොකිරීම හේතුවෙන් එහි කුණු
කසල සිරවී ඇති ආකාරයක් දක්නට ඇත.මෙම තත්ත්වය නිසා එම ප්‍රදේශය මැදි මදුරු රජදහනක්
බවට පත්ව ඇත.
දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්පන්දන් විපක්ෂ නායක ලෙස පත්කිරීමට කථානායක කරු ජයසූරිය මීට සුළු මොහොතකට පෙර තීරණය කළේය.
නව පාර්ලිමේන්තුව අද (3) පෙරවරු 9.30ට දෙවැනි දිනට යළි රැස්විය.
රාජ වරෝදියන් සම්පන්ධන් 1933 පෙබරවාරි 5 වැනිදා උපන්නේය. ඔහු වෘත්තියෙන්
නීතිඥවරයෙකි. ඔහු වසර 2001 සිට දෙමළ ජාතික සන්ධානයට නායකත්වය දෙයි. 1971 දී
මුලින්ම පාර්ලිමේන්තුවට පත්විය.
නව රජයේ අමාත්‍ය මණ්ඩලය ලබන සිකුරාදා දිවුරුම් දීමට නියමිතයි. එදින පෙරවරු 11.00 ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් එම උත්සවය ආරම්භ කෙරෙන බවයි එක්සත් ජාතික පක්ෂයේ උපනායක කරුපයියා ප්‍රකාශ කළේ.
දිවුරුම් දීමේ උත්සවය පැවැත්වෙන්නේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දීයි. කැබිනට් අමාත්‍යවරුන් 45 දෙනෙකු එහිදී දිවුරුම් දෙනාව. ඉන් අමාත්‍ය ධූර 33 ක් සඳහා එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් එහිදී දිවුරුම් දෙනු ඇති.
කුමාර වෙල්ගමද...?
සම්බන්දන්ද....?
විපක්ෂ නායක ධුරය සඳහා පත්වනුයේ ශ්‍රී ලංකා නිදහස්
පක්ෂයේ කුමාර වෙල්ගම මහතාද නැත්නම් තමිල් අරසු කච්චි
හෙවත් ද්‍රවිඩ ජාතික සන්ධානයේ ආර්. සම්බන්දන්ද යන්න
අද (3 දා) පාර්ලිමේන්තුවේදී කථානායක කරු ජයසූරිය
විසින් නිවේදනය කිරීමට නියමිතය.
විපක්ෂ නායක ධුරය හිමිවන්නේ කාටද යන්න සම්බන්ධයෙන් දැඩි
ගැටලුකාරී තත්ත්වයක් බවට පත්ව තිබේ.
කරුවලගස්වැව - ඉපලෝගම රක්ෂිතයේ හට ගත් ගින්න
මේ වන විට පාලනය කර ඇති බව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සදහන් කරයි.
පසුගිය 01 වැනිදා දහවල් හට ගත් මෙම ගින්න
හේතුවෙන් හෙක්ටයාර් 20 කට වඩා විශාල ප්‍රමාණයක් ඉපලෝගම වනාන්තරයේ විනාශයට පත් වී
ඇත.
මොණර
කොලය නමින් හදුන්වන රුපියල් දහසේ නෝට්ටුවේ ඉදිරිපස මුද්‍රණය කර ඇති හස්ති
රාජයා සහ ඒ අසලින් හිස් වැස්මක් පැලද සිටින මිනිසා පිලිබදව අපූර්ව වූ කතා
පුවතක් ගෙතී ඇති බව ඔබ දැන සිටියාද....? එහි සිටින ඇතා සහ එම හිස් වැස්මක්
පැලද සිටිනා මිනිසා යන දෙදෙනාම නැගෙනහිර පලාතේ බව සහ එම මිනිසා මුස්ලිම්
ජාතිකයෙකු බව ඔබ දැන සිටියාද....?
ඔහු නමින් උමාර් ලෙබ්බේ පනික්කාර් වන අතර ඔහු මඩකලපු දිස්ත්‍රික්කයේ එරාවුර් ප්‍රදේශයේ
පදිංචිකරුවෙකි. 1925 දී මොහු විසින් මෙම හස්ති රාජයාව අල්ලා ගනු ලැබූ අතර
පසුව ඔහු විසින් ඌව හීලෑ කර ඇත. පසු කලෙක ඔහු මෙම ඇතාව දළදා මාළිගාවට
පරිත්‍යාග කරනු ලැබීය.