ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Wednesday, September 2, 2015

හිමිනමකට වරෙන්තු....!!!

පූජ්‍ය අගුලූගල්ලේ ජිනානන්ද ස්වාමින් වහන්සේ අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් නිකුත් කෙරුණා ඒ උද්ඝෝෂණයක නිරත වී අධිකරණයට අපහාස කළ බවට භික්ෂූන් වහන්සේ කිහිපදෙනෙකු ද පාර්ලිමේන්තු සහ පළාත් සභා මන්ත‍්‍රීවරුන් ද ඇතුළු පිරිසක් වගඋත්තරකරුවන් කරමින් පවරා ඇති නඩුවක් ශ්‍රේෂ්ඨාධිකරණයේදී අද කැඳවනු ලැබූ අවස්ථාවේදීය.

එක්‌නැලිගොඩ සිද්ධිය "ඔපරේෂන් ඩබල් එඡ්" ගැන යුද හමුදාව රටට කියයි ?

ප්‍රගීත් එක්‌නැලිගොඩ සිද්ධිය සම්බන්ධව හමුදාව පාර්ශ්වයෙන් කියන්නට ඇති දේ පිළිබඳ ඉදිරි සතියේදී රටට අනාවරණය කිරීමට යුද හමුදාව තීරණය කර තිබේ. දැනට මේ සම්බන්ධයෙන් සිදු කරන රහස්‌ පොලිස්‌ විමර්ශන සඳහා සහාය දක්‌වන අතර එම පරීක්‍ෂණවල තත්ත්වය අනුව ඉදිරියේදී මෙම අනාවරණය කිරීමට තිරීණය කර තිබෙන බව උසස්‌ හමුදා නිලධාරියෙක්‌ පැවසීය.

විපක්ෂ නායක පුටුව දුන්නත් 'මහින්ද' වාඩි වෙලා නෑ ....!!!

මහින්ද රාජපක්‍ෂ ට (01)දිනයේ දී පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට විපක්ෂ නායක පුටුව ලබා දුන්න ද ඔහු වෙනත් අසුනක වැඩි වූ බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසනවා.
සභා ගර්භයට මහින්ද රාජපක්‍ෂ  පිවිසෙන විට අසුන්ගෙන සිටි විපක්‍ෂයේ මන්ත්‍රිවරුන් නැඟී සිටි අතර ඔවුන් සැමටම ආචාර කරමින් විරුද්ධ පක්‍ෂයේ ඉදිරි අසුන් පෙළ දක්වා මහින්ද රාජපක්‍ෂ  ගමන් කර තිබෙනවා.

මත්තල ගුවන්තොටුපළට වී රැගත් ලොරි පැමිණේ - ජනතාවගෙන් විරෝධයක් ...!!!

මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ  ගබඩාවක වී ගබඩා කිරීමේ කටයුතු ආරම්භ කිරීම සඳහා ලොරි කිහිපයක් මේ වන විට එහි පැමිණ තිබෙනවා.ඒ සඳහා වී රැගෙන ඒම සිදු කර ඇත්තේ පොලිසියේ ආරක්ෂාව සහිතවයි. මෙලෙස මත්තල වී ගබඩා කිරීමට විරෝධය දක්වමින් එහි සේවකයන් පිරිසක් සහ ප්‍රදේශවාසීන් පිරිසක් අද (02)  එම ස්ථානයේ උද්ඝෝෂණයක් ද සිදු කළා.

එම අවස්ථාවේ ඡායාරූප පහතින් දැක්වෙනවා

මත්තල වී ගබඩාවක් කිරීම සාහසික අපරාධයක්.. යානා නාවත් ලාබයි.. – ගුවන් තොටුපල නිලධාරීහු කියති..

රජය විසින් මත්තල ගුවන් තොටුපල වී ගබඩාවක් කිරීම ජාතික අපරාධයක් ගුවන් තොටුපල සේවකයෝ පෙන්වා දෙති.
රුපියල් කෝටි 20ක් පමණ වටිනා එක්ස්රේ ස්කෑනින් යන්ත්‍ර, අධි තාක්ෂණික ගිනි සංවේදිත උපකරණ, කෝටි 5 කට වඩා වටිනා වායු සමීකරණ යන්ත්‍ර, අධි ශීතකරණ කාමර සහිත රුපියල් කෝටි 200 කට අධික ගොඩනැගිල්ල වී ගබඩා කිරීම දේශපාලන පළිගැනීමක් මෙන්ම රටේ ආර්ථිකයෙන් හා සම්පත් වලින් පලිගැනීමක් බවත් ඔවුහු පෙන්වා දෙති.

මහා සංස්කෘතික පරතරයක්, විසකුරු මිනිසුන් විසින් සිංහල - දෙමල සමාජ අතර, ගොඩ නගනු ලැබ තිබේ....!!!

අමිරිත් රස ගුලාව!

වැල්ලවත්තේ අම්රිත් සයිවර් හෝටලය යනු මට රස ගුලාවකි‍.
ඇතැම් කුසගිනි දැනුණු, කල්වේලා ඇති දිනයක, පිටකොටුවේ සිට වැල්ලවත්තට පැමිණ අම්රිත් සයිවර් හෝටලයට ගොස් දහවල් ආහාර ගැනීමට තරම් පෙරේතකමක් මට තිබේ.
මෙවර අම්රිත් හෝටලයට යා හැකි වූයේ කලකිනි. 'සර් කාලෙකින් දැක්කෙ' හෝටල් සේවකයෝ කාටත් අමතන, කැඩුණු සිංහල බසින් මට කතා කළහ.
හෝටලයේ කෑම ගත යුත්තේ කෙසෙල් කොළවල ය. කෑමට පෙර ලැබෙන රසම් බඳුන ඔසුපැන් වඩියක් වැන්න.

එක්‌නැලිගොඩ සිද්ධිය මුවාවෙන් බුද්ධි අංශ පාවා දෙන්න එපා

ගොඩඅත්තේ ඥනසාර හිමි

ප්‍රගීත් එක්‌නැලිගොඩ ගේ සිද්ධිය මුල්කර ගනිමින් මෙරට බුද්ධි අංශ පාවා නොදෙන මෙන් බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්‌ඩිත ගලගොඩඅත්තේ ඥනසාර හිමියෝ ඊයේ (01 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදී රජයෙන් ඉල්ලා සිටියහ.
එක්‌සත් ජාතික පක්‍ෂ රජයක්‌ යටතේ 2002 වසරේදී මෙවැනිම අයුරින් "මිලේනියම් සිටි" සිදුවීම හරහා බුද්ධි අංශ පාවාදුන් බවට චෝදනා කළ උන්වහන්සේ එය රටේ බුද්ධි අංශ විශාල බිඳවැටීමක්‌ මෙන්ම බුද්ධි අංශ සාමාජිකයන් විශාල පිරිසක්‌ ඝාතනය වීමට හේතුවක්‌ වූ බවත් උන්වහන්සේ සිහිපත් කළහ.

රටක් ලෙස ගත් විට පට්ට ගොන්පාට් එකකි....!!!


අද දේශපාලන විචාරයේ යෙදෙන ඔස්තාර්ලාට නො‍ පෙනෙන Political Admass එකක් ලංකාවේ තිබේ. මෙය අලුතෙන් විග්‍රහ කර ගත යුතු සමාජ ධාරාවකි. දිගින් දිගට ප්‍රේක්ෂා සමාජයක් (optical society) ගොඩ නැගෙන්නට ඉඩ දීමෙන් ගොබ්බ පාලකයන් විසින් වැඩෙන්නට ඉඩ දුන් මේ විකෘතිය අද රටේ දේශපාලන තීන්දුවලට බලපෑම් කරන මට්ටමට වර්ධනය වී තිබේ.
පසුගිය ජනාධිපතිවරණ සහ මහා මැතිවරණ ඔස්සේ මේ Political Admass එක ගැන කදිම විග්‍රහයක් කළ හැකි ය.

නව කථානායක කරුගේ පළමු අවවාදය ගම්මන්පිලට

නව කථානායක කරු ජයසූරිය  විසින් පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරයකුට කළ පළමු අවවාදය පළමු වරට පාර්ලිමේන්තුවට පැමිණ මංගල කතාව සිදුකරමින් සිටි උදය ගම්මන්පිල  වෙත ඊයේ සිදු කරනු ලැබීය.පළමුවරට පාර්ලිමේන්තුවට පිවිසි පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල  අද සිය කතාව පවත්වද්දී ආණ්ඩු පක්‍ෂයේ දැඩි විරෝධය එල්ල විය.

පාර්ලිමේන්තුව ඇවිලවූ ගම්මන්පිලගේ කතාව මෙන්න..


ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.