ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Friday, August 21, 2015

බස්නාහිර මහ ඇමැති ධුරයට ඉල්ලීම් රැසක් චෞරියට ලැබේ...!!!


බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග  පාර්ලිමේන්තුවට තේරී පත්වීමෙන් පුරප්පාඩු වන මහ ඇමතිධූරය ලබාගැනීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයකු වන හෙක්ටර් බෙත්මගේද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගෙන් ඉල්ලීමක් කර ඇතැයි දේශපාලන ආරංචි කියයි.
  පළාත් සභාවේ සභාපති සුනිල් විජේරත්න, අමාත්‍යවරුන් වන ගාමිණී තිලකසිරි, රංජිත් සෝමවංශද මහ ඇමැති ධුරය ලබා දෙන්නැයි ඉල්ලීම් කර ඇතැයි පළාත් සභා ප්‍රකාශකයෙක් කීවේය.

සන්ධාන ජාතික ලැයිස්තුවෙන් පරාජිතයන් ගන්න එපා කියද්දීත් ඊට පිටුපා පැරදුණු අපතයෝ රැසක් ගනී...!!!



පරාජය වු අපේක්ෂකයන්  ජාතික ලැයිස්තුවෙන්  පාර්ලිමේන්තුවට නොයවා  එජාපය දුන් පුර්වාදර්ශය එක්සත් ජනතා  නිදහස්  සන්ධානය කෙරෙහි ද ක්‍රියාත්මක කරන්නැයි  ජාතික සංවිධාන එකමුතුව ජනාධිපති  මෛත්‍රිපාල  සිරිසේනගෙන්  ඉල්ලීමක් කළේය.
ජනතාව තෝරා  පරාජය කරන ලද්දේ  ඔවුන්ට එපා යැය සළකන නියෝජිතයින් වන බැවින් පස්සා  දොරෙන්  ඔවුන් ඇතුළට  ගැනිම ජනතා  අපේක්ෂාවන්ට  එරෙහිව යාමක්  යැයි ජාතික සංවිධාන එකමුතුවේ ජාතික සංවිධායක ගෙවිදු කුමාරතුංග  කීවේය.
ඔහු මේ බව කීවේ නාරාහේන්පිට  අභයාරාමයේ  අද (21) පැවති  මාධ්‍ය හමුවක දී ය.
 ඊට පිටුපා පැරදුණු අපතයෝ රැසක් ගනී...!!!
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික ලැයිස්තුව....

තරුණයෙකු දුටු මෙවර මැතිවරණය....!!!


මෙහි අන්තර්ගත වන  භාෂාව  ඔහු සතුය.ඒ කිසිවක් අප සංස්කරණය කොට නොමැත...
 

ගීතා ගාල්ලෙන් පාර්ලිමේන්තුවට ගියාය. මුතුහෙට්ටිගමද ගියේය. ඇතමුන් ගීතාගේ හෙලුව ගැන කතා කරයි. මුතුහෙට්ටිගම මතක් වුනත් සිනහ යන්නේ යැයි කියයි. ගම ගාල්ලේද? අසයි...
ගීතාට ඇඟලුම්හල් ඇත.සේවකයින් ප්‍රමාණය විශාලය.ඔවුන්ගේ පවුල් වල සාමාජිකයන් ගනනද එක් වූ විට දහස් ගනනකි. ඔවුන්ගේ මාසික වේතනය ගීතාගෙන් ලැබේ. ඔවුන්ට අනුව ගීතා නිළියක නොව සමාජ සේවිකාවකි. ගීතා කට ඇරියොත් මෝඩය. නමුත් ක්‍රියාවෙන් ගාල්ලේ මිනිසුන්ට සේවය කර ඇත.පාර්ලිමෙන්තුවටනම් නුසුදුසුය. නමුත් චන්ද වලින් දිනුම්ය. මුතුහෙට්ටිගමට බස් ඇත
. උඩුගමට ඔහු සේවය කරඇත. ඔහුට තේ වතු ඇත. ඔහුගේ උපකාර නිසාද ජීවත් වන මිනිසුන් බොහෝය. ඔහු දේශපාලනයෙන් හම්බකරගත් දෙයක් නැත.කටඇරියොත් විහිලු සපයයි. පාර්ලිමේන්තුවට නුසුදුසුය...

එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තුව ....!!!

අතුරලියේ රතන හිමි

මලික් සමරවික්‍රම
කරු ජයසූරිය
ඩී. එම්. ස්වාමිනාදන්
ආචාර්ය ජයම්පති වික්‍රමරත්න
ජනාධිපති නීතීඥ තිලක් මාරපන
ආචාර්ය සී. ඒ. මාරසිංහ
එම්. කේ. ඩී. ඒ. එස්. ගුණවර්ධන
අනෝමා ගමගේ
සිරිනාල් ද මැල්
එම්. එච්. එම්. නවාවි
ඩී. එ්. එම්. එච්. එම්. සල්මන්
ආචාර්ය ඒ. ආර්. ඒ. හෆීස්.

 එජනිසයෙන් ඡන්දය ඉල්ලා පරාජය වූ එස්.බී දිසානායක, මහින්ද සමරසිංහ, පියසේන ගමගේ, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, විජිත් විජයමුණි සොයිසා, නන්දිමිත්‍ර ඒකනායක යන 6 දෙනා යලිත් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගැනීමට මෛත්‍රීපාල සිරිසේන සභාපතිවරයා තීරණය කර ඇතැයි දැන ගන්නට තිබේ.

විපක්ෂ නායකකම මට කරන්න බෑ - මහින්ද කියයි

තමන් විපක්ෂ නායක ධූරය භාර ගැනීමට බලාපොරොත්තුවක් නොමැති බවත්, විපක්ෂයේ මන්ත‍්‍රීවරයෙකු ලෙස කටයුතු කිරීමට කැමති බවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ පවසයි.
විපක්ෂ නායකවරයා කවුරුන්ද යන්න තීරණය කළ යුත්තේ එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායම විසින් බව හෙතෙම සඳහන් කරයි.

ජාතික ආණ්ඩුවට මහින්ද පිල විරුද්ධයි ශ‍්‍රීලනිප බාගයයි...සුසිලූත් හැරිලා......!!!


මහින්ද පිල  විපක්ෂය බවට පත්වන ලකුණු....!!!
ඊයේ පැවති ශ‍්‍රීලනිප මධ්‍යම කාරක සභා රැුස්වීමේදී ජනපති මෛත‍්‍රිපාල සිරිසේනගේ යෝජනාවක් අනුව එජාපය සමග එක්ව ජාතික රජයක් පිහිටුවීමට කථාබහ වූ අතර එයට සුළුතරයකගේ විරෝධයක් ආවත් බහුතරය විසින් අනුමැතිය ලබාදී ඇත.

දයාසිරි ආණ්ඩුවට ගන්න එපා කියා කුරුණෑගල උද්ඝෝෂණ...!!!

ඊයේ උදෑසන කුරුණෑගල හෙට්ටිපොළ නගරයට රැුස්වූ එජාප පාක්ෂිකයන් පිරිසක් සන්ධානේ අය එජාපයට සම්බන්ධකරගෙන ආණ්ඩු තනන්නට එපා යයි උද්ඝෝෂණයක නිරත වුණා.
ඔවුන් වැඩි පිරිස කියා ඇත්තේ දැනට එජනිස මන්ත‍්‍රී පදවියකට තේරී සිටින දයාසිරි ජයසේකර මහඇමතිවරයා එජාපයට එක්කර නොගන්නා ලෙසයි.

රනිල් සහ නව රජය සමග කටයුතු කිරීමට ආශාවෙන් බලා සිටිනවා....!!!

 බ්‍රිතාන්‍ය විදේශ ලේකම් සුබ පැතුම් පිරිනමමින් කියයි
රනිල් වික්‍රමසිංහ  සහ නව රජය සමග අඛණ්‌ඩව වැඩ කිරීමට බ්‍රිතාන්‍ය රජය ආශාවෙන් බලාපොරොත්තුව සිටින බව බ්‍රිතාන්‍ය විදේශ ලේකම් පිලිප් හැමොන්ඩ්  රනිල් වික්‍රමසිංහ ට මැතිවරණ ජයග්‍රහණයෙන් පසුව සුබ පැතුම් පිරිනමමින් ප්‍රකාශ කොට තිබේ.
බ්‍රිතාන්‍ය විදේශ ලේකම්වරයා තවදුරටත් මෙසේද සඳහන් කොට තිබේ.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.