ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Saturday, August 15, 2015

ජාතික ලයිස්තුවේ හෙළුව


හොරපාරෙන් ලබාගත් බලය 17දා අවසන්
හිටපු ජනාධිපති මහින්ද



බෙදුම්වාදය සහ හොරකම හිසින් ගත්, හොර පාරෙන් බලය ගත් එජාප පාලනය දාහත් වෙනිදාට ජනතාව විසින් අවසන් කරනු නියත බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ   පැවැසීය. සියලු සමීක්‌ෂණ විසින් සන්ධානයේ ජයග්‍රහණය තහවුරු කර ඇතැයි පැවසූ මහින්ද, ආසන 117 කට වඩා ලබා ගනිමින් සන්ධානය ඉදිරි පාර්ලිමේන්තුවේ බලය නියත වශයෙන්ම පිහිටුවන බව ප්‍රකාශ කළේය.

එල්ටීටීඊයට හෙරොයින් ඇදපු ජාතිදෝහියා....

කරවල බෑගයකට ඉබි යතුරු දමා රැගෙන යනවා කිව්වොත් ඔබ අපට සම්ච්චලයට හිනාවනු ඇත. යුද හමුදාවේ කෝප්‍රල්වරයකුටත් මෙවැනි සිනහවක්‌ පහළ වූයේ 2006 වර්ෂයේ ජුනි 14 දිනයේදීය.

බල්ලන් ලක්‌ෂයකට සැත්කම් කළ බලු දොස්‌තර...

දඩාවතේ යන සුනඛයන් පිළිබඳ කතිකාව සෑම වසරකටම කරලියට පැමිණෙන්නේ බල්ලන් රැලේ යන කාලයටය. බල්ලන් පිළිබඳ කතිකාවක "බල්ලොත් එක්‌ක බෑ" යනුවෙන් කියමනක්‌ ඇති බව ද අප සිහිපත් කළ යුතුව ඇත්තේ දඩාවතේ යන සුනඛයන් වෙඩි තබා ඝතනය කිරීමේ ''බලු හබය සංකල්පය'' මේ වන විට සමාජයෙන් නීතිමය වශයෙන්ම ඉවත්වී ඇති බව ද කල්පනාවේ තබා ගෙනය.
දඩාවතේ යන බල්ලන් නිසාවෙන් පදිකයන් හා විශේෂයෙන්ම පාපැදි සහ යතුරුපැදි ධාවකයන් මහමග අනතුරුවලට ගොදුරු වන්නේ එම බල්ලන් එකා පස්‌සේ එකා වැටී වීදි ඔස්‌සේ රැලේ යන සමයේදීය. 

ඕවට අපි නැහැ ...ජෙප්පන්ගේ හදිසි තීරණය


මහ මැතිවරණයෙන් අනතුරුව ගොඩනැගෙන හවුල් ආණ්‌ඩුවට ජනතා විමුක්‌ති පෙරමුණ කිසිසේත් එක්‌ නොවන බව එම පක්‍ෂයේ නායක අනුර කුමාර දිසානායක " ප්‍රකාශ කළේය.

“ලෝකෙම මට කැමතියි…” – රනිල්

මහ මැතිවරණයෙන් ආණ්‌ඩු බලය ලබාගෙන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමඟ රට පාලනය කළ හැක්‌කේ ජනාධිපතිවරයා සමඟ ගැටෙන පුද්ගලයෙකුට නොව ජනාධිපතිවරයා සමඟ එක්‌ව කටයුතු කළ හැකි තමාට පමණක්‌ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පැවසීය.

මෙවර ඔබේ ඡන්දය මැට්ටන්ට නොදෙන්න....

අපේ රට තවත් මහ මැතිවරණයක මුවවිටට පැමිණ සිටී. රටේ අනාගතයටත් ජනතා සුබසිද්ධියටත් හේතුවන ආණ්‌ඩුවක්‌ පිහිටුවා ගැනීම ඔබත් මමත් ඇතුළු මේ රටේ සමස්‌ත ජනතාව සතු වගකීමයි. මේ වගකීම ග්‍රීක මහා දාර්ශනික ප්ලේටෝගේ ප්‍රකාශයකට අනුව සඳහන් කළ හොත් දේශපාලන ක්‍රියාදාමයට බුද්ධිමත්ව මැදිහත් නොවීමේ වරදට ජනතාවට ගෙවන්නට සිදුවන එක්‌ වන්දියක්‌ වන්නේ නොගැලපෙන පුද්ගලයන් යටතේ පාලනය වීමට සිදුවීමයි. අපේ රටේ දේශපාලන ක්‍රියාදාමයට ජනතාව බුද්ධිමත්ව මැදිහත් වියයුත්තේ කෙසේද?

කුරුණෑගල සන්ධාන රැළියේදී සිරිසේනගේ හා චන්ද්‍රිකාගේ නමට “හූ” වෙන් ප්‍රතිචාර

කුරුණෑගලදී සන්ධානයේ අවසන් ජන රැළිය පැවතෙද්දී ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේනගේ නම කියවුණු අවස්ථා කිහිපයකදිම ජනතාව එක දිගට හූ තැබූහ.
හිටපු ජනාධිපතිනියගේ නම කියවෙද්දීද ලැබුනේ ප‍්‍රතිචාරය එසේම විය.

“සිරිසේන හෝඩිය වත් කියවලා නෑ…” – හිටපු අගවිනිසුරු

මැතිවරණයක් ක්‍රියාත්මක මොහොතේ නීති තර්ක ගෙනෙන්නේ පරාජය පෙනෙන පාර්ශවය විසින් නිසා මේ වන විට රනිල් වික්‍රමසිංහ  පරාජයයේ සිහින දකින්න නිසා එම අපේක්ෂකයා වෙනුවෙන් මේ වන විට ස්වාධීනත්වය අතහැර රනිල් වෙනුවෙන් සටනට බැස ඇති අතර මේ මොහොතේ නීතියානුකූලව ශ්‍රිලනිප මහළේකම් අනුර ප්‍රියදර්ශණ යාපා වත් එක්සත් ජනතා නිදහස් සංධාන මහ ළේකම් වන සුසිල් ප්‍රේමජයන්ත වත් ඉවත්කළ නොහැකි බව නොදන්නා ජනපති ව්‍යවස්ථාවේ හෝඩිය කියවාගතයුතු බව හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා  කුරුනෑගල ඓතිහාසික ජනරැළිය අමතමින් පැවසීය. 

සිරිසේන බාලාංශයේ සිට ඉගෙන ගත යුතුයි-සරත් එන්.සිල්වා....!!! සුසිල්-අනුර ඉවත් කීරිම මුළුමනින්ම නීතියට පටහැනියි

රටේ මැතිවණයක් කැඳවා ඇති අවස්ථාවක පක්‍ෂ ලේකම්වරුන් ඉවත් කිරීමට ජනාධිපතිවරයාට බලයක් නැති

බව හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා  කුරුණෑගලදී පැවැත්වෙන සන්ධාන ජනහමුව අමතමින් කියා සිටියේය.
සන්ධානයේ මහ ලේකම්වරයා, ශ‍්‍රිලනිප මහ ලේකම්වරයා ලෙස සුසිල් පේ‍්‍රමජයන්ත හා අනුර යාපා  මැතිවරණ කොමසාරිස්වරයා විසින් පිලිගෙන ඇති තත්වයකදී ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවේ 105 වන වගන්තිය යටතේ මැතිවරණ කොමසාරිස්වරයාට එරෙහිව දිසා අධිකරණයකින් නියෝග නිකුත් කල නොහැකි බවත් එසේ කල හැක්කේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පමණක් බවත් ඔහු කියා සිටියේය.

6 ක් එපා කියද්දී ෆවුසි නානා සිරිසේනගේ යෝජනාවට කැමති වේ…!!

ඩබ්ලිව්.ඩී.ජේ සෙනෙවිරත්න, නිමල් සිරිපාල ද සිල්වා, චමල් රාජපක්‍ෂ, සුසිල් පේ‍්‍රමජයන්ත්, අනුර පි‍්‍රයදර්ශන යාපා, අතාවුද සෙනෙවිරත්න යන  සියලූදෙනාම අග‍්‍රාමාත්‍යධූරය ප‍්‍රතික්ෂේප කරමින් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන වෙත අද ලිපියක් ද යැවු බව (14) පැවති විශේෂ මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කෙරුණා.
අදාළ ලිපියේ පිටපතක් මාධ්‍යවේදීන් වෙත ද බෙදාදුන් අතර එහිදී නිරික්‍ෂණය වුයේ ඒ.එච්.එම් ෆවුසි  ඊට අත්සන් තබා නොමැති බවයි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.