ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න.[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Tuesday, August 11, 2015

මළ පෙරේතයො ටිකක්‌ පක්‍ෂයට දමාගෙන පක්‍ෂය විනාශ කරලා....!!! චෞර රැජිණගේ පිංවත් වදන්...!!!

මහජන නියෝජිතයන් වශයෙන් උත්තරීතර පාර්ලිමේන්තුවට යෑවිය යුත්තේ උගත් බුද්ධිමත් අවංකවම රටට ජනතාවට ආදරය කරන මහජන මුදල් ආරක්‍ෂා කරමින් රටේ සංවර්ධනයට යොදන වගකීම ගැන අවබෝධයක්‌ ඇති පිරිසක්‌. එහෙත් අද පාර්ලිමේන්තුවෙ ඉන්න සමහරු අධ්‍යයන පොදු සහතික පත්‍ර විභාගයවත් සමත් නැති ඉගෙනගන්න බැරි දේශපාලනය දඩමීමා කරගෙන ඉහළම මට්‌ටමින් මහජන මුදල් ගසා කන, එතනෝල්, කුඩු ජාවාරම් කරන ස්‌ත්‍රී දූෂණය කරන ඉතාම පහත් පිරිසක්‌. දරුවන්ට අනාගත පරපුරට ආදරය කරනවානම් එළඹෙන මැතිවරණයේදී එවන් පහත් වැඩ කරන්නවුන්ට ඡන්දය දෙන්න එපා. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්‌ඩාරනායක කුමාරතුංග  එම අදහස්‌ පළ කළේ 09 දා නිට්‌ටඹුව මහජන ක්‍රීඩාංගණයේ පැවැති ජනහමුවක්‌ අමතමිණි.

මහින්ද රාජපක්‍ෂ පරද්දන්න කියලා මං විෂ්ණු දෙවියන්ගෙන් ඉල්ලීමක් කළා - මර්වින්


හීනෙන් දැක්කේ බකිංහැම් පැලස්, රැජිණගේ ඔටුන්න.. ඊට පස්සේ හිට්ලර්ගේ ආත්මය මෙයාලට ආරූඪ වුණා..
මහින්ද නැවත දේශපාලනයට එනවට මම තදින්ම විරුද්ධයි..

ඔබ දැන් මේ දවස්වල තියෙන යහ පාලනයේ කොටස්කරුවෙක්  ?
ස්ථිර වශයෙන්ම දැන් නොවෙයි. යහ පාලනයක් ගැන මගෙ ඔළුවට වැදුණේ මාදුළුවාවේ සෝභිත හාමුදුරුවන්ගේ පටන් ගැන්මෙදි. සෝභිත නායක හාමුදුරුවෝ මටත් හරි ආදරෙයි. මමත් හරි ආදරෙයි. රතන නායක හාමුදුරුවන්ගේ කතිකාවන්වල තමයි ඔය යහ පාලනය ගැන සඳහන් වුණේ. ඊටත් ඉස්සෙල්ලා මට නම් කියන්න බෑ. පළමු වැනි අවුරුදු පහේදි ජනාධිපතිතුමා අති විශිෂ්ට විදියට රට පාලනය කළා. එක එක අඩවලට නවතින්නේ නැතිව. අනවශ්‍ය තැන්වලින් හැරෙන්නේ නැතිව. එතුමාගේ පළපුරුද්ද, පවුලේ පළපුරුද්ද ඒ සේරමත් එක්ක ඒ වගේම එතුමාගේ තිබුණ ඉහළම රාජ්‍ය තාන්ත‍‍්‍රික දැනුමත් එක්ක එතුමා රට පාලනය කළා. ඊට පස්සේ එතුමා රට විනාශ කරන්න පටන් ගත්තා.

යැයි කියාගන්නා අලූත් පරපුරේ කාලකණ්නි...!!!

යුද්ධය හා ත‍්‍රස්‌තවාදය
නොහඳුනන අලූත් පරපුරේ
කාලකණ්නි..


 සල්ලි වලට රට පාවාදෙන ඩොලර් කාක්කන්ට රියර් අද්මිරාල් සරත් වීරසේකරගෙන් කණේ පහරක්..

ධර්මසිරි බණ්‌ඩාරනායක යනු ප‍්‍රතිභා පූර්ණ දක්‍ෂ කලාකරුවෙකි. කලා නෙත් තුළින් ඔහුට මාගේ භක්‌ති ප‍්‍රණාමය හිමිවේ. නමුත් රට පිළිබඳව, යුද්ධය පිළිබඳව අප දෙදෙනාගේ අදහස්‌ පරස්‌පර විරෝධීය. මෙවන් ලිපියක්‌ ලිවීමට මාහට සිත් දුන්නේ නොබෝදා අලූත් පරපුරල නම් පිරිසක්‌ පැවැත්වූ රැස්‌වීමක සිදුවූ කතාබහ, දේශන සහ ධර්මසිරි යුද්ධය සම්බන්ධයෙන් දැක්‌වූ අදහස්‌ නිසාය.


තවද මේ දිනවල එම අලූත් පරපුරේ තරුණයෝ දෙදෙනෙක්‌ කරන කතාබහ පරිගණක මුහුණ පොතේ නැරඹිය හැක. එකෙක්‌ කියනුයේ මද්දුම බණ්‌ඩාර....? ඌ මොකෙක්‌ද? ඌ හූ.. ජ කොල්ලෙක්‌. අවුරුදු 06 ක කොල්ලෙක්‌ දන්නවද මරණය කියන්නේ මොකක්‌ද කියලා? අයියා අම්මගේ රෙද්ද අස්‌සේ රිංගන කොට මූ ටොපියක්‌ දෙනවා වගේ හිතලා යන්න ඇති. අද ඌ ජාතික වීරයෙක්‌ ආදී වශයෙනි. අනෙකා පවසන්නේ ආමි එකේ ඉන්නේ අට පාස්‌ එවුන්. උන්ට පුළුවන් යුද්ධ කරන්නයි. වැසිකිළි හෝදන්න විතරයි. උන් තමයි මේ යුද්ධය කළේ යනුවෙනි.

රට පැන්න පාතාලයන් බුරුතු පිටින් නැවත එයි.. යහපාලන මාස අටට ඝාතන 92යි.. !!!

 පසුගිය සන්ධාන පාලන කාලය තුල පාතාලය මර්දනයකිරීම හේතුවෙන් පාතාලයන් විශාල පිරිසක් රටින් පැනගිය නිසා රට තුළට විශාල ආයෝජකයන් පැමිණි බවත් කී ඔහු අද වනවිට පැනගිය පාතාලයන් මෙරටට එද්දී ආයෝජකයන් රට හැර යන බවද කියා සිටියේය.
ජනවාරි 08 වැනිදා සිට මේ දක්වා වූ යහපාලන ආණ්ඩුවේ පාලන කාලයේදී ඝාතන 92 ක් සිදුවී ඇතැයිද ඒ කාලය තුළ මෙරටින් පැනගොස් සිටි පාතාලයන් විශාල පිරිසක් ආපසු මෙරටට පැමිණ ඇතැයිද ශ‍‍්‍රීලනිප මාධ්‍ය ප‍්‍රකාශක ඩිලාන් පෙරේරා  කොළඹදී මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේය.

මහින්දගේ උණුවෙන මනුස්සකම මතුවෙයි.. වේදිකාවේ කතාව නවතා දිව යයි.!!!

හිටපු මන්ත‍්‍රී ගාමිණී ලොකුගේ විසින් ගෙනවිත් දුන් දුරකථනයට ලද පණිවිඩයෙන් පසු හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ  සිය කතාව අතරමග නවතා දමා වේදිකාවෙන් බැස ගියේය.ඒ ඊයේ පවස්වරුවේ පිළියන්දල පැවැති ජනහමුවක් අමතමින් සිටින අතරතුරදීය.ඒ  හදිසියේ එසේ ඉවත්ව ගොස් ඇත්තේ සන්ධානයේ මහ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත  හදිසියේ අසනීප වූ බව දැන්වු නිසාය.

ISIS සංවිධානය 2020 දී අල්ලාගන්නා රටවල් අතර ලංකාවත්..

ISIS ත්‍රස්තවාදී සංවිධානය විසින් ඉදිරි වසර පහක කාලය ඇතුලත ලෝක වපසරියෙන් විශාල කොටසක් අත්පත් කර ගැනීමට සැලසුම් කර ඇති බව දැක්වෙන සිතියමක් BBC ලෝක සේවයේ වාර්තාකරුවෙකු වන Andrew Hosken විසින් හෙළිදරව් කර තිබේ.
මෙම සිතියමට අනුව ISIS ත්‍රස්තවාදීන් අත්පත් කරගැනීමට බලාපොරොත්තු වන අති විශාල බිම්කොටසට දක්ෂිණ යුරෝපය ද අප්‍රිකාවේ විශාල කොටසක් ද මධ්‍යම හා දකුණු ආසියාව ද ඇතුලත් වේ. එම සිතියමට අනුව ඉදිරි වසර පහ තුලදී අයත් කරගන්නා රටක් ලෙස ලංකාවද ලකුණු කොට තිබේ.

අපි ගැහුවේ නෑ.. ඒ අයම ගහගෙන, – හිරුණිකා මර්වින්ගේ උත්තරයක් දෙයි..

පසුගියදා තමන් අතුළු පිරිසක් රාජගිරියේ නිවෙසකට කඩා පැන පහර දි අලාභ හානි කලේ පැවසෙන චෝදනා අසත්‍ය බවත් සත්‍ය ලෙසම සිදු වූයේ නිවැසියන් විසින්ම බඩුමුට්ටු කඩාගෙන තම පිරිසට පහර දීම බව එජාප කොළඹ අපේක්‍ෂිකා හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර  පවසයි.

කරුපයියා සමඟ නමගිය පාතාලයන් දෙදෙනෙක් කොටහේනේ කැන්වසින් ගිය බව පොලීසිය අධිකරණයට දන්වයි..

ඇමති රවි කරුපයියාගේ ප‍්‍රචාරක කටයුත්තක් අතරතුර කොටහේන,බ්ලූමැන්ඩල් ප‍්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමේ සිද්ධිය ගැන දැනට කර ඇති පරීක්ෂණ අනුව කරුණානායක  සමග ගමන් ආධාරකරැවන් අතර නමගිය අපරාධකරුවන් දෙදෙනෙකු සිටින බව පොලීසිය අධිකරණයට දන්වා ඇත .

ඒ කාලේ නාමල්ගේ අනුමැතිය නැතිව රජයේ ආයතනවල රස්සා බෑ…!!! විශේෂ හෙළිදරව්වක්....!!!

ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පාලන සමයෙහි රජයේ ආයතන සඳහා සේවකයන් බඳවා ගැනීමේ ක්‍රියාවලිය මුළුමනින් ම හසුරුවනු ලැබ ඇත්තේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිල් බළකායේ සභාපති නාමල් රාජපක්ෂ විසින් බව අනාවරණය වේ. කැබිනට් ඇමතිවරුන්, මන්ත්‍රීවරුන් හා ප්‍රාදේශීය දේශපාලනඥයන් තම පාක්ෂිකයන්ට රැකියා ලබා දීම සඳහා ලිඛිත ඉල්ලීම් කර ඇත්තේ නාමල් රාජපක්ෂගෙනි. මේ අනුව කැබිනට් ඇමතිවරුන්ට නැති බලයක් නාමල් රාජපක්ෂට තිබී ඇති බව ද, රාජ්‍ය සේවකයන් ‍බඳවා ගැනීමේ පටිපාටියට මුළුමනින්ම බැහැර ව ඔහු කටයුතු කර ඇති බව ද හෙළි වේ.

හිතවතුනේ මේ ගෙවීයන්නේ අපේ රට බේරා ගැනීමේ අන්තිම අවස්ථාවේ දින කිහිපයයි....!!!

අපේ රට නැති ව අළුත්
රටක් මොකට ද?

බෞද්ධයන්ගේ අවධානය
පිණිස යි..

(මෙය වර්ගවාදයක් හෝ අන්තවාදයක් උදෙසා නොව සත්‍යය අවබෝධ කරගැනීම උදෙසා යි
දුටුගැමුණු රජතුමා පරසතුරන්ගෙන් රට නිදහස් කරගෙන ඊළගට කළේ සම්බුද්ධ සාසනයේ දියුණුවට අවශ්‍ය පියවර ගැනීම යි.

මහින්ද රාජපක්ෂ ජනාධිපති තිස් වසරක් තිස්සේ පැවති ත‍‍්‍රස්තවාදයෙන්, 2005 වර්ෂය වන විට ලෝකයේ දරුණු ම ත‍‍්‍රස්තවාදීන් හැටියට ඇමෙරිකාව පවා විරුදාවලී ලබා දුන් එල්ටීටී ග‍‍්‍රහණයෙන් රට මුදාගෙන ඊළගට කළේ උතුරු නැගෙනහිර ද ඇතුළු මුුළු රටේ ම ආර්ථිකය දියුණු කිරීමට අවශ්‍ය යටිතල පහසුකම් වැඩි දියුණු කිරීමත් ජනතාවගේ ආධ්‍යාත්මික සංවර්ධනයට අවශ්‍ය ආගමික පුනර්ජීවනය උදෙසාත් කටයුතු කිරීම යි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.