ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Wednesday, July 22, 2015

මහින්දගේ ආරක්‍ෂාව සම්බන්ධව විශාල ප්‍රශ්ණ ...!!!

 පසුගියදා නාඳුනන අයෙකු ඔහුගේ අතින් ඇද ඇතිි අතර ඵයින් මිදීමට මහින්ද ගත් උත්සාහය වැරදි ලෙසට හුවා දක්වමින් යූ.ඇන් පී ය විසින් ගෙනයන තුට්ටු දෙකේ මාධ්‍ය මෙහෙයුම අප හෙළා දකිමු.
පසුගියදා අකුරැස්සේදී පැවති ජනරැළියකදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ  අසලට ඉතා සමීප වූ නාඳුනන පුද්ගලයා සිද්ධිය සමඟින් හිටපු ජනාධිපතිවරයාට ලබා දී ඇති ආරක්‍ෂාව සම්බන්ධයෙන් බරපතල සැක මතු කරන තත්වයක් මතුව ඇතැයි ඔහුගේ මාධ්‍ය ප‍්‍රකාශකවරයා සඳහන් කරයි.

ගිනිඅවියක්‌ සමග අසුවූ පිරිසකට පැය 24 න් ඇප ලැබුණේ කෙසේද? - විමල් වීරවංශ ප්‍රශ්න කරයි

නිත්‍යානුකූල නොවන ගිනිඅවියක්‌ තබා ගැනීම ඇප ලබාදිය නොහැකි වරදක්‌වන අතර එවැනි අවියක්‌ ළඟ තබාගෙන සිටි පුද්ගලයන්ට පැය 24 ක්‌ ඇතුළත ඇප ලැබෙන්නේ කෙසේදැයි ජාතික නිදහස්‌ පෙරමුණේ නායක විමල් වීරවංශ  පැවැසීය.
පැය 24 ක්‌ ඇතුළත එම සිද්ධියට ඇප ලැබීමෙන්ම එයට බලවත් පාර්ශවයක මැදිහත් වීමක්‌ තිබෙන බව පැහැදිලි යයිද හෙතෙම සඳහන් කළේය.

ඒ සුදු වෑන් රථය කොටි පාවිච්චි කළ එකක්.. !!!

මිරිහාන ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට පත්වූ වෑන් රථය එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් භාවිතා කළ වාහනයක් බවට තොරතුරු ලැබී ඇතැයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ  පවසයි.
එහි අංකයද ව්‍යාජ අංකයක් බවට හඳුනාගෙන ඇතැයි හෙතෙම කියා සිටියේ  (21) මෙවර මැතිවරණයට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරඟවදින උදය ගම්මන්පිලට සහය පළකරමින් පැවති මැතිවරණ රැළියකට එක්වෙමිනි.

අපි හදන ආණ්ඩුවෙන් රටටම ඉන්ධන, ඖෂධ හදනවා.. කොළඹ හිඟන්නන් බල්ලන්, හරකුක් ඉවත් කරනවා..

ඉදිරි මහ මැතිවරණයෙන්  පසුව පිහිටුවන යහපාලන ආණ්ඩුව විසින් මෙරටට අවශ්‍ය ආහාර, ඖෂධ සහ ඉන්ධන මෙරට තුලම නිෂ්පාදනය කරන බව කොළඹ දිස්ත‍්‍රික් එජාප අපේක්‍ෂක ඇමති පාඨලී චම්පික රණවක පවසයි.නව ආණ්ඩුව යටතේ කොළඹ නගරය මනරම් නගරයක් කිරීමට කටයුතු කරන බවත්,එම වැඩපිළිවෙළ තුළ මාර්ගයේ යාචකයන්,හරක්,බල්ලන් නොමැති,පැල්පත් හෝ කැළිකසල නැති නරගයක් බවට එය පත්වන බවත් පැවසීය.

දුම්රිය ස්ථානාධිපතිවරයෙකුත් හොරෙක් වෙලා..!!!

ත්‍රීරෝද රථයක සවි කර තිබූ කැසට් යන්ත්‍රයක් සොරකම් කළ බව කියන දුම්රිය ස්ථානාධිපතිවරයෙකුව අත්අඩංගුවට ගෙන ඇති බව මුන්දලම පොලීසිය කියයි.
අත්අඩංගුවට ගෙන ඇත්තේ මංගළඑළිය දුම්රිය ස්ථානයේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ අයවය.සොරකම් කරන ලද බව කියන කැසට් යන්ත්‍රය සැකකාර මංගළඑළිය දුම්රිය ස්ථානාධිපතිවරයාගේ කාර්යාලයේ  සඟවා තිබියදී පොලීසිය විසින් සොයා ගෙන ඇත.

පොලිසියට තුති...!!!

එක්සත් ජාතික පක්ෂයෙන් පුත්තලම දිස්ත්‍රික්කය සදහා තරග වදින ශාන්ත සිසිර කුමාර යන අයට අයත් වෑන් රථයක් පුද්ගලයින් දෙදෙනෙකුද සමග පල්ලම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

22 වැනිදා පෙරවරු 9.30 ට පමණ මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

අත්අඩංගුවට ගෙන ඇත්තේ  WP PE 9936 දරණ වෑන් රථයයි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.