කුඩු චෝදනා බොරු....වෙලේ සුදෙක් මම දන්නෙත් නැහැ
මම දන්න වෙලේ සුදෙක් නැහැ.මම හිතන්නේ ඒ මනුස්සයා පොලීසිය නොමග යවන්න කියපු දෙයක් එය.මට විරුද්ධ අය ඔහු ලවා එහෙම කියෙව්වද දන්නෙ නැහැ.
එතකොට මේ චෝදනා?
ඔය චෝදනා කරන මිනිසුන්ට මම වගේ දහගුණයක් ජනතාවට උදව් කළ හැකියි.හැබැයි ඒවා නොකරන්නේ ඒවා කළු සල්ලි නිසා.නීතිවිරෝධීව හම්බකරන මිනිස්සු ප්‍රසිද්ධියේ සමාජසේවා කරන්නෙ නැහැ.මොකද තමන්ගේ සල්ලි කළු සල්ලි නොවේ කියා ඔප්පු කරන්න බැරි නිසා.
ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් සංවිධානයෙන්
මැතිවරණ කොමසාරිස්ට පැමිණිල්ලක්
අගමැති රනිල් වික්‍රමසිංහ අරලියගහ මන්දිරය මැතිවරණ
ප්රචාරක ක්‍රියාවලට යොදා ගනිමින් විවිධ රැස්වීම් සහ
හමුවීම් පවත්වන බව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී
ලංකා ආයතනය යටතේ ක්‍රියාත්මක පොදු දේපළ රැක ගැනීමේ
වැඩසටහනේ ජාතික සම්බන්ධීකාරක ශාන් විඡේතුංග මහතා මැතිවරණ
කොමසාරිස්වරයාට පැමිණිලි කර ඇත.
රාජ්‍ය නොවන සංවිධාන 103 ක් මෙරට මැතිවරණයට මැදිහත් වී
ඇතැයි අනාවරණය වේ.අළුත් පර-පුර යැයිි කියාගන්නා ඩොලර් කපුටනටද මෙවර සුභය...
දේශපාලන පක්ෂ විසින් සිදු කරන ක්‍රියාදාමයන් මෙන්ම එම
පක්ෂවල පිරිස් සිදු කරන මානව හිමිකම් උල්ලංඝනය කිරීම්
ඇතුළු ක්‍රියාදාම ගැන වාර්තා සැපයීම මොවුන්ට පැවරී ඇත. මේ
රාජ්‍ය නොවන සංවිධානවලට ඇමරිකාව, ජර්මනිය බ්‍රිතාන්‍ය,
ස්විට්සර්ලන්තය, ස්වීඩනය, නෝර්වේ සහ කැනඩාව යන රටවලින්
අරමුදල් සපයා තිබේ. රුපියල් මිලියන 300 ක මුදලක් මොවුන්ට
ලැබී ඇතැයි වාර්තා වේ. යාපනයේ ක්‍රියාත්මක වන රාජ්‍ය නොවන
සංවිධාන හයකටද මෙලෙස විදෙස් අරමුදල් ලැබෙන බව අනාවරණය වී
ඇත.ශ්‍රී ලංකාවේ ඉතාම ලාබදායි රැකියාව මෙය යෑයි එම සංවිධාන
ආරංචි මාර්ග පැවසීය. මෙම සංවිධාන සම්බන්ධයෙන් විමර්ශනයක්
නොවන බවද එකී ආරංචි මාර්ග කියා සිටී.