ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Friday, July 17, 2015

පරදින බව ජනපතිම කිව්වා....!!! සන්ධානයට ඡන්දය දී වැඩක්‌ නෑ -පිං ඇමැති ලක්‍ෂ්මන් කිරිඇල්ල

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ නායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  තමන්ගේ පක්‍ෂය මහ මැතිවරණයෙන් පරාජය වන බව පවසද්දී එම පක්‍ෂය ඇතුළත් සන්ධානයට එම පාක්‍ෂිකයන් ඡන්දය දීමෙන් ඇති ඵලය කුමක්‌ දැයි වැවිලි කර්මාන්ත පිං ඇමැති ලක්‍ෂ්මන් කිරිඇල්ල  ඊයේ (17 දා) ප්‍රශ්න කළේය.
එහෙයින් ශ්‍රී ලංකා නිදහස්‌ පාක්‍ෂිකයන් එම පක්‍ෂයට ඡන්දය භාවිත කිරීමෙන් ඔවුන්ට කිසිදු සෙතක්‌ නොලැබෙන බව ද හෙතෙම පැවැසීය.

අද ලංකාවේ ප්‍රධාන මාධ්‍ය හසුරවන්නේ කවුද..? ලංකානිව්ස් කතුවැකිය

ලංකාවේ මාධ්‍ය පිටුපස සිටින ධනකුවේරයන් ........

රටක ජනතාවගේ ආකල්ප ඉදිරිපත් කිරීම සඳහා මාධ්‍ය කරනුයේ විශාල මෙහෙවරකි.නමුත් මාධ්‍ය හැසිරවීම සඳහා ඒ පිළිබඳව විශාල අධ්‍යනයක් ඇති , ඒවගේම මාධ්‍ය භාවිතය ගැන ප්‍රවීනයන් සහ දැනුමක් ඇති පිරිසටයි මාධ්‍ය අයිති විය යුත්තේ.  විදේශ රටවල නම් මාධ්‍යය ආයතනයකට බලපත්‍ර නිකුත් කිරීමට පෙර  අයිතිකරු හට මාධ්‍යය ගැන මනා දැනුමක් තිබීම අත‍්‍යාවශ්‍යය  කරුණක්.අවාසනාවකට අපේ රටේ එතනෝල් ගෙන්වපු එකෙකුටත් ගුවන් විදුලි බලපත්‍රයක් ලබාදී ඇත.මෙම ආයතන තුල මාධ්‍ය වේදී පිරුවට පොරවාගෙන ඉන්නේ අමන රැළක් අඩුම තරමේ අ පො ස සාමාන්‍යය පෙළවත් සමත් නැහැ.

පොලිස්පති විශ්‍රාම ගොස් නැවත කොස්තාපල්වරයකු ලෙස සේවයට ඒම වගෙයි මරාගේ ට්‍රයි එක.... සුනිල් පෙරේරා ...!!!

මහින්ද රාජපක්ෂ හිටපු ජනපති බලයට පත් වනවාට තමා බය යැයි ද, ඔහුගේ ආණ්ඩු සමයේ දැඩි මර්දනයක් පැවැති බව ද, ආණ්ඩුවට එරෙහිව කතා කරන පිරිස් මර්දනය කළ බව ද ජිප්සිස් නායක සහ ප්‍රසිද්ධ ගායක සුනිල් පෙරේරා මහතා කියයි. සමාජ ශාලාවක දී තමා ගීතයක් ගායනය කළ පසු එහි සිටි පුද්ගලයකු තමාට පහර දුන් බවත්, ඔහු හිටපු ජනපතිගේ ඥාතියකු බවත් සුනිල් පෙරේරා සඳහන් කරයි. මහින්ද නැවත දේශපාලනයට ඒම හරියට පොලිස්පති විශ්‍රාම ගොස් නැවත කොස්තාපල්වරයකු ලෙස සේවයට එනවා වගේ වැඩක් යැයි ද ඔහු පවසයි. ඔහු මේ බව කීවේ ස්වර්ණවාහිනියේ වැඩසටහනකට සහභාගී වෙමිනි.

බොරු චෝදනාවන්ට උත්තර දෙන්න මා සූදානම් නෑ....!!!කරිජ්ජ පෑගු තමාට තෝරාගෙන් මෝරාත්, පරවාගෙන් පරයාත් වෙන්කර ගන්නත් පුළුවන්...!!! මරා කිියයි



මෛත්‍රීපාල සිරිසේන ජනපති පසුගිය 14 වැනි දා මහින්ද රාජපක්ෂ  ගැන සිදු කළ ප්‍රකාශය ගැන හා එල්ල කළ චෝදනා ගැන අද අනුරාධපුර පැවැති සන්ධාන මංගල රැලියේ දී මහින්ද රාජපක්ෂ  කතා කළේ නැත. රටේ ජනතාව මා සමග සිටින තුරා කිසිම කෙනෙකුගේ බොරු චෝදනාවන්වලට උත්තර දෙන්න මා සූදානම් නෑ. ජනතාව ඊට උත්තර දෙයි යනුවෙන් හිටපු එහිදී කීවේය. පක්ෂයේ සභාපතිධූරය තමාගෙන් ඉල්ලා සිටි අවස්ථාවේදී තමන් බාරදුන් බවත්, ශ්‍රීලනිපය රැක ගැනීමට ඕනෑම පරිත්‍යාගයක් කරන බවත්, හෙතෙම කීවේය. තමන් පරාජයට පත්වි ඔවුන්ට බලය ලබාදුන් අවස්‍ථාවේදී අගවිනිසුරු  හා නීතිපතිවරයා ගෙන්වාගෙන කුමන්ත්‍රණයක් කළ බවට චෝදනා කළ බවත්, එසේ කළේ ලෝකයා ඉදිරියේ අප අපකීර්තියට පත් කිරීමට බවත්, හෙතෙම ප්‍රකාශ කළේය.

නඩුවේ වාර්තා අතුරුදන් වෙලේ සුදා නිදහස් ‍වෙන ලකුණු....!!!


මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරු ලෙස සැලකෙන ගම්පොළ විදානගේ සමන්ත කුමාර නොහොත් 'වෙලේ සුදාට' එරෙහිව මත්ද්‍රව්‍ය නඩුවේ පොලිස් පරීක්ෂණ වාර්තා අතුරුදන් වීම හේතුවෙන් එම නඩුව තවදුරටත් පවත්වාගෙන යනවාද නැද්ද යන්න පිළිබඳ තීරණය අධිකරණයට දැනුම් දෙන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු ලලිත් ජයසූරිය නීතිපතිවරයාට ඊයේ (16දා) නියෝග කර ති‍බේ.

ඉතාලි තානාපති කාර්‍යාලයේ ලගින්නේ සුණඛයන් ලූ....!!!

විදෙස් තානාපති කාර්‍යාලවල සිටින අපතයන් නිසා එම රටවල සිටින ශ්‍රී ලාංකිකයන් හට  වන අසාධාරණයන් ගැන අප මින් පෙරද කරුණු දක්වා තිබුණී. ලංකාවේ මහජන මුදලින් පිං පඩි ලබමින් වැජඹෙන මෙවන් පිසාචයන් පක්‍ෂ,පාට භේදයෙන්  තොරව ඉවත් කිරීමට  අවැසි බව  බලධරයනට අප  දන්වා සිටිමු. 
 ඉතාලියේ ශ්‍රී ලංකා තානාපති නිලධාරින් හා මිලානෝ නුවර ශ්‍රී ලාංකික තරුණයෙකු අතර හටගත් දරුණු වචන හුවමාරුව සමතයකට පත් කිරීමට ඉතාලි පොලිසිය තානාපති කාර්යාලයට පැමිණි බව වාර්තා විය. තරුණයා මිලානෝ නුවර සිට කිලෝමීටර් 500ක් දුරගෙවා තම අවශ්‍යතාවයක් ඉටුකර ගැනීම සඳහා තානාපති කාර්යාලයට ගොස් තිබේ.

සිරිමා බෝ වන්දනයෙන් මැරයන් සමග වැඩ ඇරඹූ මරා...!!!


තාමත් තමුන් සිතා  සිටින  පරිදි  රටේ  රජාණෝ  යැයි  හැඟවීමටදෝ...සෙසු පිරිස  බිම වාඩිවී සිටියදී  මරා පමණක්  විශේෂ  අසුනක  වාඩිවී  සිටිනු දක්නා ලදී....මහින්ද රාජපක්ෂ  සිය මැතිවරණ ප්‍රචාරක කටයුතු ඇරැඹීමට ප්‍රථම ඓතිහාසික ශ්‍රී මහා බෝ සමිඳුන් හා රුවන්වැලි මහා සෑය අද වැඳ පුදා ගත්තේය.

සන්ධාන ලැයිස්තු‍වෙන් මාව කැපුවා - කරුණා අම්මාන්


පැවති යුද්ධයේදී එල්.ටී.ටී.ඊ. පරාජය කිරීම සඳහා ජීවිතය පරදුවට තබා රජයට ප්‍රබල සහායක් දුන් තමාට සන්ධාන නායකයන් පොරොන්දු වූ පරිදි

තමාගේ නම ජාතික ලැයිස්තුවට ඇතුළත් කර නැතැයි හිටපු නැවැත පදිංචි කිරීමේ හා පුනරුත්ථාපන නියෝජ්‍ය ඇමැති විනයාගමුර්ති මුරලිදරන් (කරුණා අම්මාන්)  පවසයි. සුසිල් ‍ප්‍රේම්ජයන්ත් සහ අනුර ප්‍රියදර්ශන යාපා යන මහත්වරුන් දෙදෙනාම සන්ධාන ජාතික ලැයිස්තුවේ අවස්ථාව ලබාදෙන බවට සහතික වූ නමුත් අවසානයේ තමා ජාතික ලැයිස්තුවේ නොසිටීම කනගාටුවට කරුණක් බව පවසන මුරලිදරන්  පවතින දේශපාලන තත්ත්වය දෙස බලා යම් තීරණයකට එළැඹෙන බව කීවේය.

මර්වින් කැලණියෙන් ඉවත් කරයි - නව සංවිධායක මෙන්න


නිදහස් පක්ෂයේ නව ආසන සංවිධායකවරු 04 දෙනෙක්  ජනපති අතින්  පත්වීම් ලිපි ලබා ගත්හ. කැලණිය ආසන සංවිධායක ලෙස
 කටයුතු මර්වින් සිල්වා  ඉවත් කර කැලණියේ සංවිධායක ලෙස තිලක් වරාගොඩ පත් කර ඇත.

ජෙප්පො කිව්වට අප්පොගෙ ගාඩ් එක අඩු කරන්න බැහැ....!!! මැකෝ කියයි...!!!

හිටපු ජනපතිවරුන්ට හිමි ආරක්‍ෂාව ඔවුන් වෙනත් දේකට සම්බන්ධ වූ පමණින් එම ආරක්‍ෂාවේ අඩු කිරීමක්‌ සිදුකළ නොහැකි බව මැතිවරණ කොමසාරිස්‌ මහින්ද දේශප්‍රිය  පැවැසීය. කෙසේ නමුත් ආරක්‍ෂකයන් තමන්ගේ ආරක්‍ෂාවට හැර වෙනත් කටයුතුවලට නොයොදවන ලෙස මහ මැතිවරණයට තරග කරන හිටපු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටීමට බලාපොරොත්තු වනබවද මැතිවරණ කොමසාරිස්‌වරයා ඊයේ මැතිවරණ දෙපාර්තමේන්තුවේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කීය.

ඇත්දළ අල්ලයි...!!!

පුත්තලම - කල්අඩිය ප්‍රදේශයේ නිවසක සවා තිබූ ඇත් දල‍ ජෝඩුවක් අත්අඩංගුවට ගැනීමට පුත්තලම පොලීසියේ නිලධාරීන් සමත්වී ඇත.
රුපියල් ලක්ෂ 05 කට ඇත් දළ ජෝඩුවක් අලවි කිරීමට ඇති  බවට ලැබුණු තොරතුරක් අනුව ව්‍යාජ ගැණුම්කරුවෙකු යොදවා මෙම වැටලීම සිදු කිරීමට පොලිස් නිලධාරීන් සමත්වී ඇත.

චෞරිය නැවත මෙරටට පැමිණේ....!!!

චන්ද්‍රිකා එයි.. විශේෂ ප‍්‍රකාශයක් කරයි.. අලියා දිනවන්න රට පුරා යයි..මහින්ද රාජපක්‍ෂ ට සන්ධානයෙන් නාමයෝජනා ලැබීම සම්බන්ධයෙන් විරෝධය දක්වා විදෙස්ගත වූ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා  යළි මෙරටට පැමිණෙනු ඇති බව වාර්තා වෙයි.

හොර මත්පැන් වටලයි....!!!

මාරවිල - වීරහේන ප්‍රදේශයේ සුවිසල් මැදුරක් තුළ රහසිගතව පවත්වා ගෙන මහා පරිමාන කසිප්පු නිෂ්පාදනාගාරයක් වැටලීමට නාත්තන්ඩිය සුරාබදු ස්ථානයේ නිලධාරීන් සමත්ව ඇත.
එම කසිප්පු නිෂ්පාදනාගාරයේ තිබී නිපදවන ලද කසිප්පු බෝතල් 90 ක් (මිලි ලීටර් 67,500) ක්,කසිප්පු නිපදවීමට ගන්නා ගෝඩා ලීටර් 1280 ක්(මිලි ලීටර් 1,28,00,000 ක්)තඹ දර 01 ක්,බැරල් 10 ක්,ගෑස් ලිපක් සහ ගෑස් සිලින්ඩරයක්ද සුරාබදු නිලධාරීන් තම බාරයට ගෙන ඇත.එම කසිප්පු නිෂ්පාදනාගාරය පවත්වා ගෙන ගිය බව කියන සැකකරුවද සුරාබදු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.