චෞරි පසුගිය දවස්වල මාර ටෝක් ඵකක්දී තිබුණී.එනම් බලයට පෙරේත නැහැ කියාත් වසර 12 පාලනය කොට සිය කැමැත්තෙන් ගෙදර ගියා...සහ මිනීමරා නැතිබවද කියායි.මෙම චෞරිගේ කථාව මහා විහිළුවකී .චෞර රැජිණ ග්‍රන්ථයෙන් කාට කාටත් මැයගේ කල්ක්රියාවන් දැන ගත හැකිය.
ඵය කොටස් වශයෙන් අප වෙබ් අඩවියෙන් ද මීට කලෙකට ඉහත පළවිය.
හිටපු කොටි සාමාජිකයෙකු වන අමිර්තලිංගම් රවීන්ද්‍රන් (රූබන්) එළඹෙන මහ
මැතිවරණයට ඉලංගෙයි තමිලරසු පක්ෂය නියෝජනය කරමින් තරඟ කිරීමට නියමිත බවට
පලවන පුවත් වල කිසිඳු සත්‍යතාවයක් නොමැති බව දෙමළ ජාතික සන්ධාන ආරංචි මාර්ග
සඳහන් කරයි.
කාන්තා සහ පිරිමි සමරිසි (Gay &
Lesbian) , ද්වීරිසි (Bisexual) සහ විපර්යාසිත (Transgender) ලිංගික
ප්‍රජාව සැමරීමට ලක් කෙරෙන පා ගමනක් පසුගිය දා අමෙරිකාවේ නිව්යෝක් නුවර
පැවැත්වුණා. විශාල ජන සහභාගීත්වයකින් පැවැති මෙම පාගමනට විශාල පිරිසකගේ
සහභාගීත්වයක් ලැබී තිබූ අතර විවිධ රටවල්වල පිරිස් ද ඒ සඳහා එක්ව සිටියා.
ඉදිරි මහ මැතිවරණය සඳහා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග
තරඟ වැදීමට තීරණය කර ඇති බව ඒ චන්ද්‍රිකාගේ ලේකම් පී. දිසානායක තහවුරු
කරයි.

“වසර ගණනාවක් බන්ධනාගාර ගතව සිටින දෙමළ දේශපාලන රැදවියන්ව නිදහස් කරන මෙන්
ඉල්ලා සිටිම රටෙහි ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන්නේ කෙළෙසද යන්න මහාචාර්ය
ජී.එල්.පීරිස් ජනතාවට ප්‍රකාශ කළ යුතුය.හුදෙක් ආත්මාර්ථය වෙනුවෙන් අභුත
චෝදනා එල්ල කිරීම ඔහු අත්හල යුතුය. ආත්මාර්ථකාමි, ජාතිවාදි කටයුතු වලට මා
කිසිවිටකත් බියවන්නේ නැත. එබැවින් මහාචාර්ය ජී.එල්.පිරීස් මින් ඉදිරියට හෝ
දෙමළ ජනතාව වෙනුවෙන් හඬ නගන පුද්ගලයින් දෙස ජාතිවාදී කෝණයෙන් බැලීම නතර කර
ගත යුතුය. දෙමළ ජනතාව වෙනුවෙන් වන මාගේ හඬ කිසිවෙකුට වැළැක්විය නොහැකිය.
දේශපාලන රැදවියන් නිදහස් කිරීම සම්බන්ධයෙන් ඉදිරියටත්, මා හට හැකි
ක්‍රියාමාර්ග ගන්නෙමි” යනුවෙන් ඇය ප්‍රකාශ කර ඇත.