ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Friday, June 26, 2015

පාර්ළිමේන්තුව විසිරුවයි....!!!


මෛත්‍රීපාල සිරිසේන ජනපතිගේ නියෝගයෙන් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් විය.
2015 ජුනි මස 26 වැනි සිකුරාදා අංක 1920/20 ගැසට් නිවේදනය අනුව ලබන අගෝස්තු 17 වැනි දා මහ මැතිවරණය පැවැත්වීමට ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික ජනරජයේ ජනපති මෛත්‍රීපාල සිරිසේන නියම කර ඇත.
නව පාර්ලිමේන්තුව සැප්තැම්බර පළමු වැනි දා රැස්වීමට නියමිතය.
මහ මැතිවරණ සඳහා නාමයෝජනා බාර ගැනීම ජුලි හය වැනිදායින් ආරම්භ වී ජුලි 13 වැනි දා දහවල් 12න් අවසන් වේ.

බුද්ධි අංශ වාර්තාවේන් ආණ්ඩුව හාන්සියි -මෛත්‍රී 3ට වැටේ-රනිල් 4ට වැටේ

රජයේ බුද්ධි අංශ යොදාගනිමින් පසුගිය සති 2ක් කාලයක් තුල සිදුකල සමික්ෂණය හේතුවෙන් චන්ද්‍රිකා-රනිල්-මෛත්‍රී-රාජිත-චම්පික අතර අර්බුද රැසක්  හටගෙන තිබෙන බව රජයේ අභ්‍යන්තර තොරතුරු වාර්තාකරණයේ යෙදේන අප විශේෂ වාර්තාකරු අනාවරණය කළා.

අදාළ බුද්ධි අංශ වාර්තාවට අනුව ඊළග ඔනෑම මැතිවරණයකදි එය ජයග්‍රහණය කිරිමේ කණ්ඩායම තින්දු කරන ඓතිහාසික පුද්ගලයා මහින්ද රාජපක්ෂ බවත් තොරාගත් ඔනෑම නියැදියක ඡන්ද දායකයන් 10 දෙනෙකුගෙන් 7 දෙනෙකු මහින්ද රාජපක්ෂට සිය කැමැත්ත පලකර තිබෙන බවද එම වාර්තා අනාවරණය කර තිබේ. 

අප වෙබ් අඩවියෙන් ගෙනගිය අදහස් එකතුවෙන්ද මහින්ද සිටියේ ඉදිරියෙනී.
නමුත්  මනූෂ,සුසාර,උපේක්‍ෂා ,නාමල් ,වැනි ළපටි කබ්බන් සහ බැසිල් ,දුමින්ද සිල්වා,සජීන් වාස්,සරණ ,ලන්සා ,ජොන්ස්ටන්,මහින්දානන්ද වැනි නරුමයන්ද ඉවත් කළ යුතුය.

මහින්දගේ රජ පවුල් සංකල්පය නිසා රටට කළ අගතිය නිසාම ඔහුගේ පාලනය ජනතාවට වහකදුරු මෙන් තිත්තවී තිබුණී...සිය රජ පවුල සහ හෙචංයියන් ගසා කෑ මහජන මුදල්  කෝටි ගණනකී...නමුත් යූ ඇන් පී නපුංසකයනට ඒවාට  දඬුවම් දී ගත නොහැකිවුණී.
කරුපයියා ,රාජිත වැනි චේතීය හොරුන් නැවත රට සූරා කන්නට විය.

මංගල ඩයස්පෝරාවට ද්විත්ව පුරවැසිකම දීලා....!!!

විදේශ ඇමතිව සිටි මංගල සමරවීර විසින් ඩයස්පෝරාවේ පුද්ගලයන්ට ද්විත්ව පුරවැසිභාවට ලබා දී ඇති සිංහල රාවය සංවිධානය පවසයි.
සංවිධානයේ සභාපති අක්මීමන දයාරතන හිමියෝ දෙහිවලදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් මේ බව කියා සිටියහ.

ඇත්තටම අළුත්ගමදී මොකද උනේ....? පොලිස්පතිගෙන්ම දැනගමු.....!!!


රට ගිය අත....!!!

නන්දා මාලිනී ග්‍රැමෆෝන් සින්දු කිව්වට පස්සේ සමිතා ඒ සින්දු කිව්වා. ඊට පස්සේ තව එවුන් කිව්වා. අන්තිමට ඒ සින්දු කිව්වෙ පොන්නයෝ.
77න් පස්සෙ රටට වුණෙත් ඒක. එක එකා රට කළා. අන්තිමට රට, පොන්නයන්ට ගියා.
- කුමාර ලියනගේ

මෙහෙමයි සංවාදෙ හිටං......!!! දෙපිටකාට්ටුවෙකුගේ කැරැක්ටුව....!!!

රාජිත සේනාරත්න, මහින්ද රාජපක්ෂ හමු වී කතාබහ කරන්න‍ට ඇතැයි අනුමාන කළ හැකි දේ ...(සාරංශගත කර ඇත)
රාජිත- කොහොම ද සර්!
මුන්ට තේරෙන්නෙ නෑ සර්...සර්ට තමයි අගමැති අපේක්ෂකකම දෙන්න ඕන. ඊට පස්සේ ජනාධිපති වෙන්න මාත් උදව් කරන්නං. මේ යකාට මුකුත් කරන්න බෑ. වැනෙනවා.
අපොයි අපේ රටට වෙච්ච දෙයක්....
මහින්ද - දුක ද?
රාජිත - නැතුව සර් ....අපි කර ගත්ත ගොන්කමක්, සර්....

යහපාලනයට කුඩ්ඩන්ද මැරයන්ද ඇතුලත් වේ - Good Governance with drug dealers and thugs ...!!!


කරුණු සිඳුවෙමින් තිබෙනා ආකාරයට, යහපාලනය තුලද සිඳුවන්නේ කලින් සිඳුවූ සිද්දි දාමයන්ම බවත්, එකම වෙනස තනතුරු කීපයක පුද්ගලයන් වෙනස් වීමක් බවත් කනගාටුවෙන් උනත් කිව යුතුමය. නායකත්වයට පත්වූ දිනයේ පටන් ඇදගෙන නානා රනිල් විකුම්සිංහ 2004 දී ඉල්ලගෙන කෑවේ කොටි එක්ක ආතල් එකක් ගන්න ගොසින්ය. කොහේදෝ යන පොට්ට චෑන්ස් එකකින් 2015 පින් අගමැතිකමක් ලද්දේ වුවද, දින කීපයක් යන්නට මත්තෙන් ඉල්ලගෙන කෑවේ සිංගප්පුරූවේ නයෙක් රෙද්ද අස්සේ දාගෙනය.

තව මුන් ඡන්දෙන් ආවනම් කොහොම භිටීද ....!!!


.මහරාජාගේ මාධ්‍ය ආයතනවල මාධ්‍ය භාවිතාව යෙදවෙන්නේ ප්‍රාග්ධනය ප්‍රසාරණය කිරීම සදහායි....!!!

සමාජයේ මුරපල්ලන් ලෙස ජනමාධ්‍ය සමූහය හැදින්වෙන්නේ ඔවුන් සත්‍යය සාපේක්ෂ අර්ථයකින් පාඨකයා වෙත ඉදිරිපත් කරන නිසාය. එහිදී බොහෝ විට සිදුවන්නේ පාඨකයා සහ රචකයා අතර බුද්ධිමය සුසංවාදයක් සහිත සම්බන්ධතාවක් ගොඩනැගීමය. ලංකාව තුළ මෙම මාධ්‍ය භූමිකාව රග දැක්වූයේ ‘ඇත්ත’ පුවත්පතයි. ‘ඇත්ත’ පුවත්පත යනු යථාර්ථවාදී මාධ්‍ය කලාවක නිරත වූ පුවත්පතකි. වාර්ථාකරණයේ දී ඔවුන් පාඨකයා වෙත දැනුම් දෙන්නේ පුවතක් යනු සිදුවූ දෙයක සැබෑම අර්ථය නොව එහි පැතිකඩයන් කිහිපයක් නියෝජනය කරන (මූලාශ්‍ර කිහිපයක් උපුටා දැක්වීම) දෙයක් බවයි.

නාමල් කුමාරයා කිව්වේ බාප්පා නම් කිව්වේ සුදු වෑන් එකේ රවුමක් එක්ක යනවැයි කිව්වා....!!!.

මහින්ද සමඟ නැගිටිමු වැඩ සටහනේ සාමාජිකයකු සමඟ නිදාගෙන නැගිට්ට මහින්ද මහත්තයා, දනි පනි ගා ලෑස්ති උනේ අභයාරාමේ පැත්තේ රවුමක් ගසා එන්නටය. අද එහේ ගිහින් හරියන්නේ නෑ, මාතර යන්න තියෙනවා නේද කියා ඇසු සිරිලිය මැතිනියට, අම්මට හුඩු ඇත්ත නේන්නම් යකෝ කියා උත්තර දීපූ මහින්ද මහත්තයා, හාමිනාගෙන ඇහුවේ කෝ මාව කාපු ලොකු එකා කියලාය.

දැන්නං මාධ්‍යවේදීන් නොවැ නමුත් ඒ කාලෙ පුවත්පත් කලාවේදීන්....!!!

අනුන්නෙ ගෑණු පස්සෙ ගිහිං ඔලුවෙ කොච්චි අතුල්ලෝ ගත්තට අමරය කියන්නෙ සුන්දර මිනිහෙක්,හිතුනු දේ කිව්වා හිතුනු වෙලාවට වැඩ කළා, හැබැයි තරමක ආඩම්බර කමකුත් තිබුණා එහෙම කියන්නෙ දවසක් මම අමරයට  ලෑලියි ඇඩ්වාන්ස් එක හැටියට සල්ලි රුපියල් සීයකුයි දීල පොත් රාක්කයක් හදල දෙන්න කිව්වා,මගේ ළඟ තිබ්බ පොත් ටික දාන්න ඒ කාලෙ එච්චර පොත් තිබ්බෙත් නෑ ටිකයි,සතියක් දෙකක් ගියාට මු හදල දෙන පාටක් නෑ දවසක් අමරයව පාරෙදි හම්බවෙලා මම දොස් කිව්වා,මොකුත් නොකිය යන්න ගියපු අමරය ටිකකින් ලෑලි ටිකත් කරගහගෙන අපේ ගෙදර ඇවිත් ලෑලි ටික මිදුලෙ අත ඇරල රුපියල් සීයත් මට ආපහු දීල,

වෙන කාටහරි කියල හදෝගන්න මහත්තයො...

කියල යන්න ගියා අමරයගෙ හැටි....

සාටක සුණඛයාගේ හොර ලෙඩේ සනීපයි...රෝහලෙන් යයි....!!!

රිමාන්ඩ් බන්ධනාගාර ගතව සිට ඇප ලැබීමෙන් පසු අසනීප තත්ත්වය හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලැබූ හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ (25) එම රෝහලෙන් පිටව ගොස් තිබේ.
ඒ අනුව බැසිල් රාජපක්ෂ  අද පැවැත්වෙන පාර්ලිමේන්තු සභා වාරයටද සහභාගීවීමට බොහෝදුරට ඉඩ ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

මහින්දට මෛත්‍රීගේ නිවස - මෛත්‍රී ඩී.බී විජේතුංගගේ නිවසට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  දැනට භාවිත කරන නිවස ලබාදීමට තීරණය කර ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න  පවසයි.
ඔහු මේ බව පැවසූවේ  (24) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ය. 

20 සම්මත කරන තුරු විසුරුවන්නේ නෑ - කැබිනට් ප්‍රකාශක

නව මැතිවරණ ක්‍රමය ඇතුළත් 20වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරන තුරු පාර්ලිමේන්තුව විසුරුවා නොහරින බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න පවසයි.
(24) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා කියා සිටියේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමට බොහෝ දෙනා තුළ තිබු උනන්දුව 20වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමට නොමැති බවයි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.