ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Monday, June 22, 2015

යහපාලකයෝ රට බෙදන හැටි දයාන් මුල සිට අගටම කියයි..!!!

යහපාලනයෙන් රට බෙදෙන හැටි ආචාර්ය දයාන් ජයතිලක  කොළඹදී විද්වත් සමුළුවක් අමතමින් හෙළි කලේ මෙසේය.
ජාතික සංවිධාන එකමුතුව විසින් සංවිධානය කරන ලද ජාතික පුස්තකාල ශ‍්‍රවණාගාරයේදී පැවති ‘‘යහපාලනයෙන් රට බෙදෙන හැටි’’ නම් වූ විද්වත් කතිකාවේදී ප‍්‍රවීන දේශපාලන විචාරක ආචාර්ය දයාන් ජයතිලක,

රෝස පාට ජංගිය ඇඳගත් අනෝමා ජනාදරී.....!!!

කලාකරුවන් මුලීකව කාණ්ඩ දෙකකට වර්ග කළ හැකියැයි අප විශ්වාස කරමු.

  1. තමන්ගේ කලා හැකියාව මතම රඳා පවතින්නන්
  2. ජනප්‍රියතාව මතම රඳා පවතින්නන්.
හොලිවූඩයේ ක්ලින්ට් ඊස්ට්වුඩ්, රොබර් ඩී නීරෝ, එංගලන්තයේ එල්ටන් ජෝන්, ලංකාවේ ජෝ අබේවික්‍රම, අයිරාංගනී සේරසිංහ වැන්නන් අයිතිවන්නේ පළමු කාණ්ඩයටය. මෙම කාණ්ඩයේ කලාකරුවන්ගේ කලා හැකියාව ඉහළ මට්ටමක පවතින බැවින් ඔවුන්ගේ ජීවන චක්‍රය (life cycle) බොහෝ විට වයසින් ස්වායක්ත වේ. එනිසා ඔවුහු වයස් ගත වන තුරුම නිර්මාණ කාර්යයේ නියැලී සිටිති. මෙම කලාකරුවන්ගේ රසිකයන්ද මුල් සැළකිල්ල දෙනු ලබන්නේ නිර්මාණයට මිස එම කලාකරුවාගේ පෙනුමට නොවන නිසා වයස ඔවුනගේ ජනප්‍රියතාවට බාධාවක් නොවේ.

ශ්‍රේෂ්ඨ ගුරුතුමෙක්....!!!

දුප්පත් ජනතාවගෙන් මුදලෙන් පොරක්වූ ....!!!  සල්ලිවලට අධ්‍යාපනය විකුණන ටියුෂන් මාස්ටර්ලා මහා මානව හිතවාදී පොරවල් ලෙසට කලඑළි බැස පොර ටෝක් දෙනු අප දැක ඇත.එවන් හිපාටුවන් ගේ ගණයට  නොවැටී ගුරු වෘත්තියේ ගෞරවය  රැකගත් මහත්මයෙකුගේ කථාවයි මේ...

මැක්කන් කුක්කන්වීමේ මැතිවරණ පද්ධතිය..!!!

විසිවැනි ව්‍යවස්ථා සංශෝධනය මුවාවෙන් පාර්ලිමේන්තුවේ කාලය දිර්ඝ කර ගැනීමට මෛත්‍රිපාල කණ්ඩායම මෙන් ම ජාතික හෙළ උරුමය ද කුඩා පක්‍ෂ ද පමණක් නොව එ ජා පක්‍ෂය ද උත්සාහ කරයි. එ ජා පක්‍ෂය කුමක් ප්‍රසිද්ධියේ කීව ද ඔවුන්ට ද අවශ්‍ය පාර්ලිමේන්තුව දිගට පවත්වාගෙන යෑම ය. විස්ස සම්මත කර ගැනීමට බාධා පමුණුවන වගන්ති එ ජා පක්‍ෂයෙන් ද අනෙක් පක්‍ෂවලින් ද ඉදිරිපත් වෙයි. මනාප ක්‍රමය ජනතාවට අවශ්‍ය නැති වුව ද දේශපාලනඥයන්ට අවශ්‍ය වෙයි. තම මැතිවරණ කොට්ඨාශයෙන් පරාජය වූ කි දෙනෙක් අද මනාප ක්‍රමය නිසා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වෙත් ද...? 

ජාත්‍යන්තර කොටි ජාලය තවමත් ක‍්‍රියාකාරී – ඇමෙරිකාව

2009 දී එල්.ටී.ටී.ඊ සංවිධානය යුදමය වශයෙන් පරාජය කළද එහි ජාත්‍යන්තර ඩයස්පෝරාව අනුකම්පාව සහ මූල්‍ය සම්පත් ලබා ගැනීමේ ජාලය 2014 වසර පුරා ජාත්‍යන්තරව ක‍්‍රියාත්මකව සිටිින බව එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරන ලද නවතම වාර්තාවක දක්වා ඇත.

මෙන්න උතුරේ ප්‍රජාතන්ත්‍රවාදය- දුෂණය කර ඝාතනය කල විත්‍යාගේ සාක්ෂි ඩොසර් කරයි...!!!

යාපනය අධිකරණයට ගල් ගෑසිමට බෙදුම්වාදීන් කටයුතු කල විත්‍යා සිසුවිය දුෂණය කර ඝාතනය කිරිමට සම්බන්ධ මළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.ශ්‍රීධරන් සහ නීතීඥ තවරාසා බේරා ගැනිම සදහා රජයේ ඉහළ බලපැමක් මත පරික්ෂණ කටයුතු සියල්ලම වෙනතකට යොමුකරමින් සිටින බව අප යාපන වාර්තාකරු සදහන් කළා. 
ශ්‍රමදානයක් මුවාවෙන්  පුංකුඩුතීව් ප්‍රදේශයේ බැකෝ යන්ත්‍ර යොදාගෙන විත්‍යා සිසුවියගේ ඝාතනය පිළිබඳ සාක්‍ෂි නැති කර ඇති අතර විත්‍යාගේ ඥාතීන්ගේ විරෝධය දැක්වුවද ඔහුන් එය නොතකා සියලු සාක්ෂි ඩොසර් කරදමා තිබේ.

රට කන වර්තමාන කාල බෝම්බය ....!!!

කුප්‍රකට මහින්ද-සජින් හිතවාදිනියක වන මහේෂිනී කොළොන්නේ මේ වනවිට විදේශ කටයුතු අමාත්‍යංශයේ අමාත්‍යවරයා වන මංගල සමරවීරටද ඉහළින් සිටිමින් කටයුතු කරන බව පෙනේ. ඇමතිවරයා මහේෂිනී කොළොන්නේ යටතේ කටයුතු කරමින් සිටින්නෙකු බවට පත්ව තිබේ.
 
මහේෂිනී කොළොන්නේ 1998 වසරේදී විදේශ කටයුතු අමාත්‍යංශයේ සේවයට එක්වන අතර එවකට ලක්ෂ්මන් කදිරගාමර් ඇමතිවරයා ලෙස කටයුතු කළේය. ඇය විදේශ සේවයකට එක්වන විට ඒ සඳහා මූලික සුදුසුකමක් වන පිළිගත් විශ්වවිද්‍යාලයකට උපාධියක් නොතිබූ අතර ඒ සම්බන්ධයෙන් ඇයට චෝදනා එල්ල විය. එහෙත් ඇය විදේශ සේවයට බඳවා ගන්නා තරග විභායට පෙනී සිට ඉහළ දේශපාලන සබඳතා හරහා එම චෝදනාව යටපත් කරගෙන ඇත.

මෛත්‍රීපාල සිරිසේනටද විනාශය කරා ‘සිරසයි පාර කියන්නේ' .....!!!

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  තම මැතිවරණ ප්‍රචාරක දැන්වීම් වෙනුවෙන් රුපියල් මිලියන 200 ක් සිරසට ගෙවා ඇති අතර එය 1:3 අනුපාතයෙන් රුපියල් මිලියන 600ක් දක්වා වැඩි කොට රුපියල් මිලියන 400 ක දැන්වීම් නොමිලේ ලබා දී ඇත. එයට හිලව් වීම සඳහා සිරසේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂකවරයා ජනාධිපතිවරයාගේ මාධ්‍ය ප්‍රකාශකයා ලෙසත් අතිරේකව තවත් තරංග සංඛ්‍යාත 9 ක් සිරස මාධ්‍ය ජාලය වෙත ලබා දීමටත් සිරිසේන ජනාධිපතිවරාය පසුගියදා කටයුතු කලේය. මෙම අතිරේක තරංග ආයාත සිරසට ලබාදෙන ලෙස ජනාධිපතිවරයා විසින් විදුලි සංදේශ නියාමන කොමිසමේ සභාපති සුහේර් ට නියෝග කරන ලද්දේ සිරසේ වෙසක් කලාපයේ තොරණ විවෘත කිරීමට පැමිණි දා කිලී මහරාජාගේ නිල කාමරයේ සිට බව සිරස ආරංචි මාර්ග වැඩි දුරටත් සඳහන් කර සිටී.පිටතට පෙනීමට මම හරි සරළයි .මම මගේ මැතිවරණ කටයුතු සඳහා බොරු වියදම් කලේ නැතැයි රටට ,ජනතාවට කළ වංචාව මෙම ලිපිය තුළින් මනාව හෙළිවේ...ඇඳුමෙන් සහ කථාවෙන් පමණක් හොර දේශපාළුවන් හඳුනා ගත නොහැකි බව අප පුන පුනා කියනුයේ එහෙයිනී....ලංකානිව්ස් )

ලංකාවේ වීරයන් ජන සංහාරකයන්ද.....!!!

පවත්නා ක‍්‍රමය ආරක්ෂා කිරීම වෙනුවෙන් කුලියට සටන් කරන මෙරට හමුදාව වීරයන් වන්නේ කෙසේදැයි මෑතකදී මගේ මිතුරියක් මා සමග තර්ක කළාය. එය අලූත් වාදයක් නොවුනද එදා ඒ සුපුරුදු වාදය නැවත මතුවූයේ ලියනගේ අමරකීර්ති විසින් තම කුරුළු හදවත නවකතාවේ ඇතුුළත් කර තිබූ හමුදාව සම්බන්ධව ද්වේශ සහගත අපහාසාත්මක යෙදුමක් මුල් කොටගෙනය. මගේ මිතුරිය ජවිපෙ හිටපු කි‍්‍රයාකාරිණියකි. පසුව ඇය පෙරටුගාමී පැනනැඟීමත් සමග ඒ දෙසට ඇදී ගියාය. චේ ගුවේරා, ලෙනින්, විජේවීර, කැස්ත්‍රෝ, ආදී පිරිසක් ඇගේ ලෝකයේ පරම වීරයෝය.

පිරිවෙන් අධ්‍යාපනයත් අවසානවන ලකුණු...!!!

අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන් ඒකකයට දූෂිත චෝදනා එල්ලවී ඇති පුද්ගලයෙකු පත්කර ඇති බව වාර්තාවේ. එම අමාත්‍යාංශ ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ යහපාලනය යටතේත් දූෂිතයින්ට උසස්වීම් ලබාදීමේ මෙම තීරණය පිරිවෙන් ක්ෂේත‍්‍රයේ දැඩි කතාබහකට ලක් වී ඇති බවය.
පසුගිය රජය විසින් ජනාධිපතිවරණය ඉලක්ක කර 2014/12/05 දින 35/2014/01 යටතේ චක‍්‍රලේඛයක් නිකුත් කර ඇත.

පාර්ලිමේන්තු විසුරුවයි.. මැතිවරණය අගෝස්තුවේ.....!!!

මේ සතිය ඇතුලදී පාර්ලිමේන්තුව විසුරුවා මහ මැතිවරණය අගෝස්තු මාසයේදී පැවැත්වීමට තීරණය වී ඇතැයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පවසයි.

ලංකාවට ගල්යිපොසේට් මහ තොගයක් ගෙනැවිත් ඇත්තේ සිරසේ මහරාජා.. – දෙරණ හෙළි කරයි..

පිළිකාකාරක හා වකුගඩු රෝගකාරයක ඉතා ඉහල මට්ටමින් අඩංගු යයි සනාථ වී ඇති ගල්යිපොසේට් කෘෂි රසායන අති විශාල තොගයක් ගෙන්වා ඇත්තේ කැපිටල් මහරාජා සමූහ ව්‍යාපාරය විසින් යයි දෙරණ රූපවාහිනිය ඊයේ සිය ප‍්‍රවෘත්ති විකාශණය ඔස්සේ විකාශණය කලේ මෙසේය.


දෙහොරු හමුවක්....!!!


සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න  සහ හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ  පෙරේදා 20 රාත‍්‍රී පැය දෙකකට ආසන්න කාලයක් කතා බහක නිරත වී ඇත.
බැසිල් රාජපක්‍ෂ  ප‍්‍රතිකාර ලබන කොළඹ කොල්ලූපිටියේ පිහිටි ඩර්ඩන්ස් පුද්ගලික රෝහලක මෙම හමුවීම සිදුව තිබේ.

මහ බිරුම් දුන් ළපටි කුක්කා....!!!


නැව් ගිල ඇති නීල කණ්ඨ හොරෙකු වන රාජිතගේ පුත්‍රයෙකු පසුගියදා ජන රැළියක් අමතනු මාධ්‍ය ඔස්සේ අප දුටුවෙමු.
මහින්ද රාජපක්‍ෂ වැනි මෙරට ඇතැම් ජනතාව තවමත් ආදරය කරන චරිතයකට අභියෝග කරමින් බිරීම මහා අපුලක් ඇති කරන්නාවූ සිදුවීමකී.
නාමල් වැනි ගොබ්බයෙකුට හෝ බැසිල් වැනි නීල හොරෙකුට අභියෝග කළා නම් කමෙකුදු නැත.
මේ බලු කුක්කා බිරුවේ විසල් චරිතයකටය.ඌ ලොකු මහත් කිරීම සඳහා ඌගේ පියාට නැව් ගිලීමට ,සල්ලි පිල්ලි ගැසීමට අවස්ථාව ලබා දුන්නේද මහින්දය.
නැතිනම් ඌ තාමත් වැඩබැරි දත් දොස්තරය.
කුක්කන් හණස්සක් වැටුණු සද්දයටත් මහ බිරුම් දෙයි...ඒත්  කටහඬ තාම ළපටිය...
අසේල පියුමසිංහ

අපි තොණ්ඩමන්ලාගේ ගේට්ටු කඩනවා | මනෝ ගනේෂන්

වතුකරයේ දෙමළ පක්ෂ සහ ඔබේ පක්ෂය එක්වෙලා දේශපාලන පක්ෂයක් ඇතිකර ගැනීම ඓතිහාසිකව මොනතරම් වැදගත්ද?
දෙමළ ප‍්‍රගතිශීලී පක්ෂය තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනතා පෙරමුණ, දිගම්බරම් ගේ පක්ෂය සහ රාධාක‍්‍රිෂ්ණන් මහතාගේ කඳුරට ජනතා පෙරමුණ ඉන්නවා. මෙය භූගෝලීය වශයෙන් උතුරු-නැගෙනහිර ප‍්‍රදේශවලින් පිට දෙමළ ජනතාව නියෝජනය කරනවා. ජන සංඛ්‍යාව ගත්තාම ලංකාවේ දෙමළ ජනතාව ලක්ෂ තිස් දෙකක් පමණ ඉන්නවා. ඒ අතරින් ලක්ෂ 16ක් පමණ නියෝජනය කරන්නේ අපේ සන්ධානය. මේ ජනතාව ප‍්‍රධාන වශයෙන් මධ්‍යම, බස්නාහිර, ඌව, සබරගමු සහ වයඹ පළාත්වල ජීවත්වෙන්නේ. රට තුළත් රටෙන් පිටත් අදහසක් තියෙනවා, දෙමළ ජනයා ඉන්නේ උතුරු නැගෙනහිර පමණයි, දෙමළ ජනතාවගේ ප‍්‍රශ්නය නියෝජනය කරන්නේ දෙමළ ජාතික සන්ධානය පමණයි කියලා. ඒත් මේ රටේ දෙමළ ජනතාව උතුරු නැගෙනහිරත් ඉන් පිටතත් සමානව ජීවත් වෙනවා.

මෛත්‍රිපාල පක්‍ෂයෙන් ඉවත් කළ යුතුය ....!!!

පසුගිය 16 වැනි දා පදනම් ආයතනයේ දී පැවති ශ්‍රී ල නි ප මන්ත්‍රීවරුන්ගේ රැස්වීමෙන් පසු පිටතට පැමිණි පරාජිත ජනමාධ්‍යවේදීන්ට ද බැණ වැදී ඇත. එයට හේතුව රැස්වීමේ සිටි අති විශාල බහුතරය මහින්ද රාජපක්‍ෂ අගමැති ධුරාපේක්‍ෂක ලෙස නම් කළ යුතු යැයි ඉල්ලා සිටීම බව පැහැදිලි ය. එහි දී මහින්ද මැතිවරණයට ගෙන එන්නේ කෙසේ දැයි වාර්තා කිරීමට සය පුද්ගල කමිටුවක් ද පත් කෙරී ඇත. එහෙත් පසු දිනම කමිටුවේ වැඩ කටයුතු අවසන් වී ඇත.

ජෙප්පන්ගේ මාරුවීම....!!!

ජ වි පෙ මෛත්‍රිපාලගේ ජයග්‍රහණයෙන් ඉවත් වීමට, පැන යෑමට උත්සාහ දරයි. එහෙත් එයට ඉඩ නොතැබිය යුතු ය. පික්පොකට් ආණ්ඩුවේ සියළු වැරදිවලට ජ වි පෙරමුණ ද වග කිව යුතු ය. ඔවුන්ට තම ඊනියා අපෝහක භෞතිකවාදී දෘෂ්ටි කෝණයෙන්වත් සිදුවන්නට යන්නේ කුමක් දැයි ජනවාරියට පෙර නො පෙනිිණි ද? අපේ ජාතිකවාදී දෘෂ්ටි කෝණයට නම් මේ සියල්ල පෙනිණි. බටහිර හා ඉන්දීය බලපෑම හමුවේ දෙමළ ජාතිවාදයට රට පාවාදීමේ සූදානම අපි හෙළිදරවු කෙළෙමු. යහපාලනය යනු ව්‍යාජ සටන් පාඨයක් බව ද අපි කීවෙමු.

රාජ්‍ය මාධ්‍ය තනතුරු වෙනසකට මෛත්‍රී සුදානමින් ...!!!


නෙත්.එෆ්.එම් සේවය මේ වනවිට සියයට 40කින් සහ සිරස ටිවි,සිරස එෆ්.එම්,හිරු ටි.වි,හිරූ එෆ්.එම් ජනප්‍රියත්වයද සියයට 30කි පහත බැස ඇති බවත් දෙරණ නාලිකාව ගෙවිගිය මාස හය තුල සියයට 60ක ජනප්‍රියත්වය වැඩිකරගෙන සිටින බවද පෙන්වා දි තිබේ.

ගෙවිගිය මාසයක් තුල එක්සත් ජාතික පක්ෂයේ ඇමතිවරුන් තිදෙනෙකු වෙබ් අඩවි සදහා පමණක් රුපියල් කෝටි 2ක මුදලක් වියදම් කර තිබෙන බවද පාඨ්ලී චම්පික රණවක එහිදි පෙන්වා දි තිබේ.වහාම රාජ්‍ය මාධ්‍ය ආයතන කිහිපයකම ඉහල පෙළේ තනතුරු වෙනස් කිරිම සදහා කටයුතු කරන ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන  නියෝග කර තිබේන බව රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තාකරණයේ යෙදන  වාර්තාකරු අනාවරණය කළා.පෙරේදා රාත්‍රියේ මෛත්‍රීගේ උපදේශක
න් කිහිප දෙනෙකු සහ අමාත්‍ය පාඨ්ලි චම්පික රණවකද මෙම අවස්ථාවට සම්බන්ධ වි තිබේ.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.