ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Friday, June 5, 2015

කඩුව දැන් ම ගන්න, නැතිනම් වැද්දා අතින් මැරෙන්න ...!!!

පළාත් පාලන ආයතන විසුරවා හැරිය ද අදාළ ආයතන සඳහා මැතිවරණයක් නොපවත්වා කොමසාරිස්වරයෙකු යටතට පත් කිරීමට විරෝධය පා ශ්‍රීලනිප ඇමතිවරුන් බහුතරයක් ඉල්ලා අස්වීමට යන බව දිලාන් පෙරේරා ප්‍රකාශ කරනවා. ඉල්ලා අස්වෙලා ඔවුන් ඊගාවට මොකක් ද කරන්නේ? සිදුවන දේවල් දිහා නිකං බලාන ඉන්නවා ද? මෙම ඉල්ලා අස්වීම මෛත්‍රීට කිසියම් තර්ජනයක් එල්ල කළ ද මෙතන උපක්‍රමික දුබලකමකුත් පේන්න තිබෙනවා. මම හිතන්නේ ශ්‍රිලනිපය ම තමයි තමන් ව මේ තැනට අරගෙන ආවේ. ඒ මෛත්‍රීට පක්‍ෂ සභාපතිකම ගන්න ඉඩ සැලසීමෙන්.

(විජේ)දාසලා ගේ දාසකම සහ සිංහලකම.....!!!

මේක සිංහල රට කියලා තියෙන්නේ කොහේ දැයි උගත් නීතිඥයෙකු යැයි කියන තවත් උපාධි මල්ලකට ද හිමිකම් කියන විජේදාස රාජපක්ෂ ටයිකෝට් හැඳ සිංහලෙන් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් ප්‍රශ්න කර සිටියේ ය. උගත්කම සහ බුද්ධිය යනු දෙකක් බවත් කිසියම් විෂයක් දැන ගත් පමණින් යමෙක් උගතෙකු මිස බුද්ධිමතෙකු නොවන බවත් ඒ ඊනියා උගත්කමට දීනකම ද පරගැතිකම ද එක් වූ පසු බලු නො වටින බව ද ඔහු මැනවින් අපට පෙන්වා දී තිබේ.

ග්‍රාමසේවක සිරිසේන ලංකාවෙන් මිලට ගත් සපත්තු දෙක සහ එංගලන්තයේ ඉගෙනගන්නා දහම් පුතා.

UNP  සමාගමට ආවඩන වෙබ් අඩවියක පල්ලෙවත්ත ගමරාලලාගේ මෛත්‍රීපාල යාපා සිරිසේන සපත්තු මිලට ගන්නා ආකාරය පිළිබද පුවතක් පලවී තිබුණි.
ග්‍රාමසේවකු ලෙස ජීවිතය අරඹා පසුකලක අමාත්‍ය ධුර කීපයක් ධරා ජනාධිපති වූ මොහු පසුගිය රජය සමයේ තම පුතු දහම් උසස් අධ්යාපනය ලබා ගැනීමට එංගලන්තයට යවන ලදී.

දැනට රු.141 පවතින ඇමරිකානු ඩොලරය තව මාස කීපයකදී රු. 160ට නගී.


ශ‍්‍රී ලංකාවේ විදේශ මුදල් සංචිතය ඉතා සීඝ‍්‍රයෙන් පහත වැටීම නිසා මේ වන විට බැංකු මගින් ඩොලරය විකුණනු ලබන්නේ රු. 137.50 ටය. පිට (කළු) වෙළදපොලේ මෙය රුපියල් 140-141 දක්වා ඉහළ ගොස් ඇත.
මෙලෙස රුපියලේ අගය අඩුවීමට හේතු වී ඇත්තේ ශ‍්‍රී ලංකාවට ලැබෙන විදේශ විනිමය ශිග්‍ර ලෙස අඩු වීම නිසාය.

බුදිධිමත්හු, පල් මෝඩයෝ සහ අත්හැරීම


  මහාචාර්ය සරත් විජේසූරිය, රෝසි සේනානායක අනුව යමින් මෙරට ස්ත්‍රී දූෂණ වැඩි නිසා, මහින්ද පැරදවිය යුතු බවත් සිරිසේන  බලයට පත් කර ස්ත්‍රී දූෂණ වළකා ගත හැකි බවත් හැඟවෙන පරිදි රූප පෙට්ටියේ දෙසුවා අපට මතකය. ඇතැම් විට එසේ කී බව ඔහුට මතක නැතිවී තිබෙන්නට පුළුවනි. අමතක වන්නේ දුමින්ද සිල්වාලාට පමණක් නොවේ. (යහපාලනයටද දුමින්ද සිල්වාගේ කුඩුත් අමතක වී ඇත.) බාගෙ විට නැවත වරක් රූප පෙට්ටියට පැමිණෙන මහාචාර්ය විජේසුරිය, රාජපක්ෂ රෙජීමය තුළ  එකෙක් එක් ස්ත්‍රියක් දූෂණය කරද්දී, මේ මෛත්‍රී යුගය තුළ නව දෙනෙක් එක්ව එක් ස්ත්‍රියක් දූෂණය කරන නිසා ස්ත්‍රී දූෂණ 9:1 අනුපාතයකින් අඩුවී ඇතැයි කිවහොත් අපි පුදුම නොවෙමු. බුද්ධිමතුන්ගේ ආලාපාළු සංඛ්‍යා හරඹ මේ ආකාරයට නොදෙවෙනිය. ඒවා බැති සිතින් වැළඳගෙන රැවටීමට ලක්වන උගත් බුද්ධිමත් ජනතාවක් අප අතර  සිටිති.

නිමල් බොරු එපා රනිල් ඉවත් කරනු ...!!!

රනිල් වික්‍රමසිංහ යනු ඒකාධිපතියෙකි, ෆැසිස්ට්වාදියෙකි, පොලිස් රාජ්‍යයක ප්‍රධානියෙකි, ආදී වශයෙන් විවිධ මත අද සමාජයේ පැතිරෙයි. මේ සියල්ලෙන් කියැවෙන්නේ ඔහු ඊනියා ප්‍රජාතන්ත්‍රවාදියකු නොවන බව ය. ඔහු පාර්ලිමේන්තුවේ මෙන් ම පිටත ද රැස්වීම්වල හැසිරෙන්නේ ඔහු ලෝකයේ මැවුම්කරු යැයි සිතා ගනිමිනි. ඔහු පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවලට ගරු නො කරයි. තමන්ට අවශ්‍ය පුද්ගලයන් අත් අඩංගුවට ගැනීමට ව්‍යාජ නීතියක පිහිට පතයි. බටහිරයන්ගේ නීතිය මෙන් ම ප්‍රජාතන්ත්‍රවාදය ද කොහොමටත් පොන්තනෝනාගේ මොකක් ද එක මෙනි. ඒ පොන්තනෝනාට අවශ්‍ය අන්දමට ය. අප රටේ ද අද එහි වෙනසක් නැත. රනිල්ට කිව යුත්තේ පොන්තමහත්තයා කියා ද?


පවත්නා ක‍්‍රමය ආරක්ෂා කිරීම වෙනුවෙන් කුලියට සටන් කරන මෙරට හමුදාව වීරයන් වන්නේ කෙසේදැයි මෑතකදී මගේ මිතුරියක් මා සමග තර්ක කළාය. එය අලූත් වාදයක් නොවුනද එදා ඒ සුපුරුදු වාදය නැවත මතුවූයේ ලියනගේ අමරකීර්ති විසින් තම කුරුළු හදවත නවකතාවේ ඇතුළත් කර තිබූ හමුදාව සම්බන්ධව ද්වේශ සහගත අපහාසාත්මක යෙදුමක් මුල් කොටගෙනය. මගේ මිතුරිය ජවිපෙ හිටපු කි‍්‍රයාකාරිණියකි. පසුව ඇය පෙරටුගාමී පැනනැගීමත් සමග ඒ දෙසට ඇදී ගියාය. චේ ගුවේරා, ලෙනින්, විජේවීර, කැස්ත්‍රෝ, ආදී පිරිසක් ඇගේ ලෝකයේ පරම වීරයෝය.

අජිත් රෝහණ ප්‍රංශයට ගියේ ඇයි...?

හිටපු පොලිස් මාධ්‍ය පෙත්තා වන  පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි (නීතිඥ) අජිත් රෝහණ  ප්‍රංශයට ගොස් ඇති බව පසුගිය දා මාධ්‍ය මගින් වාර්තා කර තිබිණ. එම මාධ්‍ය වාර්තා වලට අනුව  මෙරටින් පිටව ගොස් ඇත්තේ ජාත්‍යන්තර පොලීසිය (INTERPOL) මගින් ප්‍රංශයේ ලියොන් නුවර පැවැත්වෙන වාර්ගික සංහාර, යුධ අපරාධ සහ මනුෂත්වයට එරෙහි අපරාධ පිළිබඳ පස් දින ජාත්‍යන්තර පාඨාමාලාව (Five Day International Course on Genocide, War Crimes and Crimes against Humanity) හැදෑරීම පිණිස ය. අජිත් රෝහණ  වැනි පොලිස් නිළධාරියෙකුට පමණක් නොව මෙරට ඕනෑම රජයේ සේවකයෙකුට මෙවැනි ජාත්‍යන්තර මට්ටමේ පුහුණුවීම් ලබා දීම අප රටට ඉතා වැදගත් බව කෙනෙකු ප්‍රකාශ් කරනු ඇත. එහෙත්, වාර්ගික සංහාර සහ යුධ අපරාධ ආදිය ගැන වැඩිදුර ඉගෙන ගැනීම මෙරට පොලිස් නිළධාරියෙකුට මේ මොහොතේ වැදගත් වන්නේ ඇයි ද යන්න අපි ප්‍රශ්න කළ යුතු වෙමු.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.