ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Monday, June 1, 2015

FCID යට ප‍්‍රකාශක් ලබාදීම – ශිරන්තිගෙන් නිවේදනයක්..

ශිරන්ති රාජපක්ෂ හිටපු ජනාධිපති ආර්යාවගෙන් සිරිලිය සවිය සංවිධානයේ ගිණුම් සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨායට ප්‍රකාශයක් ලබා ගැනීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මාධ්‍ය ප‍්‍රකාශක රොහාන් වැලිවිට  විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත.
එම සම්පූර්ණ නිවේදනය මෙසේය.

රට තියෙන සල්ලි සියල්ල ලංකාවට ගේන්න.. අපි හොඳට බලාගන්නවා...!!! මගෝඩි කරුපයියා කියයි....!!!

විදේශයන්හි බැංකුවල  ශ‍්‍රී ලාංකික අපනයනකරුවන් විසින් තැන්පත් කර ඇති ඩොලර් මෙරටට ගෙන එනවා නම් ඒවාට වැඩි ආරක්‍ෂාවක් සමඟ විශේෂ සහන සලසා දෙන බව මුදල් ඇමති රවි කරුණානායක පවසයි.
කොළඹදී මාධ්‍ය අමතමින් ඇමතිවරයා සඳහන් කලේ එසේ විශේෂ සහන ලබාදීමක් ලෙස විදේශ විනිමය ප‍්‍රතිපත්තිය ලිහිල් කිරීමට සූදානම් බවයි.

උතුරේ දෙමල ජනතාව මෛත‍්‍රී දිනවූයේ බලය බෙදා හැරීම, හමුදා ඉවත් කිරීම පොරොන්දු මතයි..

ශ‍්‍රි ලංකාවේ උතුරේ දෙමළ ජනතාව පසුගිය ජනාධිපතිවරණයේදී මෛත‍්‍රීපාල සිරිසේන  ජනාධිපති කරවීම සඳහා ජන්දය ලබා දුන්නේ බලය බෙදා හැරීමට ලද පොරොන්දු මත යයි තමිල්නාඩු හිටපු ඇමති කරුණානිධි පවසයි.

මන්ත්‍රී රවිහරන් උතුරු මුහුදෙන් දකුණේ ධීවරයන් ඉවත් කරයි...!!! ඵතකොට මුං ජාතිවාදි නෙවිද...!!!

මුල්ලිවයික්‌කාල් තප්පලයි මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතුවල යෙදෙමින් සිටි දකුණේ ධීවරයන්ව උතුරු පළාත් සභා මන්ත්‍රී ටී. රවිහරන් විසින් ඉවත්කර ඇත.
මුල්ලිවයික්‌කාල් මුහුදු ප්‍රදේශයේ පිහිටි කඩිදල් ධීවර සමිතිය දකුණේ ධීවරයන් මුලතිව් මුහුදු වෙත පැමිණ ඇති බවට රවිහරන් වෙත පැමිණිලි කර තිබේ.

( රං ගොජා ) රැවටූ තවත් රජ කපටියෙක් මෙන්න...!!!


පසුගිය  යූ.එන්.පී. ආණ්ඩුව යටතේ ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ කොන්සල් වරයා හැටියට පත් වෙන්නේ ප්‍රදීප් ගුණවර්ධන නම් අයෙකී .ලංකාවේ බොහෝ දෙනෙකුට රජ පොලු තැබූ නමගිය කපටියෙකී.
මේ තැනැත්තා ඇමෙරිකාවේදී කකා බිබී සිටියේ පිනටය.ඒ ලංකාවේ වැන්දඹුවක් ද රවටාගෙනය.
ඵකල සුනාමි සිදුවීම මොහුගේ වාසියට හරවා ගත්තේ ද ඇමෙරිකාවේම වෙසෙන බද්‍රජී  ජයතිලක ලවා කපටි කමින් සුනාමිය ගැන පොතක් ලියා .( ඉංග්‍රීසි භාෂාව නොදත් නිසා ) ඵම පොත මහින්ද රාජපක්‍ෂට පිළිගන්වා .ඔහුවද අන්දවා රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාවේ සභාපති බවට පත්වීම ලබා ගැනීමෙනී.


රටින් පිට කළ වත්කම් සෙවීමට ඇමරිකාවෙන් එති...!!!

පසුගිය රජයේ දේශපාලනඥයන් විසින් රටින් වසං කළ දේපොළ හා වත්කම් පිළිබඳ සොයා බැලීමේ කටයුතුවලට උපදෙස්‌ ලබාදීමට ඇමරිකා නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක්‌ පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණ ඇත.

දැරියට පහරදුන් කොස්තාපල්වරියන් දෙදෙනාට ඇප...!!!

අතවරයට ලක්ව රෝහල් ගත කර සිටි දැරිවියක්ව පරීක්ෂණ සදහා කැදවාගෙන ගොස් ඇයට පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි කාන්තා පොලිස් කොස්තාපල්වරියන් දෙදෙනාව එක් අයෙකුව රුපියල් 5000 ක මුදල් සහ රුපියල් ලක්ෂ 02 බැගින් වන පුද්ගල ඇප දෙකක් මත මුදා හරින ලෙස ආණමඩුව දිසා විනිසුරු රංග දිසානායක  28 වැනිදා සවස නියෝග කළේය.මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ කල්පිටිය පොලීසියට අනියුක්තව සේවය කරමින් සිටි කාන්තා පොලිස් කොස්තාපල්වරියන් දෙදෙනෙකුවය.

20 ගැන එජාපයේ ස්ථාවරය හෙළි කරන්න...!!! විපක්ෂ නායකගෙන් අගමැතිට අභියෝගයක්...!!!

මහ බැංකුවේ බැඳුම්කර නිදහස් කිරීමේ  ‍ප්‍රෝඩාව, දේශපාලන පළිගැනීම්, පරිපාලන අවුල්  සංවර්ධනය ඇනහිටීම හා ලබාදුන් ‍පොරොන්දු ඉටු කිරීමට  නොහැකි වීම  තුළින් ජනතා උදහසට  ලක් වී ඇති  එක්සත් ජාතික පක්ෂයට 20 වන  සංශෝධනයට  බිය පත්ව සමහර දේශපාලන පක්ෂ දඩමීමා කරමින්  එය සම්මත වීම වැළැක්වීමට රහසිගතව කරනු ලබන වැඩපිළිවෙළ  පසුගියදා එක්සත්  ජාතික පක්ෂයේ  ‍ලේකම්වරයා හා පාර්ලිමේන්තුවේ  සභානායකවරයා  විසින් කරන ලද ප්‍රකාශනයන්ගෙන් මැනවින්  ජනතාවට ඔප්පු වී හමාරය.
හොරගල් ඇහිඳීමකින් තොරව 20 වන සංශෝධනය පිළිබඳව එක්සත් ජාතික පක්ෂයේ ස්ථාවරය රට හමුවේ ප්‍රසිද්ධියේ පවසන ලෙස එක්සත් ජාතික පක්ෂ නායක රනිල්  වික්‍රමසිංහට අභියෝග කරන බව විපක්ෂ නායක නිමල්  සිරිපාල ද සිල්වා  නිවේදනයක් නිකුත් කරමින් පවසයි. එම නිවේදනය මෙසේයි....

මට තව රොටියක් තියෙනවා පුච්චන්න. ඒ තමයි මේ මැතිවරණ ක්‍රමය....!!!

මාදුළුවාවේ සෝභිත නා හිමියන්ගේ අප්‍රතිහත ධෛර්යය, කැපවීම, අධිෂ්ඨානශීලී භාවය නිසා රටට අවශ්‍ය පරිවර්තනයත්, යුග පෙරළියත් ඇති වූ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  පැවසීය.
ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ පසුගිය සිකුරාදා (29) කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැති පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ 73 වැනි ජන්ම දිනය වෙනුවෙන් පැවැති උත්සවය අමතමිනි.
මට තව රොටියක් තියෙනවා පුච්චන්න. ඒ තමයි මේ මැතිවරණ ක්‍රමය. මේ මැතිවරණ ක්‍රමය දූෂිතයි. සල්ලි තියෙනවා නම් මැතිවරණය දිනන්න පුළුවන්. නමුත් අපිට අපේ ආසනයට මන්ත්‍රී කෙනෙක් නෑ. ඒ නිසා මේ දූෂිත මැතිවරණ ක්‍රමය වෙනස් කළ යුතුයි කියන කාරණය අතිශය වැදගත්. රටේ ඕනෑම කෙනකුට ඡන්දෙ ඉල්ලන්න පුළුවන්. නමුත් දේශපාලන පක්ෂ දැනගන්න ඕන කාවද මැතිවරණයට ඉදිරිපත් කරන්නේ කියලා. කුඩුකාරයෝ, මංකොල්ලකාරයෝ, හිරකාරයෝ, ස්ත්‍රී දූෂකයෝ, ළමා අපචාරකාරයෝ පාර්ලිමේන්තුවට යවලා බෝධිසත්ත්ව පාලනයක් ඒ අයගෙන් බලා‍පොරොත්තු වෙනවා. 
පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමි
මෙම උත්සවයේ දී පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ චරිතය අළලා ලියැවුණු කෘතියක් ද එළිදැක්වූ අතර ‘තැටිය රත් වුණ හැටි’ යනුවෙන් තවත් කෘතියක් ද එළිදැක්වීම සිදු විය.

බිලියන 55 හා 28 ණය මුදල් දෙකක්...!!!

පියවීමටව වෙන් කළ ප්‍රතිපාදන මේ ආණ්ඩුව අවභාවිතයට ලක් කළාද? - හිටපු ජනපති මහින්ද අහයි...!!!



අගමැති රනිල් වික්‍රමසිංහ සඳහන් කරන රුපියල් බිලියන 28 රුපියල් බිලියන 55 දිගුකාලීන ණය පහසුකමේ කොටසක් නොවන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ  අවධාරණය කරයි.ඒ අනුව රුපියල් බිලියන 28ක ණය මුදල සම්පූර්ණයෙන් පියවීමට 2015 අයවැයෙන් තමන් වෙන් කළ ප්‍රතිපාදන අවභාවිතයට ලක් කිරීමෙන් සිරවී සිටින නිසා එම මුදල් පියවාගත නොහැකිව අගමැතිවරයා විවිධ කතා ගොතමින් සිටින්නේදැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ  ප්‍රශ්න කරයි.

මොන වංශලා ගියත් ජවිපෙ නවතින්නේ නෑ..!!!

මොන වංශලා පක්‍ෂය හැරදා ගියත් ජවිපෙ ගමන නොනවතින බව ජවිපෙ දේශපාලන මණ්ඩල සභික පළාත් සභා මන්ත‍්‍රී කේ.ඞී. ලාල්කාන්ත  පවසයි.

ශ‍්‍රී ලංකා රජය සමලිංගික සේවනයට පක්‍ෂ වේ… ප‍්‍රවර්ධනයට සූදානම්…

‘ඊනියා යහපාලකයන් ගෙවී ගිය කෙටි කාලය තුළ මේ රට අස්ථාවර කළා පමණක් නොවෙයි, සංස්කෘතිකමය වශයෙන් ද විනාශය කරා රැගෙන යමින් තිබෙනවා. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ අය-වැය පිළිබඳ කාරක සභාවේදී රුසියාව විසින් යෝජනාවක් ඉදිරිපත් කළා ‘එක්සත් ජාතීන්ගේ කාර්ය මණ්ඩයේ සිටින සමලිංගික පවුල් සඳහා වරප‍්‍රසාද ලබාදෙමින් සිටිනවා. එසේ ලබා දෙන වරප‍්‍රසාද අහෝසි කළ යුතුයි’ කියලා. එසේම එම යෝජනාවේ සඳහන් වෙනවා, ‘සමලිංගිකභාවය පිළිගැනීම හෝ පිළිනොගැනීම පිළිබඳව එක් එක් රටට ස්වාධීන තීරණයක් ගැනීමේ අයිතියක් තිබෙනවා. ඒ ඒ රටේ පවතින සංස්කෘතියට සාපේක්‍ෂව තමයි ඒ පිළිබඳ තීරණයක් ගත යුත්තේ’ කියලා.
ශ‍්‍රී ලංකාව ඉතාමත් අවාසනාවන්ත විදිහට එම යෝජනාවට විරුද්ධ වී තිබෙනවා. ශ‍්‍රී ලංකාව එහිදී පෙනී සිටින්නේ සමලිංගිකභාවයට, සමලිංගික පවුල්වලට පක්‍ෂව. මේක ඉතාමත් බරපතළ තත්ත්වයක්. එක්සත් ජාතීන්ගේ කාරක සභාවකදී ශ‍්‍රී ලංකාව සමලිංගිකත්වයට පක්‍ෂව පෙනී සිටීම, ඊනියා යහපාලන ආණ්ඩුවේ ප‍්‍රතිපත්තිමය තීරණවල වෙනසක්ද? කියා අපි අහනවා...
මේක අගමැති රනිල් වික‍්‍රමසිංහ, විදේශ අමාත්‍ය මංගල සමරවීර, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, අග‍්‍රාමාත්‍ය කාර්යමණ්ඩල ප‍්‍රධානී සාගල රත්නායක, එක්සත් ජාතික පක්‍ෂ රත්මලාන ආසන සංවිධායක උපුල් ශාන්ත සන්නස්ගල  එකතු වෙලා හෝ තනි තනිව හෝ ගත්තු තීරණයක් වෙන්න පුළුවන්. නමුත් ‘මේ රටේ විදේශ ප‍්‍රතිපත්තිය, සමලිංගික පවුල් පිළිගන්න තැනට පත් වුණේ කොහොමද?’ කියන බරපතළ ප‍්‍රශ්නයට මේ ආණ්ඩුවේ බලධාරීන් වහාම පිළිතුරු දිය යුතුයි’’
මොහොමඞ් මුසම්මිල්

මාව අගමැති ධූරයෙන් ඉවත් කළ හැක්කේ ජනතාවට පමණයි ....!!!

තමා අගමැති ධූරයෙන් ඉවත් කළහැක්කේ ජනතාවට පමණක් බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ  පවසයි.රනිල් වික‍්‍රමසිංහ පෙන්වා දෙන්නේ ජනවාරි 08 වනදා ලැබුණු ජනවරම තමා අග‍්‍රාමාත්‍යවරයා විමට ද ලැබුණු ජනවරමක් බවයි.මහනුවර පුෂ්පදාන ශාලාවේ පැවති උත්සවයකට එක්වෙමින් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ  මෙම අදහස් පළකළේය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.