ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Monday, May 11, 2015

එරෙහි වන්නන්ට පහර ගැහීමට තාමත් මුදල් වියදම් කරන රාජපක්ෂ පවුල....


ශ්‍රීලංකන් ගුවන් සේවයේ අයථා කටයුතු විමර්ශනය කොට එළිදැක්වූ වාර්තාව නිසා මහත් අසීරුතාවයට පත්වී සිටින නාමල් රාජපක්ෂ, නිශාන්ත වික්‍රමසිංහ කණ්ඩායම, එම කොමිසමේ සභාපතිත්වය දැරූ ජ්‍යෙෂ්ඨ නීතීඥ ජේ.සී. වැලිඅමුණට එරෙහිව මාධ්‍ය, වෘත්තීය සමිති, අධිකරණ
ඔස්සේ ප්‍රහාරයක් එල්ලකිරීම සඳහා සැළසුම් සකස් කරමින් සිටින බව විශ්වාස කටයුතු ආරංචිමාර්ගවලින් වාර්තා වේ. 

මිලියන 22 ක් හොරකම් කොට රට පැන ඇති නාමල්ගේ යාළුවා....

රජයට අනුබද්ධ ප්‍රචාරක ආයතනය වන සැලසිනේ ආයතනයේ හිටපු සභාපති ප්‍රදීප් එදිරිසිංහ නැමැත්තා රුපියල් ලක්ෂ 221 ක් සුබසාධන අරමුදලෙන් වංචා කරඇති බව මේ වනවිට හෙලිදරව් වී තිබේ.

‘යකෝ මඩ ගැහිල්ල නවත්තල මංගලයට කීයක් හරි හම්බ කර ගන්ඩ කියහං'


 rajapakse-080115‘යකෝ මේ මඩ ගැහීමේ සීමාවක් තියෙන්ඩ ඕනෙ. අපි හිතුවෙ මුන් අපි එලෙව්වට පස්සෙ වත් මේ මඩ ගැහිල්ල නවත්තයි කියල. දැන් බලපුවහම ඩබල් කරලනෙ ගහන්නෙ. වෙබුයි ෆේස් බුකුයි මොන මගුලක්ද? මාස 3 ක් ගිහිල්ලත් මුන් අපට පාඩුවෙ ඉන්න දෙන්නැති හැටි' හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ එසේ පවසා ඇත්තේ පසුගිය සිකුරාදා (08) කුරුණෑගල පැවති රාත්‍රී භෝජන සංග්‍රහයකට සහභාගි වන අතරතුරදීය.

ජනාධිපති ඝාතන කතාව ඇත්තක්..!!!

ඉකුත් අපේ‍්‍රල් 25වැනිදා අඟුණකොළපැලැස්සේ පැවැති ශී‍්‍රලනිප හම්බන්තොට දිස්ත‍්‍රික් බල මණ්ඩල රැස්වීමට පැමිණි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන අසල සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂගේ ශරීර ආරක්‍ෂකයකුයැ’යි කියන යුද හමුදා කෝප‍්‍රල්වරයා සතුව නීති විරෝධී පිස්තෝලයක් තිබුණු බවට තොරතුරු හෙළිදරව් වී තිබේ.

යහපාලනයේ ගහලයාගේ චරිතයට ශිරාල් ලක්තිලක පණ පොවයි... !!!

දිනපතා උදෑසන හයට රැස්වන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ මාධ්‍ය උපදේශක කමිටුවේ සාමාජිකයෙකු වන නීතීඥ ශිරාල් ලක්තිලක තම පෞද්ගලික කෝන්තර හා වෛරයන් පිරිමසා ගැනීමේ දීන ක්‍රියාවලියක නිරත වන බව ජනාධිපති මාධ්‍ය අංශ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කර සිටී. 
 පසුගිය හයවැනිදා උදේ සුපුරුදු පරිදි ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වී ඇති මාධ්‍ය උපදේශක කමිටුවට ශිරාල් ලක්තිලක විසින් 'ලංකා ඊ-නිවුස්' පුවතක් බාගත කරගෙන ගෙනැවිත් තිබේ. එය ජනාධිපතිවරයාට දී ඇති ශිරාල් 'ඔන්න සර්...... මංගලගෙ වෙබ්වලින් සර්ට ගහන්න පටන් අරන්. මේකට දැන්මම දැඩි පියවරක් නොගත්තොත් පස්සෙ ප්‍රශ්නයක් වෙන්න පුලුවන්.' යැයි පවසා ඇත. 

දිවිනැගුමේ ලිපිගොනු අතුරුදහන්...!!!

දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ සමාජ ආරක්ෂණ අංශයේ අරමුදල සම්බන්ධව පවත්වාගෙන ‍ගිය ප්‍රධාන ලිපිගොනු 05ක් පසුගිය සතියේ අතුරුදහන් වී ඇති බවට වාර්තා වේ.
බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා ඇතුළු නිලධාරීන්ට එල්ල වී ඇති චෝදනාවලට සාක්ෂි සහිත තොරතුරු රැසක් මෙම ලිපිගොනුවල තීබී ඇතැයි පැවසේ.

'මං කියන දේ අහන්නැත්තෙ රවී විතරයි. එයා ගැන මං බලාගන්නම්.' - ජොනී කියයි

වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයේ පසුවන හිටපු අභ්‍යදැනට න්තර වෙළඳ කටයුතු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු බැලීම සඳහා රිමාන්ඩ් බන්ධනාගාරය වෙත ගිය පිරිසකට ඔහු පවසා ඇත්තේ 'පොලිස්පතිත් මං කියන දේ අහනවා. නීතිපතිත් මං කියන දේ අහනවා. ඕන ලොක්කෙක් මට සරෙන්ඩර්.
මං කියන දේ අහන්නැත්තෙ රවී විද්‍යාලංකාර විතරයි. (මුල්‍ය අපරාධ කොට්ඨාශය භාර නියෝජ්‍ය පොලිස්පති) අපේ ආණ්ඩුවක් ආපු ගමන් ඕකව හෙලුවෙන් ගෝල්ෆේස් එකේ එල්ලනවා.' කියාය. 

මම ඵච්චර හොඳත් නැහැ නරකත් නැහැ....!!! සුනිල් ජයසිරි දම්පහළ

මෙතරම් ස්වාධීන රූපවාහිනියට කැපවී ඇලී බැඳී සේවය කළ කිසිදු අයෙකු නැති තරම්‍ ය .නමුත් මේ වන විට කළගුණ නොදත්  පරාධීන විරූපවාණිය සහ ඵහි පැරණි ආත්මාර්ථකාමී අපතයන් සුනිල් ජයසිරි දම්පහළයන් අමතක කොට දමා තිබීම ඉතා පිළිකුලෙන් යුතුව මා හෙළා දකිමි .2001 /05/08 දිනදී සිය ජීවන ගමන නිමාකළ සුනිල් පිළිබඳව කිසිදුු සඳහනක්  පරාධීන විරූපවාණිය ITN සිදුකළේ නැත.ඵම මුග්ධයනට අපගේ පිළිකුල මේ සමග....

කෝ කරුනා කේපී දුමින්ද මර්වින් ඇල්ලූවද නෑනෙ - විමල්

අලූත් ආණ්ඩුව අල්ලන හොරු ගැන මෙවර සතිඅන්ත පුවත්පතකින් හිටපු ඇමති විමල්ගෙන් කරුණු විමසා තිබුණා. ඔහු ඊට ලබාදී ඇති පිළිතුර පහත පරිදිය.ඔබ ප‍්‍රසිද්ධියේම අභියෝග කළා ආණ්ඩුවට හොරු අල්ලන්න කියලා. ඔන්න දැන් කට්ටියම පෝලිමේ කුදලගෙන යනවා...?

බැසිල්ගේ අසනීපය බොරුවක් බව අධිකරණයේදී එළිවෙයි....!!!

මේ වනවිට මූල්‍ය වංචාවකට සැකපිට අත්අඩංගුවට පත්ව කොළඹ ජාතික රෝහලේ ගෙවන වාට්ටුවේ රැුඳී සිටින හිටපු අමැති බැසිල් රාජපක්ෂ සහ තවත් තිදෙනෙකු සිරමැදිරියකට නොයා රෝහලේ රැුඳී සිටීම නිසා නීතිය සැමට එක සමාන නොවීම ගැන සමාජයේ විවිධ මත පළවී තිබෙනවා.
ඉන්දියාවේ සල්මන් කාන් පවා හෙට සිට බරපතල වැඩ සහිත සිරදඬුවම් සඳහා සිරගෙට යන ආරංචිය සමග මේ ගැන තවත් කතාවෙනවා.

සේවකයින් 6400 කට ප‍්‍රංශ ටුවර් එකක් දුන් චීන සමාගම....!!!

සේවකයින්ට දක්වන විශාලතම ගෞරවයක් පුද කරමින් අධික වියදම් සේවක සත්කාරයක් සිදු කරන්නට චීනයේ ටියෑන්ස් සමූහය කටයුතු කර තිබෙනවා.
එම සමාගමේ 20 වන සංවත්සරය අපූරු ආකාරයට සමරන්නට සිතූ සමාගම් හිමි කරුවන් එම සමාගම් සමූහයේ සියලූම සේවකයින්ට විදෙස් සංචාරයක ගොස් විනෝදවීමේ වරමක් පිරිනැමුවා.

Reality

අද මේ රටේ ප්‍රසිද්ධ වැඩ සටහන් වගයක් තියෙනවා, reality කියලා. කාලෙක පටන් කරගෙන එන මේ වැඩසටහන්වලින් ආපු සේරම දක්ෂයෝ දැන් හේදිලා ගිහිල්ලා. මේ තරු යුද්ධේ මහා තාරකාවක් හැටියට උඩ දදා හිටපු, ශේහාන් කියන හාදයා ළගදි හොටු හූර හූර කියලා තිබුණා 'දැන් මට ඒ කාලේ තරම් ආකර්ෂණයක් නෑ' කියලා. ලෝකේ ගායකයන්ට, ගායිකාවන්ට එහෙම අර්බුද නෑ. හොදම උදාහරණේ ලතා මංගේශ්කාර්. තාමත් ජනතාව රොද බදිනවා. දැන් ඉස්සර විදියට ගායනා කරන්න බෑ තමයි. ඒකට කවුරුත් මුකුත් කියන්නේ නෑ. කවුරුත් වයසට යන නිසා. අපේ රටෙත් එහෙම චරිත ඉන්නවා. සමහර අය මැරිලත් නැවත, නැවත ඉපදෙනවා.

විල්පත්තු සංහාරය යට සැගවුණු බිහිසුණු කතාව....!!!

කටාරය මූලික කරගත් ඉස්ලාමීය වහාබ්වාදී සංවිධානවල මූල්‍ය දායකත්වයෙන් ශ්‍රී ලංකාවේ වනාන්තර පද්ධතියේ හදබිම වූ වයඹදිග වෙරළ කලාපයේ පිහිටි විල්පත්තු ජාතික උද්‍යානය දැදුරු කරමින් අති දැවැන්ත මුස්ලිම් කලාප බිහි කරමින් පවතින්නේ "යුද්ධයෙන් අවතැන් වූ මුස්ලිම් ජනයා යළි පදිංචි කරවීම" යන සත්ගුණවත් ලේබලය පෙරටුකරගනිමින් වූවද මේ ඉස්ලාමීය ජනපදකරණයේ සැබෑ අරමුණ එයමද? විල්පත්තු සංහාරය යට සැගවුණු සැලසුම් සහත අතිශය භයානක වූ යටි අරමුණ ගැන නොකියවෙන කතාව පිළිබදව අපගේ විශේෂ අවධානය යොමු විය යුතුය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.