ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Tuesday, May 5, 2015

මෙවර වෙසක් මංගල්‍ය නිමිත්තෙන් ලංකාවේ මහා බුකියක ඔට්ටු අල්ලලා...!!!


බුදුන් වහන්සේගේ තෙමඟුල සිහිකරන මෙවර වෙසක් මංගල්‍ය නිමිත්තෙන් මැයි මස 3දා හා 4දා දෙදින සුරා සල් හා ඔට්ටු ඇල්ලීමේ ස්ථාන වසා තබන ලෙස රජය නියම කර ඇතත් ඒවා තුට්ටුවකටවත් ගණන් නොගෙන ඊයේ වෙසක් පුන් පෝදා ඔට්ටු ඇල්ලීමේ සිද්ධියක් වාර්තා වෙයි. එනම් ස්පෝටින් ටයිම්ස් නම් ආයතනය විසින් 2015 මැයි මස 2දාතමින් මුද්‍රණය කොට ප්‍රසිද්ධියට පත් කරන ලද රේස් බුකී ප්‍රකාශනයක් මඟින් ඊයේ ඉන්දියාවේ පැවැති අයි.පී.එල්. ක්‍රිකට් තරගයකට හා එංගලන්තයේ පැවැති තුරඟ තරගයකට අදාළව රේස් ඔට්ටු කැඳවා ඇත.

ජනපතිගෙන් සංවිධායකකමක් ගත්ත දයාසිරි නැමුනු නැමිල්ල

පසුගිය ජනාධිපතිවරණ සමයේ ජනාධිපති  අපේක්ෂක ලෙස  කටයුතු කළ මෛත්‍රීපාල සිරිසේන මහතා විසින්  සැමවිටම පාහේ භාවිතා කරන “හිටං“ වචනය යොදාගෙන වැඩි වශයෙන්ම එවකට අවලාද නැඟූවන් අතර ඉදිරියෙන්ම සිටින ලද්දේ වයඹ මහ ඇමති දයාසිරි  ජයසේකරය.

බොදුබල සේනා කුමන්ත්‍රණය ..


පසුගිය ජනාධිපතිවරණයේදී බොදුබල සේනාව සිදු කළ කුමන්ත්‍රණය පිළිබද තොරතුරක් මෙවර 'මව්බ්ම' පුවත්පතේ ලිපියක ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය විසින් ලියනු ලැබ තිබේ.
එහි අවසානය මෙසේ ය.
'කිසි දවසක ජීවිතය තුළ ඡන්දයක් ‍නොදුන් තම සුළැගිල්ල ප්‍රසිද්ධියේ කාටවත් අත ගෑමට නොදුන් බුර්කාව ඇදගත් දහස් ගණන් කාන්තාවන් අන් සැමට ප්‍රථම ඡන්ද පොළට ඇද්දුවේ මේ ජාත්‍යන්තර කුමන්ත්‍රණයයි.'
මේ රටේ සිංහල-මුස්ලිම් ගැටුමක් නොතිබුණු මෑත කාලයේ ya tv ආයතනය මගින් නිෂ්පාදනය කරන ලද, අශෝක හදගම ගේ 'නැගෙනහිර වෙරළෙන් ඇසෙන' ටෙලිනාට්‍යය යනු, මට එකලම සැක ඇති කළ ව්‍යාපෘතියකි‍. ඊට අන්තර්ගත වූයේ සුනාමි ව්‍යසනයට මුහුණ දුන් සිංහල, දෙමළ, මුස්ලිම් මිනිසුන් අනාථ ව පැමිණ කදවුරු ලා ගත් පන්සලක තොරතුරකි.
මේ පන්සල යනු rhetoric symbol එකක් බව පැහැදිලි ය. එනම් ලංකාව ය.

මැයි රැලියේ ...!!!

එක්සත් ජාතික පක්ෂයේ මැයි දින රැලිය සඳහා "බැසිල් රාජපක්ෂ" මෙන් වෙස් ගැන්වූ පුද්ගලයෙකුද අතේ දම්වැල් දමා පෙළපාලියෙන් රැගෙන යනු දක්නට ලැබුණි. එයට අමතරවද එක්සත් ජාතික පක්ෂයේ මැයි දින රැලියේ බොහෝ රාජපක්ෂ විරෝධී අංග දැකගත හැකිවිය.

නිශා රනිල් වෙසක් බලන්න ගිහින්....!!!

ජෝන් කෙරී ලංකාවෙන් පිටව ගිය පසු ඇයට රාජකාරී කටයුතු අඩුවූ අතර
ඇය ඊයේ ගංගාරාමයේ අගමැති රනිල් හා ජනපති මෛත‍්‍රී සහභාගීවූ වෙසක් උත්සවයටත් එක්වුණා.

කටුනායක බස්‌ නැවතුමේ විදේශික‍යෙකු මිය ගිහින්...!!!


උඩුගුවනේදී හදිසියේ දැඩි ලෙස රෝගාතුරවීම නිසා ගුවන් යානය කටුනායක ගුවන්තොටුපළින් බස්‌සවා මීගමුව දිස්‌ත්‍රික්‌ මහ රෝහලට ඇතුළත් කළ බ්‍රිතාන්‍ය ජාතිකයකු රෝහලෙන් පැනගොස්‌ කටුනායක පොලිසිය අසල පිහිටි බස්‌ නැවතුම් පළක්‌ අසල වැටී මිය යැමේ සිද්ධියක්‌ පිළිබඳව මීගමුව සහ කටුනායක පොලිසි පුළුල් විමර්ශන කටයුතු අරඹා ඇත. මෙසේ මියගිය බ්‍රිතාන්‍ය ජාතිකයාගේ සිරුර මේ වන විට මීගමුව රෝහල් මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර එම සිද්ධිය පිළිබඳව පොලිසිය මගින් බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලය වෙත දැනුම් දී ඇත. මූලික පොලිස්‌ විමර්ශනවලදී අනාවරණය වූ තොරතුරු අනුව මෙම බ්‍රිතාන්‍ය ජාතිකයා මීගමුව රෝහලට ඇතුළත් කර ඇත්තේ පසුගිය 29 දාය.

ජෝන් කෙරී

කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළින් ශ්‍රී ලංකාවට පැමිණියේය.

විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර  විසින් දිවයිනට පැමිණි ජෝන් කෙරී ව පිළිගත්තේය.

සන්නස්ගල දේශපාලනයට ?

 උපකාරක පංති ගුරුවරයෙක් වන උපුල් ශාන්ත සන්නස්ගල  දේශපාලනයට එක්වීමට නියමිත බව වාර්තා වෙයි. ආරංචි මාර්ග සඳහන් කර ඇත්තේ ඒ මහතා එක්සත් ජාතික පක්ෂයේ රත්මලාන ආසනය නියෝජනය කරමින් දේශපාලනයට එක්වීමට නියමිත බවයි.

සියලු පළාත් පාලන ආයතන ලබන 15 දා විසුරුවනවා...!!!

අමාත්‍ය රාජිත සේනාරත්න
සියලුම පළාත් පාලන ආයතන මෙම මස 15 වැනිදා සිට විසුරුවා හැරීමට රජය තීරණය කර ඇතැයි කැබිනට්‌ ප්‍රකාශක සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න  පැවසීය.
මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා සියල්ලම මෙදින මේ අනුව විසුරුවා හරින බව ද ඇමැතිවරයා කීය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.