ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Thursday, April 30, 2015

ද්විත්ව පුරවැසියන්ට ඡන්ද තහනම්...!!!

19 න් ක්‍රියාත්මක නීති ජයම්පති වික්‍රමරත්න හෙළි කරයි

* ඇමැතිවරුන් පත් කිරීමේදී ජනපති අගමැතිගෙන් උපදෙස්‌ ගත යුතුයි
* සරල බහුතරයකින් සම්මත වන විශ්වාසභංගයකින් අගමැති ඉවත් කළ හැකියි...!!!


චන්ද්‍රිකා යුගයේ තීන්දුවක්‌ ගැන වාසු අල්ලස්‌ කොමිසමට

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්‌ඩාරනායක කුමාරතුංග  සමයේ වරායේ නැව්වලට තෙල් සැපයීමේ අංගනය පෞද්ගලික සමාගමකට පැවරීමේ සිද්ධියේ ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග ක්‍රියාත්මක කිරීම අවසන් නොකිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්‌කාර  අල්ලස්‌ හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක්‌ ඉදිරිපත් කළේය.

දයා ගැන නොකී රහසක්....!!!

දැන් අපේ වයස හොඳ නැහැ. උඹත් පාර පනිනකොට පරිස්සමෙන් පාර පැනපන්”
එහෙම මට උපදෙස් දීපු දයා අද පාර පනින්න ගිහිල්ලා සිදු වුණ අනතුරකින් අපිව දාලා යන්නම යන්න ගිහින්.”

මනාප ක්‍රමය අහෝසියි ....!!!

20වැනි සංශෝධනයට කැබිනට් මණ්ඩල එකඟතාව
මනාප ක්‍රමය අහෝසි කරමින් නව මැතිවරණ ක්‍රමයක් සකස් කිරීම සඳහා වන 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට කැබිනට් මණ්ඩල එකඟතාව ඊයේ (29) රාත්‍රියේදී හිමිවිය. නව මැතිවරණ ක්‍රමය අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංඛ්‍යාව දෙසීය පනස්පහ දක්වා ඉහළ යයි.
කොට්ඨාස ක්‍රමය හා සමානුපාතික නියෝජන ක්‍රමය අනුව මන්ත්‍රීවරු තෝරා පත්කර ගන්නා බව මෙම පනත් කෙටුම්පතේ සඳහන් වේ. මෙම ඡන්ද කොට්ඨාස තීරණය කිරීමට සීමා නිර්ණය කොමිෂන් සභාවක් පත්කළ යුතු බවද නව සංශෝධන පනත් කෙටුම්පතේ දැක්වේ. සක්‍රීය ලෙස දේශපාලන කටයුතුවල යෙදී නොසිටින පුද්ගලයින් පස් දෙනකුගෙන් යුත් සීමා නිර්ණය කොමිෂන් සභාවක් පත්කළ යුතු බවද නව සංශෝධන පනත් කෙටුම්පතෙහි ඇතුළත් වේ.

ජෝන් කෙරී හමුවීමට ටී.එන්.ඒ. කළ ඉල්ලීමට ඇමරිකාව නිහඬයි...!!!

මැයි 2 දා මෙරටට පැමිණෙන ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී හමුවී සාකච්ඡා කිරීම සඳහා ද්‍රවිඩ සන්ධාන නායක ආර්. සම්පන්දන් ඇතුළු නියෝජිත කණ්‌ඩායමක්‌ කළ ඉල්ලීමට ඇමරිකානු බලධාරීන් ප්‍රතිචාරය දක්‌වා නැත.ද්‍රවිඩ සන්ධානය ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා හමුවීමට ඉල්ලීම් කර ඇත්තේ උතුරේ හමුදා කඳවුරු ඉවත් කර ගැනීම සහ යුද අපරාධ චෝදනා ගැන විමර්ශන කිරීමට යෝජිත දේශීය යාන්ත්‍රණය ගැන විශ්වාසයක්‌ නැති බව පැවසීමට යෑයි ආරංචිමාර්ග පවසයි.

සමෘද්ධි මුදල් අවභාවිත කරනවා ඇමැති සජිත්ට එරෙහිව පැමිණිල්ලක්‌....!!!

නිවාස හා සමෘද්ධි ඇමැති සජිත් ප්‍රේමදාස  සමෘද්ධි බැංකුවල මුදල් අවභාවිත කරන බවට චෝදනා කරමින් බස්‌නාහිර පළාත් සභා මන්ත්‍රී ජගත් කුමාර  ඊයේ (29 වැනිදා) දූෂණ විමර්ශන ලේකම් කාර්යාලයට පැමිණිලි කර ඇත.
වසර 20 කට ආසන්න කාලයක්‌ දුප්පත් ජනතාවට සෙත සැලසූ සමෘද්ධි බැංකුවල මුදල් ඇමැතිවරයා විසින් වංචනිකව ලබාගෙන හිතවතුන්ට ලබාදෙන බවට පවසමින් මෙම පැමිණිල්ල ගොනු කළ බව ජගත් කුමාර  පැවසීය.

19’ හෙට සිට වැඩ..

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අප්‍රේල් මස 30 වන දින සිට ක්‍රියාත්මක වන බව අධිකරණ අමාත්‍ය,ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ  පවසයි.

මට බැනර් පිටිපස්සට යන්න බැහැ - චන්ද්‍රිකාට මල පනී

19 වහා සම්මත කරනු යන ප්‍රධාන තේමාව යටතේ  ඊයේ පැවැත්වූ උද්ඝෝෂණය රාජගිරිය ආයුර්වේද වටරවුමින් ආරම්භ කළ අතර එය පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය
දක්වා පා ගමනින් ගමන් කෙළේය. ඒ අතරමඟදී පාගමනට එක්වූ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග  පා ගමනේ ප්‍රධාන බැනරයට ඉදිරි පසින් ගමන් කිරීම හේතුවෙන් සංවිධායකවරුන් බැනරය පිටුපසට ගමන් කරන ලෙස ඇයගෙන් කළ ඉල්ලීමේදී 'මට බැනර් පිටිපස්සට යන්න බැහැ' ඇය කීවාය. පසුව පා ගමනින් ඉවත් වූ ඇය ඩිෆෙන්ඩර් රථයක නැඟී එතැනින් ඉවත් වී ගියාය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.