පෘථිවිය භ්‍රමණය වීම හා සූර්යයා වටා පරිභ්‍රමණය වීම සිදු නොවන බව සවුදි අරාබියානු පූජකයකු විසින් පවසා ඇතැයි වාර්තා වේ.
ෂික් බන්ඩාර් අල් ඛායිබාරි මේ බව පවසා ඇත්තේ ශිෂ්‍යයකු විසින් විමසූ
ප්‍රශ්නයකට පිළිතුරු සපයමිනි. පෘථිවිය නිශ්චලද චලනය වේද යන්නට පිළිතුරු
ලෙස පූජකවරයා පවසා ඇත්තේ පෘථිවිය නිශ්චල වස්තුවක් වන අතර එය චලනය නොවන
බවයි.
අගමැති රනිල් වික්‍රමසිංහ සම්බන්ධයෙන් වහා විමර්ශණයක් ආරම්භ කරන
ලෙස ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයට (TID - Terrorism Investigation Division)
පැමිණිල්ලක් ඉදිරිපත් වි තිබේ.
මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත්තේ සිංහලයේ ජාතික පෙරමුණේ සභාපති පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන් විසිනි.
ඉකුත්
ජනවාරි 8 වැනිදා මැතිවරණය පැවැත් වූයේ විධායක ජනාධිපතිවරයකු පත් කිරීම
සඳහාය. එය අගමැතිවරයෙක් හෝ ආණ්ඩුවක් පත් කරන මහා මැතිවරණයක් නොවේ. එහෙත්
සිදුවූයේ විකාරරූපී අන්දමින් අගමැති සහ ඇමැති මණ්ඩලයක් පත්කර ගැනීමය.
කවුරු කෙසේ කීවද කෙස් පැළෙන තර්ක විතර්ක ඉදිරිපත් කළද මෙය බලෙන් උදුරාගෙන
පිහිටුවූ ආණ්ඩුවකි.
එළිවෙන ජාමයට හොඳ හොඳ සෙල්ලම් කීවා සේ දේශපාලනයේත් සිදුවන්නේ අරුම පුදුම
දේය. සමහරු කොටඋඩය. ඇතමෙක් වැට උඩය. තවත් සමහරෙක් එළිපත්තේ උඩ ඉන්න බළලූන්
වාගේය. එමෙන්ම තවත් කිහිප දෙනෙක් උඩ තිබ්බත් බෑ වගේය, බිම තිබ්බත් බෑ වගේ
හෙවත් කුමක් කළ යුතුදැයි සිතාගත නොහැකිව ඒවාට උඩ ගෙඩි දෙති, අකුල් හෙළති.
ශ්‍රී ලංකා රණවිරු සේවා අධිකාරියේ නව සභාපතිනි ලෙස අනෝමා ෆොන්සේකා පත්කර තිබේ. තව ෆොනී ජනාධිපති වුවා නම් කොහොම තියේවිද...???
ඉතාමත් කෙටි කාලයක් ඇතුළත නැවතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවක්
පිහිටුවීමට තම පක්ෂය සංවිධානය කරන්නේ යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව
ජාතික සංවිධායක සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.
මුහුණු පොතෙන් උපුටා ගත්තකී...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව ජාතික සංවිධායකවරයා හා නව භාණ්ඩාගාරිකවරයා
වැඩ භාරගැනීමේ උත්සවය කොළඹ ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ
මූලස්ථානයේදී (19) පැවැත්විණි.ඉන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේදී නව ජාතික සංවිධායක සුසිල් ප්‍රේමජයන්ත මෙසේද පැවසීය.