ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Monday, February 9, 2015

රාගම බිහිසුණු රිය අනතුරේ සංස්කරණය නොකළ ඡායාරූප ...!!!

රාගම බටුවත්ත ප්‍රදේශයේ දී කැබ් රථයක් දුම්රියක ගැටීමෙන් එකම පවුලේ සිව් දෙනෙක් ජීවිතක්ෂයට පත්වුණා. කඳාන සිට රාගම දෙසට ධාවනය කළ කැබ් රථය වවුනියාව බලා ධාවනය වූ රජරට රැජිණ දුම්රියේ ගැටීමෙන් මෙම අනතුර සිදුවුණා.කරුණාකර සංවේදී අය  මෙහි වැඩිවිස්තර නොබලන මෙන් ඉල්ලා සිටිමු.

හොරු රැළට දැල ඵලන්නේ කවදාද...!!!


‘‘නව රජය පත්වී මාසයක් ගතවුණා. වංචාවට, දූෂණයට, හොරකමට, නාස්තියට එරෙහිව ක්‍රියා නොකරන්නේ ඇයි දැයි මටත් ප්‍රශ්නයක්. ජනතාව ඒ දෙස බලා සිටිනවා. දැනුත් ප්‍රමාද වැඩියි‘‘

හිටපු ජනපතිගෙන් තවත් ලියුමක්....!!!

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ජනාධිපති ලේකම් කාර්යාලය සඳහා අයවැයෙන් කෝටි 10000ක මුදලක් වෙන්කර ගත්තේ නැති බවත්, තමා හා නිලධාරීන් භාවිත කළ වාහන සියල්ල භාරදී ඇති බවත් පවසයි. ඔහු තම නිල ෆේස්බුක් පිටුවේ ප්‍රසිද්ධ කර ඇති  සම්පූර්ණ ලිපියයි මේ.

2015 පෙබරවාරි 09
මාධ්‍ය නිවේදනය
වත්මන් ආණ්ඩුවේ සාමාජිකයින් විසින් මා සම්බන්ධයෙන් සාවද්‍ය හා නොමග යවන සුළු ප්‍රකාශ දිගින් දිගටම කරමින් සිටී. ජනතාව නොමග යෑම වලක්වනු පිණිස මා ඒචෝදනා වලට ප්‍රතිචාර දැක්විය යුතු යැයි සිතමි.

රජ පවුලේ තවත් හොරකම් හෙළිවේ...!!! ශිරන්තිගේ “සිරිලිය සවිය“..!!!

මේ රජය යහපාලනය යන බෝඩ් ලෑල්ල පසුපස  ඵයට මුවාවී පසුගිය රජයේ දූෂණ හෙළි කරමින් මාධ්‍ය සංදර්ශණ තබති.නමුත් ඇති හැකි ඵවුන් තාමත් ඵළියේ  ...!!! නාමල් ,බැසිල් ,දුමින්ද , ජොන්ස්ටන් ,වසන්ත ලක්‍ෂ්මන් ,මහින්දානන්ද , මාලක ,ලන්සා  ඒ අතර වෙති.


 ශිරන්තිගේ හොරකම් මෙන්න.

දළදා මැදුර ඉදිරිපිට පාර විවෘත කිරීමේ වෑයම ජනපති අණින් නවතීී...!!!

ශ‍්‍රී දළදා මාලිගාව ඉදිරිපිට මහා මාර්ගය විවෘත කිරීම සඳහා රජයේ ප‍්‍රබල ඇමැතිවරයෙකුගේ මැදිහත් වීම මත ඊයේ උදෑසන ගත් උත්සාහයක් අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය උඩුගම ශ‍්‍රී බුද්ධ රක්ඛිත මහා නාහිමියන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන ට පැමිණිලි කිරීමෙන් පසු අත්හැර දැමීමට මධ්‍යම ප‍්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට සිදුවිය.මෙය කඩිනමින් සිදුකිරීමට උත්සාහ ගෙන ඇත්තේ  රවීන්ඳ්‍රන් කරුණානායගම් බව අපට දැනගැනීමට ලැබී තිබුණී...

ආණ්ඩුව ගැන ෆොන්සේකා අවුලෙන්...!!!

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ හිටපු යුධ හමුදාපති සරත් ෆොන්සේකා අතර සිත් අමනාපයක් සිදුව ඇති බව වාර්තා වේ.මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිධූරයට පත් කිරීම සදහා මුල සිටිම ෆොන්සේකා කැපවීමෙන් කටයුතු කල නමුත් ඉන්පසු මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති බවට පත් වීමෙන් අනතුරුව සරත් ෆොන්සේකා ඔහු සමග සිටිනවා අපට දැක ගැනීමට ලැබුණේ ඉතාමත් අල්ප ලෙසයි.

සැබෑ මාධ්‍ය නිදහසක් ඇතිවීමට නම්....!!!

මේ රජය යහපාලනය යන බෝඩ් ලෑල්ල පසුපස  ඵයට මුවාවී පසුගිය රජයේ දූෂණ හෙළි කරමින් මාධ්‍ය සංදර්ශණ තබති. ගජ රාමෙට වැඩය...රාජ්‍ය මාධ්‍යයද ඔය කෙසේ කීවද රාජ්‍ය ගැති භාවයෙන් මිදී නැත.
නව රජයටද  උන් කඩේ යාම ජයට කරති.
ඵසේ සැබෑ ස්වාධීනත්වයක්  ඵම  ආයතනවලට  දීමට  අවැසි නම් ඵම  ආයතන තුළම  සේවකයන්ගේ  ඡන්දයක් විමසා  ප්‍රධානීන්  පත් කළ  යුතුය.ඵසේ  නොමැතිව  එක් ඵක්  රජයන්  පත්වන විට ඒවාට  කඩේ ගිය  ආතක් පාතක් ,දැනුමක්  නැති  අය පත් කොට මාධ්‍ය  ස්වාධීනත්වයක් අපේක්‍ෂා කිරීම විහිළුවකී...

වහසි බස්, අවලාද, සම්ප්‍රප්පලාප, බොරුව සහ වංචාව ...!!!

රටේ ජනයා මෙන්ම එහි දේශපාලඥයන් සියල්ලන්ම පාහේ (ඉතා සුළු ප්‍රමාණයක් හැරුණු කොට) හුරු වී ඇත්තේ අශීලාචාර දේශපාලන සංස්කෘතියකටය. හොරා කෑම, භීෂණය, දූෂණය, මිනී මැරීම, වංචාව සහ බලය අපයෝජනය මෙම අශීලාචාර දේශපාලන සංස්කෘතියේ අංගයන් වෙති. දේශපාලඥයන් මෙම හොර මැර දේශපාලනය වෙනුවෙන් ප්‍රසිද්ධියේ පෙනී සිටීමට කිසි ලැජ්ජාවක් බියක් නොමැත.  


ඒ හොරකම, මැරකම, සාපරාධීබව ඔවුන් තම බලය සදහා උපයෝගී කර ගත්තා මෙන්ම ඒ ජරාජීර්ණ බව දේශපාලනයේ කොටසක් ලෙස ඔවුන්ට මෙන්ම සමාජයටද ජීර්ණ වී ඇති බැවිනි.

තුලාව, ඇතුලාන්තය, සහ ජනපති ජනහමුව වැනි වැඩසටහන් වලින් සන්නස්ගලගේ “මෛත්‍රී පිළිසඳර” වෙනස්වන්නේද ....!!!

බලාපොරොත්තු නොවූ මොහොතක පරාජය නොවන්නේ යැයි සැලකෙන සාධකයක් දිය වී ගොස් පරාජය වන විට ජයග්‍රාහකයාට ඇතිවන ප්‍රීතිය හමුවේ බුද්ධිමය වශයෙන් බරපතල හිස් බවක් ඇති වේ. එම හිස් බව සෑම විටම පිරවීමට මාන බලන්නේ අතීතය තුළ තමන්ගේ වෛරයට හේතු වූ සිදුවීම් ගැන මතකයට අනුව උපදින හැඟීම් වලිනි.

හොඳම උදාහරණය, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන  සහභාගී වූ පළමු රූපවාහිනී වැඩසටහන මෙහෙයවූ වෘත්තීයෙන් පෞද්ගලික පන්ති පවත්වනු ලබන ගුරුවරයෙකු වූ උපුල් ශාන්ත සන්නස්ගල  හැසිරුණු ආකාරය සහ ඔහුගේ දෙඩවීමය.

රාජ්‍ය නායකයෙකුගෙන් ප්‍රශ්න ඇසිය යුත්තේ බීර පානය කිරීමට ගොස් තම සගයෙකු සමඟ පෙරදා රාත්‍රියේ තමන් දුටු සිහින ගැන කතා කරණ විලාශයකින් නොවේ. එසේම සූත්තියක් ඉරීමෙන් රටේ “හොරුන්, තක්කඩියන්…. “ ආදී නොයෙක් අයවලුන් ගැන හිතු මනාපේ දෙඩවීමට ඇති ආශාව රාජ්‍ය නායකයෙකු ඉදිරියේ අත්හදා බැලීම එම සමස්ථ රටට කරණ අගෞරවයකි. පෞද්ගලික අශාවන් ජාතික ආශාවන් බවට පත්කර ගැනීමේ බරපතළම වන්දිය ගෙවනු ලැබුවේ මහින්ද රාජපක්ෂය. භාෂාව උගන්වන ගුරුවරයෙකුගේ මුලික හරය රඳා පවතින්නේ ඔහුගේ භාෂාවේ පවතින විනය මත මිස උස් හඬ මත නොවේ.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.