ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Monday, February 2, 2015

ශ‍්‍රී ලංකාවේ මුස්ලිම් ජනගහන වර්ධන වේගය ඉහළට ...!!!

ශ‍්‍රී ලංකාවේ ජනගහනය හා වර්ධනය පිළිබඳ නවතම ගණන් ගැනීම් අනුව මෙරට ජනගහනයේ ප‍්‍රතිශතයක් ලෙස අනෙකුත් ජාතීන්ට සාපේක්‍ෂව මුස්ලිම් ජනගහනය සීඝ‍්‍ර ලෙස වර්ධනය වී ඇති බව වාර්තා වේ. මුළු රටම ආවරණය වන පරිදි 1981 පැවති සංගණනයෙන් පසු ජන හා නිවාස සංගණනය-2011 යටතේ වසර 30 කට පසු මුළු රටපුරා 2012 පෙබරවාරි සහ මාර්තු පැවති ගණන් ගැනීම් අනුව මේ බව හෙළි වී ඇති බව  ආරංචි මාර්ග සඳහන් කරයි.

ප්‍රභාකරන් පිළිබඳ අභිරහස කරුණානිධි අනාවරණය කල යුතුයි...!!!

නේතාජි සුභාෂ් චන්ද්‍රබෝෂ්ගේ මරණය පිළිබඳව මතභේද ‍දේශපාලනය වී ඇති පසු බිමකදී ‘ඉන්දියානුවන් සහ දමිළයින් එක් සත්‍යයක් දැනගත යුතුය’ යනුවෙන් සඳහන් පෝස්ටර් නෙල්ලයි දිස්ත්‍රීක්කය නොසන්සුන් කර ඇත.එම පෝස්ටරයේ නේතාජි සහ ප්‍රභාකරන්ගේ ඡායාරූප සමග නරේන්ද්‍ර මෝඩි, කරුණානිධිගේ යන අයගේ ඡායාරූපද ඇති හේතුවෙන් තමිල්නාඩු දේශපාලන ක්‍ෂේත්‍රය උණුසුම් වී ඇත.

ලංකා ඊ නිවුස් කාර්යාලය ගිනි තැබීම සොයන්න , කතුවරයා ඉල්ලයි...!!!

රාජපක්ෂ ආණ්ඩුව ඊ නිවුස් කාර්යාලෙය ගිනිතබා විනාස කල ආකාරය පිළිඹදව පරීක්ෂණයක් පවත්වා ඒ පිළිඹදව රටට අනාවරණය කරන ලෙසත් සිදුවු පාඩුවට වන්දියක් ලබාදෙන ලෙසත් ඉල්ලා සිටිමන් එහි කතෘ සදරැවන් සේනාධීර  වත්මන් ආණ්ඩුවේ ජනපති මෛත්‍රීපාල සිරිසේන ගෙන් සහ අගමැති අගමැති රනිල් වික්‍රමසිංහගෙන් ඉල්ලා සිටී.

මෛත්‍රීපාලනය සමග ලැජ්ජා නැතුව එක්වී ඇති තිරුකුමාර් නඩේෂන් ...!!!

තිරුකුමාර් නඩේෂන් ,රනිල් වික්‍රමසිංහ ,මහින්ද රාජපක්ෂ සහ ආලෝක්‌ ප්‍රසාද් - 2010 කළ හමුදා කුමණ්ත්‍රනය මෙන්න...!!!


 හිටපු ජනාධිපතිගේ සමීපතම උපදේශකයෙකුවන, රටේ ක්‍රියාත්මක මිනිස් ජාවාරමේ ප්‍රධාණියෙකු වන කොළඹ හිල්ටන් හෝටලයේ සභාපති තිරුකුමාර් නඩේෂන් මෛත්‍රීපාලන යෙන්ද යහතින් වැජඹෙන හේතුව ගැන  අනාවරණය වී ඇත ,හිටපු නියෝජ්‍ය ඇමතිනී නිරූපමා රාජපක්ෂගේ සැමියා වන කෝටිපති ව්‍යාපාරික තිරු නඩේෂන් කොළඹ හිල්ටන් හෝටලයේ කාමර කීපය මැද පෙරදිග සහ තමිල්නාඩුවේ සිට පැමිණෙන මිනිස් ජාවාරම්කාර නියෝජිතයින් මුණගැසීමට සහ ඔවුන්ගේ නේවාසික පහසුකම් සපයා ඇති තිරු මිනිස් ජාවාරමෙන්ද මිලියන ගණනින් මුදල් උපයන කුප්‍රකට ව්‍යාපාරිකයෙකි.

මන්දිර බද්ද සංශෝධනය කිරීමට යන බව වාර්තාවේ ......!!!

 අතුරු අයවැයෙන් යෝජනා කර තිබූ වර්ග අඩි 5000ට වැඩි නිවාස හා රුපියල් මිලියන 100 ඉක්මවන නිවාස වෙනුවෙන් පැනවූ මන්දිර බද්ද සංශෝධනයට ලක් කිරීමට මුදල් ඇමති රවීන්ඳ්‍රන් කරුණානායගම් තීරණය කර ඇතැයි වාර්තා වේ.ඒ අනුව ඉදිරියේදී බදු අය කිරීමේදී පරම්පරාවෙන් පැවැති එන එවැනි නිවාස වෙනුවෙන් මුදල් අය නොකිරීමටත්, මහල් නිවාස සංකීර්ණ ඇතුළු එවැනි ගොඩනැගිලිවලින් බදු අයනොකිරීමටත් තීරණය කර ඇතැයි වාර්තා වේ. එසේම මෙම බදු අය කිරීම ආසන්න වසර 05ක් හෝ 06ක් ඇතුළු කාලයේ ඉදිකරනු ලැබූ මන්දිර වෙනුවෙන් වැඩි අවධානයක් යොමු වී ඇති බවයි.
එවිට මුදල් ඇමති රවීන්ඳ්‍රන් කරුණානායගම් සහ තම දේශපාලන සගයින්ට අදාල බදු ගෙවීම අවශ්‍ය නොවන බව කියවේ..

ශ්‍රමයේ ඵලදාව නැති භංග කරන දේශපාලනය...!!!

සමාජවාදී ආර්ථික ක්‍රමයෙන් සම්පූර්ණයෙන් වෙළඳපොල අහෝසි කර දැමූ විට බඩු හිඟය ඇති වී මිනිසුන් කර කියා ගත නොහැකි වන බව අත්දුටුවේ සෝවියට් රැසියාව ආරම්භයේ දී ය.
එදා සපත්තු ගන්න කඩේ ගිය මනුස්සයාට ලුණු දැමූ හෙයරින් මාළු පමණක් කඩ රාක්කයේ දකින්නට තිබිණ. හැම තැනකම පෝලිම් බිහි වී මිනිස්සු කඩේ තියෙන දෙයක්, තමන්ට අවශ්‍ය නොවූවත් පෝලිමක තැප සිට මිල දී ගත්තේ එය අවශ්‍ය කෙනෙකුට දී තමන්ට අවශ්‍ය බඩුවකට හුවමාරැ කරගැනීමේ අපේක්ෂාවෙනි.

රාවණ යුගයේ මන්ත‍්‍ර ශාස්ත‍්‍රවල තිබූ බලය...!!!

මහා රාවණ පුරාවෘතය මිථ්‍යාවක් නොවේ....රාවණ යුගයේ අපූරු අනාවැකි සහ මන්ත‍්‍ර ශාස්ත‍්‍රය ගොඩ ගත හොත් එය ලාංකීය ජන සමාජයෙහි තවත් විප්ලවයක් අපූරු පර්යේෂණයක් වනු ඇත.
වෙස්වළා ගැනීම, අතුරුදහන් වීම, විවිධ දේ මැවීම, ග‍්‍රහ ලෝකවලට පවා ගොස් තොරතුරු සොයා පැමිණීම රාවණ යුගයේ මන්ත‍්‍ර ශාස්ත‍්‍රවලට සුළු දෙයකි. මෙවැනි දේ සෙවීමට උත්සාහ කළොත් ඒවා යම් ලෙසකට ඉස්මතු කළ හැකිය. එබැවින් අපි  මේ සාහිත්‍ය කතාවෙන් ඔබ්බට යමු...... රාවණ රජුට නෑකමැති තැන්..... සූදානමින්....

රජයේ දින 100 යේ වැඩපිළිවෙලේදී සුළු ජාතික ජනතාවගේ ගැටළුවට මුලිකත්වය ලබාදී නොමැත...!!!

  නව රජයේ දින 100 යේ වැඩපිළිවෙලේදී සුළු ජාතික ජනතාවගේ ගැටළුවට මූලිකත්වයක් ලබාදී නොමැති බවට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී Andy McDonald චෝදනා කර ඇත.

සුළු ජාතික ජනතාවගේ ගැටළුවට විසඳුමක් ලබාදෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කර ඇතත්, දින 100 යේ වැඩපිළිවෙලේදී සුළු ජාතික ජනතාවගේ ගැටළුව විසඳීමට කිසිඳු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව ඔහු ප්‍රකාශ කර ඇත. සුළු ජාතික ජනතාවගේ ගැටළුවට විසඳුමක් දැකීමට දේශපාලන යෝජනා සැලැස්මක් ඉදිරිපත් කිරීම අත්‍යවශය බවද ඔහු ප්‍රකාශ කර ඇත.

"මහින්ද කියන්නෙ බෙලිඅත්තෙ හිටපු මදාවියෙක්… අමු තිරිසනෙක්...අමු වළත්තයෙක්...!!! මර්වියා දැන් කියන කථාව...!!!

''මට ගහල පෝය 2ක් යන්න කලින්මිනිහා නැති භංගස්ථාන වුණා..'' – මර්වින්ගෙන් හෙළිදරව්වක්...!


පසුගිය දවසක මර්වින් සිල්වා බැසිල් රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ හා හිටපු ජනපති පුත් යෝෂිත රාජපක්ෂටත් ප්‍රසිද්ධියේ චෝදනා කළා. ඒ වගේම සාප කළා. එහෙත් එහිදී නම් ඔහු හිටපු ජනපති මහින්දට නම් කිසිවිටෙකත් බරපතල චෝදනාවක් එල්ල කළේ නැහැ… නමුත් අද මර්වින් අලුත් කතාවකින් ආයෙමත් කරලියට ඇවිත්. මේක ටිකක් වෙනස් අලුත් කතාවක්. මහින්ද රාජපක්ෂ බලයේ සිටින කාලයේ දී තමන්ව අරලිය ගහ මැදුරේ කාමරයට ඇදන් ගිහින් කාමරයේ දොර අගුලු දමා හොඳ හැටි පහර දුන්නලු…

රාජ්‍ය අමාත්‍ය ෆයිසර් මුස්තාෆා රටයයි... !!! දින 22 කෙන් සිරිසේනගේ යහපාලනය දෙදරයි ..!!!

මොහොතකට පෙර ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය ෆයිසර් මුස්තාෆා  සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය බාරදී විදේශ ගතවී ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යු.එල් 308 දරණ ගුවන් යානයෙන් අද සවස සිංගප්පුරුව බලා පිටත්ව ගිය බව වාර්තාවේ.

හබරනදී කැළෑ සටන් පුහුණුවේ සිටි සෙබළුන් දුම්රියේ ගැටේ..!!


  යුධ හමුදා පුහුණුව ලබමින් සිටියදී සෙබළුන් තිදෙනෙකු දුම්රියේ ගැටීමෙන් තුවාල ලබා රෝහල් ගත කර ඇති බව වාර්තා වේ.

ඇමති චම්පික, ජවිපෙ වසන්ත සමරසිංහට නඩු දාන්න යයි...!!!

ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවන්ගේ වැටුප් වැඩි කිරීම සඳහා තමන් කිසිදු කැබිනට් සංදේශයක් හෝ ඊට අදාළ කිසිදු පියවරක් ගෙන නොමැති බව විෂය භාර අමාත්‍ය පාඨලී චම්පික රණවක  පවසයි. දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු ජනතා විමුක්ති පෙරමුණේ වසන්ත සමරසිංහගේ ප්‍රකාශය පදනම් විරහිත සාවද්‍ය ප්‍රකාශයක් බව අමාත්‍යවරයා පෙන්වා දෙයි. එම ප්‍රකාශය සම්බන්ධයෙන් තමන් නීතිමය පියවර ගන්නා බව ඇමති චම්පික රණවක අවධාරණය කර සිටී.

රුපවාහිනී ඩිජිටල් කරණ මුවාවෙන් “අනුෂ පැල්පිටලා” ගෙන් රුපියල් බිලියන 17 ක වංචා ප්‍රයත්නයක් ...!!!

 ටී.වී ලංකා B.A.C. Abeywardena හෙළි කරන ලිපිය...!!!

  ශ්‍රී  ලංකාවේ , භෞමික රුපවාහිනී විකාශ ඩිජිටල් කරණය ව්‍යාපෘතිය (Digitalization of Terrestrial Television Broadcasting Project ) සඳහා තම ආයතනය විසින් ඩොලර් මිලියන 13 ක අවම අර්පණයක් ඉදිරිපත් කර තිබියදි ජපාන රජය සමඟ එම ව්‍යාපෘතිය වෙනුවෙන්ම ඩොලර් මිලියන 130 ක යෙන් ණය අවබෝධතා ලිපි හුවමාරු කරගැනීම ට ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල සහ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති නොබුහිතෝ හුබෝ  ක්‍රියා කිරිමේ සිද්ධිය පිටුපස දෙපාර්ශ්වය අතර රාජ්‍ය තාන්ත්‍රීක මට්ටමිනුත් පුද්ගලික මට්ටමිනුත් මහ පරිමාණ වංචාවකට මුල පුරා ඇතැයි සුප්‍රසිද්ධ ටී.වී ලංකා සැටලයිට් නාලිකාවේ හිමිකරුව සිටි ශ්‍රී ලංකාවේ පුරෝගාමි විදුලි සංදේශ විද්වතෙකු හා පසුගිය මහින්ද රාජපක්ෂ රජය යටතේ කලක් ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සභාපති ධුරය ලද Electroteks Global Networks (Pte.) Ltd හි කළමනාකාර අධ්‍යක්ෂ B.A.C. Abeywardena පවසයි.
 

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.