සැමදා වලංගු නොවෙනස් දහමක් යථාර්තවාදීව සරළ ලෙසින් පෙන්වා දුන් පසුගිය දිවයින කතුවැකියක මතකයක්.....
කෙසේ
වුවද මේ වන විට පසුගිය ආණ්ඩුව අතහැර මේ පැත්තට ආ බොහෝමයක් තම බල
කාලය තුළ හොඳටම හම්බ කරගත් අය ය. තම නමට ගැනීමට බැරි දේපළ
බිරිඳගේ නමට, බිරිඳගේ මල්ලීගේ නමට, ඒ මල්ලීගේ නෝනාගේ නමට, ඒ
නෝනාගේ නංගීගේ නමට යනාදී වශයෙන් රැස්කර ගත් ගත් අය ඕනෑ තරම්
වෙති. ඉතා නරක සිද්ධිය වන්නේ ඊළඟ ආණ්ඩුවකදීත් මේ මිනිසුන්ම
රාජ්‍ය පාලකයන් ලෙස අපට නැවත හමු වීම ය. මෙය සංසාර සාගරය බඳු
කතාවකි. සංසාර සාගරයේ කිසියම් තැනකදී එකිනෙකා නැවත හමුවන බවට
පිළිගැනීමක් තිබේ. එහෙත් ඒ අවාසනාව හෝ වාසනාව බොහෝ විට
එළැඹෙන්නේ අඩ කල්පයක්, කල්පයක් හෝ කල්ප ලක්ෂයකට පසුව ය.
එහෙත් දේශපාලනයේදී සිදුවන්නේ එකම හොරා නැවත නැවතත් මේ
ආත්මයේදීම ආණ්ඩුවෙන් ආණ්ඩුවට, මාරුවෙන් මාරුවට හමුවීම ය. ගිය
ආණ්ඩුවේ ඇමැති මේ ආණ්ඩුවෙත් ඇමැති ය. ලබන ආණ්ඩුවෙත් ඇමැති
ය. අප මැරෙන තුරුම ඔවුහු ඇමැතිවරු ය. ඔවුන් මැරෙනතුරුත්, ඔවුන්
මැරුණු පසුත් අප හිඟන්නෝ ය.
උෟරගස්මංහන්දිය ප්‍රදේශයේ තරුණයකු අනියම් බිරියකගෙන් කප්පම් ගැනීමේ
සිද්ධියකට සම්බන්ධව (09දා) සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය
පවසයි.
අත්අඩංගුවට පත්ව ඇත්තේ උෟරගස්මංහන්දිය පදිංචි 21 හැවිරිදි කුරුඳු තැළුම්කරුවෙකි.
කාන්තාවගේ නිවෙසේ කුරුඳු තැළීම සඳහා පැමිණි තරුණයකු හා හැටපස් (65)
වියැති ගෙහිමි කාන්තාව හිතවත් වී අනියම් ඇසුරක් පවත්වා ඇති බවට තොරතුරු
ලැබී ඇතැයි පොලිසිය කියයි.
නත්තල්
සමයේ සිදු වූ මේ අලෙවිය සමඟ දස දහස් ගණන් ඩ්‍රෝන යානා ගුවනට අලුතින් එක්
වෙමින් පවතිනවා. ගූගල් සෙවුම් යන්ත්‍රයෙහි
I want to buy a යෑයි
සටහන් කළ විගසින් කාර් හා නිවාසවලට පසු තුන්වැනි විලක්පය ලෙස ලබා දෙන්නේ ඩ්‍රෝන
යානා වීම මෙහි ජනප්‍රියත්වය අපූරුවට පැහැදිලි කරනවා.
තමා සතුව පැවතියේ කුඩා කොමියුනිකේෂනයක් සහිත පර්චස් ගණනක ගොඩනැගිල්ලක් බව පැවසූ ඔහුට හෝකන්දර මාලිගාවක් ඉදිකිරීමට වරම් ලැබෙන්නේ ආශ්චර්යය කින්ම විය යුතුය. ඔහුගේ එම ආශ්චර්යය තුළ විශේෂයෙන්ම කියවුණු නමක් වූයේ ඔහුගේ බිරිඳ ශෂී වීරවංශය. යුද සමයේදී යුද්ධය උත්කර්ෂයට නංවමින් විමල් වීරවංශ කෑමොර දෙනවිට නැගුණු චෝදනාවක් වූයේ ශෂී වීරවංශ හමුදාවට ජීවිත ආරක්ෂක කබා සපයන සමාගමක නිල නොවන හවුල්කාරියක බවය.
ඔහු ඇය ඇතුළු ඔවුන්ගේ පවුල නිවාඩුවට ඩිස්නිලන්තයට යමින් ගතකරන සුඛෝපභෝගී ජීවිතයට මුදල් ලැබෙන්නේ කෙසේද යන ප්රශ්නය තවමත් ඉතිරි වී ඇත. මෑතකදී දැඩි කතාබහට ලක්වූ සලාකා රැජිනෝ සමාජ ශාලාව පොලිසිය වැටලීමේ සිද්ධියේදීද ශෂී වීරවංශගේ නම කරළියට ආවේ ඇය එම ව්‍යාපාරය සඳහා රුපියල් මිලියන 150ක මුදලක් ආයෝජනය කර ඇති බව කියමින්ය.
ගම්පොල
විදානලාගේ දොන් වසන්ත කුමාර නොහොත් වෙලේ සුදා මේ වන විට
සිටින්නේ පොලිස් අත්අඩංගුවේ ය. එහෙමත් නැතිනම් රහස් පොලිස්
භාරයේ ය. කාලයකට පසු මේ රටේ ආරක්ෂක අංශ අතට පත් වූ වැදගත්ම
තෑග්ග වෙලේ සුදා විය යුතුය.
ප්‍රාදේශීය සභා මන්ත්‍රීගේ සිට පාර්ලිමේන්තු මන්ත්‍රී දක්වා
සෑම මහජන නියෝජිතයකු සඳහාම පොදු වූ චර්යා ධර්ම පද්ධතියක්
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න
පසුගියදා පැවැසීය. මෙරට දේශපාලනය විකට නළුවන්ගෙන්, ස්ත්‍රී
දූෂක මැරයන්ගෙන්, කුඩුකාරයන්ගෙන් සහ හොරුන්ගෙන් මෙරට පිරී
පවතී. සමහර තැනෙක හරක් හොරු ද දේශපාලනය කරයි. වෙලේ සුදාගෙන්
මසකට රුපියල් විසිපන්ලක්ෂය බැගින් ගත් මන්ත්‍රී කෙනෙකු සිටින
බව අපි දැන් දනිමු. හරියාකාර චර්යා ධර්ම පද්ධතියක් මේ රටේ
පාර්ලිමේන්තු දේශපාලන ක්‍රමය තුළ තිබුණි නම් මර්වින් සිල්වා
මිනිසුන් ගස් බඳින්නේ නැත. හරියාකාර චර්යා ධර්ම පද්ධතියක්
තිබුණි නම් මර්වින් සිල්වා තවදුරටත් දේශපාලනයේ රඳවා ගන්නට
රාජපක්ෂ ආණ්ඩුව පියවර ගන්නේ ද නැත.