ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Tuesday, January 13, 2015

නිදහසේ ලියන්න කියන්න හැකි වාතාවරණයක්‌...!!! නව ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක

මාධ්‍යවේදීන්ට දෙවරක්‌ නොසිතා බියෙන් හා සැකයෙන් තොරව ඕනෑම දෙයක්‌ නිදහසේ ලියන්න කියන්න හැකි වාතාවරණයක්‌ ඇති කරන බව නව ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක  පැවසීය. ඉදිරි වැඩපිළිවෙළ සම්බන්ධව  කළ විමසුමකට පිළිතුරු දෙමින් මේ බව සඳහන් කළ හෙතෙම නව රජයේ දින සියයේ වැඩසටහන යටතේ ජනතාවට තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට තමන් අපේක්‍ෂා කරන බව ද කීය.


විදේශ සේවයට පත් කළ දේශපාලකයන් 10 ක්‌, ඥාතීන් 20 ක්‌ යළි මෙරටට කැඳවයි

 ශ්‍රී ලංකා විදේශ සේවය මුළුමනින්ම සුද්ධ කරමින් හිටපු දේශපාලනඥයන් 10 දෙනකු සහ ඔවුන්ගේ ඥතීන් විසිදෙනකු ආපසු මෙරටට කැඳවීමට විදේශ කටයුතු අමාත්‍යාංශය තීරණය කර ඇත.

බොහෝ දෙනා මේ තානාපති ධුර ගත්තේ නිවාඩුවක්‌ ගතකිරීමටයි. විදේශ රටවල සිටින අපේ ශ්‍රී ලාංකිකයන් ගැනවත් තැකීමක්‌ කර නැහැ යෑයි ඉහළ පෙළේ ආරංචි මාර්ග පවසයි. 'හිටපු දේශපාලනඥයන්ගේ බිරියන්ද, සොහොයුරන්ද, දූ පුතුන් ද අපේ තානාපති කාර්යාලවලට පත්කර තිබුණා. ඔවුන්ගෙන් කිසිදු වැඩක්‌ වී නැහැ. ඡායාරූප ශිල්පියකුගේ පුතෙක්‌ ද උසස්‌ තනතුරකට පත්කර තිබුණා' යෑයි එකී ආරංචි මාර්ග කීවේය.
 පසුගිය දිනෙකදී අප වෙබ් අඩවිය වෙත ඵක් ඊශ්‍රායලයේ ඇති තානාපති කාර්‍යාලයේ සේවය කරන අපතයන් රැළගේ කැරැට්ටුවද මෙයට ඵක් නිදසුනකී.එම අප සබැඳි ලිපියට මෙතනින් පිවිසෙන්න...
 http://www.lankanews.org/2014/12/blog-post_90.html#more
   නව විදේශ කටයුතු ඇමැති මංගල සමරවීරගේ දැඩි අවධානය මෙම දේශපාලන පත්වීම් කෙරෙහි ලක්‌වී තිබේ.
මෙලෙස දේශපාලන පත්වීම් ලැබූවන් කොටි ඩයස්‌පෝරාව ගැන හෝ විදේශ රටවල් සමඟ එක්‌ව ක්‍රියා කරන්නේ කෙසේද යයි නොදන්නා බව ද හෙළි වී ඇත.




නව මුදල් ඇමැති සතොසින් රාජකාරි කටයුතු ආරම්භ කළ අයුරු......

මහා විදේශ විනිමය වංචාවන් ඇති..ඒ සම්බන්ධයෙන් තවමත් උසාවිවල නඩු තිබෙන සතොස විකිණූ හොරෙකු ,දේශපාලන්ඥයෙකු වන රවීන්ඳ්‍රන් කරුණානායගම්  හට නැවත මුදල් අමාත්‍යංශය බාරදීම  කෙතරම් විනිවිද කාරීද යන්න සිතා බැලිය යුතුව තිබුණී.

අතිගරු පාප් වහන්සේ ලක්භූමිය වෙත සම්ප්‍රාප්තවූ අමරණීය මොහොත...!!!


ශ්‍රී ලංකාව මානව හිමිකම්වලට ගරු කරමින් ආගමික හා දේශපාලන සංහිඳියාව ඇති කරන රටක් බවට පත්වනු දැකීම තම අභිලාශය බවත්, ශ්‍රී ලංකාවේ මිත්‍රත්වය දැඩි ලෙස අගය කරන බවත් ෆ්‍රැන්සිස් පාප්තුමෝ කටුනායක ගුවන් තොටේ දී (13) උදේ පැවසූහ.


ශ්‍රී ලංකා රජයේ හා මහජනතාවගේ ඉහළම ගෞරව සම්මාන මැද්දේ පාප්තුමා විශේෂ නියෝජිත පිරිසක් සමඟ වතිකානයේ සිට විශේෂ ගුවන් යානයකින් කටුනායකට සැපැත්වූහ.
නව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  එතුමා හරසරින් පිළිගත්තේය.

සජින් වාස් ගුණවර්ධන යන අපතයා... දූෂිතයා...අවලමා... ගනු එපා...!!! බළපිටිය ජනතාව උද්ඝෝෂණයේ

එහා පැත්තෙ සේරම හොරු ටික  දැන්  මේ පැත්තෙ. ඒත් කොන්දක් සහිත  පිරිසක් තමන් රජයක් පිහිටුවීමට මෛත්‍රීට උදව් කළේ සජීන් වාස් වැනි  අවලමුන්  හට නොවන නිසා සජින් නැවත නොගන්නා ලෙසට විරෝධතාවක්  දියත් කළා.....
සජින් වාස් ගුණවර්ධන නව රජයට එක්කර නොගන්නා බවට නව රජයේ ඇමැතිවරයකු ඇතුළු දෙදෙනකු තමන්ට පොරොන්දු වූ බව  හිටපු මන්ත්‍රී අජන්ත ද සොයිසාට දැනුම් දීමෙන් පසු දෙපැයක් තිස්සේ බලපිටියේ පැවැති උද්ඝෝෂණය අවසන් විය.
පෙට්‍රල් බෝතලයක් රැගෙන වහළයට නැඟ සිටි මිනිසා ද වහළයෙන් බැස්සේය.
සජින් වාස් නව රජයට එක් කර නොගන්නා බව ප්‍රකාශ වීමත් සමඟ උද්ඝෝෂකයෝ විසිර ගියහ.

නාමල් බේබිලා ගේ අහිංසක හොරකම්....!!!



මහින්ද රාජපක්ෂ. බැසිල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ ඇතුළු 12 දෙනකුට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ අද (12) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට පැමිණිලි කළේය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.