අලූත් පරපුරේ අමුතු ගැටේ....ඇය රෝහල්ගතව අසාධ්‍ය තත්වයෙන් ට්‍රොලියක තබා තල්ලූ කරගෙන යන ආකාරයද රූපවාහිනී නාලිකා ඔස්සේ විකාශණය විය.මේ එම නාලිකාවල විකාශණය නොවූ දර්ශණය..
"කුඹුක් ගැටේ අමුතු ගැටේ" 2
(ගරු රඟපෑම්)
ඒකාධිපති වියරුවකට දෙන්නම් බැටේ කියා කුඹුක්ගැටේට පැමිණි කලා ගැටව් සහ ගැටිස්සියන් අතරේ සිටි සමනලී ෆොන්සේකා ද අපූරුවට රඟපෑමට හැකි රසික හදවත් 'හොල්මන් ' කළ හැකි රංගනාවියකි. දෙන්නම් බැටේ කියා කුඹුක්ගැටේට පැමිණි සමනලීලාට අන්තිමේදී සිදුවුණේ 'කෑවා බැටේ' කියන්නය. සමනලීගේ පපුවට ද ගලක් වැදුනේලු.
ඉන් අනතුරුව ජනතාව දකින්නේ ට්‍රොලියක් මතින් රැගෙන එන සමනලී රෝහල්ගත කරන අයුරුය. ඇය ගිලන් ඇඳ මත වැතිර සිටින අයුරුය. සමනලියක් බඳු සමනලීගේ පපුවට ගලක් ගසන්නට තරම් දරුණු වූයේ මොකාද...? මේ දසුන් දකින ප්‍රිය රසිකයෝ උතුරා යන ද්වේෂයෙන් යුතු සිතින් ප්‍රහාරකයාගේ කැවුතු සොයති.
ජනපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා වෙනුවෙන් ශ්‍රී ලංකාවේ කලා ලෝකය දෙකඩ වී කඩේ යති. ඔය අතරේ 'අලුත් පරපුර' නමින් පිහිටුවාගත් කලා සංගමයක් ද කඩේ යන්නට පටන්ගත්තේය. ඔවුන් කඩේ ගියේ පොළටය. කුරුණෑගල කුඹුක්ගැටේ පොළටය. එතැනදී කලාකරුවන්ට ප්‍රහාරයක් එල්ල වේ. මේ දවස්වල නිළියන් පමණක්
නොව චිත්‍රපට කැමරාව ඉදිරියේදී චණ්ඩි වන නළුවන් පවා රූපවාහිනී
මාධ්‍ය කැමරා ඉදිරියේ හොටු පෙරමින් හඬන්නේය.
ඵපමණුකුදු නොව මුදල් අරභයා කෙරෙන මේ ව්‍යාජ රංගනයේදී තමන් හදාවඩා ගත් දෙමාපියනට මෙන්ම අප මාතෘ භූමියටද මාධ්‍ය සාකච්ඡා පවත්වමින් ඉතා අශික්කිත ලෙස බැණ වදිති...මේ දේශ ද්‍රෝහී අපතයන් සැබවින්ම අපේ රටට අවැසි නැත.තව දුරටත් මුන්ට සම්මාන සහයෝග දෙමින් ඔසවා තැබිය යුතුද...???
පසුගියදා දිවයිනට පැමිණ පැය 12 ක් යාමට මත්තෙන් නැවතත් ඉන්දියාවට පලාගිය
බොලිවුඩ් සුපිරි නළු සල්මාන් ඛාන් ශ්‍රී ලංකාවට ගෙන්වීම සඳහා ආණ්ඩුවට
මුදල් ලබාදී ඇත්තේ ශ්‍රී ලංකාවේ සුප්‍රකට නැව් සමාගමක් වන ‘Mclarence
Shipping' සමාගම බව මේ වන විට හෙලිදරව් වී ඇත.‘Mclarence Shipping' සමාගම මෙසේ රුපියල් මිලියන 100 ක් රජයට
ලබාදී ඇත්තේ ශ්‍රී ලංකාව තුල පොහොර ගෙන්වීම සහ බෙදාහැරීම පිළිබඳ ඒකාධිකාරය
එසේත් නැත්නම් ‘පොහොර මාෆියාව' සුරක්ෂිතව කරගෙන යෑම සඳහා බව එම සමාගමේ
ඉහළ විධායක නිලධාරියෙකු සඳහන් කර සිටියේය.
ජනාධිපතිවරයා ජයග්‍රහණය කළහොත් එම පොරොන්දුව ඒ අයුරින්ම ඉටුකරන බවට නාමල්
රාජපක්ෂ ‘Mclarence Shipping' සමාගමේ රොහාන් ද සිල්වා සහ දිනේෂ්
ජයවර්ධනට පොරොන්දු වී තිබේ.

වැලිකඩ පොලිස් රථවාහන අංශයේ නිලධාරියා සඳහන් කළ
පරිදි මෙම අනතුර සිදුවී ඇත්තේ සුපිරි නළු සල්මන් ඛාන් ගමන් කළ ගුවන් සේවා
අමාත්‍ය ප්‍රියංකර ජයරත්නට අයිති රථයකිනි.මෙම අනතුර මාධ්‍යයන්ගෙන් සැගවීම සඳහා උපරිම කටයුතු කරන ලෙස ජනාධිපති
කාර්යාලය විසින් වැලිකඩ පොලීසියට දැනුම් දී ඇත. ඒ අනුව වැඩි බරක් නොයොදා
පරීක්ෂණ සිදුකරනු ලබයි.
ජනාධිපතිනිය ජනාධිපතිධුරය දරනවාට අතිරේකව ඇමැති මණ්ඩල සාමාජිකාවක ලෙසද ක්‍රියා කළාය.වත්කම් බැරකම් නිතිය අනුව සියලු ඇමතිවරුන් වත්කම් බැරකම් ප්‍රකාශ කළ යුතුය.ඊට අතිරේකව ජනාධිපතිවරණයට තරඟ කළ අපේක්ෂිකාවක වශයෙන්ද ලියාපදිංචි දේශපාලන පක්ෂයක නිලධාරි මණ්ඩල සාමාජිකාවක වශයෙන්ද වත්කම් බැරකම් ප්‍රකාශ කිරීමට ජනාධිපතිනිය ද නීතියෙන් බැඳී සිටියි.දිගින් දිගට ඉල්ලා සිටියදීත් ජනාධිපතිනිය වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදීමෙන් වැළකි සිටිනුයේ එසේ කිරීමේ හැකියාවක් ඇයට නැති නිසා නොවේද...???
 |
නව වසරේ උදාව ජ්‍යොතිෂයට අනුව කෙසේද...??? |
ජනපති දෙමළ ජනතාවට නොදුන් දේ මෛත්‍රීපාලගෙන් ලැබෙනවා යැයි මන්නාරම
රදගුරුගෙන් මෛත්‍රීපාලට සහතිකයක් යනුවෙන් පුවතින්
කළ හෙළිදරව්ව සහ දෙමළ ජාතික සන්ධානය නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ
ජනාධිපති අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේනට සහාය පළ කිරීම සම්බන්ධව
කිහිපදෙනකු දක්වන අදහස් මෙසේය.
ටී.එන්.ඒ. එක මේ වෙලාවේ කළේ කපටි කමක්. ඔවුන්ට ස්ථාවර වීමට නම් ජාති භේදය අවශ්‍යයයි. කවදාවත් සහජීවනයෙන් ජීවත්වෙන්න ඔවුන් කැමැති නැහැ. මෛත්‍රීපාල සිරිසේන ට ටී.එන්.ඒ. සහාය දැක්වීම ගැන වඩාත් සතුටු වෙන්නෙ එතෙර සිටින කොටි සාමාජිකයන්. ඔවුන් ඉන්නෙ ලංකාවට එන්න විධියක් නැතිව. ටී.එන්.ඒ. එකට ඔවුන් බලපෑම් කරන්නෙ ඔවුන්ට මේ රටට එන්න අවස්ථාවක් හදලා දෙන්න කියලයි. එහෙම ආවොත් එතැන ඉදන් නැවතත් බෙදුම්වාදය ඇති කරන විධිය ඔවුන් දන්නවා. මේක මහා කුමන්ත්‍රණයක්. මේකට සහය දක්වන සිංහල ජනතාව ඉන්නවා නම් දෙමළ අපට වඩා මේ වෙලාවේ ලජ්ජා වෙන්න ඕන ඒ අයයි.
චීනයේ ෂැංහයි නුවර නව අවුරුදු උදාව නැරඹීම සඳහා එක්රැස් වූ මහජනතාව අතර
ඇතිවී ඇති තෙරපීමක් හේතුවෙන් 35 දෙනකු මරණයට පත්ව තවත් 42 දෙදෙනකු තුවාල
ලබා ඇති බව විදෙස් වාර්තා සඳහන් කර තිබේ. මෙම සිද්ධිය සිදුව ඇත්තේ ෂැංහයි
හරහා වැටී ඇති හුවාංපු නදිය අසල පිහිටි ගං ඉවුරේදීය.
මෙරට ද්විත්ව පුරවැසිභාවය
ප්රදානය කිරීම 2011 වසරේ සිට තාවකාලිකව අත්හිටුවා තිබු අතර, පසුගිය
දෙසැම්බර් මස 29 වැනි දින අමාත්‍ය මණ්ඩල තීරණයකට අනුව නව ක්‍රමවේදයක් අනුව
නැවත ද්විත්ව පුරවැසි භාවය ලබා දීමට කටයුතු කිරීමට තීරණය කර ඇතැයි රජය
කියයි.
මේ අනුව, රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය විසින් අමාත්‍ය මණ්ඩලයෙන් කරන ලද
යෝජනාවකට සහ ඉල්ලීමකට අනුව නැවත මෙම ක්‍රමය දෙසැම්බර් 31 දින ක්‍රියාත්මක
වන අතර ඒ අනුව මෙතෙක් පැවති සරල ක්‍රමවේදය අවලංගුවේ.