ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Wednesday, December 16, 2015

රංජන් රාමනායක හෝ ඩිලාන් පෙරේරා විදේශික ශ්‍රමිකයන් වෙනුවෙන් පෙනී සිට දාන මෝඩ චූන්...!!!

කැබිතිගොල්ලෑව ගමේ කණගහවැව ගමෙන් වාර්තා වූ ශෝකජනක පුවතකින් මේ තීරුව ආරම්භ කරනු ලැබේ. මේ ගමේ වාසය කරන දහසය හැවිරිදි පිරිමි ළමයෙක්‌ පසුගියදා කැබිතිගොල්ලෑව පොලිසියට ගොස්‌ පැමිණිල්ලක්‌ ගොනු කළේය. එයින් කියෑවුණේ තමන්ට නංගිලා දෙදෙනකු සහ මල්ලිලා දෙදෙනකු සිටින බවත්, ඔවුන් ළදරුවන්ව සිටි අවධියේම මව පිටරට රැකියාවකට ගිය බවත්, පියා ඔවුන්ට නොසලකන බවත් ය. දරුවා පොලිසියෙන් එක්‌ ඉල්ලීමක්‌ කළේය. එනම් තමන්ට සහ සොයුරු සොයුරියන්ට ආහාර පාන සහ ඇඳුම් පැළඳුම් දෙන ලෙස පියාට නියෝග කරන ලෙස ය.

මේ දරුවන්ගේ අම්මා රට ගොස්‌ ඇත්තේ එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් ලෙස වැඩ කිරීමට නොව මැදපෙරදිග රටක 'හවුස්‌ මේඩ්' කෙනකු ලෙස වැඩ කිරීමට ය. ඒ අම්මා එසේ තම ජීවිතය කැප කර මුදල් උපයන විට ඒ ගෙදර සිටින 'තාත්තා' යන උතුම් නාමයෙන් වැරදීමකින් හඳුන්වන තිරිසනා කරන්නේ දරුවන්ට ආහාරපාන නොදී ඇඳුම් පැළඳුම් නොදී නො සලකා හැරීම ය. මේකා උල තැබිය යුතු අතර උලෙහි උල් පැත්ත නොව බිම සිටුවන මොට්‌ට පැත්ත ඒ සඳහා පාවිච්චි කළ යුතු ය. මේ පවුලේ බාලම දැරියගේ වයස අවුරුදු හතරකි. අවුරුදු අටට අඩු දරුවන් සිටින මවුවරුන් විදේශවලට යෑවීම ඒජන්සිකරුවන්ට තහනම් ය. එහෙත් පවුලේ ආර්ථික ප්‍රශ්න විසඳීමට ඒ නීතියට බැරි ය. අම්මා රැකියාවක්‌ නො කරන්නේ ද, තාත්තා කසිප්පු පානය කළ මී ගවයකු මෙන් බිබී ඇවිදින්නේ ද ඒ පවුලේ දරුවන්ට සිදුවන්නේ බඩගින්නේ, නිරුවතින් සිටීමට ය.
විදේශවලට ශ්‍රමය සපයන ශ්‍රී ලාංකිකයන් විසින් මවුබිමට එවනු ලබන ධනය මෙරට උපයන සුවිශාලතම විදේශ විනිමය වේ. ඒ තැන ඉස්‌සර තිබුණේ තේ, පොල්, රබර්වලටය. එහෙත් අද තේ ආදායමත්, රබර් ආදායමත් අනාථ වී තිබේ. පිටරට යවා සල්ලි ඉපැයීමට තබා ලංකාවේ විකිණීමටවත් පොල් අද නැත. මේ නිසා ශ්‍රී ලාංකිකයන් පිටරට සිට එවන මුදල් රටට අත්‍යවශ්‍ය ය. එහෙත් ළමා ළපටින් සිටින අම්මලා රැකියා සඳහා රට යැම ජාතික පමණක්‌ නොව අන්තර් ජාතික ප්‍රශ්නයක්‌ ද වී තිබේ. පළමු කොට රට යන අම්මලාගේ පවුල්වලින් සෑහෙන කොටසක්‌ නන්නත්තාර වෙති. දෙවනුව, රට යන අම්මලාගෙන් සමහරුන්ට මැදපෙරදිග මූලධර්මවාදී රාජාණ්‌ඩුවල කඩු පහරට ලක්‌වීමට හෝ ගල් පහර කා මිය යැමට හෝ සිදුවන නිසා ඔවුන්ගේ පවුල් අනාථ භාවයටත් අපහාසයටත් ලක්‌ වෙති. ගැහැනියක ගෙල තෙක්‌ වළ දමා ගල් පහර දී මරණ එකා අන්තිම නීච, අන්තිම තිරිසන්, අන්තිම කාලකන්නි මනුස්‌සයෙකි.
කිසිවෙක්‌ එය ආගමේ නාමයෙන් කරන්නේ ද, ඒකා දෙවියන්ට ද ෙද්‍රaහි වන අංග සම්පූර්ණ කාලකන්නියෙකි. මෙබඳු කාලකන්නින් ද උල තැබිය යුතු අතර ඒ සඳහා උලේ මොට්‌ට පැත්ත පාවිච්චි කළ යුතුය. පිටරටවල සිටින තෙල් සල්ලාලයන්ගේ ගෙවල්වල මෙහෙකාරකම් කරන අපේ ජාතියේ මවුවරුන් මෙවැනි ඉරණමකට ලක්‌ විය යුතුද? ඔවුන් වෙනුවෙන් පෙනී සිටින ලෙස විදේශ සේවා නියුක්‌ති ඇමැතිනි තලතා අතුකෝරළ මාතාවගෙන් ඉල්ලමු. රංජන් රාමනායක හෝ ඩිලාන් පෙරේරා විදේශික ශ්‍රමිකයන් වෙනුවෙන් පෙනී සිට දාන මෝඩ චූන්වලට වැඩි යමක්‌, අර්ථවත් යමක්‌ එතුමියට කළ හැකිය.
 

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.