ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

New

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, December 13, 2015

පිළිකා පිළියම්ද පිළිකාවක්....

මෙරට පිළිකාවන්ට ගොදුරුවන්නන්ගේ සංඛ්‍යාව වාර්ෂිකව ඉහළ යමින් පවතින බව වාර්තා වී තිබේ. පිළිකාවක්‌ වැළඳීම යනු එය වැළඳුණු තැනැත්තා පමණක්‌ නොව එම තැනැත්තාගේ පවුලෙහි සාමාජිකයන් මෙන්ම හිතමිතුරන් ද පෙළන තත්ත්වයක්‌ බව අමුතුවෙන් කිවයුතු නැත. ජීවිතයත් මරණයත් අතර පොරබඳින පිළිකා රෝගියකුගේ දිවිය දිගු කිරීමට මහෝපකාරී වනුයේ එම රෝගී තත්ත්වය සඳහා ලබා දෙන බෙහෙත් වර්ගය.එහෙත් ජාතියේ අවාසනාවට පිළිකා රෝගයට ගොදුරු වූවන් සඳහා ලබා දෙන බෙහෙත් වර්ගවලින් ද ගසාකන්නන් මේ වන විට බිහි වී තිබේ.


මිලෙන් අධික පිළිකා නාශක එන්නත්වලින් ගසා කන්නන්ට ඒ සඳහා අවශ්‍ය සහාය ලබා දෙනුයේ රජයේ රෝහල්වලම සේවය කරන ඇතැම් වෘත්තිකයන් බව අනාවරණය වී තිබේ. ඒ මුදලට ඇති ගිජුකම හේතුවෙනි.

මහරගම පිළිකා රෝහල සඳහා සපයනු ලබන පිළිකා රෝගීන්ට ලබා දෙන අත්‍යවශ්‍ය පිළිකා නාශක එන්නතක්‌ වන "පෙගියුලේටඩ්- එල් ඇස්‌පැජිනස්‌" එන්නත ද මේ වන විට බෙහෝ වෘත්තිකයන්ට මුදල් උපයන මාර්ගයක්‌ වී ඇති බව වාර්තා වී තිබේ. මෙම එන්නත පිළිකා රෝහලට මුලින් සැපයීම සිදු කළ දේශීය බෙහෙත් සමාගම හා එම සමාගමෙන් කැඩී ගිය පිරිසක්‌ විසින් පිහිටුවනු ලැබූ සමාගමක්‌ අතර ඉහත කී එන්නත සැපැයීම සඳහා හටගත් බල අරගලය මෙම තත්ත්වයට මුල් විය. මෙම බල අරගලය කොතරම් උත්සන්න වීද යත් මේ වන විට රුපියල් දෙලක්‍ෂ තිස්‌හත්දහසක්‌ වැනි මිලකට පිළිකා රෝහලට සැපයුණු එම එන්නතත් දැන් මිලදී ගැනීමට සිදුව ඇත්තේ රුපියල් තුන්ලCක්‍ෂ විසිපන්දහසක්‌ වැනි අධික මිලකටය.

ඒ අඩු මුදලකට ගුණාත්මක බවින් උසස්‌ පෙගියුලේටඩ්-එල් ඇස්‌පජිනස්‌ නම් ඖෂධීය නාමයෙන් හැඳින්වෙන පිළිකා නාශක එන්නත සැපයූ සමාගමට පළුදු වූ එන්නත් දියර කුප්පි සැපැයීමේ චෝදනා එල්ල කර ඒ හරහා වෙනත් සමාගමකින් අධික මිලකට එම එන්නත් මිලදී ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු නිලධාරීන් කිහිපදෙනකු මෙහෙයුමක්‌ දියත් කිරීම නිසාය. ඉහත කී අඩු මුදලට ගුණාත්මක බවින් උසස්‌ එන්නත් සැපයූ සමාගමෙහි එන්නත් දියර කුප්පි පළුදු කර එය පළුදු වී ඇතැයි පිළිකා රෝහලේ ම ඖෂධවේදිනියක්‌ විසින් බලධාරීන්aට පෙන්වා ඇති බවට ද වාර්තා පළ වී තිබේ.

එම ඖෂධවේදිනිය ශිෂ්‍යත්වයක්‌ මත බටහිර රටකට මේ වන විට ගොස්‌ ඇත්තේ ද ඉහත කී පළුදු කළ එන්නත් දියර කුප්පි සැපයූ බව ඇය විසින් පෙන්වා දුන් සමාගමට එරෙහිව මෙහෙයුමක්‌ දියත් කර තිබූ සමාගමේ අනුග්‍රහය යටතේ බව මේ වන විට අනාවරණය වී තිබේ.

මෙම පිළිකා එන්නත් සිද්ධියේදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු නිලධාරියකු අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් ද නොමඟ යවමින් මාධ්‍යයට තොරතුරු සපයා ඇති අතර, එහිදී ඉලක්‌ක කර ගෙන ඇත්තේ අඩු මිලකට පිළිකා නාශක එන්නත් සැපයූ සමාගමය. මෙහිදී එම සමාගම විසින් සපයනු ලැබූ එන්නත් දියර කුප්පි පළුදු වී ඇති බව අනාවරණය වීමට එම කුප්පි පිළිකා රෝහලට ලැබී කාලයක්‌ ගත වීම ද සැක උපදවන්නකි. සාමාන්‍යයෙන් මිල අධික පිළිකා නාශක එන්නත් වර්ග පිළිකා රෝහලට සැපයෙනුයේ වෛද්‍ය සැපයීම් අංශය හරහා ය. එවැනි පඳුළුවීමක්‌ එන්නත් දියර කුප්පිවල පැවැතියේ නම් එය හඳුනාගත යුතුව තිබුණේ වෛද්‍ය සැපැයීම් අංශයේදී ය. එහෙත් එවැන්නක්‌ සිදු නොවූ අතර, පිළිකා රෝහලේ ඖෂධවේදිනියක්‌ එවැනි පඳුළුවීමක්‌ ඇති බව පවසන තෙක්‌ වෙනත් කිසිවෙකු එවැනි තත්ත්වයක්‌ ඇති බව නොදැක්‌ම සැක සහිත බව පිළිකා රෝහලේම වෛද්‍යවරු පවසති. මෙම එන්නත් දියර කුප්පි පළුදු තත්ත්වයෙන් සැපයූ බව කියන සමාගම විසින් සෞඛ්‍ය බලධාරීන් විසින් ඉහත කී තත්ත්වය මුල් කරගෙන තම සමාගමෙන් පිළිකා නාශක එන්නත් මිලදී ගැනීම නතර කර සමාගම තහනම් කිරීමට එරෙහිව අධිකරණයෙහි නඩුවක්‌ ද පවරා තිබිණි.

මේ වන විට එම නඩුවෙන් අදාළ සමාගම නිදොස්‌ කර ඇති අතර සමාගමට එරෙහි තහනමද ඉවත් කර තිබේ. එහෙත් තවමත් පිළිකා රෝහල ඉහත කී පිළිකා නාශක එන්නත් මිලදී ගනුයේ අධික මිලකට ඒවා සපයනු ලබන සමාගමෙනි.

මෙය එක්‌ අතකින් විශාල මුදල් නාස්‌තියකි. මෙම පිළිකා නාශක එන්නත් සිද්ධිය පසුපස ඇත්තේ පිළිකා රෝහලට පිළිකා එන්නත් සපයන දේශීය බෙහෙත් සමාගම් දෙකක්‌ අතර පවතින අරගලයකි. එහෙත් එම අරගලයට සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු නිලධාරීන් අත පෙවීමත් මුදලට වහල් වී සමාගම් හා අමාත්‍යාංශයේ නිලධාරීන් කොටවා පිළිකා රෝහලට සැපයූ එන්නත්වල පළුද්දක්‌ ඇති කර නැති ප්‍රශ්නයක්‌ මැවීම වෙනම සොයා බැලිය යුතු තත්ත්වයකි.

අනෙක්‌ අතට මෙය රාජ්‍ය නිලධාරීන් අල්ලස හරහා මිල දී ගැනීමකි.

වත්මන් රජය අනවශ්‍ය මුදල් නාස්‌තිය වැළැක්‌වීමට කටයුතු කරන බව ප්‍රකාශ කර තිබීම හේතුවෙන් මේ පිළිබඳව සොයා බැලීම කාලීන අවශ්‍යතාවක්‌ වී තිබේ. මන්ද( මෙම පිළිකා නාශක එන්නත් සිද්ධිය තවත් එක්‌ සිද්ධියක්‌ පමණක්‌ නොවන නිසාය. තවමත් දැනට පිළිකා රෝහලට අදාළ පිළිකා නාශක එන්නත් සපයන සමාගම තම ඒකාධිකාරය රැක ගැනීම සඳහා විවිධ වෘත්තිකයන්ට මුදල් ඇතුළු වරප්‍රසාදයන් ලබා දෙමින් පැවැතීම නිසාත්, මෙවැනි තත්ත්වයන් අනෙක්‌ බෙහෙත් වර්ග මිලදී ගැනීමේදී සිදුවීමට ඉඩ ඇති නිසාත් මේ පිළිබඳව සොයා බැලීම බලධාරීන් සතු යුතුකමක්‌ බව අවධාරණය කර සිටිමු.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.