ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

New

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, December 13, 2015

ත්‍රිපිටක සජ්ඣායෙන් බැබළෙන සිද්ඨස්ථාන.....


මෙම පිංකමේ සුවිශේෂත්වයන් කිහිපයක්‌ම වේ. එනම් භික්‍ෂුන් වහන්සේ තුන්දහසක්‌a දෙනා සහභාගි කරවා ගනිමින් බුද්ධගයාවේදී ත්‍රිපිටකය සජ්ඣායනය පටන් ගන්නා අතර එය අවසන් කෙරෙන්නේ ශ්‍රී ලංකාවේදී වීම එක්‌ විශේෂත්වයකි. එනම් දින 18 ක්‌ පමණ කාලයක්‌ පුරා පැවැත්වෙන මෙම පිංකමේ අවසන් දින තුන දළදා මාළිගාව අසල ඉදිකෙරෙන විශේෂ පීථිකාවකදී ත්‍රිපිටකය සඡ්යනය නිමාවට පත් කෙරේ.


අප අමා මහ සම්බුදුරජාණන්වහන්සේගේ උතුම් නිර්මල ථෙරවාදී බුදුදහම අද ලොවපුරා වේගයෙන් ප්‍රචලිත වෙමින් පවතී. අතීතයේදී මෙන් නොව, වර්තමානයේදී යුරෝපය, අමෙරිකා එක්‌සත් ජනපදය, ඔස්‌ට්‍රේ‍ලියාව වැනි මහාද්වීප තුළද ආසියාවේ මෙන් ථෙරවාදී දහම ව්‍යාප්තවෙමින් පවතින්නේ ඒ පිළිබඳ ලෝකයා කරුණු කාරනා හැදෑරීම හා ප්‍රගුණ කරන නිසාවෙනි. එනිසාම දිනෙන් දින බුදුදහම වැළඳගන්නා පිරිසද ක්‍රමයෙන් වර්ධනය වෙමින් පවතී. ඒ අනුව බලනකල බුදුන් උපන් දේශයටත් වඩා බුදුන් වැඩිය මේ පොළොවේ උපන් අප සැබැවින්ම පිංකළ ඇත්තෝ නොවෙමුද? ඒ බුදුදහම අපට උරුමයෙන්ම හිමිවන නිසාම නොවේ. නිරන්තරයෙන් අප ගමත්, පන්සලත් බුදු දහමත් අතර චක්‍රයක්‌ මෙන් බැඳී බුදු දහම සමගම ජීවිතයේ බොහෝ කටයුතුවල නිරත වන නිසාය. සැබැවින්ම අප උපතේ සිට මිය යන තුරුත්, මරණයෙන් පසුවත් බුදු දහමේ නිරන්තර ආභාෂයෙන් කටයුතු කරන්නෝ වෙමු. සකළ ලෝකවාසීන්ටම මෙත් සිත් පැතිරවීමත්, නිදුක්‌ නිරෝගී චිර ජීවනය ප්‍රාර්ථනය කිරීමත් බෞද්ධ වත් පිළිවෙත්හි මුලික කාරණාවයි.

එසේ, ලෝකවාසීන්ටම මෛත්‍රිය පතුරුවාලමින් ලෝකයේ සාමය, සමගිය, චිර ජීsවනය ඇති කරනුවස්‌ මේ දිනවල ථෙරවාදී බෞද්ධ රාජ්‍යයන්වල එකතුවෙන් වැදගත් පුණ්‍යකර්මයක්‌ සිදු කෙරෙමින් පවතී. ඒ බුදුන් උපන් පිංබිමේය. බුද්ධගයාවේදීය. ශ්‍රී ලංකාවද එහි කොටස්‌ කරුවෙකි.

බුද්ධගයාවම මේ දිනවල කසාවතින් බැබළේ. ඒ ලොව පුරා ථෙරවාදී බුදු දහම පවතින රටවල් 12 ක භික්‍ෂූන් වහන්සේ තුන්දහසකින් (3000) සමන්විත පිරිසක්‌ බුද්ධගයා විහාරයේ වජ්‍රාසනය අසල ත්‍රිපිටකය සජ්ඣායනයට එක්‌ව සිටින නිසාය. තායිලන්තය ප්‍රන ථෙරවාදී රාජ්‍යවලින් පැමිණ සිටින භික්‍ෂූන් වහන්සේට ශ්‍රී ලංකාවේ භික්‍ෂූන් වහන්සේ ද 18 නමක්‌ අයත්ව සිටිති. වාර්ෂිකව බුද්ධගයාවේදී සිදුකරනු ලබන මෙම පිංකම සංවිනය කරනු ලබන්නේ 'ජාත්‍යන්තර බෞද්ධ ධර්මාලෝක පදනම' (Light of Buddha Dhamma Foundation) මගිනි. එම පදනමේ අධ්‍යක්‍ෂිකා, ඇමෙරිකානු ජාතික වෑන්ග් මෝ ඩික්‌සි මැතිනිය මෙම පිංකමේ සියලු බරපැන දරමින් එය සංවිනය කරන්නීය. ඇයගේ පියතුමන්, ප්‍රකට ඇමරිකානු ව්‍යාපාරිකයකුව හිඳ දැන් මහණදම් පුරන්නේය. ඔවුන්ගේ ව්‍යාපාරවලින් ලබන ආදායම මගින් මෙලෙස බෞද්ධ පුනර්ජීවනය සඳහා ධර්ම දානමය කටයුතු සිදුකරනු ලබන අතර මෙම ත්‍රිපිටක සජ්ඣායන පිංකම් මාලාව අරඹන්නේ 2010 වසරේදීය. මෙවර එය පැවැත්වෙන්නේ සිව්වන වරටය.

මෙම පිංකමේ සුවිශේෂත්වයන් කිහිපයක්‌ම වේ. එනම් භික්‍ෂුන් වහන්සේ තුන්දහසක්‌a දෙනා සහභාගි කරවා ගනිමින් බුද්ධගයාවේදී ත්‍රිපිටකය සජ්ඣායනය පටන් ගන්නා අතර එය අවසන් කෙරෙන්නේ ශ්‍රී ලංකාවේදී වීම එක්‌ විශේෂත්වයකි. එනම් දින 18 ක්‌ පමණ කාලයක්‌ පුරා පැවැත්වෙන මෙම පිංකමේ අවසන් දින තුන දළදා මාළිගාව අසල ඉදිකෙරෙන විශේෂ පීථිකාවකදී ත්‍රිපිටකය සජ්ඣායනය නිමාවට පත් කෙරේ.

මෙවර බුද්ධගයාවේ සජ්ඣායනය ඇරඹුණේ දෙසැම්බර් දෙවැනිදාය. එය එහිදී 15 වැනිදා නිමාවට පත්වීමට නියමිතය. ඉන්පසු ථෙරවාදී බෞද්ධ රාජ්‍ය 11 ක භික්‍ෂුන් වහන්සේ යළිත් තම රටවලට වැඩම කරන අතර වෑන්ග් මෝ ඩික්‌සි මැතිනිය හා ශ්‍රී ලාංකික භික්‍ෂූන් වහන්සේලා සමඟ ත්‍රිපිටක සජ්ඣායන කමිටුවේ සාමාජිකයන් ශ්‍රී ලංකාවට පැමිණේ. ඉන්පසු මේ මස 18, 19 හා 20 දිනවලදී ශ්‍රී ලංකාවේ සජ්ඣායන කටයුතු දළදා මාළිගාවේදී සිදුකෙරේ. මේ සඳහා සියලු කටයුතු දැනටමත් සූදානමින් පවතින බව 'ත්‍රිපිටක සජ්ඣායන කමිටුවේ' ජාත්‍යන්තර සම්බන්ධීකාරකවරුන් වන මල්වතු විහාරවාසී පූජ්‍ය ලක්‍ෂපාන චන්දවිමල හිමි හා තායිලන්තවාසී කුමාර සිරිවර්ධන මහතා පවසති.

ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන ත්‍රිපිටක සජ්ඣායන කටයුතු මල්වතු හා අස්‌ගිරි මහා නායක හිමිවරුන්ගේ පූර්ණ අනුශාසකත්වයෙන් හා දියවඩන නිළමේවරයාගේ දායකත්වයෙන් සිදුකරන බව චන්දවිමල හිමියෝ පවසති.

එසේම දින 15 ක්‌ පුරා බුද්ධගයාවේදී පැවැත්වෙන සජ්ඣායන කටයුතු සඳහා සහභාගි වන භික්‍ෂූන් වහන්සේලාගේ පහසුකම්, දානමානාදිය, පිරිකර පූජාවන් සියල්ලත්, ශ්‍රී ලංකාවේදී සිදුකෙරෙන කටයුතුවල සියලු වියහියදම් හා දානමානාදී කටයුතුත් සිදුකරන්නේද ඩික්‌සි මැතිනිය විසින් බව පූජ්‍ය චන්දවිමල හිමියෝ පවසති. එය තවත් විශේෂත්වයක්‌ මෙන්ම, මෙම පිංකම බෞද්ධ රාජ්‍යයන් අතර පැවැත්වෙන අතිශය වැදගත් හා උත්තරීතර මෙන්ම සුවිශාල පිංකමක්‌ද වේ. එය ලෝකයේ බෞද්ධ පුනර්ජීවනයට අති විශාල වූ ශක්‌තියකි. හෙන්රි ස්‌ටීල් ඕල්කට්‌තුමන් හා බ්ලැවට්‌ස්‌කි මැතිනිය වැනි ඇමරිකානු සම්භවයක්‌ ඇති ශ්‍රේෂ්ඨයන්ගෙන් පසු ඩික්‌සි මහත්මියත් ඇයගේ පියාත් බෞද්ධ පුනර්ජීවය උදෙසා අතිශය මෙහෙයක්‌ ඉටුකරන දෙපළක්‌ බව වාර්ෂිකව පැවැත්වෙන මෙම ත්‍රිපිටක සජ්ඣායන පිංකමෙන් තහවුරු වේ.

ශ්‍රී ලංකාවේදී ලබන 18 වැනිදායින් ඇරඹී 20 වැනිදා අවසන් වන මෙම පිංකම අවසානයේදී ඊට සහාගි වන සියලුම භික්‍ෂූන් විෂයෙහි විශේෂ සමරු සිහිවටනයක්‌ ද පිළිගැන්වෙන බව ත්‍රිපිටක සජ්ඣායන කමිටුව සඳහන් කරයි. ශ්‍රී ලංකාවේදී මේ සඳහා ශ්‍රී ලාංකික භික්‍ෂූන් වහන්සේ 125 නමක්‌ සහභාගි වෙති. බුද්ධගයාව මෙන්ම, දළදා මැඳුරද කසාවතින් බැබලී බුදුදහම තවත් චිරාත් කාලයක්‌ පවතින්නට මෙන්ම, සකල ලෝකවාසීන්ට සෙත්පතා සිදුකරන මේ උතුම් පිංකමට අප ද සෙනෙහෙ සිතින් ආශිර්වාද පුදකරන්නෙමු.



ජගත් කණහැරආරච්චි

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.