රගර් ක්‍රීඩක මොහොමඞ් වසිම් තාජුඩීන්ගේ ගොඩගත් මළ සිරුර සම්බන්ධයෙන් වූ විශේෂඑම වාර්තාව ලබා දී ඇත්තේ තාජුඩීන්ගේ මෘත ශරීරය පිළිබඳ පරීක්ෂණ සිදු කළ අධිකරණ වෛද්‍ය නිලධාරී අජිත් තෙන්නකෝන් විසිනි. පරීක්ෂණ වාර්තාවෙන් අධිකරණ වෛද්‍යවරයා පෙන්වාදී ඇත්තේ වසිම් තාජුඩීන් රියඅනතුර සිදු වන මොහොතේ වාහනය පදවා නොමැති බවයි. තාජුඩීන්ට පහර දී දුර්වල කිරීමෙන් පසුව සිරුර මෝටර් රථයේ වම්පස අසුනේ තබා අනතුර වීමට ඉඩ සලස්වා තිබෙන බවත් ඒ අනුව මෝටර් රථය ගිනි ගැනීම වසිම්ගේ මරණයට ස්වල්ප වේලාවකට පෙර හෝ මරණය සිදු වෙමින් තිබූ කාල පරාසයේ සිදු වී ඇති බවත් අධිකරණ වෛද්‍ය නිලධාරී මණ්ඩලය මතයක් පළ කර ඇත. අධිකරණ වෛද්‍ය නිලධාරීන්ගේ පරීක්ෂණවලට අනුව වසිම් තාජුඩීන් පණපිටින් පුළුස්සා ඇති බව තහවුරු වේ.
අධිකරණ වෛද්‍ය පරීක්ෂණයේ අවසන් වාර්තාව ඉකුත් දෙසැම්බර් මස 03 වන දින කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් නිශාන්ත පීරිස් වෙත ලබා දී ඇත.මෙම ඝාතනයට ශ්‍රී ලංකා රගර් පරිපාලන ගැටලූවක් හේතු වී ඇති බව මේ වන විට අනාවරණය වී ඇති අතර රගර් ක්‍රීඩක වසිම් තාජුඩීන්ගේ මරණය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇතැයි පැවසෙන්නේ හිටපු ජනාධිපති පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂටය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ගවලට අනුව මෙම ඝාතනය සඳහා තිස්ස නමැති හමුදා නිලධාරියෙක් ද සම්බන්ධ වී ඇත. තාජුඩීන්ගේ මරණය ඝාතනයක් ද හදිසි අනතුරක් ද යන්න පිළිබඳ රහස් පොලීසියත් අධිකරණ වෛද්‍ය නිලධාරී මණ්ඩලයත් ඉතා පුළුල් විමර්ශනාත්මක වාර්තාවක් සකස් කර ඇත. එම වාර්තාවට අනුව තාජුඩීන්ගේ මරණය ඝාතනයක් බවට තහවුරු කරගෙන ඇත.
මෙම ඝාතනයට ශ්‍රී ලංකා රගර් පරිපාලන ගැටලූවක් හේතු වී ඇති බව මේ වන විට අනාවරණය වී ඇති අතර රගර් ක්‍රීඩක වසිම් තාජුඩීන්ගේ මරණය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇතැයි පැවසෙන්නේ හිටපු ජනාධිපති පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂටය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ගවලට අනුව මෙම ඝාතනය සඳහා තිස්ස නමැති හමුදා නිලධාරියෙක් ද සම්බන්ධ වී ඇත. තාජුඩීන්ගේ මරණය ඝාතනයක් ද හදිසි අනතුරක් ද යන්න පිළිබඳ රහස් පොලීසියත් අධිකරණ වෛද්‍ය නිලධාරී මණ්ඩලයත් ඉතා පුළුල් විමර්ශනාත්මක වාර්තාවක් සකස් කර ඇත. එම වාර්තාවට අනුව තාජුඩීන්ගේ මරණය ඝාතනයක් බවට තහවුරු කරගෙන ඇත.
ඒ අනුව මෙම මරණය ඝාතනයක් බව නීතිපතිවරයා තීන්දු කරනු ඇති බවත් නුදුරේම ඊට අදාළ අධිකරණ කි‍්‍රයාමාර්ග ගනු ඇති බවත් රහස් පොලිස් ආරංචිමර්ග පවසයි.
-දයා නෙත්තසිංහ