පැරීසියට එල්ලවූ ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරය
තරයේ හෙලාදැකිය යුතුය. මේ ලෝකයේ දරුණු ත්රස්තවාදීන් හා අහිංසක
ත්රස්තවාදීන් කියා දෙකොටසක් නැත. සියලුම ත්රස්තවාදීහු දරුණු වෙති.
ම්ලේච්ඡයෝ වෙති. පරපීඩකයෝ වෙති. ඔවුන් සන්නිවේදනය කරනුයේ සංවාදයෙන් නොව
තුවක්කුවෙනි. බෝම්බයෙනි. අහිංසක ජනතාවගේ රුධිරය මතින් තම මාවත සඵල කරගන්නට
කැසකවන ඔවුන් මනුශ්‍යත්වයටද නිගාවකි.
මීට වසර කිහිපයකට උඩදී අප
රටතුලද ත්රස්තවාදයක් පැවතුනි. බස් රථ වල ,දුම්රියේ, පන්සලේ, පල්ලියේ
මස්ජිදයේ ,පොලේ, බැංකුවේ සෑම තැනකම බෝම්බ පුපුරා ගියේය. දහස් ගනන් මිනිස්සු
සතුන් සේ මහමග මියගියහ.භේදයකින් තොරව සිංහල, දෙමළ මුස්ලිම් සියල්ලෝම ලක්මව
මත ලේ වගුරවමින් මියැදුනහ. වාසනාවකට අද අපි සාමයෙන් සුවසේ දිවි ගෙවමු. ඒ
ත්‍රස්තවාදයෙන් රට බේරාගැනීමට දැඩි තීරණ ගත් සේනාධිනායක, ආරක්ෂක් ලේඛම්
තුමන්ලාටද, දිවිහිමියෙන් යුධ වැදුනු ත්‍රිවිධ හමුදාවේ සියලුම නිලධාරීන්ටද
අප හිසනමා ආචාර කළ යුතු ය.ලංකාවේ මානවහිමිකම් හා ප්‍රංශය
ත්රස්තවාදයේ රඟ දැනෙන්නට එයට මුහුන දිය යුතුය.බොහෝ විට තමාගේ එකෙකු නිරපරාදේ මැරීවැටුනතුරු ත්‍රස්තවාදය යන්න කුමක්දැයි කිසිවෙකුට නොතේරේ. ප්‍රංශය වනාහි ලංකාවේ යුධ අපරාධ සිදුවූවායැයි කියමින් මානව හිමිකම් කවුන්සිලයේ අප රටට එරෙහිව ප්‍රකාශ නිකුත් කළ , අප නියෝජිතයින්ට දේශපාලන තර්ජන එල්ල කළ රටකි. ඔවුන් සැබෑලෙසම ගනු ලැබුවේ ත්‍රස්තවාදි පක්ෂපාති කඳවුර මිස ත්‍රස්තවාදී විරෝධී කඳවුර නොවේ.
ත්‍රස්තවාදය තමාගේ මවු රටද ගොදුරු කරගන්නට කැසකවන විට, තමාගේ අහිංසක රටවැසියන් අහේතුකව මවු පොලව මත අවසන් හුස්ම හෙලන විට ප්‍රංශයට "ත්‍රස්තවාදය" යනු කුමක්දැයි අවබෝධවන්නට ඇත. එහෙව් වූ සත්‍යය ඔවුනට පසක්වේවා යැයි පතමි.
කිඹුල් කඳුළු
යුද්ධයේ පිහිටෙන් දිවිගෙවූ උපන් බිමට බරක් වූ අමනයින් ද, අපව මරණයෙන් බේරාගත් යුධවිරුවන් ජාත්‍යන්තර දෙමුහුන් අධිකරණයට දක්වන තැන දක්වා ක්‍රියාකළ යහපාලන අමන රැලද ,ත්‍රස්තවාදය කරපින්නාගත් ඒ යහපාලනය ගැන පාරම්බාමින් සමාජ ජාලා වල පම්පෝරි ගැසූ ඊනියා විදග්ධ දේශපාලන විචාරකයින්ද පැරීසියේ සිදුවූ ම්ලේච්ඡ ත්‍රස්තවාදි ප්‍රහායට එරෙහිවනු දැක මට සිනා පහලවිය. ඒ එම ප්‍රහාරයට එරෙහිවීම නිසා නොවේ.
තමන්ගේ රට දෑස් ඉදිරියේ අගාධයට ඇදී යනු දැක දැකම, යුධහමුදාවේ සෙබලුන් අත්ඩංගුවට ගෙන ත්රස්තවාදීන් ට පොදු සමාවක් දීම පිලිබඳ මුවින් කෙල බිඳුවකුදු නොසලා , දෙමුහුන් උසාවි නොදුටුවා සේ සිට ප්‍රංශයේ සිදුවූ ත්‍රස්තවාදී ප්‍රහාරය පමනක් හෙලාදැකීම විහිලු සහගත නොවන්නේ ද?මෙවන් පුද්ගලයින් මේ මවුබිමේ උපන් මිනිසුන් විය හැකිද? තමන්ගේ එකා කෙරේ නැති අනුන් ගැන ඇති මේ අමුතු වූ සෙනෙහස කුමක් ද? තම මෑණියන් වුවද මුදලට විකුනන්නේ එහෙව් අජාසත්තලා, චිංචිමානවිකාවන් නොවේද?

මිනිසුන් හඳුනාගැනීමට අප තවමත් ප්‍රමාද නැත!
~ඉසුරු රන්දෙනිකුමාර~