කවුරු මොනවා කිව්වත් තමන්ව එක මොහොතකටවත් අත් අඩංගුවට ගැනිමට මෛත්‍රීපාල
සිරිසේන ජනාධිපතිවරයා ඉඩ නොතබන බව පසුගියදා තරුණයෙකු පැහැරගෙන ගොස් මරණ
තර්ජනය කර
“ඔයාලා බයවෙන්න එපා ජනාධිපතිතුමා මගේ තාත්තා වගේ ….මම කියන දෙවල් එතුමා අහනවා…කවදාවත් මාව අත් අඩංගුවට ගන්න ඉඩ තියන්නේ නෑ….” එතුමාගේ දුවලා කියන දෙන්නටත් වඩා මම කියන දෙ අහනවා…මට මේ ප්‍රශ්ණය උන ගමන් ජනාධිපති කතා කළා….දුව ඔයා බය වෙන්න එපා…මම ඉන්නවානේ…කියලා එතුමා කිව්වා ….
සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට එල්ල වෙමින් තිබේන චොදනා එකින් එක තහවුරු වෙමින් පවතින බවත් අදාළ චොදනාවන්ට අනුව මේ වනවිටත් තමන්ගේ සේවාදායකයා වන මන්ත්‍රීවරිය සිටිය යුත්තේ ගෙදර නොව හිර ගෙදර බවද අදාළ නීතිඥවරුන් පවසා තිබේ.

ඩිෆෙන්ඩර් රියකින් ආ නාඳුනන පිරිසක් දෙමටගොඩ ලකී ස්ටාර් රෙදි සාප්පුවේ සේවකයකු පැහැර ගත් බවට පැමිණිල්ලක් ලැබුණු බව පොලිසිය අධිකරණයට දැන්වීය. මේ ගැන ප්‍රේමචන්ද්‍ර මහත්මියගෙන් විමසු විට ඇය එවැන්නක් ගැන නොදන්නා බව කීවේ යැයි පොලිසිය උසාවියට දැන්වීය. පසුව ඇය ජිප් රිය හා සැකකරුවන් පොලිසියට බාර දුන් බව ද පොලිසිය කියා සිටියේය.
සිද්ධිය ඇසින් දුටු සිව් දෙනෙකුගේ සාක්කි සටහන් කර ගත් බවත් අයුතු ජන රාශියක සාමාජිකයන් වෙමින් අමිල ප්‍රියංකර අමරසිංහ පැහැරගැනිම් ,පහරදිම හා නිති විරෝධි ලෙස රඳවා ගැනිම හා ඔවුනට නඩු පවරන බව පොලිසිය අධිකරණයට දැන්විය.