ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

New

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Saturday, December 26, 2015

තනපට විසිකොට උපහාර දැක්වූ ඵළදෙනගේ රට වැස්සන්...!!!

තනපට විසිකොට  උපහාර දැක්වූ ඵළදෙනගේ රට වැස්සන්ගෙන් උපයා ගත් මුදල් කන්දරාව....
එන්රිකේ ඉග්ලේසියස්‌ ගේ ප්‍රසංග පිළිබඳ චර්යාත්මක ප්‍රශ්නයක්‌ තිබේ. මේ ප්‍රසංග අතිශයින් ම අනුරාගී ය. කාමුකය. ඒවායේ නර්තන සහ හැසිරීම් ඉතාම රාගිකය. අඩ නිරුවත්ය. යුරෝපයේ ඔහු ඉදිරිපත් කළ ඇතැම් ප්‍රසංගවලදී ගැහැනු පිරිමි ශාරීරික සම්බන්ධකම් දැක්‌වෙන ලිංගික

ක්‍රියාකාරකම් වේදිකාව මතදී අනුකරණය කරන ලදී. ඔහුගේ ප්‍රසංගය Sex and LoveTour යනුවෙන් නම් කිරීමම අර්බුදයකි. ඔහු සිය සංචාරයේදී පැමිණි එකම අග්නිදිග ආසියාතික රට ශ්‍රී ලංකාවය. ඉන්දියාව, තායිලන්තය, සිංගප්පූරුව. වියට්‌නාමය, බුරුමය, නේපාලය, භූතානය, බංගලාදේශය යන රටවල් ඔහුට ආරාධනා කර නැත. කෙසේ වුවද ගීත ගායනයේදී ඔහු අනුගමනය කරන ලිංගික ප්‍රවේශය පිළිගන්නා පන්තියක්‌ ශ්‍රී ලංකාවේ සිටින බව පැහැදිලිය. ඒ බව තේරුම් ගත හැක්‌කේ 20 වැනිදා එන්රිකේa ඉග්ලේසියස්‌ බැලීමට තිස්‌දහසවල් සහ තිස්‌පන්දහසවල් ගෙවා පැමිණි ජනගහනය දෙස බැලීමෙනි.

ශ්‍රී ලංකාව දුප්පත් රටක්‌ද...? මේ රට දුප්පත් නම් පිටරටකින් එන ගායකයකුගේ පැයක ප්‍රසංගයක්‌ නැරඹීමට රුපියල් 35000 ක්‌ ගෙවා ටිකට්‌ පතක්‌ මිලට ගන්නට කෙනෙකුට හැකි වන්නේ කොහොමද?. ශ්‍රී ලංකාව දුප්පත් රටක්‌ නොවේ. එසේ නම් දුප්පත් නාට්‍යකාරයකුට සිය නාට්‍යය පෙන්වීම සඳහා රුපියල් 100 ටිකට්‌ පත් පවා විකුණා ගන්නට බැරි ඇයි? මෙය තේරුම් ගැනීමට බැරි සංකීර්ණ තත්ත්වයකි. මෙය තේරුම් ගැනීමට එන්රිකේ ඉග්ලේසියස්‌ තැත් කළොත් ඔහුටත් පිස්‌සු හැදෙනවා ඇත.




කොළඹදී අනුරාගය වපුරා
සල්ලි මලු පිටින් ගෙදර ගෙනගිය එන්රිකේ ඉග්ලේසියස්‌

Sex ද නැත්නම් Love ද

වේදිකාවට කඩාපැන පැන ඉග්ලේසියස්‌ බදාගෙන

මේ රටේ බටහිර සංගීතය ප්‍රිය කරන වැඩිහිටි පන්තිය විසින් මහත් ආදරයෙන් සවන් දුන් ගායකයෙක්‌ ස්‌පාඤ්ඤයේ මැඩ්රිච් නුවර අදටත් වෙසෙයි. ලොව ධනවත් ම ගායකයන් අතුරින් අයකු වන ඔහුගේ නම ජුලියෝ ඉග්ලේසියස්‌ ය. ඔහු ගීත ගායනා කළේ ස්‌පාඤ්ඤ සහ ඉංග්‍රීසි භාෂා වලිනි. දැනට හැත්තෑ දෙහැවිරිදි වියේ පසුවන ජුලියෝ මේ වන විට ගීත දහසකට වඩා ගායනා කර ඇති අතර තම ගී අඩංගු තැටි කෝටි 30 කට වඩා අලෙවි කර ඇත. ඔහු අද පෙනීසිටීමට කැමැති විශ්‍රාමික ගායකයකු ලෙසය. එහෙත් ඔහු මේ අවුරුද්දෙත් අලුත් ගී එකතුවක්‌ නිකුත් කළේය.

ජුලියෝ ඉග්ලේසියස්‌ට පුතුන් දෙදෙනෙක්‌ සහ දුවක්‌ සිටිති. වැඩිමහලු පුත්‍රයා ප්‍රසිද්ධ ගායකයෙකි. මෝස්‌තර නිරූපණ ශිල්පියෙකි. ගීත රචකයෙකි. ගී තැටි නිෂ්පාදකයෙකි. ඔහුගේ නම ද ජුලියෝ ඉග්ලේසියස්‌ ය. ඒ පුතාගේ අක්‌කා වන මාරියා පුවත්පත් කලාවේදිනියකි. මේ පවුලේ දෙවැනි පුතා වන එන්රිකේa ඉග්ලේසියස්‌ ද ගායකයෙකි. තවත් විස්‌තර කියනවා නම් මේ මොහොතේ දී ලතින් ඇමරිකාව තුළ සිටින වඩාත්ම ජනප්‍රිය ගායකයා ඔහු ය. Sex and Love නමින් අන්තර් ජාතික සංගීත ප්‍රසංගයක්‌ පටන්ගෙන ඇති ඔහු ඉකුත් ඉරිදා (20 දා) රාත්‍රි ශ්‍රී ලංකාවට පැමිණ කොළඹ සී. ආර්. ඇන්ඩ් එෆa. සී. ක්‍රීඩාංගණයේ දී පැයක කාලයක්‌ එම ප්‍රසංගය පවත්වා ඊළඟ ගුවන් යානයෙන් නික්‌ම ගියේය. ඉග්ලේසියස්‌ දෙසැම්බර් 16 වැනිදා සිටියේ ඊශ්‍රායලයේ ටෙල් අවිව් නගරයේය. එහිදී Sex and Love ප්‍රසංගයක්‌ පැවැත්වූ ඔහු එමගින් ඩොලර් 557550 ක ආදායමක්‌ උපයාගෙන තිබිණි. 20 වැනිදා ශ්‍රී ලංකාවේදී පැවැත්වූ ප්‍රසංගයෙන් පසු ඔහු නැවත ගියේ ඊශ්‍රායලයටය. පසුගිය 22 වැනිදා ඔහු තම ප්‍රසංගය එහිදී යළි පැවැත්වීය. 2016 පෙබරවාරි 11 වැනිදා ඇමරිකාවේදීත්, පෙබරවාරි 20 වැනිදා මැක්‌සිකෝවේදීත්, මැයි 8 වැනිදා ක්‍රොඒෂියාවේදීත් මැයි 14 වැනිදා බල්ගේරියාවේදීත් ඔහු තම ප්‍රසංගය පවත්වනවා ඇත.

එන්රිකෝ ඉග්ලේසියස්‌ගේ Sex and Love ප්‍රසංගය ශ්‍රී ලංකාවට ඉතා වැදගත් ය. එයට පළමුවැනි හේතුව වන්නේ ඔහු ලංකාවට ගෙන්වන ලද්දේ ලෝක පූජිත ලාංකික ක්‍රිකට්‌ ක්‍රීඩකයන් දෙදෙනකු වන මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්‌කාරගේ ලයිව් ඉවන්ට්‌ස්‌ පුද්ගලික සමාගම (www.liveevents.lk) මගින් වීමය. දෙවැනිව මෑත භාගයේදී වැඩිම මිලට ප්‍රවේශ පත්‍ර අලෙවි වූ ප්‍රසංගය එයය. තෙවැනිව මේ ප්‍රසංගයේ අවසාන භාගයේදී සියලු ආරක්‍ෂක බැමි කඩාගෙන වේදිකාවේ පිටුපසින් වේදිකාවට පැමිණි තරුණියක්‌ ඔහු බදා වැළඳගෙන ඔහුගේ ගෙලෙහි එල්ලී සිරුර මතට ගොඩ වී සිප ගන්නට පටන් ගනී. ඒ අතර ප්‍රසංගය නැරඹූ තවත් තරුණියක්‌ සිය තනපට ගලවා එන්රිකේa ඉග්ලේසියස්‌ වෙත විසි කරයි. සාමාන්‍යයෙන් මෙය ඔහුගේ සෑම ප්‍රසංගයකදීම සිදු වන්නකි. ඊශ්‍රායලයේ ටෙල් අවිව් ක්‍රීඩාංගනයේදී වේවා, ඇමරිකාවේ කැලිෙෆdaර්නියාවේදී වේවා මෙය සිදු වෙයි.

එන්රිකේ ඉග්ලේසියස්‌ කොළඹ ප්‍රසංගයේ ප්‍රවේශපත්‍ර රුපියල් 35,000, 30,000, 20,000, 10,000, 5000 ලෙස මිල නියම කර තිබිණි. රුපියල් 35000 ප්‍රවේශ පත මිලට ගන්නා අයට ප්‍රසංගය පවතින මුළු කාලය පුරාම මත්පැන් නොමිලයේ ලබා දීමට කටයුතු යොදා තිබිණි. ඔවුන් VIP ප්‍රවේශපත්‍ර ලාභීන් ලෙස නම් කර තිබූ අතර වේදිකාව ඉදිරිපස කොටසට වී ප්‍රසංගය නැරඹීමේ අවකාශය ඔවුන්ට සලසා දී තිබිණි. රුපියල් 30000 ප්‍රවේශපත්‍ර හිමියන්ට ද නොමිලයේ ඇති තරම් බියර් දෙනු ලැබීය. ඒ අතර ආහාර සහ මත්පැන් විකුණන වෙළෙඳසල් කිහිපයක්‌ම ක්‍රීඩාංගණය තුළ ඉදිකර තිබිණි. සී. ආර්. ඇන්ඩ් එෆa. සී. ක්‍රීඩාංගණය තුළ ප්‍රේaක්‍ෂකයන් 5500 ක්‌ පමණ සිටිය හැකිය. ඒ අනුව 20 වැනිදා රාත්‍රියෙහි එන්රිකෝ ඉග්ලේසියස්‌ගේ සෙක්‌ස්‌ ඇන්ඩ් ලව් ප්‍රසංගය නැරඹීම සඳහා පැමිණි පිරිස අවම වශයෙන් 5500 කි. වෙනත් ආරංචි මාර්ගවලට අනුව 7000 කි· කෙසේ වුවද කීයට ගත්ත් ප්‍රසංගය නැරඹීමට සිදු වූයේ හිටගෙනය. මේ ප්‍රසංගවලදී අසුන් පවනන්නේ නැත.

එන්රිකේ ඉග්ලේසියස්‌ සිය Sex and LoveTour ප්‍රසංග මාලාව පටන් ගන්නේ පසුගිය වසරේ පෙබරවාරි 14 වැනිදා පුවර්ටෝරිකෝ රාජ්‍යයෙහි සැන්ජුවාන් ක්‍රීඩාංගණයේදී ය. එදා එය නැරඹීම සඳහා 12000 ක්‌ පැමිණි අතර ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 12 කට වඩා ආදායම් ලැබීය. දෙවැනි ප්‍රසංගය පෙබරවාරි 15 වැනිදා නිව්යෝර්ක්‌ නගරයේ පැවැති අතර, එහි ආදායම රුපියල් කෝටි 25 ඉක්‌මවීය. මේ ප්‍රසංගයට පැමිණි පිරිස 15070 කි. පසුගිය මාස 12 ක කාලය තුළ ඔහු උතුරු ඇමරිකාව, දකුණු ඇමරිකාව, යුරෝපය, අප්‍රිකාව යන කලාපවල ප්‍රසංග 100 කට ආසන්න ප්‍රමාණයක්‌ පවත්වා ඩොලර් දහහතර කෝටි විසිලක්‍ෂ දහහතරදහස්‌ හයසිය අසූවක ආදායම් උපදවා ඇත. එය ලංකාවේ රුපියල් 20592128600 රුපියල් කෝටි 3000 කට ආසන්නය. එනම් රුපියල් බිලියන 300 කට කිට්‌ටු වූවකි. මෙයට පෙර ලෝකයේ ජනප්‍රියම ගායිකාවක වන ජෙනිෆර් ලෝපේස්‌ සමඟ එක්‌ව ඉදිරිපත් කළ ප්‍රසංග මාලාවකින් ද ඔහු ඩොලර් කෝටි හතරහමාරකට වැඩි මුදලක්‌ උපයා ගත්තේය.

 සංඛනාද වෙදගෙවත්ත

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.