ප්‍රගීත් එක්නැලිගොඩ මාලිගාවත්තේ පාතාල කල්ලියක දින 3 ක් රඳවාගෙන
චම්පික සහ නිර්මලා
සම්බන්ධයෙන් ඔහු ලියූ ලිපිය ගැන ප්‍රශ්න කෙළේ යයි ඊයේ
මාලිගාවත්තේ දී අත් අඩංගුවට ගත් කුඩුසුද්දා නමැති පාතාල සාමාජිකයා රහස්
පොලිසියට පාපෝච්චාරණය කර තිබියදිත් ඒ සම්බන්ධයෙන් වාර ගණනාවකදි අප සාක්ෂි
සහිතව අනාවරණයන් කර තිබියදිත් මෛත්‍රීපාල සිරිසේන නැමති බෙදුම්වාදී නායකයා රටේ අවසනාවන්ත නායකයා බවට පත්කිරිමට කඩේ යෑමේ
ප්‍රතිපලයක් ලෙස “ප්‍රා”නායක පාඨ්ළී ගලවා ගැනිම සදහා බුද්ධි අංශ හා හමුදාව
පාවාදෙමින් සිටින බව තවත් තහවුරු වුනා.
කියවන්න –එක්නැලිගොඩට මරු කැඳවූ චම්පික ගැන ලියූ ලිපිය…
වත්මන් ආණ්ඩුව ලැජ්ජා සහගත ලෙස බුද්ධි අංශ හා හමුදාව පාවාදෙන බව
පිවිතුරු හෙළ උරුමයේ නායක ,පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල පවසයි .අද
(21) කොළඹදී ප්රවෘත්ති සාකච්ඡාවක් කැදවමින් ඔහු මේ බව කියා සිටියා .
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ උදය ගම්මන්පිල ,
ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් වීම පිටුපස සිටින ආණ්ඩුවේ ප්‍රභලයා කවුද?
මේ ආණ්ඩුව ඉතාමත් ලැඡ්ජාසහගත ලෙස අපේ බුද්ධි අංශ හා හමුදාව පාවාදෙන
ආකාරය පිළිබද හෙළිදරවු කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. මම නීතිඥයෙකු සහ
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු විදිහටත් මට හිමි වරප්‍රසාද අනුව දැනට
බන්ධනාගාර ගතකර සිටින ප්‍රගීත් එක්නැළිගොඩගේ අතුරුදහන් වීමට සම්බන්ධයැයි
චෝදනා ලබන බුද්ධි අංශ නිළධාරීන් හමු වුනා. දැනට ඒ චෝදනාව යටතේ ලුතිනන්
කර්නල් ශම්මි කරුණාරත්න, ලුතිනන් කර්නල් ප්‍රබෝධ වීරසේකර, සාජන් මේජර්
උපසේන, ක්රෝප්රල් රූපසේන යන රණවිරුව්න සිව්දෙනා රදවාගෙන ඉන්නවා.
ඉතා වගකීමෙන් කියන්න ඕනි මේ නිලධාරීන් හතර දෙනාම ප්‍රගීත් එක්නැලිගොඩ කියන
පුද්ගලය ඇස් දෙකෙන්වත් දැකල නෑ. මේ අයගෙ කතාව ඉතාම දුක්බරයි. කොටින්ගේ
බුද්ධි අංශය වන ටොසී බුද්ධි අංශයේ සිංහල කොටින් අතර සම්බන්ධීකරනය භාරව
සිටිය තවෙන්ද්‍රන් නැමැත්තා හමුදාවට භාර වුනාට පස්සේ ඔහු පිළිබදව කටයුතු
කරන්න ඔහුගෙන් තොරතුරු ලබාගෙන කොටි බුද්ධි අංශයයේ අනික් අය ගැන අනාවරණය
කරගන්නට භාරව තිබ්බේ බුද්ධි අංශ නිලධාරීන්ට. මේ සිංහල කොටින් අතර හිටිය
රංජිත් නැමැත්තා ප්‍රගීත් එක්නැළිගොඩ විදිහට පිලිගන්න ලෙස මේ නිලධාරීන්ට අද
පොලිසියෙන් දැවැන්ත බලපෑමක් එල්ල වෙනවා.
මේ අය හදාගෙන තියෙනව ලස්සන කතාවක් . අර පින්තූර ප්‍රෙහ්ලිකාවල වගේ . මේ
එක එක නිලධාරීන්ට ප්‍රකාශ කිරීමට වෙන වෙනම කතා හදල දීල තියෙනවා. මේ කතා හතර
එකතු කලාම කියවෙන්නේ ලුතිනන් කර්නල් ශම්මි කරුණාරත්නගේ නියෝගය මත අනික්
නිලධාරීන් එකතුවෙලා ප්‍රදීප් එක්නැලිගොඩ ඝාතනය කලා කියන්න ඕනි. එතකොට ශම්මි
කරුණාරත්න කියන්න ඕනි ගොඨාභය රාජපක්ෂ මට දුරකතනයෙන් දුන්නු උපදෙසක්
මත තමයි මම මේ දේ කලේ කියල.
ලුතිනන් කර්නල් ප්රබෝධය විරසේකර එක්නැලි ගොඩ අතුරුදහන් වුනා කියල කාලය
පුරාම කුකුලේ ගග නේවාසික පුහුණුවක ඉදලා තියෙන්නේ. ඔහු අත්අඩංගුවට ගැනීමේ
කිසිම පදනමක් නෑ. මේ නිලධාරියාට සහකාර පොලිස් අධිකාරිනී ශානි අබේසේකර
කියනවා. ඔබ කිසි වරදක් කරලා නෑ ඔබව අපිට රදවා ගෙන ඉන්නට බෑ. ඔබගේ ප්‍රකාශය
අපි හදලයි තියෙන්නේ ඔයා තියෙන්නේ අත්සන ගහන්න හෙට ගෙදර මේ වගේ සැම
නිලධාරියෙකුගේම ප්‍රකාශයන් හදලා තියෙන්නේ. ඔයගොල්ල මේ අත්සන ගහල ගෙදර යන්න.
මේ අපේ ප්‍රකාශයට අත්සන් නොකලොත් කවදාවත් ගෙදර යන්න වෙන්නේ නෑ. කවුද මේ
කියන්නේ සහකාර පොලිස් අධිකාරිනී ශානි අබේසේකර.
එතකොට මේ ප්‍රකාශයට අත්සන් කරන් කැමති වේච්ච සජන් මේජර් රන්බණ්ඩා අද
නිදහස් වෙලා ගෙදර ගිහින් තියෙනවා. මේ රටේ ජනතාවගේ හිතේ ජාතික විරයෙක්
විදිහට සනිහිටුවන් වෙලා ඉන්න ගෝඨාභය රාජපක්ෂ මහතා ගැන මෙවැනි පදනම් විරහිත
චෝදනා එල්ල කරලා එතුමාව විනාශ කරන එක ජාති ජාතිත් පඩිසන් දෙන පාප කර්මයක්ය
කියලා මේ නිලධාරින්ට හිතෙන නිසා අනන්ත දුක් විදිමින් තමත් හිරකුඩුවේ ඉන්නවා
මේ ප්‍රකාශය අත්සන් නොකර.
අපිට මතකයි චන්ද්‍රකා බණ්ඩාරනායක ගේ කාලේ ඩෙන්සිල් කොබ්බැකඩුව සෙන්පතිතුමා ඝාතනය පිටුපස විජය විමලරත්න සෙන්පතිතුමා හිටියා කියලා ඔය වගේම කතාවක් ගොඩනගලා, කොමිසමක්දලා දේශප්‍රේමි කියලා ජනතාව හිතාගෙන හිටිය විජය විමලරත්න සෙන්පතිතුමා කිරිබත්ගොඩ තිබුණු පිලිමයත් කඩලා දැම්මා. අවසානයේ පාපෝච්චාරනයෙන් ඔප්පු වුණා මේ ඔක්කොම ගොතපු කතාවක් කියලා. එදා චන්ද්‍රකා බණ්ඩාරනායක ගේ කාලේ කරපු ජාතික අපරාධය නැවත කරන්න එපා කියලා අපි මේ ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.
මේ රණවිරුවන් අද මානසිකව හොදටම කඩාගෙන වැටිලා. කෙසග වෙලා. හඩා වැටෙමින් කියුවා අනේ සර් අපි ජිවිතය පරදුවට තිබ්බේ ත්‍රස්ථවාදවට එරෙහිව සටන් කරන්න. අද අපි අත්අඩංගුවට අරන් තියෙන්නේ ත්‍රස්තවාදය වැළැක්විමේ පනත යටතේ ත්රස්තවාදයට සහය දුන්නා කියලා. රණවිරුවෙකුට මිට වඩා අපහසයක් කරන්න පුළුවන්ද? අපි අහන්නේ ජනවාරි 08 අපිට පොරොන්දු වුණේ මේ වගේ යහපාලනයක්ද? මෛත්‍රී යුගය මේක ද? මේ වගේ තුච්ච පාලනයක් ලොකයේ කොහෙවත් බිහිවෙලි නෑ. මම වගකීමෙන් කියනවා ඉඩියමින් මිට වඩා හොදයි කියලා. ඉඩියමින් තමන්ගේ හමුදාව මේ වගේ තමන්ගේ දේශපාලන අරමුණු ඉටු කර ගන්න පාවිච්චි කළේ නෑ. අපි මේ ආණ්ඩුවට කියන්න කැමතියි රණවිරුවන්ට අත තියනවා කියන්නේ පනයාට ගහලා පොල්ල වරද්ද ගන්න එපා කියලා.
අපගේ ස්තූතිය ලංකානිව්ස් ටුඩේ වෙතට