වර්තමාන රනිල්-මෛත්‍රී ආණ්ඩුව පැමිණ තිබෙන
කුට ගමන කොපමණ කලක සිට විවිධාකාරයෙන් සැලසුම් කෙරුණක් ද කියා දැන ගන්නට,
බොහෝ 'ගෙදර වැඩ' කළ යුතුයි.අද දවසේ එ.ජා.ප. පුමුඛ මෙරට නව ලිබරල්
ඒජන්තයන් මෛත්‍රීපාල සිරිසේන ද, අන්දවා ගෙන සිදු කරමින් යන දේශපාලනික
විපරිවර්තනය තේරුම් කර ගත හැකි ආකාරයේ අදහසක් පළ කිරීමට, 1999 වර්ෂයේ පළ
කෙරුණු business today සඟරාවක ඡේදයක් උපුටා දැක්විය හැකි ය. එකී සම්මුඛ
සාකච්ඡාව, මංගල සමරවීර සමඟ පවත්වන ලද්දකි.
'The statement is fairly
lengthy but the essence of it is to combine the human side of socialism
with the dynamism and the efficiency of capitalism. Basically, it is
economic transition with a human face. Way back in 1994, that was again
one of our slogans. We said we were going to introduce a market economy
with a human face. Today of course people like Anthony Giddens is also
talking about it. I was happy to see that even President Clinton is now
talking about the market economy having to have a human face.'
(Nov.1999)
මෙයින් පැහැදිලි කර ගත යුතු වන්නේ, ආචාර්ය හර්ෂ ද සිල්වා
වැනි නව ලිබරල්වාදීන්, 'අමෙරිකානු ආර්ථික ප්‍රතිපත්තියෙන් බැහැර වී, සමාජ
ආර්ථික වෙළෙඳපළ ක්‍රමයක් සහිත දේශීය ආර්ථිකයක් ගොඩ නඟමින් සිටිනවා'
යනුවෙන් පවසමින් තිබෙන ආර්ථික කෙප්පයේ තරම ය. ඒ අනුව, 'සමාජ ආර්ථික
වෙළෙඳපළ' යනු, වෙස් මුහුණක් සහිත අමෙරිකානු අධිරාජ්‍යවාදයම බව මෝඩයන් නොවන
සියල්ලන් විසින් තේරුම් ගනු ලැබිය යුතු ය.
(අමෙරිකානු) 'පශ්චාත්
නූතනවාදය' නමින් පසුගිය කාලයේ මෙරට ප්‍රචලිත වූ සමාජ සංවාදය, අද ගමන් කර
තිබෙන්නේ කොතැනකටදැයි, කියා දැන් කවුරුත් සිහි එළවා ගැනීම මැනවි. දීප්ති
කුමාර ගුණරත්නලා, මංගල සමරවීර වැනි බටහිරවාදීන් සමඟ සමීප ව කටයුතු කර, දැන්
'සත්හඬ' වැනි පුවත්පත්වල කර්තෘකම් දරන්නේ, රස්සා නැති කමට නො වේ.
ඔවුන්
විසින් අනවරත අරගලයක් ලෙස දියත් කරන ලද 'විසංයෝජන' (deconstruction)
ප්‍රවාදය, උක්ත මංගල සමරවීර ගේ ප්‍රකාශයේ ගැබ් වී තිබෙන ආකාරය තේරුම්
ගැනීමට, ජහපාලන අඩස්සිය සනීප කර ගත යුතු ය.
'මේ රට විසංයෝජනය කළ
යුතු ය'යි, සඳහන් ප්‍රකාශ සහිත ලිපි NGO ප්රකාශනවල තිබේ. මංගල සමරවීර ගේ
මෙකී අතීත ප්‍රකාශය සමඟ, අද දවසේ ලාංකික දේශපාලනය තුළ සිදු කර තිබෙන විතැන්
කිරීම් සසඳා බැලීම බුද්ධිගෝචර ය.
අප විසින් ලියා පළ කරන ලද 'චේ සහ
ඇපල්' කෘතියේ පිටු 120ක් පුරා ලියැවුණු පෙරවදනේ, මෙකී දේශපාලනික
ක්‍රියාවලිය පිළිබඳ ප්‍රමාණවත් සටහනක් තිබේ. එහෙත් ඒවා කියවා ගැනීමට තරම්
විවේකයක් අප රටේ බුඩ්ඩිමතුන්ට නො තිබිණි. 'රට වටලෑම' යනුවෙන් අප ලීවේ එහි
දෙවැනි කොටස ය. දැන් සියල්ල සිදු වී තිබේ. වොලේ සොයෙන්කා කීවේ, 'දූෂකයා ගේ
ශුක්‍රානු වේලාසනින් ආඝ්‍රාණය කරන්නන් අවශ්‍ය බව' ය.
අප, අපට හැකි පමණින් කළ හැකි දේ කළෙමු.
එසේම, අද ජවිපෙ. කල්ලිය කටයුතු කරමින් සිටින්නේ කා වෙනුවෙන් ද?
ඔවුන්
අමෙරිකානු අධිරාජ්‍යවාදය, ලෝක සමාජවාදී කඳවුරට එරෙහි ව දියත් කරන ලද,
ගෝලීය දේශපාලන කුමන්ත්රණයේ ආසියානු ඒජන්තයන් බවට පත් ව තිබේ. ජ.වි.පෙ.
කල්ලිය කොළඹ, රුසියානු තානාපති කාර්යාලයට මහා දවල් කඩා පැන්නේ නිකං ඉන්න
බැරි ව නො වේ. ඔවුහු අද පඩි ලබන විප්ලවකාරීහු (paid rebels) බවට පත් ව
සිටිති.
සෙස්ස පස්සට නො වේ.
හොඳ, හොඳ සෙස්සවල් ඇත්තේ ඉදිරියට ය.
- කුමාර ලියනගේ
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!

ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]

Wednesday, December 9, 2015
ජහපාලනය හෙවත් රට මංඤ්ඤං කිරීම ...!!!
Posted by
lankanews
at
December 09, 2015
Labels: chandrika, fake chandrika, lankanews, meithree, ranil, unp, yahapalanaya
ජහපාලනය හෙවත් රට මංඤ්ඤං කිරීම ...!!!
2015-12-09T13:30:00+01:00
lankanews
chandrika|fake chandrika|lankanews|meithree|ranil|unp|yahapalanaya|
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
