විල්පත්තු රක්ෂිතයේ නිවාස තැනීම බෙල්ලන්විල
අවට නිවාස තනනවා වැනි සරල කාරණයක් යැයි කියූ අවස්ථාවාදී කැනහිලුන් සහ
හදිසියේ අටවාගත් පරිසර සංවිධාන, යහපාලන නාඩගම වෙනුවෙන්
ජිනීවා පාවාදීම හමුව රටේ ස්වෛරීභාවය අහිමිව තිබියදී, රණවිරුවන් පෝරකයට දක්කමින් කොටි ත්රස්තයන්ට නිදහස දෙමින් තිබියදී, විපක්ෂ දේශපාලන හඬ ඩොසර් කරමින් ඒකාධිපති පාලකයන් ට මෛත්‍රී වේශය ආලේපකරමින් තිබියදී, වසර දහස් ගණනක් තිස්සේ පැවති සුද්දා පවා අත නොතැබූ බුද්ධාගමට මෙරට හිමි තැන අහිමි කරමින් තිබියදී , අඳ ගොළු බිහිරන් සේ නෑසූකන්ව සිටින මේ අවස්ථාවාදි තක්කඩියන් ආයෙත් විල්පත්තු නාඩගමක් නටන්නට හදන්නේ සුපුරුදු අවස්ථාවාදය හරහා රටට කරමින් තිබෙන ව්‍යසනය පිළිබඳ අවධානය වෙනතකට යොමු කිරීමට සහ තමන් මෙතෙක් අල්ලාගෙන සිටි සටන් පාට දැන් ඔවුන් ආමන්ත්‍රණය කල සමාජ කණ්ඩායම් තුළ පවා කුජීත වෙමින් යන බැවින් නැවත වරයකින් ජනතාව රැවටීමට පොටක් පාදාගැනීමටත් මිස විල්පත්තුවට ඇති අමුතු ආදයරයක් නිසානම් නොවේ.රට පාවා දී විල්පත්තුව රැකීම..
එදා උතුර හා නැගෙනහිර ඇතුළු ලංකා භූමියෙන් 1/3 ක් සහ මුහුදු තීරයෙන් 2/3ක් කොටි ත්රස්තවාදයට බුක්තියට ලියා දුන් සහ ඒවා හ්ම්ම් සද්දයක් නැතිව අනුමත කර සහය දුන් දේශපාලන කණ්ඩායම් මේ මොහොතේ විපත්තුව වෙනුවෙන් හෙලන කඳුළු කිඹුල් කඳුළුමය.
එමෙන්ම අද ජෝන් කෙරීලා , නරේන්ද්‍ර මොඩිලා මෙරට තමන්ගේ යටත් විජිතයක් , තවත් දේශපාලන කොළනියක් බවට පත් කරගැනීමට එළා ඇති දැලේ පැටළී ඒ දේශපාලන ක්‍රියාවලිය මෛත්‍රියෙන් ඉවසන කොටස් විල්පත්තුව වෙනුවෙන් සරම කරට ගෙන කරන රඟපෑමේ ඇති ව්‍යාජය , කෘතීම බව නොබියව හෙළි කල යුතුය.
රට විකුණා හෝ රට පවාදී විල්පත්තුව රැකීමෙන් පළක් නැත. මේ මුළු ක්‍රියාදාමයම සංගතව එක් දිශාවකට යොමු විය යුතුය. විල්පත්තු , කුරගල ,සාම්පූර් , පලාලි ආදී මේ සියලු සිදුවීම් නිසි පරිමාණයට ඒකමිතිකව ගැනීම මිස එකක් පරිමාණය ඉතා විශාල කරමිනුත් අනෙකේ පරිමාණය ආසාමාන්‍ය ලෙස කුඩා කරමිනුත් මේ කරන සෙල්ලම ව්‍යාජ එකක් බව ඉතා ඉක්මනින් අවබෝධ කර නොගතහොත් විල්පත්තුව පමණක් නොව රටේම නිදහස සහමුලින්ම වැළලෙන දිනය ඉතා ඉක්මනින් එළඹෙනු ඇත.

විල්පත්තු වන සංහාරය අද ඊයේ අරඹුනක් නොවේ. එදා ඒ.එච්.එම් අෂ්රොෆ්ගේ දේශපාලන බලය බුල් ඩෝසර බවට පත් වෙමින් දීඝවාපි බුද පුද බිම සමතලා කරමින් වනසා දැමුවේ කෙසේද , එලෙසම රිෂාද් බදියුදීන්ගේ උද්ධච්ච දේශපාලන බලය විල්පත්තුව වනසමින් තිබේ. ඒ අද ඊයෙක සිට නොවේ. එය දැන් වසර පහ හයක සිට පමණ සිට ක්‍රමයෙන් සිදුවන්නකි. අද එය මෛත්‍රී මුද්‍රාව යටතේ සිදු වුවත් එදා එයම එලෙසම එවකට රිෂාද් බදියුදීන්ගේ දේශපාලන සහෝදරයා වූ හිටපු ආර්ථික සංවර්ධන ඇමතිවරයා සෙවනේ සිදු විය.
වන සංහාරය සිදු වෙමින් ඇත්තේ යලි පදිංචි කිරීමේ බෝඩ් ලෑල්ලට මුවා වී නීති පොත් වල ඇති විල්පත්තු රක්ෂිතයේ නීතිමය සීමා දඩමීමා කරගනිම් . නීති පොතේ සීමාව කොතන තිබුණත් ඇස් කන් ඇති සිහි බුද්ධියක් ඇති ඕනෑම අයෙකුට මේ කරමින් තිබෙන්නේ මහ පොළව නුහුලන අපරාධයක් බව වැටහෙනු ඇත. මේ අපරාධය පිළිබඳ පසුවී හෝ සමාජ කතිකාවතක් ඇරඹීම සුභ නිමිත්තකි. මේ ජඩ දේශපාලකයන් ජාතිවාදී ලෙස මුස්ලිම් චන්ද කුට්ටිය පෙන්නා පාලකයන් නිවටයන් සේ බිය වද්දවා කරමින් තිබෙන විනාශය වැලැක්විය හැක්කේ එවැනි සමාජ ක්‍රියාකාරකම් මගින් පමණි.
විල්පත්තුවට මේ කෑ ගහන්නේ කවුද?
විශේෂයෙන් සමාජ ජාලා සහ අන්තර්ජාල මාධ්‍ය හරහා මූලික වශයෙන් ගොඩ නැගී ඇති විල්පත්තු විනාශයට විරුද්ධ කණ්ඩායම් කිහිපයක් පැහැදිලිව හඳුනාගත හැකිය.
- සැබෑ ලෙසම පරිසරයට ආදරය කරන පරිසරවේදීන් පරිසර සංවිධාන සහ මේ ජාතිවාදී දේශපාලන ත්රස්තවාදයට එරෙහි සාමාන්‍ය ජන විඥ්ඥානය සහිත කොටස්.
- විල්පත්තුව තම මඩිය තර කරගැනීමේ තවත් ව්‍යාපෘතියක් බවට පත් කරගත් පරිසරවේදී වෙළෙන්දන්.
- විල්පත්තුව හරහා මුස්ලිම් විරෝධය අවුළුවාගත හැකියැයි සිතන අවස්ථාවාදී දේශපාලන කණ්ඩායම්.
-යහපාලන වෙස්මුහුණ තව දුරටත් අලෙවි කරගන නොහැකිව තමන් අතින් ගිලිහී යමින් තිබෙන ජනතා අවධානය (විසේෂයෙන් සමාජ ජාලා තුල ) නැවත වටයකින් ඩැහැ ගැනීමට වෙර දරන අවස්ථාවාදීන්.
- ජාතික ආරක්ෂාව , විදෙස් අත පෙවීම් ආදිය හරහා රට තුල ඇති සැබෑ දේශපාලන වියවුල පිළිබඳ ජනතා අවධානය වෙනත් අතකට යොමු කිරීමේ අරමුණ ඇති දේශපාලන කොටස්.
මෙහි පළමුවෙන්ම සඳහන් කර ඇති කණ්ඩායම පිළිබඳ අපට ඇත්තේ ගෞරකපූර්වක හැඟීමකි. ඒ ජනතා හඬ කුළු ගැන්වීමට කල හැකි සියල්ල කල යුතුය.
නමුත් මෑත කාලයේ සිහින වංකගිරි තුල ජනතාව අතරමං කල, අද වන විට දේශපාලන ලෙස යන මගක් පැහැදිලිව නැතිව අතරමංවී ඇති දේශපාලන කොටස් මෙන්ම අනාගත බල සිහින වෙනුවෙන් ජනතාව නොමගට දක්කාගෙන ගිය සිංහ හම පොරවාගත් වෘකයන් මේ විල්පත්තු සිදුවීම දඩමීමා කරගනිමින් නැවත කරලියේ රඟන්නට සූදානම් වෙමින් සිටිනු පෙනේ. විසේෂයෙන් සිංහලයාට ද්‍රෝහී වූ කරුම පක්ෂ වල උද්ධච්ච නායකයන් නැවතත් සිංහලයා රවටා කොඩිය තමන් අතට ගැනීමට දරන උත්සාහය සිහි නුවණින් අවබෝධ කර නොගතහොත් රෑ වැටුණු වලේ දවල්ද වැටී අඬු කඩා ගැනීම නියතය.
සමාජ ජාලා තුල විල්පත්තු විරෝධී කණ්ඩායම් විශාල ප්‍රමාණයක් හතු පිපෙන්නාක් මෙන් මේ වන විට නිර්මාණය වෙමින් තිබෙන්නේ ඉතා ක්ෂණිකව ඉතාමත් කෘතිම ආකාරයටය.
කොටි ත්‍රස්තවාදය පැරදවීමටවත් මතයකින් වත් එක් නොවූ සමහර කොටස් 'විල්පත්තුව' වෙනුවෙන් බෙල්ල දීමට ඉදිරිපත්වී ඇත්තේ ඇයිද යන්න විමසිලිමත්ව කල්පනා කල යුතුය. "ඕන එකෙක් ආවම මොකද. විරුද්ධ වෙනවනම් ඒ ඇතිනේ. මොකා උනත් කමක් නෑ" යනුවෙන් ක්ෂණික සිතුවිල්ලක සිර වුවහොත් නිසැක ලෙසම විල්පත්තුව පමණක් නොව අවසානයේ සියල්ලම අහිමි වනු නියතය.
රට පාවා දී විල්පත්තුව රැකීම..
එදා උතුර හා නැගෙනහිර ඇතුළු ලංකා භූමියෙන් 1/3 ක් සහ මුහුදු තීරයෙන් 2/3ක් කොටි ත්රස්තවාදයට බුක්තියට ලියා දුන් සහ ඒවා හ්ම්ම් සද්දයක් නැතිව අනුමත කර සහය දුන් දේශපාලන කණ්ඩායම් මේ මොහොතේ විපත්තුව වෙනුවෙන් හෙලන කඳුළු කිඹුල් කඳුළුමය.
එමෙන්ම අද ජෝන් කෙරීලා , නරේන්ද්‍ර මොඩිලා මෙරට තමන්ගේ යටත් විජිතයක් , තවත් දේශපාලන කොළනියක් බවට පත් කරගැනීමට එළා ඇති දැලේ පැටළී ඒ දේශපාලන ක්‍රියාවලිය මෛත්‍රියෙන් ඉවසන කොටස් විල්පත්තුව වෙනුවෙන් සරම කරට ගෙන කරන රඟපෑමේ ඇති ව්‍යාජය , කෘතීම බව නොබියව හෙළි කල යුතුය.
රට විකුණා හෝ රට පවාදී විල්පත්තුව රැකීමෙන් පළක් නැත. මේ මුළු ක්‍රියාදාමයම සංගතව එක් දිශාවකට යොමු විය යුතුය. විල්පත්තු , කුරගල ,සාම්පූර් , පලාලි ආදී මේ සියලු සිදුවීම් නිසි පරිමාණයට ඒකමිතිකව ගැනීම මිස එකක් පරිමාණය ඉතා විශාල කරමිනුත් අනෙකේ පරිමාණය ආසාමාන්‍ය ලෙස කුඩා කරමිනුත් මේ කරන සෙල්ලම ව්‍යාජ එකක් බව ඉතා ඉක්මනින් අවබෝධ කර නොගතහොත් විල්පත්තුව පමණක් නොව රටේම නිදහස සහමුලින්ම වැළලෙන දිනය ඉතා ඉක්මනින් එළඹෙනු ඇත.
කළ යුත්තේ කුමක්ද?
විල්පත්තු ව්‍යසනයට විරුද්ධව නැගිටීමට ඕනෑම අයෙකුට ඇති අයිතිය පිළිබඳ අපගේ අරෝවක් නැත. නමුත් එම විරෝධය හයි ජැක් කර විල්පත්තුව රැක ගැනීම වෙනුවට තම දේශපාලන බඩගෝස්තරය වෙනුවෙන් විල්පත්තුව යොදා ගැනීමට තටමන අවස්ථාවාදී කණ්ඩායම්වලට කිසිඳු ඉඩක් නොතිබිය යුතුය. හලාල් විරෝධය වැනි සැබෑ මහජන අභිලාෂයන් හයි ජැක් කර දෝහී බල ව්‍යාපෘතිවල ආයෝජනය කළ මෑත කාලීන උදාහරණ අපට ඒ සඳහා පාඩමක් වනු ඇත. අවසානයේ හලාල් විරෝධී සිංහ හම පොරවාගත් වෘකයන් හලාල් වී හලාල් විරෝධී නැගිටීම පරාජයට පත් විය. වෘකයන්ට අහිමි වී ගිය ඇමතිධූරය නැවත ලැබීම පමණකින් සැහීමකට පත් විය.
එබැවින් විල්පත්තුවට ඉහළින් නැගෙන විල්පත්තු රැකගැනීමේ ජනතා ධජය සතුරන් , අවස්ථාවාදින් අතට පත් වීමට ඉඩ නොදී එය විල්පත්තු , කුරගල , සාම්පූර් , පළාලි ඇතුලුව මුළු රටම රැක ගැනීමේ කොඩිය සමග එකට ළෙලදීමට සැලැස්වීම සබුද්ධික ජනතාවගේ වගකීමකි.
-කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා
යුතුකම සංවාද කවය