ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

New

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Tuesday, December 29, 2015

රුක්මණී දේවිය ගුවන් විදුලියට ගෙනාවේ මමයි...!!!

 ආචාර්ය දයාරත්න රණතුංග
මහරෑ යාමේ මේ ඇල්හේනේ
තනිවම සීපද කියනු අසා...
වෙහෙස දරාගෙන
පාර අසාගෙන
ආවෙමි අඳුරෙම
ඔබව සොයා...
දශක ගණනාවක් තිස්සේ ඔවුන් අප වෙනුවෙන් ගයයි. ඔවුන් ගැයූ ගීත ශ්‍රවණය කරන විට අප සිත් තුළ අපූර්ව චමත්කාරජනක චිත්‍ර මැවෙන්නේ නිරායාසයෙනි. ඒ; එම ගීතවල පදමාලාවන්ගේ අපූර්වත්වය, ගීතනුවල ඇති මියුරු බව මෙන් ම ගායනයේ ද ඇති ළගන්නාසුළු බව නිසා ය. අප මේ ස‍ූදානම් වන්නේ දයාරත්න - අමර‍ා යුවළගේ සංගීත දිවිය පිළිබඳව කතා කරන්නට ය. අපට කතා කළ හැක්කේ එපමණ ය නොවේ. ආචාර්ය දයාරත්න රණතුංග සහ මහාචාර්ය අමරා රණතුංග දෙපළගෙන් මෙරටේ සංගීත අධ්‍යාපන, පර්යේෂණ ක්ෂේත්‍රයන්ට සිදුවූ සේවය ද අපට කතා කළ හැකි ය. එම සේවය අතිමහත් ය.
“ඔබගේ වෘත්තීය ජීවිතයෙන් වැඩි කලක් ඔබ ගත කළේ ගුවන් විදුලියේ නේද...”
අතීත තොරතුරු දැනගැනීමේ අදහසින් මම දයාරත්න රණතුංගයන්ගෙන් විමසා සිටියෙමි.

“පාසල් අධ්‍යාපනයෙන් පසුව මම රජයේ සංගීත විද්‍යාලයට ඇතුළත් වුණා. ඒත් එක්කම මම ඉංග්‍රීසි භාෂාවෙන් විද්‍යා විෂයන් ඉගෙන ගෙන Bsc උපාධියත් ලබාගත්තා. ඒ අනුව මම ශ්‍රී ලංකා රබර් පර්යේෂණ ආයතනයේත් පොල් පර්යේෂණ ආයතනයේත් පර්යේෂණ නිලධාරියෙකු ලෙස රැකියාව කළා. එහෙම ඉන්න විට තමයි ගුවන් විදුලියට සම්බන්ධවෙන්න අවස්ථාව ලැබුණේ. ඒ; වැඩසටහන් නිෂ්පාදකවරයෙක් හැටියට. මගේ මතකයේ හැටියට ඒ 60 දශකයේ අගභාගයේදී.
කලක් ගතවන විට ගුවන් විදුලියේ සංගීත අංශයේ පාලක ලෙස සංගීත පර්යේෂණ අංශයේ ප්‍රධානියා ලෙසත් පත් වුණා. මම හරිම කැමැතියි පර්යේෂණවලට ඒ නිසයි රබර් පර්යේෂණ ආයතනයෙන් ගුවන් විදුලියේ සංගීත පර්යේෂණ අංශයේත් ඉතාම කැමැත්තෙන් සේවය කළේ.”

“70 දශකය තමයි ශ්‍රී ලංකා ගුවන් විදුලියේ ස්වර්ණමය යුගය ලෙස සැළකෙන්නේ. ඒ යුගය නිර්මාණය කරන්න කිසියම් දායකත්වයක් දෙන්න මට හැකි වුණා. විශේෂයෙන් ම ශාස්ත්‍රීය සංගීතය සමාජයේ ප්‍රචලිත කරන්න මම වැඩසටහන් කීපයක් ම නිර්මාණය කළා. එම යුගයේ තමයි ලංකාවේ පාසල්වලට සංගීතය විෂය ඇතුළත් වුණේ. එහිදී පාසල් දරුවන්ට ශාස්ත්‍රීය සංගීතය අහන්න අවස්ථාවක් තිබුණේ නෑ. එයට පිළියමක් හැටියට ලංකාවේ සිටි දක්ෂ ශාස්ත්‍රීය ගායක ගායිකාවන් සහභාගි කරවාගෙන සජීවී ශාස්ත්‍රීය ගායනා ප්‍රසංගයක් ගුවන් විදුලි මැදිරියක් තුළදී පවත්වන්නත් එය පටිගත කර ප්‍රචාරය කරන්නත් මම පියවර ගත්තා. එම උත්සාහය බොහෝ සාර්ථක වුණා.
ඒ වගේ ම මට අවශ්‍ය වුණා ශාස්ත්‍රීය සංගීතය පසුබිම් කරගත් සරල ගීත අසන්නන් තුළ ජනප්‍රිය කරවන්න. ඒ අනුව අමරදේව බී. වික්ටර් පෙරේරා, ශාන්ති ගීතදේව, සනත් නන්දසිරි වැනි සංගීතවේදීන්ගෙන් ගායක ගායිකාවන්ගෙන් උපරිම ප්‍රයෝජනයක් ගනිමින් ශාස්ත්‍රීය පසුබිමක් තිබෙන සරල ගීත විශාල සංඛ්‍යාවක් සංගීත ක්ෂේත්‍රයට දායාද කරන්න දායක වෙන්න මට හැකි වුණා. මා ගයන “සැන්දෑ අහසේ - ඉරට මුවාවෙන්” ගීතය බිහි වුණේත් ඒ පසුබිම යටතේ.”
“බී. වික්ටර් පෙරේරා අපට සිටි දක්ෂ සංගීතවේදියෙක්. මට හිතුණා ඔහු සම්බන්ධ කරගෙන අලුත් සංගීත වැඩසටහනක් නිර්මාණය කරන්න. මෙම අලුත් සංගීත වැඩසටහන කරන්න මම සැලසුම් කළා. වික්ටර් පෙරේරා මහත්තයට මේ බව කිව්වාම ඔහු කිව්වා. “මට ගුවන් විදුලි වැඩසටහනේ කතා කරන්න නම් බැහැ, වෙනත් ඕනෑම විදියකට සහභාගි වෙන්නම්” කියලා. කමක් නැහැ අපි එහෙම කරමු” කියලා මම දවසක් වික්ටර් පෙරේරා මහත්තයව ගුවන් විදුලි මැදිරියට එක්කගෙන ගියා. පටිගත කිරීමේ නිලධාරියාට මම කිව්වා මැදිරියේ ඉඳගෙන අපි කතා කරන සේරම දේවල් පටිගත කරන්න කියලා.
වික්ටර් පෙරේරා මහත්තයව මැදිරියට එක්ක ගිහිං අපි දෙන්නා සාමාන්‍ය කතාබහක් කරනව වගේ තෝරා ගත්ත ගීත දෙක තුනක් ගැන කතා කළා. මම අහන ප්‍රශ්නවලට ඔහු හොඳට උත්තර දුන්නා. මම වික්ටර් පෙරේරා මහත්තයට කිව්වේ අර වැඩසටහනට පෙර සූදානමක් වෙන්න හදනවා කියලයි. කොහොම හරි වික්ටර් පෙ‍රේරාට හොරෙන් පටිගත කළ ඔහුගේ දෙබස් අරගෙන අපි හොඳ වැඩසටහනක් නිර්මාණය කළා.
රුක්මණී දේවිය ගුවන් විදුලි ගායිකාවක් කිරීමේ ගෞරවය හිමි වන්නේ ද ආචාර්ය දයාරත්න රණතුංගයන්හට ය. ඔහු ඒ සිදුවීම සිහිපත් කළේ මෙලෙසිනි.
“ඒ කාලේ රුක්මණී දේවිය අපි ළඟින් ම ඇසුරු කළා. මම දවසක් ඇයට කිව්වා “ඇයි ඩේසි අක්කේ ගුවන් විදුලිය පැත්තේ එන්නේ නැත්තේ” කියලා‍. “අනේ මල්ලි මම ගුවන් විදුලි ගායිකාවක් නෙමෙයිනේ කියලා ඇය මට පිළිතුරු දුන්නා. ඒ වුණත් ඩේසි අක්කේ ඔයාගේ ගීත කීයක් නම් ගුවන් විදුලියේ තියෙනවද, ඔයා හෙට අනිද්දාම ගුවන් විදුලියට එන්නකෝ” කියලා මම ඩේසි අක්කට කිව්වා.
ඒ දවස්වල ගුවන් විදුලියේ සභාපති වශයෙන් හිටියේ තිලකරත්න කියලා මහත්තයෙක්. මම එතුමාට ගිහිං කිව්වා අපි රුක්මණී දේවියව ගුවන් විදුලියට ගෙන්වමු කියලා. එතුමා කැමැති වුණා. රුක්මණී දේවිය ගුවන් විදුලියට ඇවිත් මාත් එක්ක කතා කර කර හිටියා. එතකොට මම දැක්කා කවුද කෙනෙක් දෙතුන් පාරක් ම එතනින් එහාට මෙහාට ගිය බව.‍ බැලින්නම් ඒ සභාපති තුමා. එතුමා රුක්මණී දේවිය ගුවන් විදුලියට කැඳවාගෙන ඒම ගැන ගොඩක් සතුටු වුණා. රුක්මණී දේවිය ඒ තරම්ම ඒ කාලෙ ජනප්‍රිය තරුවක්. කොහොම හරි මම රුක්මණී දේවියගේ ගීත ගණනාවක් ම පටිගත කළා. ටික දවසකින් සභාපතිතුමාගේ අනුමැතිය ඇතිව රුක්මණී දේවියට ගුවන් විදුලියේ ගායිකාවක් ලෙස Supper grade තත්ත්වය ලබාදෙන්න මට පුලුවන් වුණා.
සුනිල් ශාන්තවත් ගුවන් විදුලියට ගෙන්වන්න මට පුළුවන් වුණා. රත්නජංකර් මහතා ශ්‍රී ලංකා ගුවන් විදුලියේ කළ ශිල්පී වර්ග කිරීමෙන් පසුව සුනිල් ශාන්ත ගුවන් විදුලි සංස්ථාවට ඒම නවතා දැමුවා. ඔහුව නැවත ගුවන්විදුලියට කැඳවාගෙන ආවොත් හොඳයි නේද කියලා මට හිතුණා. ඒ දවස්වල ගුවන්විදුලියේ සභාපතිතුමාගේ අවසරය ඇතිව සුනිල් සරත් පෙරේරා මහතයි මමයි සුනිල් ශාන්තගෙ ජාඇල ප්‍රදේශයේ පිහිටි නිවසට ගියා. ඒ දවස්වල සුනිල් ශාන්තයන් ජීවත් වුණේ අගහිඟකම් මැද්දේ. නමුත් ඔහු තමන්ගේ මතයේ සිට ඍජුව කටයුතු කළ කෙනෙක්. අපි සුනිල් ශාන්ත හමුවෙලා ගුවන්විදුලියට නැවත එන ලෙස ආරාධනා කළා. අපි කිව්වා ගුවන්විදුලියෙන් ප්‍රචාරය වන ගීත පිළිබඳව වාර්තාවක් මාස්පතා අපට ඉදිරිපත් කරන්න කියලා. ඔහු ඒකට කැමති වුණා. අපට අවශ්‍ය වුණේ සුනිල් ශාන්තයන්ට මාස්පතා කිසියම් මුදලක් ලබා දෙන්න පුළුවන් ආකාරයේ වැඩක් කරන්න.
අපේ ආරාධනය අනුව සුනිල් ශාන්තයන් ගුවන්විදුලියට ආවා. මාස්පතා වාර්තාවන් ලබාදුන්නා. අපි ඔහුට මාසෙකට රුපියල් 500 ක් දුන්නා. ඒ කාලේ රුපියල් 500 ක් කියන්නේ ලොකු මුදලක්. සුනිල් ශාන්ත ගුවන්විදුලියට එන්නේ කාර් එකෙන්. ඒ එන විට ලොකු බෑග් එකකුත් ඔහු අරගෙන එනවා. මට දවසක් හිතුණා ඒ බෑග් එකේ මොනවද තියෙන්නේ කියල අහන්න. මම ඇහුවම ඔහු බෑග් එක පෙන්නුවා. ඒකෙ තිබුණා අඬු, මිටි, කතුරු, වයර් කෑලි වගේ දේවල්. මම ඇහුවා මේ මොකටද කියලා. එතකොට සුනිල් ශාන්ත දුන්නු උත්තරේ තමයි මේ යන එන විට බැරිවෙලාවත් කාර්එක කැඩුනොත් හදාගන්න මේ ආයුධ ඕන වෙනවනේ කියන එක. සුනිල් ශාන්තට හොඳ කාර්මික දැනුමක් තිබුණා. රේඩියෝ අලුත්වැඩියා කරන්න, කාර් අලුත්වැඩියා කරන්න ඔහුට හොඳට පුළුවනි. කෙසේ හෝ එවැනි සුවිශේෂී දක්ෂ කලාකරුවන්ට කිසියම් උදව්වක් කරන්න මට හැකිවීම ගැන මම ගොඩක් සතුටු වෙනවා.
අමරා දේවී... ඔබ අමරාදේවී
නැණවත් දේවී.... ඔබ අමරාදේවී//
මම අමරා රණතුංගයන් දෙසට හැරුණේ ඇයගේ සංගීත දිවිය පිළිබඳ තොරතුරු විමසන්නටය.
පුංචි කාලෙ ඉඳලම මම ශාස්ත්‍රීය සංගීතයට පුදුම විදියට ඇලුම් කළා ඒක මට පෙර ආත්ම භාවයකින් ලැබුණු දෙයක් වෙන්න ඇති. ශාස්ත්‍රීය සංගීතය ඉගෙනගන්න ආශාවක් තිබුණට ඉගෙනගන්න ගුරුවරු හිටියේ නෑ. ඒ කාලේ හිටියේ ආචාර්ය ලයනල් එදිරිසිංහ, බී.එස්. විජේරත්න වැනි අය පමණයි. මම පුංචි කාලෙ ගුවන්විදුලියේ ළමා පිටියේ ගීත ගායනා කරන විට ඒ ගීත නිර්මාණය කරගන්නේත් මමමයි. පසුව රජයේ සංගීත විද්‍යාලයට එහෙම නැතිනම් 'හේවුඩ්' එකට ඇතුළත්වෙලා හොඳ සංගීත දැනුමක් මම ලබාගත්තා. ඒ වනවිටත් මම ගුවන්විදුලියේ ශාස්ත්‍රීය සංගීතය පිළිබඳ ගායිකාවක්. නියමාකාරයෙන් සංගීතය හදාරපු කෙනෙක් හැටියට ගුවන් විදුලිය තුළ ශාස්ත්‍රීය සංගීතයට සමාජයේ විශාල පිළිගැනීමක් තිබුණා.

රජයේ සංගීත විද්‍යාලයේ මගේ අධ්‍යාපන කටයුතු අවසන් වුණාට පසුව මට ගුරු පත්වීමක් ලැබුණා. ඒ, මීගොඩ මහා විද්‍යාලයේ සංගීතය විෂය උගන්වන්න. මීගොඩ ඒ දවස්වල තරමක් පිටිසර ගමක්. ඒ පාසලේ මම අවුරුදු 6 ක් ඉගැන්නුවා. ඒ ගමේ මිනිස්සු මට හරියට ආදරය කළා. ඉන්පසුව මම රජයේ සංගීත විද්‍යාලයේ ගුරුවරුන් බඳවා ගන්නා පරීක්ෂණයට පෙනී සිටියා. එයින් උසස් අන්දමින් සමත්වෙලා 1961 පෙබරවාරි 01 වැනිදා මම සංගීත ගුරුවරියක ලෙස සංගීත විද්‍යාලයට ඇතුලත් වුණා.
මා සමඟ අමරදේව, ශාන්ති ගීත දේව සහ සදානන්ද හෙට්ටි ආරච්චි ගුරුවරු ලෙස රජයේ සංගීත විද්‍යාලයට ඇතුළත් වුණා. ඉන්පසුව රජයේ සංගීත විද්‍යාලය තුළ මහාචාර්ය පදවිය දක්වා යන්න මට හැකි වුණා. දශක 5කට ආසන්න කාලයක් තුළ සිය ගණනක් දරුවන් මගෙන් සංගීතය විෂය ඉගෙනගෙන තියෙනවා. මාලිනී බුලත්සිංහල, බන්දුල විජේවීර, රෝහණ වීරසිංහ, එඩ්වඩ් ජයකොඩි වැනි අද සංගීත ක්ෂේත්‍රයේ නමක් දිනා සිටින බොහෝ දෙනෙක් මගෙන් ඉගෙනගත් අය. මගේ සංගීත ජීවිතය තුළ ගීත නිර්මාණ රැසක් ම බිහි කරලා තිබෙනවා වගේ ම, සංගීතය පිළිබඳව කළ පර්යේෂණ ඇසුරින් පොත් කීපයක් ම ලියලා තිබෙනවා.Ó
1998 දී කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ ආරාධනයකට අනුව එහි මානව සංගීත පීඨය ට සම්බන්ධ වෙලා බාහිර කථිකාචාර්යවරියක් හැටියට සේවය කළා. එහිදී ලංකාවේ ශාන්ති කර්ම ගැන, පිරිත් සජ්ජායනා ගැන දේශන ඉදිරිපත් කළා.
අද අපේ ර‍ෙට් ඉන්න ඇතැම් ගායක ගායිකාවන් වගේ ම ඉන්දියාවේ ගායක ගායිකාවන් ද අඩුවෙන් කතා කරමින් උණු වතුර පානය කරමින් තමන්ගේ කටහඬ ආරක්ෂා කරගන්න වෙහෙසෙනවා. නමුත් මම ම‍ෙග් කටහඬ උපරිම විදියට වෙහෙසවමින් දරුවන්ට ඉගැන්නුවා. අද මම ඒ පිළිබඳව සතුටු වෙනවා. ගායන ශිල්පිනියක් ලෙස ම‍ෙග් රසික රසිකාවියන් පිනවමින් ගීත ගැයුවා. ඒ වගේ ම ගුරුවරියක් හැටියට දරුවන්ට නොපැකිලව දැනුම ලබා දුන්නා. ඒ අමරා රණතුංග මහත්මිය තම සංගීත ජීවිතය පිළිබඳව සිහිපත් කළ අන්දමය.
මහ රෑ යාමේ ගීතය නිර්මාණය වුණු හැටි මතකද? මම දයාරත්න රණතුංගයන්හට ප්‍රශ්නයක් යොමු කළෙමි.
මහ රෑ යාමේ ගීතය නිර්මාණය වුණේ 1955 දී පමණ. ගුවන්විදුලි සංස්ථාවට පැමිණි පළමු සිංහල සභාපතිවරයා වූ එම්.ජේ. පෙ‍ෙර්රා මහත්තයා ගුවන් විදුලියට සම්බන්ධ සංගීත ශිල්පීන්ට යෝජනාවක් ගෙනාව අපේ රටේ සංස්කෘතියට ගැලපෙන දේශීය නාද රටා සහ හින්දුස්ථානී සංගීතය මුසුවූ ගීත නිර්මාණය කරන්න කියලා. ඒ කාලේ මම ගුවන් විදුලි ශිල්පියෙක් නෙමෙයි.
මම හිටියේ ළමා පිටියේ. ඒ, මගේ වයස සම්පූර්ණ වී නොතිබුණු නිසා. ඒ වනවිට මගේ අක්ක කෙනෙක් ගුවන් විදුලියේ ශිල්පිනියක්. එයාගේ ගායනා වැඩසටහනකට ගීතයක් නිර්මාණය කරන්න කියලා අක්කා මට කිව්වා. සභාපතිතුමා ගෙනාව යෝජනාවත් හිතේ තබාගෙන මම ගීතයක් නිර්මාණය කළා. ඒ, මහ රෑ යාමේ ගීතය. අදත් ඒ ගීතය ඉතාම ජනප්‍රියයි. දයාරත්න රණතුංගයන් අප සමඟ පැවසුවේය.
2016 වසර තුළ ඔබ දෙදෙනා මොන වගේ වැඩ කටයුතු කරන්නද සැලසුම් කරලා තියෙන්නේ...? මම දයාරත්න - අමරා යුවලගෙන් විමසා සිටියෙමි. එහිදී පළමුව පිළිතුරු දුන්නේ දයාරත්න රණතුංගයන්ය.
මම අවුරුදු 3ක පටන් ඉන්දියාවේ දෘපද් සංගීතය ගැන පර්යේෂණයක නිරතවෙලා ඉන්නවා. දෘපද් සංගීතය කියන්නේ පිරිත වගේ බෞද්ධ සෙත් ශාන්තියක්. බුදු සමයෙන් පසුව ඉන්දියාවේ පැවතුණේ මහායාන ධර්මය. ඒ තුළ අඩංගු වන ගායන විශේෂයක් තමයි දෘපද් ගායනා. ඒ පිළිබඳව මම කළ පර්යේෂණයේ කෘතිය නව වසරේ එළිදැක්වීමට සැලසුම් කර තිබෙනවා.
ආචාර්ය දයාරත්න රණතුංගයන්ගේ පිළිතුර විය. මගේ පැනයට මහාචාර්ය අමරා රණතුංගෙන් ලැබුණේ මෙවන් පිළිතුරකි. සංගීතය තමයි අපේ ජීවිතය. සංගීතයත් එක්කයි මියයන තෙක් ම ජීවත් වෙන්නේ. සංගීතය ඉගෙනගන්න, සංගීතය පිළිබඳ පර්යේෂණ ග්‍රන්ථවලට තොරතුරු සොයා ගන්න බොහෝ දෙනෙක් අපිව සොයාගෙන එනවා. ඔවුන්ට උදව් කරන්නේ බොහොම කැමැත්තෙන්. ඉතින් ඒ වැඩ කටයුතු තමයි 2016 අවුරුද්දෙත් තියෙන්නේ. ඒ වගේ ම අපේ දරුවො තුන්දෙනා ගැනත් මුණුබුරු මිණිබිරියන් ගැනත් සොයා බලන්න කාලය යොදවනවා.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.