ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

New

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Tuesday, December 29, 2015

සොරි සේනගේ කථාවක් හිටන්...!!! කකුළුවා තියරිය සහ හිටන් සිරිසේන...!!!



නව තාක්‍ෂණයත් සමග පිරිහෙන සමාජයේ
අපට නොගැලපෙන දේවල් ගැන සටන් කිරීමට සිදුවෙලා
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන
නව තාක්‍ෂණයත් සමග පිරිහෙන සමාජයේ අපට ගැලපෙන දේ වගේම නොගැලපෙන දේ පිළිබඳ නිරන්තරයෙන් සටන් කිරීමට සිදුවෙලා තිබෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  ප්‍රකාශ කළේය.
අම්පාර ඩී. එස්‌. සේනානායක ජාතික පාසලේදී (27 වැනිදා) පැවැති සමස්‌ත ලංකා දහම් පාසල් සිසු නිපුණතා ඇගයීම් ත්‍යාග සහ සහතිකපත් ප්‍රදානෝත්සවයේදී ජනාධිපතිවරයා මේ බව කීය.
එහිදී තවදුරටත් අදහස්‌ දැක්‌වූ ජනාධිපතිවරයා මෙසේද කීය.


අද මම ඉතාමත් සතුටුවෙනවා ඓතිහාසික දිගාමඩුලු මහා බෞද්ධ පුරවරයට පැමිණිලා අපේ රටේ යහපත්කම, හැදියාව, මනුස්‌සකම ආරක්‌ෂා කිරීමේ ප්‍රමුඛ කාර්යයක්‌ ඉටුකරන ඒ ස`දහා ඓතිහාසික කාර්යයක්‌ ඉටු කරන දහම් පාසල් දරුවන් වෙනුවෙන් මේ වැදගත් අවස්‌ථාවට සහභාගීවීමට ලැබීම ගැන.

2015 දහම් පාසල් සිසු නිපුණතා ඇගයීමේ මෙම වැඩසටහන මෙම දරුවන්ට වගේම අපේ රටේ බෞද්ධාගමික පරිසරය ශක්‌තිමත් කිරීමටත්, ශාසනයේ අභිවෘධිය ස`දහාත්, යහපත් සමාජයක්‌ නිර්මාණය කිරීම ස`දහාත් සැමවිටම ඉතාමත් වැදගත් වෙනවා.

දිගාමඩුළු ඓතිහාසික පුරාවෘත්ත සිහිපත් කරන විට අපේ රට වශයෙන් ගත් විට අපේ මහා සංස්‌කෘතියේ, අපේ මහා ශිෂ්ටාචාරයේ, මහා ඓතිහාසික පදනමේ පුළුල් කාර්යභාරයක්‌ සිය ඉතිහාසය තුළ දිගාමඩුලු ප්‍රදේශය විසින් ඉටු කර තිබෙනවා.

ක්‍රිස්‌තු පූර්ව වර්ෂවලත් ඉතා පැහැදිළිව පෙන්නුම් කරනවා දිගාමඩුළු ප්‍රදේශවල ඇතිව තිබූ බෞද්ධාගමික ප්‍රබෝධය සහ බෞද්ධ සිද්ධස්‌ථාන සම්බන්ධයෙන්. බෞද්ධ රටක්‌ විදියට මේ රටේ යහපත්කම, හැදිච්චකම, විනය, හික්‌මීම මෙම මානව දායාදයන් සුරක්‌ෂිත කළෙත්, පෝෂණය කළෙත් බෞද්ධාගමික මහා සංස්‌කෘතිය කියන එක අපි කවුරුත් දන්නා දෙයක්‌. ඒ නිසා අපේ රටේ පාසල් දරුවන් ප්‍රමුඛව සමස්‌ථ පොදු මහජනතාව වෙනුවෙන් බෞද්ධාගමික පරිසරයක්‌ ගොඩනැ`ගීමේ කාර්යයේත්, විශේෂයෙන්ම ශාසනික සේවාවේ ශාසනාරක්‌ෂක බල මණ්‌ඩල විසින් ඉටු කරන සේවාව අප අගය කරන්න ඕන.

මීට සති තුනකට විතර පෙර ජාතික ශාසනාරක්‌ෂක මණ්‌ඩලයේ සභාපති පූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම නායක ස්‌වාමින් වහන්සේත්, මෙහි වැඩවෙසෙන ලේඛකාධිකාරි ගෝනදූවේ ගුණානන්ද ස්‌වාමින් වහන්සේ ඇතුළු ජාතික ශාසනාරක්‌ෂක මණ්‌ඩලයේ ගෞරවනීය මහා සංඝරත්නය මාව හමු වුණා. එම අවස්‌ථාවේත් උන්වහන්සේලා ශාසනාරක්‌ෂක බල මණ්‌ඩල වශයෙන් රට තුළ ක්‍රියාත්මක කළයුතු බෞද්ධාගමික වැදගත්කමක්‌ ඇති ජාතික කාර්යයන් රාශියක්‌ පිළිබ`දව සාකච්ඡා කළා.

අපි රජයක්‌ විදිහට ඒ සාකච්ඡාවේදී උන්වහන්සේ විසින් යෝජනා කරන ලද එම බොහෝ කරුණු කාරණා ඉෂ්ට කිරීම ස`දහා එක`ගතාවය පළ කළා වගේම ඒ සම්බන්ධයෙන් රජය විදිහට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට එහිදී අපි සම්පූර්ණයෙන්ම ප්‍රතිඥා දුන්නා. අපි නව රජය විදිහට අපේ රටේ බෞද්ධාගමික පුනර්ජීවනය ස`දහා අපේ බෞද්ධ සංස්‌කෘතිය ප්‍රමුඛ බෞද්ධාගම ශක්‌තිමත් කිරීම සඳහා ගෞරවනීය මහානායක ස්‌වාමින් වහන්සේලා ප්‍රමුඛ ගෞරවනීය මහා සංඝරත්නයේ අනුශාසනා, ම`ගපෙන්වීම් තුළ කටයුතු කරන බව ඉතාමත් ගෞරව පූර්වකව මේ අවස්‌ථාවේ ස`දහන් කරන්න ඕන.

අද මේ ජාතික උත්සවයට අස්‌ගිsරි මහානායක ස්‌වාමින් වහන්සේගේ වැඩම කිරීම අපි දකින්නේ මේ ප්‍රදේශයට වගේම දහම් පාසල් ස`දහා විශිෂ්ට වූ ගෞරවයක්‌ ලබාදීමක්‌ ලෙසයි. ඒ නිසා ගෞරවනීය මහා සංඝරත්නය ප්‍රමුඛ මෙහි වැඩ වදාළ ඒ සියලුම ගෞරවනීය මහා සංඝරත්නයට අපේ ගෞරව පූර්වක ස්‌තූතිය පිරිනමනු ලබනවා.

දරුවනේ අපේ රට ලෝකයේ යහපත් රටක්‌. අපේ මිනිසුන් තුළ තිබෙන නිහතමානී බව, කරුණාව, ආදරය, මානව දයාව මේ සියල්ල ශ්‍රී ලාංකික ජනතාව තුළ තිබෙන්නේ වසර දහස්‌ ගණනක බෞද්ධ සංස්‌කෘතික පදනම තුළ තිබූ හැදියාවත් සම`ගයි.

ලෝකයේ සංවර්ධනය වූ මහා ප්‍රබල ආර්ථිකයන් ඇති රටවල ශක්‌තිය නොයෙක්‌ ආකාරයෙන් නව තාක්‌ෂණය තුළ පෙන්නුම් කළත් බොහෝ වෙලාවට මනුෂ්‍යත්ව දකින්නට නැහැ. බොහෝ දියුණු රටවල මිනිසුන්ගේ මුහුණේ සිනහවක්‌ නැහැ. ඔවුන්ගේ ආගන්තුක සත්කාර ඉතාමත්ම අවමයි.

තමන් ගැන සිතීම විනා අන් අය ගැන සිතීම බොහෝ දියුණු රටවල මිනිසුන් තුළ අපි දකින්නේ ඉතාමත් සුළු වශයෙන්. නමුත් අපේ පුංචි රට මහා ගෞරවනීය රටක්‌ බෞද්ධාගමික සංස්‌කෘතික පදනමක්‌ තුළ ගමේ පන්සල, දහම් පාසල පිරිවෙන මුල් කරගෙන හැදුණු මහා සංස්‌කෘතියක්‌ සමග අපට තිබෙන්නේ ශ්‍රේෂ්ඨ ඉතිහාසයේ මානව දයාව හා හැදියාව පිළිබ`ද විශිෂ්ට ගෞරවයක්‌ තිබෙන්නේ ශ්‍රී ලාංකික ජනතාවට.

ඒ නිසා අපි සැමවිටම අපේ සංස්‌කෘතීන්, අපේ උරුමයන් ආරක්‌ෂා කළ යුතු වෙනවා. දයා ගමගේ  කථා කරමින් කිව්වා දිගාමඩුල්ල දිස්‌ත්‍රික්‌කයේ දහම් පාසල් 50 ක්‌ ඉදිකිරීම සදහා අවශ්‍ය ශ්‍රම බළකාය ලබාදෙන්න කියලා ආරක්‌ෂක අංශවලින්. ඒ යෝජනාව මම සම්පූර්ණයෙන්ම පිළිගන්නවා. ඒ දහම් පාසල් 50 ඉදිකිරීමේ කාර්යයට මගේ සම්පූර්ණ සහයෝගය ලබාදෙන බව ප්‍රකාශ කරන්න ඕන.

නව තාක්‌ෂණයත් සම`ග මිනිස්‌කම් පිරිහීයන සමාජයක සැමවිටම අපේකම් සහ අපේ සංස්‌කෘතිය සහ හැදියාවන් ආරක්‌ෂා කිරීමේ කාර්යයේ ගෞරවනීය මහා සංඝරත්නය ප්‍රමුඛව, ගමේ විහාරස්‌ථානය ප්‍රමුඛව, දහම් පාසල කරන්නා වූ විශිෂ්ට මෙහෙය කිසිසේත්ම අපට අමතක කරන්න පුළුළුවන්කමක්‌ නැහැ. ඒ නිසා රාජ්‍ය ප්‍රතිපත්තිය තුළ රජයක්‌ විදිහට මේ කටයුතුවලදී දිය හැකි සෑම සහයෝගයක්‌ම අපි ලබා දෙනවා.

දහම් පාසල්වල සේවය කරන ආචාර්ය මණ්‌ඩල කරන කැපවීම අපි ඉතාමත් අගය කරනවා. දහම් පාසල්වල අවුරුදු 10 කට වැඩි කාලයක්‌ ආචාර්යවරුන් වශයෙන් සේවය කරන සෑම කෙනෙකුටම රජය ම`ගින් ගෞරවයක්‌ විදිහට සාමදාන විනිශ්චයකාරධුරයක්‌ පිරිනැමීමට අපි 2016 වර්ෂයේ කටයුතු කරන බව සදහන් කරනවා. ඒ නිසා දහම් පාසලත්, ගමේ පන්සල, පිරිවෙන වැඩිදියුණු කිරීම සදහා රජය විදිහට සෑම කාර්යයක්‌ම ඉටු කරන බව මා නැවත නැවතත් ප්‍රකාශ කරන්න ඕන.

අපේ මේ හැදිච්චකම්, යහපත්කම් සහ ගුණවත්කම් අප විසින් රැක ගැනීම සහ ඒවා ආරක්‌ෂා කර ගැනීම වඩ වඩා අවශ්‍ය වෙනවා. නායක හාමුදුරුවනේ, මේ නව තාක්‌ෂණයත් සම`ග පිරිහෙන සමාජයේ අපිට ගැළපෙන දේ වගේම නොගැළපෙන දේ පිළිබ`ද නිරන්තරයෙන් සටන් කිරීමට සිදුවෙලා තිබෙනවා.

පහුගිය සතියේ කොළඹ තිබුණා සංගීත සංදර්ශනයක්‌. මේ සංගීත සංදර්ශනයට විදේශීය ගායකයෙක්‌ ආවෙ. ඒ විදේශීය ගායකයා වේදිකාවේ සිටි කාලය පැයයි. මේ පැයක කාලයකට මේ ගායකයාගේ රසවින්දනය ලබන්න සංවිධායකවරු ටිකට්‌ විකුණලා තිබුණා හාමුදුරුවනේ රුපියල් 5000 ඉඳලා 50,000 දක්‌වා මිළ ගණන්වලට. සාමාන්‍යයෙන් පොඩි පොඩි දේවල්වල මිල වැඩිවුණහම ආණ්‌ඩුවට හුගක්‌ අය බණිනවා. අපි ඒක පිළිගන්නවා. මහජනතාවට රිදෙන්න හො`ද නැහැ. ඒ වෙලාවට හුගක්‌ නැති බැරිකම්, ආර්ථික අමාරුකම් කියනවා. බොහෝ වෙලාවට අපිව විවේචනය කරනවා.

විදේශීය ගායකයෙක්‌ ගෙනල්ලා පසුගිය සතියේ කොළඹ පවත්වපු සංගීත සංදර්ශනයේ එක ටිකට්‌ එකක්‌ තිබුණේ 5000 ඉදලා 50,000 දක්‌වා ඒ ටිකටි එක අරගෙන මේ තැනට ඇතුල් වුණහම ඒ ගත්ත ටිකට්‌ එකේ මුදලේ හැටියට බොන්න දේවල් තිබුණා. 5000 ක්‌ ගෙවපු කෙනාට බියර්, 20,000 ගෙවපු කෙනාට අරක්‌කු, 30,000 ගෙවපු කෙනාට බ්‍රැන්ඩි, 35,000 ටිකට්‌ එක්‌ක ගත්ත කෙනාට විස්‌කි, මේ විදිහට තමයි මේ සංදර්ශනය තිබුණේ. නමුත් මේකේ අශීලාචාරම, අශිෂ්ටම දේ තමයි මම මේවා කියන්න ඕන, මම සිංහල බෞද්ධයෙක්‌ විදිහට මේවා කථා නොකර බැහැ. මේ රටේ සංස්‌කෘතියට හානියක්‌ වෙනවනම් මේ රටේ යහපත් දේට මනුස්‌සකමට හානියක්‌ වෙනවනම් අපි රැකගෙන තිබෙන අපේකම්වලට හානියක්‌ වෙලා තිබෙනවනම් කාට සිත් අමාරුකම් ඇති වුණත් මම ඒවා කථා කරනවා. මේවා ගැන මට විවේචන එල්ල කරයි.

නමුත් දරුවනේ මෙතන ඉන්න තරුණ දරුවෝ ඉස්‌සරහ මට මේවා කියලත් බෑ, නොකියත් බෑ නායක හාමුදුරුවනේ, මේ සංගීත සංදර්ශනය පැයක කාලයක්‌ තිබුණේ. අපේ තරුණ පිරිස්‌ ගිහිල්ලා ටිකට්‌ අරගෙන 5000 ඉදලා 50,000 ට යනකන් බියර්වල ඉදලා බ්‍රැන්ඩි, ජින්, විස්‌කි ඔක්‌කොම බීලා මේ පැයක කාලය තුළ කොතරම් උන්මාදයට ලක්‌වුණාද කියන එක ඔබ මාධ්‍ය තුළ දකින්නට ඇති.


තරුණ ගැහැණු දරුවන් විතරක්‌ නෙවේ කාන්තාවන්ගේ උඩුකය වසා ගන්නා යට ඇඳුම ගලවලා විසි කරලා දුන්නෙ මේ ගායකයාට. මේ අපේකම් රකින හැටි. මේ බ්‍රැන්ඩි, විස්‌කි ටිකට්‌වල තිබෙන හයිය.

මෙවගේ වැඩසටහන්වලට අවසර දෙන්න කළින් ඒ අයත්, රජයේ ආයතනවලින් අවසර ගන්න ඕන පිටරටවල ගායකයෝ ගෙනල්ලා මෙවැනි සංදර්ශන තියන්න. නමුත් මෙවැනි අසංවර දේවල්වලට ඉඩ දෙන විට ඒ රාජ්‍ය ආයතන ප්‍රධානින් දැන ගන්න ඕන මේ වැඩසටහන මොකක්‌ද, මෙතන කුමක්‌ද කෙරෙන්නේ, මෙහි හො`ද නරක මොකක්‌ද කියලා.

රුපියල් ශත සෙවීමේ එකම පහත් අරමුණ තුළ මනුෂ්‍යත්වය රුපියල් ශතවලට විකුණනවා. අපේ හැදියාව, අපේ මනුෂ්‍යකම රුපියල් ශතවලට යට කරනවා. ඒක නිසා මේ වගේ දේවල්වට මින් ඉදිරියට රජයක්‌ විදිහට අනුමැතිය දීම මම සම්පූර්ණයෙන්ම වළක්‌වනවා කියන එක ඔබවහන්සේලා ඉදිරියේ මම ප්‍රකාශ කරන්න ඕන.

අද දවසේ මේ උතුම් ප්‍රදේශයට ඇවිල්ලා මේ කාර්යයට සහභාගීවීමට ලැබීම ගැන නැවත වතාවක්‌ මගේ සතුට ප්‍රකාශ කරමින් මගේ වචන ස්‌වල්පය අවසන් කරනවා.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.