ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Thursday, December 31, 2015

එදා පාර්ලිමේන්තු ගියේ බස් එකක හරි ලොරියක හරි එල්ලිලා...!!!

ම උපන්නේ පස්දුන් කෝරලයට අයිති මතුගම වැලිපැන්න ගමේ. එකදහස් නවසිය දොළහේ ජූනි මාසයේ

දහ වැනිදා සහෝදර සහෝදරියෝ දහ තුන් දෙනෙකුගේ වැඩිමලා විදිහටයි මම ඉපදුණේ. තාත්තා දොන් දාවිත් පැස්කුවෙල් අම්මා දෝන බෙබානෝනා කන්නංගර හාමිනේ.
දහතුන් දෙනෙක් අපේ පවුලේ ඉපදුණාට ඉතිරි වුණේ එකළොස් දෙනයි. පුංචි කාලේ ලෙඩ හැදිලා දෙන්නෙක් නැතිවුණා.
මම මුලින් ම ගියේ මතුගම රජයේ සිංහල ඉස්කෝලෙට. රාජකාරි කෙරුණේ ඉංග‍්‍රීසියෙන්. ඉංග‍්‍රීසි ආණ්ඩුව කාලේ නිසා ගම්මුලාදෑනියා විතරයි සිංහලෙන් වැඩකරපු එකම පුද්ගලයා. දිසාපති හැටියට හිටියේ ඉංග‍්‍රීසිකාරයෝ.

මම හෝඩියේ ඉදලා සිංහල ඉස්කෝලේ හයේ පන්තියට යනතුරු ගියා.
අපේ ගමේ මිෂනාරි කෙනෙක් හිටියා. මම එයාගෙන් ඉංග‍්‍රීසි ඉගෙන ගත්තා. සත පනහක් විතරයි දුන්නේ. සිංහල ඉගෙන ගෙන ඒ කාලේ වැඩක් නැහැ.
ඒ කාලේ කළුතර දිස්ති‍්‍රක්කයේ තිබුණ හොඳම ඉස්කෝලේ පාණදුරේ සිරිල් ජෑන්ස් විද්‍යාලය. ඕලන්ද ආණ්ඩු කාලේ ඉදලයි මේ ඉස්කෝලේ තිබුණේ. ඒ කාලේ මගේ වයස අවුරුදු දහයක් විතර ඇති.
සිරිල් ජෑන්ස් විද්‍යාලයේ උගන්වන්නේ ඉංග‍්‍රීසි භාෂාවෙන්.
මිෂනාරී තුමා ළඟට ගිහින් මම ඉංග‍්‍රීසි ටිකක් ඉගෙන ගෙන හිටිය නිසා මම කෙළින් ම සිරිල් ජෑන්ස් මහත්තයා ළඟට ගිහින් කිව්වා මට ඉංග‍්‍රීසි පුළුවන් කියලා. ඒත් මගේ වයසේ ළමයින්ට තරම් මට බැරි නිසා සිරිල් ජෑන්ස් මහත්තයා කිව්වා ඒක හරියන වැඩක් නෙවෙයි කියලා.
ඊට පස්සේ හෝලික්‍රොස් කොලිජියට ආවා. ඒ පාසලේ මම පළමු පන්තියට ඇතුළත් වුණා. පන්ති බාර ගුරුතුමී මිස් ගවුස්. මම දක්ෂ ළමයෙක් නිසා පන්ති බාර ගුරුතුමී විදුහල්පතිට ගිහින් කිව්වා මට ඩබල් පෙ‍්‍රාමෝෂන් දෙන්න කියලා. ගුරුතුමී කියාපු වචනවලින් මට තේරුණේ ඩබල් කියන වචනේ විතරයි.
මම හෝලික්‍රෝස් යන කාලේ නතර වෙලා හිටියේ කළුතර ඥාති ගෙදරක. ඒ ගෙදර ඥාතියෙක් කෝට්ටේ ආනන්ද ශාස්ත‍්‍රාලයේ ඉගැන්නුවා. එයාගේ මාර්ගයෙන් මම ආනන්ද ශාස්ත‍්‍රාලයට ගියා.
ඒ කාලේ මතුගම ඉදලා කොළඹට සත හතළිහයි හාල් පොල් දර බස් එකේ පටවගෙන කොළඹ යනවා. මම ආනන්ද ශාස්ත‍්‍රාලයට ගිය ගමන් මගේ සහෝදරයෝ සහෝදරියෝත් අරගෙන ගියා. අපි තනියම උයාගෙන කෑවේ. උදේ රෑ දෙකේම ඉස්කෝල තිබුණා.
මම ලන්ඩන් මැටි‍්‍රකියුලේෂන් විභාගය 1929 අවුරුද්දේ සමත් වුණා. ඊට පස්සේ ආනන්ද ශාස්ත‍්‍රාලයේ ම ගුරුවරයෙක් හැටියට මම වැඩ කළා. රුපියල් විස්සක පඩියක් ලැබුණා. ඒ සල්ලිවලින් මම ආනන්ද කොලිජියේ උපාධි ප‍්‍රවේශ විභාගයට ඉගෙන ගත්තා. මට ලැබුණු පඩියෙන් මල්ලිලා නංගිලටත් හොඳට ඉගැන්නුවා.
අම්මලා තාත්තා ගෙවල් දොරවල් බලාගෙන හිටියා. අපිට අඩුපාඩු තිබුණේ නැහැ. ගොවිතැන් කරගෙන හරකා බාන බලාගෙන හකුරු පැණි හදනවා, කිරි මුදවනවා. පොල් පුවක් අරගෙන ගාලු ගිහින් විකුණනවා. දැන් වගේ මිනිස්සු ඒ කාලේ කොළඹ ගියේ නැහැ. පෘතුගීසි ලන්දේසි ආණ්ඩුව කාලේ ඉදලම ගාල්ල තමයි ප‍්‍රසිද්ධ. ඉංග‍්‍රීසි ආණ්ඩුව කාලේත් මිනිස්සු ගාලු යන්න පුරුදු වෙලා හිටියා. ඉස්සර කොළඹ මඩවගුරු බිමක් වරාය එහෙම හදලා ඉවර වුණාට පස්සේ යි කොළඹ නගරයක් වුණේ.
ආනන්ද ශාස්ත‍්‍රාලයේ ස්ථිර ගුරු මණ්ඩලයට මාව බදවගත්තා. 1941 දී ජපන්නු කොළඹ වරායට බෝම්බ දාන්න යනවායි කියන ආරංචිය පැතිරුණා. හැම ඉස්කෝලයක් ම වැහුවා.
යුද කලබල නැති ප‍්‍රදේශවලට ගිහින් තාවකාලික පාසල් පටන් ගන්න ගුරු මණ්ඩලයට අවසර ලැබුණා. මම ගමට ඇවිල්ලා ආනන්ද ශාස්ත‍්‍රාලයේ ශාඛාවක් පන්සලේ පොල් අතු මඩුවක පටන් ගත්තා. එකොළොස් දෙනෙකුගෙන් පටන් ගත්ත ඉස්කෝලෙට පස්සේ ළමයින් වැඩි වුණා. ලන්දේසි කාලේ හදාපු ගෙයක් අපිට තිබුණා.
හිටපු අධිකරණ නියෝජ්‍ය ඇමැති
දයා ඩී පැස්කුවෙල්
ඒක පල දෙකට හදාපු ගෙයක්. ඒ ගෙදර අවුරුදු හාරසියයක් පැරණියි. ළමයි වැඩි වුණාම ඒ ගෙදරත් පංති පටන් ගත්තා. මට බාල සහෝදරයන්ගෙන් වැඩි දෙනෙක් විශ්වවිද්‍යාල අධ්‍යාපනයත් ලැබුවා.
මම පවුලේ වැඩිමලා හැටියට ඒ යුතුකම් හොඳින් ඉටුකළා. මම ගමට ඇවිදින් ටික කාලයකදි මාව ගමේ ප‍්‍රසිද්ධ වුණා. මම ගමට එන කාලේ මගේ මස්සිනා කෙනෙකුට ගම්සභාපතිකම ලැබී තිබුණා. ගම්සභාපති ට බැහැ ගම් සභාවේ මැම්බර් වෙන්න.
ඒ ඇබෑර්තුව හිස් වෙලා තිබුණා. ගමේ අය ගෙදරට ඇවිත් කියන්න පටන් ගත්තා මැම්බර්කම බාර ගන්න කියලා. මාව බලෙන්ම වගේ ගම්සභා මැම්බර්කමට පත්කර ගත්තා.
ගමේ පටන් ගත්ත ඉස්කෝලෙට හැම පළාතෙන්ම ළමයි එන්න පටන් ගත්තා. ගම් සභාවේ සභාපතිගේ පුතත් ආවා මගේ ඉස්කෝලෙට. මම ඒ ළමයව මගේ ගෙදර නතර කරගෙන හෝඩියේ පන්තියේ ඉඳලම උගැන්නුවා. ඔය අතරේ ගම්සභාපති හදිසියේම මිය ගියා.
ගමේ මිනිස්සු මට බල කරන්න පටන් ගත්තා සභාපති තනතුරට තරග කරන්න කියලා. මමත් ඕන කෙනෙක් එක්ක හැප්පෙන්න බය පුතෙක් නොවේ. සභාපති තනතුරට තරග කළා. අනෙක් අපේක්‍ෂකයාට ඡන්ද දොළහයි මට දහයයි. අනෙක් අපේක්‍ෂකයා ගම් සභාපති වුණා.
ඉංගි‍්‍රසි ආණ්ඩුව කාලේ නිසා පුංචි වරදටත් ලොකු දඬුවම් දෙනවා. ඒ වගේ වරදකට හසුවෙච්චි නිසා ඒ ගම් සභාපතිට අයින් වෙන්න සිදුවුණා. ඒ වෙලාවේ මාව ඒ තනතුරට නිතරගෙන්ම පත්වුණා.
එදා ඉඳලා තමයි මගේ දේශපාලන ගමන පටන් ගැනුණේ. ගම්සභාවේ ආදායම අඩුයි. ඇඟ බද්ද විතරයි ඒ කාලේ ලැබුණේ.
1949 සුළු නගර සභා සම්මේලනයේ සභාපති මම. ඔය කාලේ මතිමතාන්තරවල නොගැළපීම් ඇති වෙලා බණ්ඩාරනායක මහත්තයා එක්සත් ජාතික පක්‍ෂයෙන් වෙන් වුණා. ඒ මහත්තයත් එක්ක ඒ.පී. ජයසූරිය, ඩී.ඒ. රාජපක්‍ෂ, මෛති‍්‍රපාල සේනානායක මහත්තයා ඇතුළු පස්දෙනෙක් ගියා.
බෙලිඅත්තේ ඩී.ඒ. රාජපක්‍ෂ මහත්තයට කලින් හිටියේ ඩී.එම්. රාජපක්‍ෂ. එතුමා නැති වුණාට පස්සේ තමයි ඩීිඒ රාජපක්ෂ මහත්තයා දේශපාලනයට ආවේ. නාම යෝජනා පත‍්‍රවලට අස්සන් කළේ කුඹුරේ ඉඳලා. එයා මගේ හොඳම යාළුවා. කන්නේ බොන්නේ යන්නේ එන්නේ අපි දෙන්නා එකටමයි.
1956 දී මතුගම මන්තී‍්‍රවරයෙක් හැටියට මම පාර්ලිමේන්තුවට තේරී පත්වුණා.
1956 බණ්ඩාරනායක මහත්තයා පිහිටවපු ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයෙන් මම ඡන්දය ඉල්ලුවේ.
එදා ඉඳලම මම 1977 දක්වා මන්ති‍්‍ර ධුරයේ හිටියා. 1957 නිවාස නියෝජ්‍ය අමාත්‍යවරයා වෙලා හිටියා. ඇමැතිකම් කළාය කියලා අපිට ලැබෙන්නේ මන්තී‍්‍ර පඩියම තමයි. ඒ කාලේ දැන් වගේ දේශපාලන ඇනකොටා ගැනීම් වාද විවාද නැහැ. කොයි පක්‍ෂය වුණත් සහෝදරයෝ වගේ හිටියා. 1972 – 1977 දක්වා අධිකරණ නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළා.
අපිට කියන්න ලස්සන දේශපාලන ඉතිහාසයක් තියෙනවා. අපි කවුරුත් බලය සල්ලි පස්සේ ගියේ නැහැ. මගේ හොඳම යාළුවා ඩී.ඒ. රාජපක්‍ෂ මහත්තයා.
එතුමා උපකතා නායක වෙලා හිටියා. එයාට කාර් එකක් තිබුණ. ඒත් බස් එකේ එහෙම නැතිනම් කෝච්චියේ තමයි කොළඹට එන්නේ. මමත් බස් එකක නැතිනම් ලොරියක නැඟල කොළඹ යනවා.
මම බැංකු ණයක් අරගෙන අපේ මල්ලි කෙනෙකුගේ පාවිච්චි කරපු කාර් එකක් ගත්තා. ඊට පස්සේ කාර් එකෙන් කොළඹ යන්න එන්න පටන් ගත්තා.
ඒ කාලේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහත්තයා තර්ස්ටන් එකේ ඉගෙන ගන්නවා. මට ඩී.ඒ. රාජපක්‍ෂ මහත්තයා අඬගහනවා “අපි යං පුතා බලලා එන්න” කියලා. ඉතින් අපි කැවිලි පෙවිලි අරගෙන බලන්න යනවා.
අපි දෙන්නම මස් මාංස කන්න කැමැති නැහැ. ඒ නිසා අපි පාර්ලිමේන්තුවෙන් කන්නේ නැතිව කොටුවේ පැගෝඩා එකට එනවා. එළවළුයි බතුයි කන්න.
අපි දෙන්නා කන්න ගිය මුල් දවසේ සිද්ධියක් වුණා. මම ගමේ විදිහට පුරුදු වෙච්ච කෙනෙක් නොවැ. පැගොඩා එකේ කන්නේ හැදි ගෑරුප්පුවලින්. මගේ ළඟින් හැඳි ගෑරුප්පු ගෙනල්ලා තිබ්බා. මම කිව්වා වේටර්ට මට අත හෝදන්න කෝප්පයක් ගෙනල්ලා දෙන්න කියලා. ඒ අය ඒ වැඩේට ඒ තරම් මනාප නැහැ. ඒත් මගේ ඉල්ලීමට ගෙනල්ලා දුන්නා.
මම බත් කාලා ඉවර වුණාට පස්සේ අපි පලතුරු සලාදයක් කන්න ලෑස්ති වුණා. වේටර් කරපු වැඩේ පලතුරු සලාදේ දාලා තිබුණු හැන්ද අරගෙන ගියා. මම වේටර්ගෙන් ඇහුවා ඇයි මෙහෙම කළේ කියලා.
ඒ වෙලාවේ ;ව්ටර් කියනවා “ඉතින් මහත්තයා හැදි ගෑරුප්පු පාවිච්චි කරන්නේ නැහැනේ” කියලා. මට හිතුණේ නැහැ ඒ වෙලාවේ මට අපහාසයක් කළා කියලා. මට ඒ වැඩේට හිනා ගියා.
ඒ කාලේ හවස පත්තර තියනවා. කොහොම හරි එදා හවස ඒ කතාව පත්තරේ ගියා.
පාර්ලිමේන්තුවේදී මේ සිද්ධිය ප‍්‍රසිද්ධ වුණා. රාජපක්‍ෂ මහත්තයා සිද්ධිය පිළිබඳව මුල ඉඳලා දැනගෙන හිටියත් සද්ධ නැතුව හිටියා. ඒ සිද්ධිය වුණේ මට කියලා එතුමා කාටවත් කිව්වේ නැහැ.
මම විවාහ වුණේ නැහැ. මගේ ගෙදරත්, සහෝදර සහෝදරියන් ගේ යුතුකම් සියල්ලත් කෙරුණේ මගේ අතින්. මගේ සහෝදර සහෝදරියන්ට විතරක් නෙමෙයි ගමේ හැම ළමයෙකුට අධ්‍යාපනය ලබා දෙන්න මට ලොකු ආශාවක් තිබුණා.
මම සිංහල ඉස්කෝලේ යන කාලේ ගෑනු ළමයෙක් හිටියා අපේ ගෙවල් කිට්ටුව. ඒ ළමයා ගැන ලොකු ළෙන්ගතුකමක් තිබුණා. ඒ ළමයගේ තාත්තා විදුහල්පති කෙනෙක්. තාත්තට මාරුවක් ලැබිලා ඒ ළමයා ගමෙන් ගියා. මම ඉගෙන ගන්න කෝට්ටේ ගියා. ඒ හිතවත්කම එතනින් ඉවරයි.
කෝට්ටේ ආනන්ද ශාස්ත‍්‍රාලය මුල් කාලේ පිරිමි ඉස්කෝලයක්. පස්සේ මිශ‍්‍ර පාසලක් වුණා. ඒ කාලෙත් මට හොඳ ළමයෙක් මුණ ගැහුණා. ඒත් ඒක හිතවත්කමක් විතරයි. මගේ ආදරේ තිබුණේ අම්මට තාත්තට සහෝදර සහෝදරියන්ට විතරයි. මම පොදුවේ හැමෝටම ආදරය කළා.
සල්ලි භාගේ, ඉඩම්කඩම්, හරකාබාන ගැන මගේ කිසිම ආසාවක් නැහැ. මම හම්බුකරපු දෙයක් නැහැ. අදත් මම කන්න ගන්න දෙයින් වටපිට බලලා ඉන්න කෙනෙකුට දීලයි කන්නේ.
අම්මා මට නිරන්තරයෙන් කසාද බඳින්න පෙරත්ත කළා. මට අවුරුදු පනස්ගණන් වෙලත් මනමාලියෝ සෙව්වා.
ඔහොම එක යෝජනාවක් ආවා. ඒ ළමයා පාණදුර පැත්තේ. අපි ගියා බලන්න. මම කිව්වා ඒ ළමයා බැන්දොත් මගේ ඇට ටික බිඳෙයි කියලා. ඒ තරමට ඒ ළමයා උස මහතයි. ඉතින් ඒ යෝජනාව ඉතනින් ඉවර වුණා.
තව කෙනෙක් බලන්න ගියා. හොඳට ඉගෙනගෙන ගෙදර ඉන්න ළමයෙක්. ඒ ළමයා තොල් රතු කරලා නියපොතු රතු කරලා හිටියේ. මට අවුරුදු පනහයි. ඒ ළමයට අවුරුදු විසි ගාණක් විතර ඇති. මම ගෙදර ඇවිත් කිව්වා ඒ ළමයා මට කැමැති වෙන්න මානසික රෝගියෙක් ද කියලා. ඒකත් එතැනින් ඉවරයි.
කළුතර එගොඩ ගුරුමුහම්දිරම් කෙනෙකුගේ දුවක් බලන්න ගියා. එයා උපාධිධාරි ගුරුවරියක්ය කියලයි කිව්වේ. එයා නම් පිටිසර මිනිහෙකුට ඔබින විදිහේ චාම් කාන්තාවක්. ඒ ළමයට කියන්න වරදක් තිබුණේ නැහැ. ඒත් මට කසාදයක් ගැන වුවමනාවක් තිබුණේ නැහැ නෙවැ. ඒ මනමාලි බලන්න යනකොට කැවුම්, කොකිස් ගෙනැල්ලා තිබුණෙ පිටින්. “ගෑනියෙක් වුණාම කඩෙන් කැවිලි ගේන්න ඕනද? එයා හදන්න දන්නේ නැද්ද?” මං කිව්වා. එහෙම කෙනෙකුගෙන් මට ඵලක් නැහැ කියලා යාන්තම් ඒකෙනුත් නිදහස් වුණා.
මට මඟුල් හෙවිල්ල එතැනින් නතර කළා. ආනන්ද ශාස්ත‍්‍රාලයේදී ගෑනු ඡ්මයෙක් මට මුණ ගැහුණා. එයා පසු කාලෙක විදුහල්පතිනියක වුණා. එයාට මම ලියුමක් ලිව්වා. එයාට නම් මගේ කැමැත්තක් තිබුණා.
ඒක මොන විදිහේ කැමැත්තක් ද කියන්න මම දන්නේ නැහැ. ඒත් එයා මට ගැළපෙනවා කියලා මම හිතුවා. මම එයාට ලියලා යැව්වා ‘අපි විවාහ වෙමුද’ කියලා. ඒත් හරි උත්තරයක් ලැබුණේ නෑ.
මට දැන් අවුරුදු අනූහතක්. තාමත් ගුරුකමට කැමැතියි. මට තාම මගේ වැඩ හොඳට කරගන්න පුළුවන්. මාළු මස් කවදාවත් කාලා නැහැ. මගේ අතින් කිසිම පවක් සිද්ධවෙලා නැහැ.
මගේ ගෙදර දොර කවදාවත් වහන්නේ නැහැ. හැමදාම දොර ඇරලා ඕනම කෙනෙකුට ඕනම වේලාවක ඇතුළට එන්න එළියට යන්න පුළුවන්. දැන් මගේ ගෙදර දෙන්න දෙයක්වත් ගෙනියන්න දෙයක්වත් නැහැ.
මගේ ළඟට එන ඕනෑම කෙනෙක් මට සලකනවා. මමත් ඒ අයට මට පුළුවන් විදිහට වචනයකින් හරි සංග‍්‍රහ කරනවා. ඒ මිනිස්කමට මිනිස්සු තාමත් මගේ ගෙදරට එනවා. මට සලකනවා.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.