ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Tuesday, December 22, 2015

ආණ්ඩුවේ මී හරකුන්ගේ වැඩ නිසා ගොවීන් අමාරුවේ....

කුඹුරු කොටන්න කලින් අන්තර්ජාලයේ ලියාපදිංචි වෙන්න - අන්තර්ජාලයේ ලියාපදිංචි විය යුතු බව ගොවීන් දන් නෑ....!!!
මහ කන්නයේ වී අස්වනු අලෙවි කිරීම සඳහා අන්තර්ජාලයේ ලියාපදිංචි විය යුතු බවට දැනුවත් නොවීම නිසා අනුරාධපුර දිස්ත්‍රික් ගොවි සංවිධාන නියෝජිතයෝ දැඩි අපහසුතාවට පත්ව සිටින බව අප වෙත වාර්තා වේ. වී අලෙවි මණ්ඩලය වෙත 2015 - 2016 මහ කන්නයේ වී අස්වනු අලෙවි කිරීම සඳහා අන්තර්ජාලය ඔස්සේ ලියාපදිංචි වීමට අවශ්‍ය බව වී අලෙවි මණ්ඩලය හෝ ගොවිජන දෙපාර්තමේන්තුව ගොවි සමිති වෙත හෝ ගොවීන් වෙත නොදැන්වූ බව අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගොවි සමිති නියෝජිතයෝ පැවසූහ.
රජයෙන් ලබාදෙන ඉහළ මිලට ගොවීන්ට සිය වී අස්වනු අලෙවි කර ගැනීමට නම් වී අලෙවි මණ්ඩලයට අයත්  වෙබ් අඩවියේ ලියාපදිංචි විය යුතු බවත්, එහි ලියාපදිංචි විය යුතු අවසන් දිනය වශයෙන් දක්වා ඇත්තේ (21දා) දිනය බවත් වී අලෙවි මණ්ඩල නිලධාරීන් පවසන අතර මේ පිළිබඳව දින 14කට ඉහතදී දැන්වීම් මඟින් ගොවීන් දැනුවත් කර ඇතැයි ඔවුහු පැවසූහ.
ඍජුව අන්තර්ජාලය හරහා ලියාපදිංචි විය නොහැකි ගොවීන්ට වී අලෙවි මණ්ඩල ප්‍රාදේශීය කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල, විදාතා මධ්‍යස්ථාන, නැණසල මධ්‍යස්ථාන, ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා ලියාපදිංචි වීමට හැකියාව තිබූ බවත් එහි අවසන් දිනය ලෙස  (21දා) දිනය නම් කර තිබූ බවත් වී අලෙවි මණ්ඩල නිලධාරීහු පැවසූහ. එහෙත් මේ පිළිබඳව තමන් කිසිදු දැනුවත් කිරීමක් සිදු නොවූ බව ගොවි සංවිධාන පවසයි.
තවද අන්තර්ජාල පහසුකමක් හෝ අන්තර්ජාලය භාවිත කිරීමේ දැනුමක් තමන්ට නැතැයි බොහෝ ගොවීහු පැවසූහ. නව රජය විවිධ උපක්‍රම භාවිත කරමින් ගොවියාට පහර ගසන බව ඔවුන් පැවසූ අතර අන්තර්ජාලය තියා තමන් කොම්පියුටර් තාක්‍ෂණයවත් නොදන්නා බව ගොවීහු පැවසූහ. ගොවීන් පෙන්වා දෙන්නේ මෙලෙස නවීන තාක්‍ෂණයට හුරු නැති ගොවියාගේ අස්වනු මිලදී ගැනීමට මෙැවනි ක්‍රමයක් භාවිත කිරීම අසාධාරණ බවයි.
බොරු මිලක් නියම කර පසුගිය සමයේ රජරට ගොවීන් වී ගබඩා ගාණේ රස්තියාදු කළ බවත්, මෙවර නව උපක්‍රමයකින් පහර ගැසීම ආරම්භ කර ඇති බවත් ඔවුහු පැවැසූහ.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.