ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

New

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Thursday, December 24, 2015

රජ කුමරියක නිසා ජර්මනියේ සිට එංගලන්තයට ආ නත්තල් ගස...!!!

නත්තලේ විසිතුර රඳා පවතින්නේ නත්තල් ගසේ යැයි පැවසීම අතිශයෝක්තියක් නොවේ. අද නත්තල සමරන
කොයි කවුරුත් තම නිවෙස් නත්තල් ගසින් සැරසීමට අමතක නොකරති. ලොව ප්‍රථම නත්තල් ගස කොතැන බිහිවීද යන්න ගැන අප අතර ඇත්තේ කුහුලකි. ප්‍රථම නත්තල් ගස ලොවට බිහි වීම රටවල් දෙකක් අතර ඇතිවූ රාජකීය විවාහයක් සමඟ බැඳී ආවක් බව ඒ ගැන විමසීමේ දී පෙනී යයි. ප්‍රථම නත්තල් ගස ලොවට හඳුන්වා දීමේ ගෞරවය එංගලන්තයට හිමි වුවද නත්තල් ගසේ සංකල්පය මුලින්ම උපන්නේ ජර්මනියේ ය.


එක්දහස් අටසිය ගණන්වල එංගලන්තයේ රජ කළේ තෙවැනි ජෝර්ජ් රජුය. රජුගේ රැජන “යහපත් චාලට් රැජන” ලෙසින් විරුදාවලි ලැබ රටේ ජනතා‍වගේ ආදරය දිනා සිටි ජර්මානු කුමරියකි. ජනප්‍රවාදවලට අනුව නත්තල් ගසක් ලෝකයේ මුලින්ම බිහි කරනු ලැබුවේ ජර්මානු ආගමික ප්‍රතිසංස්කරණවාදියකු ලෙසින් ඉතිහාසයේ සඳහන් මාටින් ලූතර් විසිනි.
ඔහු අතින් නත්තල් ගස බිහිවීමේ කතාව ජනප්‍රවාදවලට අනුව මෙසේය.
ඒ 1536 වසරයි. දෙසැම්බර් මාසයේ සීත දවසක ඔහු විටන්බර්ග් හි ඔහුගේ නිවෙස කරා ගමන් කරන්නේ පයින් තුරුවලින් පිරි විසල් වනයක් මැද්දෙනි. ඒ යන අතර මඟදී එක්වනම හිස ඔසවා අහස දෙස බැලූ ඔහු‍ගේ නෙත ගැටෙන්නේ පයින් තුරු මතින් අහසේ මැණික් කැට මෙන් දිදුලන තරුය. පයින් අතුවල තරු කැට එල්ලී බබළන්නාක් වැනි වූ ඒ දර්ශනයෙන් වශීකෘත වන හෙතෙම දෑස් දල්වා ඒ දෙස බලා සිට නිවෙසට පැමිණියේය. එදා රාත්‍රී ඔහු සිය දරුවන් ද වටකර ගෙන සිය නිවෙසේ විසිත්ත කාමරයේ ෆර් ගසක අත්තක් සිටුවා එය ඉටිපන්දම් එළියෙන් ආලෝකවත් කළේ තමා එන අතරමඟදී දුටු දසුන සිහිපත් කරමිනි. ඒ සමගම ඔහු සිය දරුවන්ට ගැලවුම් කරුවානන් පිළිබඳවත් ස්වර්ග රාජ්‍යය පිළිබඳවත් කතාන්දර කීවේය. ඔහු අනුව යමින් ඒ පළාතේ ජනයා ද සිය නිවෙස්වල ෆර් අත්තක් සිටුවා සැරසීම ආරම්භ කළහ. ඉන්පසු හොඳින් සරසන ලද නත්තල් ගසක් මුලින්ම බිහිවූයේ 1605 දී දකුණු ජර්මනියේ දීය. ඒ නත්තල් ගස පිළිබඳිව නිර්නාමික ලේඛකයකු විසින් ඔහුගේ බිරියට යවන ලද සටහනක් මෙසේය.
”ස්ටාස්බර්ග් හි යුලෙටයිඩ් පළාතේ මිනිස්සු තමන්ගේ නිවෙස්වල ආලින්දයේ ෆර් ගස්වල අතු රඳවා ඒවායේ වර්ණවත් කඩදාසිවලින් කැපූ රෝස මල් එල්ලනවා. ඒ ගස් හරිම ලස්සනට සරසලා එහි අතුවල ඇපල් වේෆර්ස් හා පැණි රස කෑමත් එල්ලා ඉටි පන්දම් ගසා ආලෝකවත් කර තිබුණා.”
පසු කාලයේදී නත්තල් ගසට ෆර් අතු වෙනුවට box tree හා yews නමැති ගසේ අතු උපයෝගී කර ගත් බව සඳහන්ය.

චාලට් කුමරිය කුඩා කල හැදුණු වැඩුණු ජර්මනියේ ගම්බද පළාත්වල නත්තලේ දී yew වර්ගයේ කොළ අත්තක් සවි කිරීම චාරිත්‍රයක් ලෙස සිදු කෙරිණි. ඒ ගස වර්ණවත්ව සරසා ආලෝකවත් කර ඒ වටා තෑගි ද තැබිණ. මේ සඳහා වැඩිපුරම එක්වූයේ දරුවන්ය. නත්තල් දාට පෙර දා සවස නත්තල් ගස වටා එකතු වන දරුවෝ ප්‍රීතියෙන් කල් ගත කරමින් නත්තල් තෑගි බෙදා හදා ගත්හ.
තෙවැනි ජෝර්ජ් රජ්ගේ මනාලිය ලෙසින් 1761දී එංගලන්තයට පැමිණි චාලට් රැජන මාටින් ලුතර් ගේ දැඩි අනුගාමිකාවකි. ඇය තමා කුඩා කල ජර්මනියේ දී අනුගමනය කළ චාරිත්‍ර වාරිත්‍ර එංගලන්තයේ දී අනුගමනය කිරීම ආරම්භ කළාය. එංගලන්තයේ දී ඇය yew අත්ත නිකම්ම ආලින්දයක තබනවා වෙනුවට එය වින්ඩ්සර් මාලිගයේ ක්වීන්ස් ලොජ් නමැති විශාල ශාලාවක තබා අලංකාර කළාය. පසුව කිව් මන්දිරයේද නත්තල් ගසක් සැරසීමට ඇය අමතක නොකළාය. එම වසරේ දී වින්ඩ්සර් මාලිගයේ විශාල ප්‍රමාණයේ අලංකාරවත් නත්තල් ගසක් නිර්මාණය කිරීමට චාලට් රැජන තීරණය කළාය.එසේ නිර්මාණය කළ නත්තල් ගස වටා එක්වී නත්තල් උත්සවය සැමරීමට රාජකීය පවුල හා යහළු මිත්‍රාදීහු ද එක් වූහ. රජ පවුලට සම්බන්ධ පවුල් වල කුඩාවුන්ට මෙය අපූරු අත්දැකීමක් වූයේ චාලට් රැජන උත්සවය අවසානයේ නත්තල් ගස වටා තිබු ත්‍යාග උත්සවයට පැමිණි දරුවන් අතර බෙදා දුන් බැවිනි.

මින් පෙර මෙවැන්නක් දැක නොතිබූ එකල උසස් සමාජයේ උදවිය රජ මාලිගයේ සිදුවන මේ අපූරු චාරිත්‍රය දැක ප්‍රී‍තියෙන් පිනා ගිය අතර විස්මයට ද පත් වූහ. රජ පවුලේ බිහි වූ මේ චාරිත්‍රය අනුගමනය කළ එකල එංගලන්ත සමාජයේ උසස් පවුල්වල උදවිය නත්තල් ගස අලංකාර කිරීම සඳහා විවිධාකාරයේ සැරසිලි යොදා ගත්හ.
පසුව 1800 දී විධිමත්ව සැකසූ පළමු ඉංග්‍රීසි නත්තල් ගස එංගලන්ත රාජ සභාවේ ස්ථාපනය කෙරිණි. එම ගස වැසී යන තරමට බල්බ් සහ සැරසිලි යොදා තිබූ අතර පලතුරු පැණි රස කැවිලි සහ තෑගි ද එල්ලා තිබිණි.
මේ නත්තල් ගස දෙස සැවොම පුදුමයෙන් බලා සිටි බව ද සඳහන්ය. මෙයින් පසු නත්තල් ගස එංගලන්තයේ ඉහළ පවුල්වල නත්තල් විලාසිතාවක් බවට පත්වූ අතර සමාජයේ කතා බහට ලක් වූ මාතෘකාවක් බවට ද පත්විය. 1818 දී චාලට් රැජන මිය යන අවදිය වෙද්දී නත්තල් ගස සමාජයේ ඉතා දැඩි ලෙස ප්‍රචලිත වූ අංගයක් බවට පත්ව තිබිණ.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.