ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

New

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....lankaflash@gmail.com

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Tuesday, December 22, 2015

ජාතිවාදී ලේබලය අලවා උද්ඝෝෂකයන් මට්ටු කොට ජනාවාස හදන රිෂාඩ් කැණහිලා...!!!

මේ අමන ක්‍රියාවලියට කවරකු හෝ විසින් ජාතිවාදී ලේබලය ගසමින් වන සංහාරයට එරෙහිව නඟන හඬ යටපත් කරන්නට දරන දැඩි උත්සාහයක්‌ වේ. ඇත්ත වශයෙන්ම මේ පරිසරවේදීන් හා සිවිල් සංවිධාන විරුද්ධ වන්නේ වන සංහාරයට බව කොතැනකදීවත් නොකියා ඉන්නට මේ කූට

දේශපාලනඥයන් ප්‍රවේසම් වන බව කිව යුතු ය.

පසුගිය කාලය පුරාම ඊට එරෙහිව නැඟුණු විරෝධතාවන්ට අවසානයේ ජනාධිපතිවරයා ද මැදිහත් විය. එහෙත් සිදු වුණේ කොළේ වසා ගැසීමක්‌ බව පෙනෙන්නට තිබේ. මේ අලුත් පදිංචි කිරීම් තවමත් නතර වී නැත. අදාළ දේශපාලනඥයන් මේ කැලෑ එළි පෙහෙළි කිරීම ගැන කියන්නේ අපූරු කතා ය. තමන් විල්පත්තු වනයේ ඉඩම් අත්පත් කරගෙන නොමැති බවක්‌ මේ දේශපාලනඥයන් සඳහන් කරයි. ඇත්තටම සිදු වන්නේ විල්පත්තු මායිමේ ස්‌වාරක්‌ෂක කලාපය තුළ මේ පදිංචි කිරීම් සිදු කිරීම ය. එය ද අමුතුවෙන් සඳහන් නොකළත් නීති විරෝධී කටයුත්තක්‌ බව පරිසරවේදීහු කියති.




දේශපාලනඥයන්ට පෙර
වනාන්තර ආරක්‌ෂා කරගනිමු


රටේ සිදු වන බොහෝ "නරක" දේවල් පිළිබඳව වගකිව යුත්තන් නිහඬ පිළිවෙතක්‌ අනුගමනය කරන බවක්‌ පෙනෙන්නට තිබේ. විල්පත්තුව වන සංහාරය ඊට දැක්‌විය හැකි ආසන්නතම සහ ප්‍රමුඛතම නිදසුනයි. විල්පත්තුව පිළිබඳව නැවත රටේ අලුත් කතාබහක්‌ ඇතිව තිබෙන්නේ ඒ ගැන කතා කළ තරමට වැඩ තිබුණේ නැති නිසා ය.

විල්පත්තුව ජාතික වනෝද්‍යානයට උතුරින් පිහිටි කල්ආරු වනාන්තරය නොඑසේ නම් මරිච්චුක්‌කඩ්ඩෙයි කරඩික්‌කුලි වන රක්‌ෂිතයේ අක්‌කර තුන්දාහක්‌ පමණ මේ වන විට නීති විරෝධී ලෙස එළි පෙහෙළි කිරීමේ කතාව දැන් බොහෝ කාලයක සිට ඇදී එමින් පවතින්නකි. බේදයක්‌ නොමැතිව රටේ කවුරුත් මේ වන සංහාරය හෙළාදකින බව කිව යුතු ය. වනාන්තරය එළි පෙහෙළි කරන්නේ අලුතින් ජනතාව පදිංචි කිරීමේ කටයුත්තකට ය.

2010 වර්ෂයේ සිට හොරගල් අහුලමින් ක්‍රියාත්මක වූ මේ ක්‍රියාදාමය දේශපාලන මැදිහත්වීම් මත ජයටම කෙරීගෙන යන විට ඊට ජනතාව මැදිහත් වුණේ වන විනාශය ඉවසා සිටිය නො හැකි නිසා ය. පසුගිය සතියේ මේ දේශපාලන මැදිහත්වීම මත කෙරෙන අවර ක්‍රියාවට නැවතත් සිවිල් සමාජයේත්, පරිසර සංවිධානවලත් බොහෝ පිරිසක්‌ එකට එකතු වූහ. 2010 වර්ෂයේ සිට 2013 දක්‌වා වූ කාලය තුළ නීති විරෝධී ලෙස ගෙන ගිය මේ කටයුත්තට දේශපාලන මැදිහත් වීමත් සමඟම වැඩි පණක්‌ ලැබුණු වග පෙනේ. මුලින්ම වනාන්තරය මැදින් පාරක්‌ කපන මේ වන සංහාරකයන් "අනවසර පදිංචිකරුවන්ට" ඉඩම් එළි පෙහෙළි කරදෙන්නේ ජෛව විවිධත්වයට අතිශය හානිකර අන්දමිනි.

මේ අමන ක්‍රියාවලියට කවරකු හෝ විසින් ජාතිවාදී ලේබලය ගසමින් වන සංහාරයට එරෙහිව නඟන හඬ යටපත් කරන්නට දරන දැඩි උත්සාහයක්‌ වේ. ඇත්ත වශයෙන්ම මේ පරිසරවේදීන් හා සිවිල් සංවිධාන විරුද්ධ වන්නේ වන සංහාරයට බව කොතැනකදීවත් නොකියා ඉන්නට මේ කූට දේශපාලනඥයන් ප්‍රවේසම් වන බව කිව යුතු ය.

පසුගිය කාලය පුරාම ඊට එරෙහිව නැඟුණු විරෝධතාවන්ට අවසානයේ ජනාධිපතිවරයා ද මැදිහත් විය. එහෙත් සිදු වුණේ කොළේ වසා ගැසීමක්‌ බව පෙනෙන්නට තිබේ. මේ අලුත් පදිංචි කිරීම් තවමත් නතර වී නැත. අදාළ දේශපාලනඥයන් මේ කැලෑ එළි පෙහෙළි කිරීම ගැන කියන්නේ අපූරු කතා ය. තමන් විල්පත්තු වනයේ ඉඩම් අත්පත් කරගෙන නොමැති බවක්‌ මේ දේශපාලනඥයන් සඳහන් කරයි. ඇත්තටම සිදු වන්නේ විල්පත්තු මායිමේ ස්‌වාරක්‌ෂක කලාපය තුළ මේ පදිංචි කිරීම් සිදු කිරීම ය. එය ද අමුතුවෙන් සඳහන් නොකළත් නීති විරෝධී කටයුත්තක්‌ බව පරිසරවේදීහු කියති.



2009 අංක 65 දරන පනතින් අවසන් වරට සංශෝධිත 1907 අංක 06 දරන වන සංරක්‌ෂණ ආඥ පනතේ 20 වැනි වගන්තියට අනුව රජයට අයත් වනාන්තරයක්‌ එළි පෙහෙළි කිරීම, කපා ඉවත් කිරීම, ස්‌ථිර හෝ තාවකාලික ගොඩනැඟිලි ඉදිකිරීම, ඒවායේ පදිංචි වීම, වගා බිම් ස්‌ථාපිත කිරීම නීති විරෝධී ක්‍රියාවකි. එවන් නීති විරෝධී ක්‍රියාවල නිරතව සිටින පුද්ගලයකු හෝ ඒ සඳහා ආධාර හෝ අනුබල ලබාදෙන පුද්ගලයකු ද වරදකරුවකු වේ. එවැනි නීති පද්ධතියක්‌ තිබියදී විල්පත්තුවේ මේ සිදුවන්නේ කුමක්‌ද යන්න සිවිල් ජනතාව, පරිසරවේදීන් හා රටේ ජනතාව ප්‍රශ්න කිරීම සාධාරණය.

විල්පත්තුවේ මේ සිදු වන බොහෝ දේ වනාන්තරයට පමණක්‌ නොව රටට ද හිතකර නැත. අලුත් ජනාවාස පිහිටුවීම සිදුවන්නේ කවර නීත්‍යනුකූල පදනමක්‌ යටතේද යන්න මේ වනතුරුත් පැහැදිලි නැත. අදාළ දේශපාලනඥයන් මෙය තමන්ට එරෙහි විරෝධයක්‌ හැටියට නාමකරණය කරන්නේ වරද වසාගන්නට බව පැහැදිලි ය. මෙය පොදු විරෝධයකි. ඒ රටේ වනාන්තර රැකගැනීම වෙනුවෙනි. දේශපාලනඥයන්ට අවශ්‍ය වන්නේ වනාන්තර රැකගැනීම නොවේ. ඡන්ද පදනම ආරක්‌ෂා කර ගැනීමයි. ඒ වෙනුවෙන් ඕනෑම ජඩ වැඩක්‌ කරන්නට ඕනෑම දේශපාලනඥයකු පෙළඹෙන බව අමුතුවෙන් සඳහන් කළ යුතු නැත.

දේශපාලනඥයාට පෙර රටේ වනාන්තර ආරක්‌ෂා කර ගැනීම රටට, ජාතියට, පරිසරයට ආදරය කරනවා යෑයි කියන ඕනෑම ආණ්‌ඩුවක මූලික වගකීම විය යුතු බව සිහිපත් කරමු.



ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.