ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, December 20, 2015

විජයගේ ලේවලින් මගේ අත්දෙක නෑවුණා...!!!

ප්‍රවීණ අංග රචනා ශිල්පි නිමල් රාජපක්ෂගේ අතීත මතක ආවර්ජනයක
නකල්ස් මිටියාවතේ පිහිටි බැද්දේගම ග්‍රාමයේ ඉපැදී පාසල් යන කාලයේ පටන්ම කැමරාවට පෙම් බැඳී ඔහු කොළොම් පුරවරයට පිවිසෙන්නේ සිය සිතැඟි වූ අදහස ඉටුකර ගැනීමට ය. ඒ චිත්‍රපටවල ඡායාරූප ගැනීමේ ඡායාරූප ශිල්පියෙකු වීමට ය. චිත්‍රපට අධ්‍යක්ෂ රංජිත් පෙරේරාගේ හමුවීමත් සමඟ ඊට මඟ පෑදුණ ද ඔහු පළමුව කරන්නේ චිත්‍රපට ක්ෂේත්‍රය ගැන හැදෑරීමයි. පළමුව ‘දිනුම් කණුව’ චිත්‍රපටයෙන් ඊට පිළිපන් මේ තරුණයා අන් කවුරුත් නොවේ. අංගරචනා ශිල්පී නිමල් රාජපක්ෂ ය.


ඔබගේ ගුරුතුමා ඔබට මුණ ගැසෙන්නේ ‘දිනුම් කණුව’ චිත්‍රපටයේදී ද?
ඔව්. මේ චිත්‍රපටයේ අංගරචනා ශිල්පියා ලෙස කටයුතු කරන්නේ ඩෙරික් ප්‍රනාන්දු මහත්තයායි. චිත්‍රපට ගැන ඉගෙන ගන්න තිබෙන උනන්දුව නිසාම මම මේ නිර්මාණයේ හැම දෙයකටම උදව් වෙනවා. “දිනුම් කණුව” චිත්‍රපටයේ කටයුතු අවසන් වනවාත් සමඟම වගේ තමයි මට ඩෙරික් ප්‍රනාන්දු මහත්තයා කතා කරලා ඉදිරියේ දී මොනවගේ දෙයක් ද කරන්න සිතාගෙන ඉන්නේ කියලා අහන්නේ. ඡායාරූප ශිල්පියෙකු වීමේ සිහිනය ගැන කිව්වට පස්සේ ඔහු ඒ ගැන මට පැහැදිලි කරනවා. ඒ විතරක් නොවෙයි කැමැති නම් ඔහුගේ සහය ශිල්පියා ලෙස වැඩ කරන්නත් හැකිබව මට පවසන්නේ මේ අතරයි. ඒ වගේම ඔහුගේ ආදරණීය ආරාධනාව මගේ සිත කම්පාවට පත් කරන්න සමත් වෙනවා. අම්මා, තාත්තා, නැතිව ජීවිතේ හොයාගෙන කොළඹට ආව මට මේ යෝජනාව ගැන දෙපාරක් හිතන්න කියලා මගේ සිතම මට බල කරන්නේ මේ අවස්ථාවෙයි. අවසානයේ ඒ යෝජනාවට මම එකඟ වෙනවා. ඔහුගේ සහය ශිල්පියා ලෙස චිත්‍රපට අසූවක විතර වැඩ කරන්න මට ලැබෙන්නේ ඉන් පස්සේ.
ඊට පස්සේ ගුරුවරයා යටතේ බොහෝ වැඩකටයුතු කළා ?
බොහොම ප්‍රසිද්ධ නළු නිළියන් සමඟ වැඩ කරන්න මට අවස්ථාව ලැබුණා. රැක්මණී දේවි, එඩී ජයමාන්න, මාලිනී ෆොන්සේකා ඇතුළු සියලුම ප්‍රසිද්ධ නළු - නිළියන් ඊට ඇතුළත්. ඔහු බොහොම ආශාවෙන් මම වැඩ කරන ආකාරය බලාගෙන සිටියා. තනියම වැඩ කරන්න පුළුවන් බව දැනුණාට පස්සේ ඔහුම කතා කරලා මාව නිර්මාණවලට යොමු කළා. ඒ විදියට මුලින්ම ලැබුණේ ඩෙන්සිල් පී. අබේවර්ධනගේ ‘විසිහතර පැය’ කියන චිත්‍රපටයයි.

ඉන් පස්සේ ඔබ තෝරා ගන්නේ රූපවාහිනියයි ?
රූපවාහිනියට පිවිසෙන්නට මට ආරාධනා ලැබුණට පස්සේ මේ විෂයය පිළිබඳ ඒ වෙනස්ම අත්දැකීම ගන්න මට උවමනා වුණා. ඒ අනුව මුලින්ම ස්වාධීන රූපවාහිනියටත්, පසුව ජාතික රූපවාහිනියටත් ඇතුළත් වෙන්න මට අවස්ථාව උදාවුණා. ජාතික රූපවාහිනියේ අංගරචනා අංශය ආරම්භ කරන්නේ මගේ ගුරුතුමා ඇතුළු මමත් රංජිත් තිලකසිරිත්. මේ නිසා රූපවාහිනියේ ඉදිරිපත් වන සෑම වැඩසටහනකම ශිල්පීන් සඳහා අංගරචනා කටයුත්තේ නියැළුණේ අපයි. මේ කාර්යය එහි එන සමහර ශිල්පීන්ට නුහුරු නුපුරුදු වුණා. කිසි දිනෙක අංගරචනා කටයුත්තට මුහුණ නොදුන් දේශපාලනඥයන්ට පවා මේ කටයුත්තට මුහුණ දෙන්නට සිදුවුණා. ඒ අවස්ථාවලදි ඔවුන් විමසුවේ අපි නළුවෝ නොවෙයි නේ මේ අපිටත් මේකප් කරන්න ඕනෑ ද කියන ප්‍රශ්නයයි. ඒ අවස්ථාවලදි ඔවුන්ට බොහොම කාරුණිකව පැහැදිලි කරලා දුන්නාට පස්සේ ඒ ගැටලුව විසඳා ගන්නට අපට හැකියාව ලැබුණා. ඒ වගේම මේකප් එකට බොහොම ලැජ්ජාවෙන් මුහුණ දුන් අයත් ඒ අතර සිටියා.
මේ වගේ අංගරචනය ගණන් නොගත්ත අය කවුද?
මට මතක විදියට මේ දේ සිද්ධ වුණේ අසූදෙකේදියි. ඒ කාලයේදී තිබුණු දේශපාලන සංවාද සඳහා පැමිණි විවිධ දේශපාලනඥයන්ව මේකප් කරලා ඊට සහභාගි කරවන කටයුත්ත භාරවුණේ අපටයි. දවසක් ඒ කාලයේ හිටිය තරුණ දේශපාලනඥයෙක් මේ සාකච්ඡාවට සහභාගි වුණා. ඔහු රෝහණ විජේවීරයි. ඔහුව මේකප් රූම් එකට අරගෙන එනකොට මේ කටයුත්ත ඒතරම්ම ගණන් ගත්තේ නැහැ. ඔහු එතැනදි කිව්වේ ‘අයිසේ මම ඉස්කෝලේ යන කාලෙවත් පවුඩර් ටිකක්වත් දාලා නැහැ. මට බැහැ මේ වැඩේ කරන්න’ කියලයි. එහෙත් මම ඔහුට මේ පිළිබඳ පැහැදිලි කරලා දුන්නට පස්සේ කිසිම දෙයක් කිව්වේ නැහැ. ඒ ගැන ඔහු තේරුම් අරගෙන තිබුණා. ඊළඟ ආව සෑම වතාවකම ඔහු අප ඒ කටයුත්තේ නියැළෙන විට කිසිවක් කිව්වේ නැහැ.
මේ අතර සහකාර අධ්‍යක්ෂ වේශ නිරූපණ තනතුර දක්වා ඔබ උසස්වීම් ලබනවා?
මගේ ගුරුතුමා වුණු ඩෙරික් ප්‍රනාන්දු විශ්‍රාම ගියාට පසුව ඇතිවුණු හිඩැස පිරවීමේදියි මට ඒ තනතුර ලැබෙන්නේ. මේ විදියට මම වසර විසි නවයක් රූපවාහිනියේ කටයුතු කිරීමෙන් පස්සේ ඒ තනතුරෙන් විශ්‍රාම ගන්නවා. නැවතත් චිත්‍රපට ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්නට මට ආරාධනා ලැබෙන්නේ මේ අතරයි. ඒ සුනිල් වීරසිරිගේ ‘ටිකිරි සුවඳ’ චිත්‍රපටය සඳහායි. ඒ වගේම ‘තාරාවෝ ඉගිළෙති’, ‘රතු හැට්ටකාරී’ වේදිකා නාට්‍ය සඳහාත් මා අංගරචනයෙන් සහභාගි වෙන්නෙත් ඒ කාලයේදිමයි. එතැන් පටන් මා ස්වාධීන අංගරචනා ශිල්පියෙක් විදියට අද දක්වාමත් වැඩකටයුතු කරගෙන යන්නේ බොහොම සතුටෙන්.
නිතරම ඔබ ගුරුවරයා ගැන කතා කරන්නේ බොහොම ගෞරවයෙන් ?
අද මම මේ ඉන්න තත්ත්වයට එන්න පාර කිව්වේ ඔහුයි. ඒ නිසා ඔහු පිළිබඳ මගේ සිතේ තියෙන්නේ පුදුම ගෞරවයක්. අපි දෙන්නා ඉන්නෙත් එක ළඟමයි. මැරෙන තුරාවටම අපේ ඒ සිත්වල තියෙන ළෙන්ගතුකම ඒ විදියටම තියේවි. අද බොහෝදුරට මේ ක්ෂේත්‍රයේ ගුරුවරු හා ගෝලයන් අමනාපයි. සමහර අයට විෂයය ඉගෙන ගත්ත ගමන් ගුරුවරයෙක් ඇත්තේ නැහැ. එහෙම කාලයක මම කට ඇරලා කියන්නේ ඩෙරික් කියන්නේ මගේ ගුරුතුමා බවයි. මේ අතරම මගේ බිරිය වගේම දුවත්, පුතාලා දෙන්නත් මතකයට නැඟිය යුතුයි. මොකද මේ ගමන පසුපස ඔවුන්ගෙන් ලැබුණ් සහයෝගයත් අප්‍රමාණ නිසා.
සහය අංගරචනා ශිල්පියෙක් විදියට ඔබට මුහුණ දෙන්න වුණු අප්‍රසන්න සිදුවීම් තියෙනවද?
සමහර ශිල්පීන් සහය අංගරචනා ශිල්පීන්ගේ අතෙන් හැඩවැඩ වෙන්න කැමැති නැහැ. එහෙත් ඒ වගක් මගේ මුහුණට නම් කවුරුවත් කියලා නැහැ. ඒ වගේම මට මුලින්ම අංගරචනා කරන්න ලැබුණේ ඇන්තනී සී. පෙරේරායි. ඔහු බොහොම විහිළු කරන ප්‍රවීණ ශිල්පියෙක්. ‘පුතා මගේ තට්ටේ ඉඳලා පටන් ගන්න’ කියලා තමයි ඔහු මේකප් කරන්න වාඩිවුණේ. නිළියක් විදියට මම මුලින්ම මේකප් කළේ සුමනා අමරසිංහවයි. රුක්මණී දේවි වගේ කෙනෙක්ගේ මේකප් කරන්න මම තරමක් බයවුණා. ඒත් ඈ කිසිම වෙනසක් නොපෙන්නා මේකප් එක සඳහා ඇගේ මුහුණ පෑවා. මාලිනී ෆොන්සේකා, ටෝනි රණසිංහ, ජෝ අබේවික්‍රම, උපාලි අත්තනායක වගේ ප්‍රවීණ ශිල්පීන් වුණත් ඒ වගේමයි. විජය කුමාරතුංග, ටෝනි රණසිංහ වගේ නළුවන් සමඟ මගේ බොහොම ළඟ සබැඳීයාවක් තිබුණා.
විජය වගේ නළුවෙකු සමඟ කටයුතු කරන්න ලැබුණු මතකය මොන වගේද?
මම ක්ෂේත්‍රයේ ගොඩක්ම ආදරය කළ කෙනෙක් තමයි විජය කියන්නේ. ඔහුත් මට සැලකුවේ ඒ වගේමයි. රංගනයේදී පමණක් නොවෙයි දේශපාලන වශයෙනුත් සම්බන්ධකමක් අප අතර ගොඩනැඟිලා තිබුණා. ඔහු ඝාතනයට ලක්වන විට මම වැඩ කළේ ජාතික රූපවාහිනියේ. ඒ අවස්ථාවේ දරා ගන්න බැරි දුකක් තමයි මගේ සිතට ආවේ. මේ වෙලාවේ රූපවාහිනියේ කැමරා ශිල්පීන් මෝචරියට යන්න සූදානම් වෙනවා. මටත් එතැනට යන්න උවමනා නිසා මම කළේ කැමරා, බැටරි උස්සගෙන ඒ කණ්ඩායමත් සමඟ යෑමයි. හවස් වෙන්න වෙන්න ඒ අවට සෙනඟ පිරෙන්න ගත්තේ පුදුම විදියටයි. පිරිමි හඬවල්වලින් හඬන හැඬුමෙන් මුළු පරිසරයම පිරිලා තිබුණා. හැන්දෑවේ හය හමාරට විතර මෘත ශරීරය එළියට ගත්තා. එතැනදි මා දැඩි සේ ආදරය කළ මේ මිනිසාගේ ශරීරය හර්ස් එකට දමන්න උදව් වෙන්න මටත් උවමනා වුණා. ඒ නිසා මමත් ඒ ශරීරයට අත තිබ්බා. මගේ අත ගියේ ඔහුට වෙඩි වැදුණු තැනටයි.
මගේ අතට දැනුණේ සීතලක්. මේකප් රූම් එකට ගිහින් බලන විටදියි මම දැක්කේ මගේ අත රතුම රතුපාට වෙලා තියෙනවා. එකපාරටම මගේ මතකයට ආවේ නිර්මාණවලදි මම කොයිතරම් ඔහුට මේ අත්වලින් කෘත්‍රිම විදියට ලේ දාන්න උදව් වෙන්න ඇත්ද කියලයි. එහෙත් අද ඔහුගේ ලේවලින් මගේ අත් නෑවිලා. ඒ සිදුවීම මගේ ජීවිතයේ අමතක නොවන සිදුවීමක් ලෙස අදටත් මගේ සිතේ රැව් දෙනවා.(ඔහුගේ දෙනෙත්වල කඳුළක් මෝදුවනු මට පෙනිණ.)
ගාමිණී ෆොන්සේකා වැනි ප්‍රවීණ රංගන ශිල්පියාව අංගරචනා කටයුතු සඳහා ඔබට මුණ ගැසිලා තියෙනවාද?
සිනමා සක්විති කියන වචනය නියම අයුරෙන් ගැළපෙන්නේ ඔහුට තමයි. ඔහුයි මේ ක්ෂේත්‍රයේ සෑම අංශයකම අයට වටිනාකමක් එකතු කළේ. ඔහු රඟපෑ ‘මිනිසුන් අතර මිනිසෙක්’ චිත්‍රපටයේදී සිදුවුණු සිදුවීමක් මට අද වගේ මතකයි. එදා රූගත කිරීම් කළේ නිදහස් චතුරස්‍රයේදී. මෙතැනදි ගීතා කුමාරසිංහ ඔහුගේ කාර් එකට පනිනවා. මේ කොටස ගත්තට පස්සේ තිබුණු කොටස ගනිද්දි කලින් වෙලාවේ ගැහුව බ්‍රේක් පාරවල් දෙක හොඳට වැදිලා තිබෙන වග මට පෙනුණා. යමක් ඉගෙන ගන්න තිබුණු උනන්දුව නිසාමත්, මෙතැනට මේක උචිත නොවන බව හැඟුණ නිසාමත් තිබෙන හිතවත්කමට මම ඒ ගැන සහය අධ්‍යක්ෂට කිව්වේ කනට කරලා.
එකපාරටම ඔහු ඇතුළු කැමරා ශිල්පියාත් එකතු වෙලා මහ හයියෙන් මට බනින්න පටන් ගත්තා. එතැනම එහා පැත්තේ වෙනම කල්පනාවක නියැළිලා හිටියේ ගාමිණී ෆොන්සේකා මහත්තයයි. ඔහු මේ සීන් එක ගන්න වෙලාවේ කාර් එකෙන් එබිලා බැලුවා. බ්‍රේක් ලයින් දෙක දැකලා එකපාරටම ‘උල්ලුක පෝංග ’ කියලා කෑ ගැහලා, සද්දයක් දමලා ඒක නැතිව කැමරා කෝණය ගන්න කිව්වා. ඊට පස්සේ මගේ ළඟට ඇවිත් සිනාවෙලා පිටට තට්ටුවක් දාලා ‘දැන් සන්තෝෂයි නේද’ කියලා මගෙන් ඇහුවා. ඒ විතරක් නොවෙයි ‘අන්න එහෙම තමයි ඉගෙන ගන්න ඕන පුතා, මම අහගෙන හිටියේ’ කියලා යන්න ගියා. එහි සහය අංගරචනා ශිල්පියා ලෙස වැඩකළ මට දැනුණේ පුදුම සතුටක්.
මේ වනවිට ජේ.ආර්. ජයවර්ධන ජනපතිගෙන් පසුව ලංකාවේ සිටිය සියලුම ජනාධිපතිවරුන්ව අංගරචනා කරන්න අවස්ථාව ලැබෙන එකම ශිල්පියා ඔබ ද?
මම හිතන්නේ මට තමයි ඒ අවස්ථාව ලැබෙන්නේ. ජේ.ආර්. ජයවර්ධන, ආර්. ප්‍රේමදාස, ඩී.බී. විජේතුංග, චන්ද්‍රිකා බණ්ඩාරනායක, මහින්ද රාජපක්ෂ යන මේ ජනාධිපතිවරුන් සියලුදෙනාම මා අංගරචනා කර තිබෙනවා.
වත්මන් ජනාධිපතිතුමාව මට අංගරචනා කරන්න ලැබුණේ ඔහු ඇමැතිවරයෙක් විදියට හිටිය කාලයේ. ඒ වගේම මා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියවත් අංගරචනා කරලා තියෙනවා.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.