ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

New

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Thursday, December 17, 2015

යහපත් යහපාලනයේ අති විශේෂ පොරොන්දු...!!!

තමිල්නාඩුවේ ශ්‍රී ලංකා සරණාගතයින්ට

යළි මෙරටට පැමිණීමට අවස්‌ථාව
ඇමැති ඩී. එම්. ස්‌වාමිනාදන්

තමිල්නාඩුවේ වෙසෙන ශ්‍රී ලාංකීය සරණාගතයින් යළි මෙරටට පැමිණීමට කැමැති නම් ඒ සඳහා ඔවුන්ට අවස්‌ථාව ලබා දෙන බව පුනරුත්ථාපන, නැවත පදිංචිකිරීම, බන්ධනාගාර හා හින්දු ආගමික කටයුතු ඇමැති ඩී. එම්. ස්‌වාමිනාදන්   (14 දා) පාර්ලිමේන්තුවේදී කීවේය.

රජයේ නාගරික ඉඩම්වල පදිංචි අයගේ ආදායම අනුව
එම ඉඩම් ඔවුන්ට බදු දෙනවා

ටී. බී. ඒකනායක (එජනිස)

කාබනික කතාව ඉදිරියට දමා
පොහොර සහනය කපන්න එපා

බිමල් රත්නායක (ජවිපෙ)

උතුර නැගෙනහිර හමුදාව අඩුකර
එම ඉඩම් ජනතාවට දෙන්න

එස්‌. ශිවමෝහන් (ද්‍රජාස)

අජිත් අලහකෝන් - අකිත පෙරේරා


එම අමාත්‍යාංශ වැය ශීර්ෂය පිළිබඳ කාරක සභා අවස්‌ථා විවාදයට එක්‌වෙමින් ඇමැතිවරයා එසේ කීය.

වේත්‍රධාරී අනිල් පරාක්‍රම සමරසේකර මහතා විසින් සෙංකෝලය තැන්පත් කළ පසුව කථානායක කරු ජයසූරිය මහතාගේ මුලසුන යටතේ පාර්ලිමේන්තුව ඊයේ (14 දා) පෙරවරු 9.30 ට රැස්‌විණි.

නිවේදන, වාර්තා සහ පෙත්සම් ඉදිරිපත් කළ පසුව වාචික පිළිතුරු අපේක්‍ෂාවෙන් මන්ත්‍රීවරු අසා තිබූ ප්‍රශ්නවලට අදාළ ඇමැතිවරු උත්තර දුන්හ.

අනතුරුව අයවැය විසර්ජන පනත් කෙටුම්පත කාරක සභා අවස්‌ථා විවාදය දසවැනි දිනටත් පැවැත්විණි.

ඉඩම්, මහවැලි සංවර්ධන හා පරිසර, බන්ධනාගාර ප්‍රතිසංස්‌කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම හා හින්දු ආගමික යන අමාත්‍යාංශවල වැය ශීර්ෂයන් පිළිබඳ විවාදය ආරම්භ කරමින් යාපනය දිස්‌ත්‍රික්‌ (ද්‍රජාස) මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා මහතා - ඉඩම් විෂය සම්බන්ධව අපට අඛණ්‌ඩව කතාකිරීමට අයිතියක්‌ තිබෙනවා. ද්‍රවිඩයන්ගේ ඉඩම් විශාල ප්‍රමාණයක්‌ හමුදාව පසුගිය කාලයේදී ආක්‍රමණය කළා. එහි සිටි දෙමළ ජනතාව අනාථ කළා. අවුරුදු විසි පහක්‌ තිස්‌සේ ඒ ජනතාව අනාථ වෙලා. ලක්‍ෂ දෙකක්‌ පමණ කඳවුරුවල ජීවත්වෙනවා. තමිල්නාඩුවේ එක්‌ලක්‍ෂ පනස්‌ දහසක්‌ පමණ ජීවත්වෙනවා. ඒ අයත් තමන්ගේ ගම්බිම්වල පදිංචි වෙන්න කැමතියි. ඒ ජනතාවගේ ඉඩම් හමුදාව නිදහස්‌ කළොත් පමණයි ඒ අයට ඇවිත් ජීවත්විය හැක්‌කේ. උතුරු නැගෙනහිර සිංහල අය ජීවත්වූ ඉඩම්වලවත් එය සිද්ධ වුණා. හමුදාකරණය කරලා ඉන්පසු සිංහලකරණය කළා. බෞද්ධ ජනතාව ජීවත් නොවූ ප්‍රදේශවල පන්සල් ඉදිකළා. දෙමළ ජනතාවට අයිතිදේ. රාජපක්‍ෂ රජය ගැන කතාකරන්න මම කැමැති නෑ.

කාරක සභා නියෝජ්‍ය සභාපති සෙල්වම් අඩෙක්‌කලනාදන් මහතා මුලසුනට පැමිණේ.

කෘෂිකර්ම රාජ්‍ය ඇමැති වසන්ත අලුවිහාරේ මහතා - 2018 වෙද්දී මිරිස්‌, ලූනු, අල වගාවෙන් රට ස්‌වයංපෝෂිත කිරීමේ සැලසුමක්‌ තිබෙනවා. එමගින් එම ආහාරවර්ග ආනයනය සඳහා විදේශයන්ට ඇදී යන මුදල නතර කර ගත හැකියි. හරි ප්‍රතිපත්තියක්‌ තිබුණානම් සියලුම භෝග අපට නිෂ්පාදනය කර ගත හැකියි. හොඳ පසක්‌, හොඳ කාලගුණයක්‌, හොඳ තාක්‍ෂණයක්‌ අපට තිබෙනවා. ආහාර භෝග අස්‌වැන්න වැඩි කළ යුතුයි. ගොවියාට සහන දීම රජයේ ප්‍රතිපත්තියයි.

හම්බන්තොට දිස්‌ත්‍රික්‌ (එජනිස) මන්ත්‍රී චමල් රාජපක්‍ෂ මහතා - 1947 සිට කෘෂිකර්මාන්තයට ප්‍රතිපත්තියක්‌ තිබෙනවා. එනිසා සහල් එළවළු සුරක්‍ෂිතතාවක්‌ අප පවත්වාගෙන යනවා. පොහොර සහනාධාරයත් එක්‌ක කප්පාදුවක්‌ ඇති වුණොත් මේ සුරක්‍ෂිතතාව තබා ගත හැකිද යන්නයි ප්‍රශ්නය. මේ අභියෝගය භාර ගත යුතුයි. පොහොර සහනාධාරයෙන් අපි ඉවත්වුණොත් ගොවීන් ඒ අය පොහොර යොදයිද එවිට අස්‌වැන්න ලබාගත හැකිවෙයිද. එනිසා පොහොර පිළිබඳ වැඩි අවධානයක්‌ යොමු කළ යුතුයි.

පත්කළ මන්ත්‍රී බිමල් රත්නායක මහතා (ජවිපෙ) - අයවැයෙන් හඳුන්වා දුන් පොහොර සහනාධාර කප්පාදුව ගැන දැන් විශාල උද්ඝෝෂණයක්‌ ඇතිවී තිබෙනවා. පොහොර සහනාධාරය 2004 දී හඳුන්වා දුන්නා. නමුත් එය කාබනික පොහොර භාවිතා කළ යුතු බව කියවමින් කප්පාදුවට ලක්‌ කළා. පසුගිය කාලය තුළදී ඒ නිසා අපි රජයට කියන්නේ මේ සහනාධෘරය ගොවියෝ සටන් කරලා ලබා ගත්තේ කාබනික පොහොර අවශ්‍ය අය හඳුනාගෙන ඒ අයට දෙන්න. කාබනික පොහොර කියලා පොහොර සහනාධාරය කපන්න එපා. එය ගොවීන්ට සෘජුවම දැනෙනවා. ඒ නිසයි ඒ අය වසබීලා, බෙල්ලේ වැලදාගෙන මැරෙන්නේ. කොළඹ සිටින රවී කරුණානායක මහත්තයාට දැනෙන්නේ නැති වුණාට බත් කන ජනතාවට මේ ප්‍රශ්නය දැනෙනවා. වස බොන ප්‍රමාණය තවත් වැඩි කෙරෙන කප්පාදුවක්‌ මේක. මේ ආණ්‌ඩුව ගැන අපට ලැඡ්ජයි. කෘෂිකර්ම අමාත්‍යංශයේ දේපළ හොරකම් කරපු අයව මේ ආණ්‌ඩුව ආරක්‍ෂා කරනවා. අඩුම තරමේ හාල් මැස්‌සෙක්‌ තියා කූනිස්‌සෙක්‌ වත් අල්ලලා නැහැ. ලැඡ්ජයි.

තිරසාර සංවර්ධන හා වනජීවී ඇමැති ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා - නීතිය ක්‍රියාත්මක කෙරෙනවා ආණ්‌ඩුව විපක්‍ෂය කියලා නැහැ එක හැන්දෙන් තමයි අප නීතිය ක්‍රියාත්මක කරන්නේ. මේ පොහොර ප්‍රශ්නය ගැන කතා කරන්න ඕන. අද පොළොවේ පණුවෙක්‌ වත් නැහැ. අද පොළොවටත් වස ගහනවා. අලේටත් ගහනවා කොළේටත් ගහනවා. මඤaෙCදාක්‌කා අලවලටත් වස ගහනවා.

මූලාසනය - ඔබට තව විනාඩි 2 යි තිබෙන්නේ.

ජයවික්‍රම පෙරේරා මහතා - විනාඩි දෙකක්‌ මදි. මම කතාව නවත්තනවා. මම කියනවා මේවා ලේකම්ලා දැනගන්න ඕනෑ.

නැවත පදිංචි කිරීමේ රාජ්‍ය ඇමැති එම්. එල්. එම්. හිස්‌බුල්ලා මහතා - දේශපාලනික සහ ආගම් වශයෙන් නොබෙදී අපි කටයුතු කළ යුතුයි. දැන් උතුරු නැගෙනහිර වැන්දඹුවන් විශාල වශයෙන් සිටිනවා යුද්ධය සහ විවිධ ස්‌වභාවික විපත් නිසා මේ තත්ත්වය ඇතිවී තිබෙනවා. ඒ නිසා ස්‌වයං රැකියා ඇති කරලා, දුගීභාවය නැති කරලා ජීවත්වීමේ අයිතිය තහවුරු කළ යුතුයි.

කර්මාන්ත හා වානිජ කටයුතු ඇමැති රිෂාඩ් බද්යුදීන් මහතා - පසුගිය කාලය තුළ අපි උතුරේ නැවත පදිංචි කිරීම් පුළුවන් තරමට අවංකව සිදු කළා. තවත් විශාල පිරිසක්‌ උතුරේ මුලතිව්වල දුක්‌ විඳිනවා. ඒ අයට නිවාස තනා දිය යුතුයි. මා මේ අමාත්‍යංශයේ ඇමැතිවරයා ලෙස සිටින විට උතුරේ ලක්‍ෂ තුනක පමණ ජනතාවක්‌ නැවත පදිංචි කළා. අපි දන්නවා මැණික්‌µdම් කඳවුරේ ජනතාව කොතරම් දුක්‌ වින්දාද කියලා. මා ඒ පදිංචි කිරීමේ කටයුතු කරගෙන එන කොට තමයි මාව අමාත්‍යංශයෙන් මාරු කළේ.

වන්නි දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී එස්‌. ශිවමෝහන් මහතා (ද්‍රජාස) - උතුරු නැගෙනහිර තුළ තවමත් හමුදාව 140000 ක්‌ පමණ සිටිනවා. හමුදාව එම පළාත්වලින් අඩු කරන්නේ නැතිව ඒ ඉඩම් නිදහස්‌ කරන්න බැහැ. හමුදාව අඩු කොට ඉඩම් නිදහස්‌ කර ගැනීමටයි දෙමළ ජනතාව ඡන්දය දුන්නේ. කිලිනොච්චි නගරයේ 40% ක්‌ පමණ හමුදාව සිටින්නේ කිලිනොච්චියේ. අලංකාරයටත් කිලිනොච්චි හමුදා කඳවුර බාධාවක්‌. දිස්‌ත්‍රික්‌කයට එක්‌ කඳවුරක්‌ තිබුණාට කමක්‌ නැහැ. උතුරේ දූපත්වල නාවික හමුදාව පදිංචිවී සිටිනවා. මේ ගැන අවධානය යොමු කොට එම ඉඩම ඒ ජනතාවට ලබා දෙන්න.

ජලසම්පාදන හා නාගරික සංවර්ධන ඇමැති රවුµa හකීම් මහතා - පසුගිය දශකය මුළුල්ලේ උතුරු නැගෙනහිර ජනතාවට තම ඉඩම් අහිමි වුණා. දැන් යුද්ධය අවසන්වී වසර හයක්‌ ගෙවුණත් තවම ඒ ගැටලුව නිරාකරණය කරගෙන නැහැ. ඒ නිසා අවිහිංසාවාදී ක්‍රම මඟින් මේ කටයුතු ඉටුකරගත යුතුයි.

දිවා විවේකය සඳහා සභාව දහවල් 01 දක්‌වා කල් දැමුණු අතර නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල මහතාගේ මූලාසනයෙන් යුතුව නැවත රැස්‌විණි.

පත් කළ මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමි (එජනිස) - පොහොර සහනාධාරය ලබාදීම නිසා වසරකට බිලියන 35 ක්‌ 37 ක්‌ වශයෙන් පිටරටට ඇදී යනවා. අනෙක තමයි මේ ගෙන්වන පොහොරවල විවිධ අහිතකර සංඝටක තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධාන වාර්තාවලට අනුව කැඩ්මියම් සහ නිකල් අන්තර්ගතවෙනවා. මේ නිසා පසේ සජීවීකරණයට බලපෑම් වෙනවා. හොහොර සහනාධාරය නැවැත්වීම තුළින් අපට පොටෑසියම් සහ නයිටේ්‍රට්‌ ලබාගත හැකියි. එමඟින් අපට කාලයාගේ ඇවෑමෙන් පසේ සජීවීකරණය නැවත රැකගත හැකියි. පොහොර සහනාධාරය වෙනුවට දෙන මුදලේ කිසිම අඩුවක්‌ වෙන්නේ නෑ. ඒ ගැන මා වගකියනවා.

වන්නි දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී ඩග්ලස්‌ දේවානන්ද මහතා (එජනිස) - ජ. වි. පෙ කැරලිකරුවන්ට නිදහස ලබා දුන් ආකාරයට දෙමළ දේශපාලනික හිරකාරයන්ට නිදහස ලබාදිය යුතුයි. දීර්ඝ කාලීන යුද්ධය නිසා අපේ ජනතාවගේ සංස්‌කෘතිය විනාශ වෙමින් තිබෙනවා. හින්දු ආගමික පූජකයන් කුරුක්‌කල්වරුන්ට නේවාසික පුහුණුව දිය යුතුයි. පෙර තිබූ පුහුණුව දැනට නවතා තිබෙනවා. කෝවිල් දායක සභාවේ සාමාජිකයන්ට පුහුණුව ලබාදිය යුතුයි.

මාතර දිස්‌ත්‍රික්‌ (ස්‌වාධීන) මන්ත්‍රී චන්ද්‍රසිරි ගජධීර මහතා - වරදට යොමුවූ බාල පරපුර සාහිත්‍ය, කලාව එක්‌තැන්කර සමාජගත කළ යුතුයි. අපි බන්ධනාගාර පද්ධතිය ශක්‌තිමත් කරන්න ක්‍රියාකළා. ජීවිතයේ කොතැනක හෝ සිදුවූ වරදකින් බන්ධනාගාර ගත වුණත් මානුෂික ලෙස ඔවුන් දෙස බලන්න හුරු කළ යුතුයි.

අවි අරන් රටක්‌ බෙදන්න ප්‍රචණ්‌ඩකාරී ලෙස හැසිරුණු තරුණයන් පුනරුත්ථාපනය කර සමාජගත කළ රටක්‌ මම අසා නෑ. අප එය කළා. ප්‍රතිසන්ධානය සඳහා අප අතර දයාව කරුණාව බෙදාගත යුතුයි.

මඩකලපුව දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී ගනේෂන් ඥනමුත්තු මහතා (ද්‍රජාස)-සමාජයට හොඳ පුරවැසියකු ලෙස සිරකරුවන් පත් කිරීමට බන්ධනාගාරය සංශෝධනය කළ යුතුයි. ඒ සඳහා අපේ සහාය ලබාදීමට සූදානම්. වැරදිකරුවන් බිහිවන ආකාරය සොයා බැලිය යුතුයි. තනි සිංහල අයිතිය, ත්‍රස්‌තවාදී පනත සෑදී ඇත්තේ වැරදිකරුවන් ඇතිවන අයුරින්. අප කළ යුත්තේ වැරදිකරුවන් සංඛ්‍යාව අඩු කිරීමයි.

වන්නි දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී කාදර් මස්‌තාන් මහතා (එජනිස)- නැවත පදිංචි කිරීම් තවම සම්පූර්ණයෙන් අවසන් කර නෑ. එය විධිමත් ලෙස ඉදිරියට ක්‍රියාත්මක කළ යුතුයි. යුද්දෙන් හානිවූ ප්‍රදේශ යළි ගොඩනැංවීම සඳහා රජය තවදුරටත් ව්‍යාපෘති දියත් කළ යුතුයි.

මොණරාගල දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී ආනන්ද කුමාරසිරි මහතා (එජාප)- කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ගැන අපි අලුත් දේ කල්පනා කළ යුතුයි. අවුරුදු 100 ක්‌ පැරැණි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවක්‌ තිබෙද්දී අපි අද මුංඇට පිටරටින් ගෙන්වීම කනගාටුවක්‌.

යාපනය දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී ආර්. යෝග්ෂ්වරන් මහතා (ද්‍රජාසං)- අපේ රට කෘෂිකාර්මික රටක්‌. රටේ ගොවි බිම් ආරක්‍ෂා විය යුතුයි. හිතුවක්‌කාරී ලෙස ජනතාවගේ ඉඩම් උදුරාගෙන ඔවුන්ට කෘෂිකර්මාන්තයේ යෙදීමට බාධා කිරීම වරදක්‌. කෘෂිකාර්මික ඉඩම් සංවර්ධනයේ නාමයෙන් කටයුතු කර පස්‌ පුරවනවා. එය වහා නැවැත්විය යුතුයි.

රාජ්‍ය ඇමැති පාලිත රංගේ බණ්‌ඩාර මහතා (රීති ප්‍රශ්නයක්‌ මතු කරමින්)

අගමැතිට විරෝධය පළකර වෛද්‍යවරු කොළඹට රැස්‌වෙති කියා දිවයින පත්‍රයේ තිබෙනවා. වෛද්‍යවරුන්ට මෙසේ කළ නොහැකියි. අගමැතිවරයා පාර්ලිමේන්තුවේ කළ කතාවක්‌.

නියෝජ්‍ය ඇමැති අජිත් පී. පෙරේරා - ඒ කතාවට මම එකඟයි. පාර්ලිමේන්තු වරප්‍රසාද උල්ලංඝනය කරන කවර හෝ කෙනෙකුට එරෙහිව පියවර ගත යුතුයි.

අධ්‍යාපන රාජ්‍ය ඇමැති වී. රාධාක්‍රිෂ්ණන් - නුවරඑළිය සහ බදුල්ල දිස්‌ත්‍රික්‌කයේ සිදුකෙරෙන අර්තාපල් නිෂ්පාදනය සඳහා හොඳ තාක්‍ෂණය සහ හොඳ ප්‍රභේදයන් යොදාගත යුතුයි. ඒ වගේම අර්තාපල් පිටරටින් ගෙන්වීම නැවැත්විය යුතුයි. සැප්තැම්බර් සහ ඔක්‌තෝබර් මාස වලදී.

වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ ඇමැති ගාමිණි විජිත් විජයමුණි සොයිසා මහතා- එදා වුණා වගේම අදත් ඌව පළාතේ ඉඩම් කොල්ලය සිද්ධ වෙනවා. ඉඩම් අයිතිය භූමි අයිතිය අපට ලබා දෙන්න බැරිවුණා. මා වසර පහක්‌ ඌවේ මහ ඇමැති ලෙස කටයුතු කළත් එය එසේ වුණේ ඉඩම් බලය මධ්‍යගත වී තිබූ නිසයි. අපට දේශීය බීජ වැඩි දියුණු කිරීමේ අවශ්‍යතාවයක්‌ තිබෙනවා. හේන් ගොවිතැන ගැන කතා කරන ඇතැමුන් විශාල සමාගම් සමග කටයුතු කළා. අද භූගත ජලය පවා ජනතාවට අහිමි කරමින් සිටිනවා. ඒ නිසා ඌවේ ජනතාවට ඉඩම් බීජ සහ ජලයේ අයිතිය ලැබිය යුතුයි කියන මතයේ අපි සිටින්නේ.

(ලකී ජයවර්ධන මූලාසනයට පැමිණේ)

හම්බන්තොට දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී නිහාල් ගලප්පත්ති  (ජවිපෙ)- විපක්‍ෂයේ සිටින විට කියන දේවල් නොවෙයි ආණ්‌ඩුවට ඇවිත් කරන්නේ. ඒ නිසා කටින් බතල හිටුවීමේ න්‍යාය අපි දැන්වත් නැවැත්විය යුතුයි. අපි මේ රටේ ජනතාවගේ ඉල්ලීම් ආරක්‍ෂා කර දෙන්න කැප වෙනවා. රාජපක්‍ෂ ආණ්‌ඩුවේ අප කීර්තිමත්ම දිනය තමයි වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන්ට වෙඩි තියපු දවස. ඒ කාලකණ්‌ණි අතීතයෙන් මිදෙන්න රාජපක්‍ෂලාට බැහැ. ඒ වගේම රාජපක්‍ෂලාගේ කරට අතදාගෙන සිටින මේ ආණ්‌ඩුවේ අයටත් එය බලපානවා.

අනුරාධපුර දිස්‌ත්‍රික්‌ මන්තී එස්‌. සී. මුතුකුමාරණ  (එජනිස)- අපේ ප්‍රදේශයේ ගොවි ජනතාව මේ අයවැයෙන් දුකට පත්වුණා. පොහොර සහනාධාරය වෙනුවට මුදල් ලබාදීම අසාර්ථක වැඩක්‌. මේකට ඉඩ දෙන්න එපා. ඒ නිසා පොහොර සහනාධාරය ලබා දීම තුළින් මහින්ද රාජපක්‍ෂ ගේ කාලයේදී සහලින් ස්‌වයංපෝෂිත වූ අපේ රට නැවත ආපස්‌සට හැරවීමක්‌ ලෙසයි මා මේ පියවර දකින්නේ.

මහනුවර දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී රවී සමරවීර  (එජාප)- පිටරටින් ආනයනය කරනු ලබන බීජ අර්තාපල් මේ වනවිට කඳුකර අල ගොවියාට ගැටලුවක්‌ වෙලා. මේ රටට අවශ්‍ය බීජ අර්තාපල් රට තුළදීම නිපදවීමට කටයුතු කළ යුතුයි. පිටරටින් ගෙන්වන අර්තාපල්a බීජ ඉතා දුර්වලයි. ඒ වගේම කෑම සඳහා පිටරටින් ගෙන එන අර්තාපල් වහා නතර කළ යුතුයි.

පොළොන්නරුව දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී සිඩ්නි ජයරත්න  (එජාප) - අමු මිරිස්‌ මිල කිලෝවක්‌ රුපියල් 2000 ක්‌ වුණත් මා විරුද්ධ නැහැ. ඒ මිල මේ රටේ කොහේ හෝ සිටින අහිංසක ගොවියකුටයි ලැබෙන්නේ. මේ මිල ඉහළ යනවා වගේම ඇතැම් කාලවලදී මිල පහළ යනවා. එවිට එය ගොවියාට දරාගන්න වෙනවා. ඒ වගේම පොහොර සහනාධාරය අද හෙක්‌ටයාර දෙකක්‌ සඳහා ලබා දෙන්න තීරණය කරලා තිබෙනවා. ඒ ගැන මා සතුටු වෙනවා.

රත්නපුර දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී රංජිත් ද සොයිසා  (එජනිස) - දේශීය දෙමුහුන් බීජ හඳුන්වා දීමට කටයුතු කරන ලෙස මා ඉල්ලනවා. ඒ වගේම පසු අස්‌වනු හානිය 30% ක්‌ 40% ක්‌ කියලා නිලධාරීන් කියනවා. ඒක බොරුවක්‌. අපේ ආණ්‌ඩුවත් අමාරුවේ දැම්මා. එහෙම කියලා කූඩ නීතිය ගෙනාවේ ඒකයි. මේ රටේ වී මිල රුපියල් 07 කින් අඩුවෙනවා. එතකොට හාල් මිල වැඩිවෙනවා. පුදුම ආණ්‌ඩුවක්‌ මේක. දැන් රට තුළ උග්‍ර පොහොර හිඟයක්‌ තිබෙනවා. මේක පිටුපස්‌සේ පොහොර සංස්‌ථාවේ හා කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන් ඉන්නවා. මේ රටේ බත සපයන ගොවියාගේ බඩට ගහන්න හිතන්න එපා කියා මා ඉල්ලනවා.

මහනුවර දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී මයන්ත දිසානායක (එජාප) - කෘෂිකර්ම ක්‍ෂේත්‍රය නංවාලීම සඳහා රජය පියවර ගන්නවා. අපේ ගොවි ජනතාවට නව තාක්‌ෂණය පිළිබඳ දැනුමක්‌ ලබාදීම වැදගත්. විදේශ පුහුණුවක්‌ ඔවුන්ට ලබාදිය යුතුයි. නිලධාරීන්ට වඩා ගොවීන්ටයි විදේශ පුහුණුව ලබා දිය යුත්තේ.

පොළොන්නරුව දිස්‌ත්‍රික්‌ (එජනිස) මන්ත්‍රී රොෂාන් රණසිංහ - ගාමිණී දිසානායක  දක්‍ෂ ප්‍රායෝගික නායකයෙක්‌. ඒ ප්‍රායෝගික බව අද එජාපය තුළ නෑ. පොහොර බෙදාදීම සඳහා රාජ්‍ය අංශයේ හොඳ යාන්ත්‍රණයක්‌ තිබියදී ඇයි පොහොර අත්හිටුවූයේ. රසායනික පොහොර නැතිව කෘෂිකර්මාන්තය කරන්න බෑ. අතලොස්‌සක්‌ වන හාල් මෝල්කරුවන් අද හම්බකර ගන්නවා. ගොවි ජනතාව අනාථයි. පාරිභෝගිකයාත් අනාථයි.

මහනුවර දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී ආනන්ද අලුත්ගමගේ  (එජාප) - අපේ දිස්‌ත්‍රික්‌කයේ තිබෙන µයිනස්‌ වගාව නිසා පාරිසරික ගැටලු රාශියක්‌ පැනනැඟිල. ඒ නිසා ෆයිනස්‌ වගාව ඉවත්කොට අපනයන බෝග වගාව සිදුකරන්න කියලා ඉල්ලනවා.

මඩකලපු දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී අලි සහීර් මව්ලානා  (එජාප) - අපේ ප්‍රදේශවල ඉඩම් අක්‌කර දහස්‌ ගණනාවක්‌ පක්‍ෂග්‍රාහී ලෙස ලබාදී තිබෙනවා. එරාවුර් ප්‍රාදේශීය ලේකම්වරයා ඊට වගකිව යුතුයි. ඒ ගැන සොයා බලන්න.

ත්‍රිකුණාමලය දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී ඉම්රාන් මහරුෆ්  (එජාප) - කින්නියා වැනි ප්‍රදේශවල අවතැන්ව සිටි ගොවි ජනතාවට යළි ගොවි කටයුතු කිරීමට ඉඩදිය යුතුය. එම ඉඩම්වලින් කඳවුරු ඉවත් කළ යුතුයි. ජනතාවගේ ඉඩම් ජනතාවට ලබාදිය යුතුයි.

ගම්පහ දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී චතුර සේනාරත්න  (එජාප)
- මමත්, රතන හාමුදුරුවොත් පිවිතුරු හෙටක්‌ ජාතික සභාව හදලා මේ රටේ කෘෂිකර්මාන්තයට එරෙහි රාජපක්‍ෂ ජුන්ටාවට විරුද්ධව සටන් කරනකොට තමයි මගේ පියා, ඒ වගේම දුමින්ද දිසානායකලා, එළියට බැහැලා මේ රටේ නැවත ප්‍රජාතන්ත්‍රවාදය ස්‌ථාපිත කරන්න හැකිවුණේ.

පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම්, බන්ධනාගාර හා හින්දු ආගමික කටයුතු ඇමැති ඩී. එම්. ස්‌වාමිනාදන්  - අභ්‍යන්තර අවතැන්වූවන්ට තාවකාලික රැකවරණ ස්‌ථාන ලබාදීමට කටයුතු කරනවා. තම කැමැත්ත අනුව මුල් ප්‍රදේශවලට ගොස්‌ යළි පදිංචිවීමට අවස්‌ථාව ලබා දෙනවා. 157000 ක්‌ උතුරේත්, 67000 ක්‌ නැඟෙනහිරත් මේ වනවිට නැවත පදිංචි කර තිබෙනවා. අවතැන් කඳවුරුවල අයට ප්‍රමුඛතාවය ලබා දෙමින් නිවාස හැට දහස නිමවූ පසු එහි පදිංචි කරවනවා.

තමිල්නාඩුවේ සිටින අය යළි ලංකාවට පැමිණීමට කැමැති නම් අවස්‌ථාව ලබා දීමට අප සූදානම්. ඒ අයට ජීවනෝපාය මාර්ග ලබාදිය යුතුයි. පෞද්ගලික ඉඩම් අක්‌කර 8000 ක්‌ පමණ තවම හමුදාව භාරයේ. හමුදාව මෙතරම් ඉඩම් අත්පත් කරගෙන සිටින්නේ ඇයි කියා තේරුම් ගන්න බෑ. ඒවා ක්‍රම ක්‍රමයෙන් මුදවා ගන්න අප කටයුතු කරනවා.

කෘෂිකර්ම ඇමැති දුමින්ද දිසානායක - අයවැය පැත්තෙන් තවත් සහන ටිකක්‌ ලබාදිය යුතුයි. කියන කාරණය ගැන අපි ජනාධිපතිතුමාටත්, අගමැතිතුමාටත් දැනුම් දුන්නා. මේ ආණ්‌ඩුව ජනතා හඬට ඇහුම්කන් දෙන ආණ්‌ඩුවක්‌. රසායනික පොහොර හොඳයි කියා සමහරු කියනවා. තවත් අය කියනවා නරකයි කියලා. කාබනික පොහොර භාවිතයට වැඩිපුර නැඹුරු කළ හැකිනම් හොඳයි. ගොවියාට අසනීපයක්‌ වුණොත් මාසයක්‌ ඇතුළත කෘෂිකර්ම වන්දිය ලබාදීමට කටයුතු කරනවා.

ඉඩම් රාජ්‍ය ඇමැති ටී. බී. ඒකනායක  - නාගරික ප්‍රදේශවල රජයේ ඉඩම්වල පදිංචි අයට වාර්ෂික ආදායම අනුව බදු ක්‍රමයට එම ඉඩම් ලබා දෙනවා. 2015 දක්‌වා හිඟ බදු කපා හරිනවා.

මීට අදාළ චක්‍රලේඛ මේ වනවිට නිකුත් කර තිබෙනවා. රටේ පැරණිම දෙපාර්තමේන්තුවක්‌ වන මිනින්දෝරු දෙපාර්තමේන්තුවට අද නවින උපාංග සහ නව තාක්‌ෂණය අනුව කටයුතු කිරීමට හැකිවී තිබෙනවා.

වැය ශීර්ෂ සම්මත විය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.