ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, December 13, 2015

රුපියල් හැටපන්දාහේ සිට ලක්‌ෂය දක්‌වා මිල ගණන්වලට අලෙවි වන'සුදු මස්‌'

ස්‌ත්‍රීත්වයට හිමි බව කියන හැටහතර මායම් සමග රාගයෙන් ගිනියම්ව තිබූ ඇගේ ලස්‌සන ඇස්‌

මැලවී ගොසිනි. හදවත ගිනිගෙන ඇති සේය.
හඬන්නී ඇය පමණක්‌ද...? නැත. ලොව පැරණිම වෘත්තිය තෝරා ගනිමින් මස්‌ වෙන්දේසියකට සැදි පැහැදී කොළඹට ආසන්න තරු හෝටලයක කාමරයක්‌ වෙත පැමිණි ඇයට මෙන්ම ඇගේ මිතුරියන් සිව් දෙනකුටද අත්ව ඇත්තේ ඒ ඉරණම ම ය.

 අද රාත්‍රිය මා නුඹේ ජීවිතයේ සොඳුරුතම රාත්‍රිය කරන්නම්.. සුරලොව සතුට නුඹේ දෙපා මුල ගෙන තබන්නම්.." මොහොතකට පෙර තමන් ඉදිරියේ සිටි කඩවසම් තරුණයාගේ ගත දැවටෙමින් අඟර දඟර පා එසේ තෙපලූ මොහිනූර් දැන් දැතින් මුහුණ වසාගෙන හඬමින් සිටින්නීය.

හෝටල් කාමරයේ තිබෙන වීඅයිපී සෝපාවක එකට ගුලිවී ඔවුහුද හැකි සෑම අයුරකින්ම තම සුන්දර මුහුණු ආවරණය කර ගන්නා අතරේ ඉකිගසමින් සිටින්නාහ.

"මයි ගෝඩ්.. මයි ගෝඩ්.. මයි ගෝඩ්.." එසේ ඉකිබිඳින අතරේ මොහිනූර්ගේ එක්‌ මිතුරියක ඉංගී්‍රසියෙන් දෙවියන් සිහි කරමින් දැතින්ම හිසට ගසා ගනුයේ තමන්ට වැරදුණේ කොතැනදීදැයි වටහාගත නොහැකි වූවාක්‌ ලෙසිනි.



නමුත් මේ වැලපීම කෙසේ වුවද බාගෙට විලි වසා සිටින ඔවුන්ගේ සොඳුරු රූ තව තවත් මනරම් කළ ඇඳුම් ආයිත්තම් අතරින් එළියට පනින්නට පොරකන රණ හංස පෝතකයන්.. හොඳින්ම නිරාවරණය වූ කලවා යුග්මයන්.. දුටුවකුට නිතැතින්ම තවුසන්ගේ දැහැන් බිඳි ලියතඹරාවන් සිහිගන්වනු නිසැකය.

ඩිල්නෝෂා සමක්‌වාන්ඩ්, මොහිනූර් දුවොන්කි, ගුල්නෝරා මන්කුලෝවා, ඔල්ගා අනිකෝවා සහ රානෝ රමාවා.. මේ මීට සති දෙක තුනකට පෙර, පැරණි සෝවියට්‌ සමූහාණ්‌ඩුවට අයත්ව තිබූ වත්මන් උස්‌බෙකිස්‌තානයේ සිට ශ්‍රී ලංකාවට පැමිණි සොඳුරු තරුණියන් කණ්‌ඩායමකි.

මාස දෙකක සංචාරක වීසා මත මෙරට සංචාරයක යෙදීමට යෑයි පවසා ඔවුන් මෙරටට ළඟාවී තිබිණි. එහෙත් මෙරටට පැමිණීමෙන් පසු ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම අමතක කළ ඔවුන් ගෙවී ගිය කාලය පුරා සිදුකර ඇත්තේ රුසියානු ගණිකාවන් ලෙස කොළඹ තරු හෝටල් තුළදී සිය සිරුරු අලෙවි කිරීමය.

මොහිනූර් ඇතුළු කණ්‌ඩායම ඉකුත් සඳුදා කොළඹට ආසන්න තරු හෝටලයක කාමරයක්‌ තුළදී ඉහත අන්දමින් හඬා වැටුණේ එසේ සිය සොඳුරු රුව සමඟ සිරුර අලෙවි කරන්නට ගොස්‌ නීතියේ රැහැනට හසුවීම හමුවේය.

සැබවින්ම ඔවුන් අසරණියන්ය. "අපි විදේශිකයන් වුණාට අපේ ජීවිත සුඛිත මුදිත නැහැ.. කටුක බව උරුම වෙච්ච ජීවිතයක්‌ අපට තිබෙන්නේ.." නීතියට කොටුවීමෙන් පසු මොහිනූර් ඇතුළු කණ්‌ඩායමේ එකියක හඬා වැටුණේ එසේ පවසමිනි.


මොහිනූර්ලාගේ මේ අසරණ බවට හේතු වූයේ කලකට ඉහතදී පැරණි සෝවියට්‌ සමූහාණ්‌ඩුව සුණු විසුණු කළ මිහායිල් ගොර්බචොෆ්ගේ "පෙරස්‌ත්‍රො යිකාව" විය හැකිය. එහෙත් දැන් එය සිදුව අවසන්ය. ලොව බොහෝ රටවල ගණිකා වෘත්තිය යනු නීතිගත වූවකි. නමුත් ශ්‍රී ලංකාවේ එය නීතියෙන් තහනම් ය. ගණිකා වෘත්තියේ යෙදීම යනු මෙරට තුළදී දඬුවම් ලැබිය හැකි වරදකි.

නීතිය එසේ වුවද ශ්‍රී ලංකාව යනු දැනට වසර කිහිපයක සිට රුසියානු අබිසරු ලියන්ට හොඳ වෙළෙඳ පොළක්‌ පවතින රාජ්‍යයක්‌ ලෙස ප්‍රකටය. වර්තමානයේ ඕනෑම රාත්‍රියක මෙරට රාත්‍රී සමාජශාලා සහ කැසිනෝ හල් වෙත ගොස්‌ බැලුවහොත් ගණිකා වෘත්තිය සඳහාම මෙරටට පැමිණ ඒවායෙහි ගැවසෙන රුසියානු තරුණියන් පොකුරුපිටින් දැකගත හැකිය.

මුදල් පොදි ගෙන සැප සොයා රාත්‍රී සමාජ ශාලාවකට හෝ කැසිනෝ හල් වෙත එන නිශාචර ධනවතුන්ට ඉඟි බිඟි පාන ඔවුහු රැය ගෙවෙන්නට පෙර ඉන් එකෙකු හෝ දෙතුන් දෙනකු සිය දැලට ගෙන තරු හෝටලයක කාමරයක සැතපෙන්නේ අතිශූර ලෙසිනි.

මෙහිදී දැලට දෙතුන් දෙනකු හසු වූයේ නම් තරුණියන් කිහිප දෙනකු ඔවුන් සමග ගොස්‌ එකම සයනයේ එකට සැතපී මාරුවෙන් මාරුවට කාමයේ සැප බෙදාහදා ගන්නා බවද ඒ පිළිබඳ මැනවින් දන්නා අප හඳුනන එක්‌තරා නිශාචර චරිතයක්‌ පසුගිය දිනක සඳහන් කළේය.

එය වර්තමානයේ අන්තර් ජාලයේ පවතින විකෘති කාමය සහිත නිල් චිත්‍රපටයක සමූහ රංගනයක්‌ වගේ යෑයි ඔහු උදාහරණයක්‌ද පෙන්වා දෙමින් කියා සිටියේය. යථාර්ථය ඇත්තේ එතැනය. නමුත් මේ රටේ ගණිකා වෘත්තිය නීතියෙන් තහනම්ය.


මේ අන්දමින් සමාජ ශාලාවකදී නැතහොත් කැසිනෝ හළකදී ගැනුම්කරුවකු සොයා ගැනීමට අමතරව මේ වන විට රුසියානු ගණිකාවන් අලෙවි කෙරෙන තවත් ක්‍රමයක්‌ද ඇත. ඒ මෙරට සිටින ඒජන්තයන් විසින් ජංගම දුරකථන ඔස්‌සේ කරන ඇනවුම් අනුව ගැනුම්කරු වෙත තරුණියන් සැපයීමය.

එසේ රුසියන් මස්‌ විකුණන ඒජන්තයන් බිහිවන තරමටම අද රුසියානු තරුණියන්ගේ සිරුරට මෙරට තුළදී ඉල්ලුමක්‌ ඇත. ඒ නිසාම එකී පහසේ මිලද ඉතා අධිකය. මේ වන විට එක්‌ රැයක්‌ සඳහා රුසියානු තරුණියකගේ මිල රුපියල් හැට දහසේ සිට ලක්‍ෂය දක්‌වා මෙරට කාමාතුරයන් ඉදිරියේ තීරණය වන්නේය.


මේ මුදල යනු මෙරටදී සිව්දෙනකුගෙන් යුත් දරු පවුලකට මාසයක්‌ පුරා සතුටින් ජීවත් වීමට ප්‍රමාණවත් මුදලකි. අප මෙහිදී එයද අමතක නොකළ යුතුය.

ලෝකයේ ඒඩ්ස්‌ ව්‍යාප්තිය අතින් ශ්‍රී ලංකාව බාධක බිඳගෙන ඉදිරියටම යන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පසුගියදා සඳහන් කර තිබිණි. අද මෙරට තුළදී රුසියානු ගණිකාවන් ඇතුළුව චීන, තායි ආදී ලෙසින් විදේශීය ගණිකා සේවය ඉහළින් ප්‍රචලිත වී ඇත්තේ එවන් වාතාවරණයක්‌ පැවතියදීය. මොන වසංගතය තිබුණත් අපේ උන් කැත නැතිව ඉල්ලගෙන අඹ ගන්නේ ඒ අන්දමිනි.

මොහිනූර් ඇතුළු ගණිකා වෘත්තිය සඳහා මෙරටට පැමිණ සිටි රුසියානු තරුණියන් පිරිස ඉකුත් දා කොළඹට ආසන්න තරු හෝටලයක්‌ තුළදී මෙරට සිටින ඒජන්තයකු හරහා කෙරුණු ගනුදෙනුවකට අනුව නීතියට කොටු වී තිබිණි.

එය මීට සති පහකට පමණ ඉහත දිනයක්‌ විය. හිටි හැටියේ එදින මේ ලියුම්කරුට කොළඹ නගරයේ නිතර සැරිසරනා දන්නා හඳුනන තොරතුරු සපයන්නකුගෙන් ඇමැතුමක්‌ ලැබෙන්නට විය.

"සමන් අයියේ.. දැන් කාලෙක ඉඳන් කිසි අවුලක්‌ නැතුව රුසියන් ඩීල් එකක්‌ යනවා කොළඹ.. ගින්දර වගේ කෑලි ටිකක්‌ බැහැලා ඉන්නේ.. කියලා වැඩක්‌ නැහැ.. ඔක්‌කොම අවුරුදු විස්‌ස විසිදෙකේ ලස්‌සන කෙල්ලෝ.. පුළුවන්නම් හොයලා ලියන්න.." දුරකථන ඇමැතුම දුන් ඔහු කියා සිටියේ එවැන්නකි. "කවුද වැඩේ කරන්නේ.." මම ඔහුගෙන් පෙරලා ඇසුවෙමි.

"ලක්‌මාල් කියලා එකෙක්‌ කරන්නේ.." එසේ මගේ ප්‍රශ්නයට පිළිතුරු දුන් හේ අවසානයේ ලක්‌මාල්ගේ ජංගම දුරකථන අංකයද ලබා දෙමින් කතාව අවසන් කළේය. එකනෙහි මගේ සිහියට පැමිණියේ "නෙත් එෆ්එම්" ගුවන් විදුලියේ "බැලුම්ගල" කණ්‌ඩායමේ සෆ්රාස්‌වය.

ඔහු මෙවන් දේ පසුපස හඹා යැමට ශූරයෙකි. "මල්ලි රුසියන් ඩීල් එකක්‌ ගැන තොරතුරක්‌ තියෙනවා.. මොකද කියන්නේ වැඩේ හොයමුද..? සෆ්රාස්‌ට ඇමතුමක්‌ ලබා දුන් මම කතාව ඔහුට කීවෙමි.


"නියමනේ අයියේ.. දෙමු ගේමක්‌.." ඔහුගෙන් පෙරලා පිළිතුරු ලැබෙන්නට විය. මෙහෙයුම ඇරඹුණේ එතැන් සිටය. මුලින්ම කෙරුණේ මේ පිළිබඳව පොලිස්‌පති එන්. කේ. ඉලංගකෝන්  දැනුවත් කිරීමය. එහිදී ඉලංගකෝන් ගේ උපදෙස්‌ අනුව පානදුර වලාන දූෂණ මර්දන ඒකකයේ නිලධාරින්ගේ සහාය අපට ලැබිණි.

එසේ කටයුතු සිදුවෙද්දී තවත් දින දෙකතුනක්‌ ගෙවී ගියේය. මේ අතරේ දිනක්‌ වලාන දූෂණ මර්දන ඒකකයේ නිලධාරියකුද සම්බන්ධ කර ගනිමින් ව්‍යාපාරිකයන් සේ හඟවා අපි ලක්‌මාල්ට දුරකථන ඇමැතුමක්‌ ලබා දුන්නෙමු.

"මිස්‌ටර් ලක්‌මාල්.. අපි බිස්‌නස්‌ කරන්නේ.. මේ දවස්‌වල ලංකාවේ ඉන්නේ.. පහුගිය ටිකේම හරියට බිසී වෙලා හිටියේ.. බැරිද අපිට පොඩි ෙච්න්ඡ් එකකට සපෝර්ට්‌ එකක්‌ දෙන්න.. ඔයාට ඉතින් අමුතුවෙන් කියන්න දෙයක්‌ නැහැනේ.. ඔයාගේ නම්බර් එක අපිට දුන්නේ අපේ යාලුවෙක්‌..

"එයත් මීට ඉස්‌සර ඔයාගෙන් බඩු අරගෙන තියෙනවා.. අපිට හොඳ රශියන් ගර්ස්‌ලා දෙන්නෙක්‌ දෙන්න බැරිද.. නයිට්‌ එකකට ඕනේ.. ගාණේ ප්‍රශ්නයක්‌ නැහැ.."

අපේ ඒ ඇමතුමට ඔහු ප්‍රතිචාර දැක්‌වීය. එහෙත් පිළිතුර යහපත් නොවීය. "මොන පිස්‌සුද මිස්‌ටර්.. මම ඔයාලව දන්නෙත් නැහැ.. අනික දැන් මම ඒ බිස්‌නස්‌ එක නවත්තලා තියෙන්නේ.. මාගාව රශියන් ගර්ස්‌ලා ඇත්තෙත් නැහැ".. අපේ ඇමතුමට පිළිතුරු ලෙස එසේ පැවසූ ඔහු දුරකථනය විසන්ධි කළේය.

මෙහෙයුම ආරම්භයේදීම ලක්‌මාල්ව එළියට ගැනීම සඳහා අප දැරූ මුල්ම උත්සාහය ව්‍යර්ථ වී ගියේ එසේය. එහෙත් අපි පසුබට නොවුණෙමු. තවත් දින කිහිපයක්‌ ගෙවී යන්නට ඉඩ හැර වෙනත් වටයකින් ලක්‌මාල්ට සමීප වන්නේ කෙසේදැයි කල්පනා කළෙමු.

අවසානයේ අපේ තීරණය වූයේ මෙරට සිටින විදේශිකයකු හරහා ඔහුට ඇමතුමක්‌ ලබා දීමය. එහිදී සෆ්රාස්‌ගේ හිතවතකු හරහා විදේශිකයකු සම්බන්ධ කර ගැනීමට අපට හැකි විය. අවසානයේ රුසියානු තරුණියන් දෙදෙනකුගේ පහස ඉල්ලා අප එකී විදේශිකයා ලවා ලක්‌මාල්ට ඇමැතුමක්‌ ලබා දුන්නේ වැඩේ හරියනු ඇතැයි යන දැඩි විශ්වාසයද සමගිනි.


එහෙත් විදේශිකයා ලවා ලබා දුන් ඇමතුමටද ලක්‌මාල් මුලදී යහපත් ප්‍රතිචාරයක්‌ නොදැක්‌වීය. නමුත් දෙදිනක පමණ පෙරත්තයකින් පසු ඔහුව යම් තැනකට ගෙන එන්නට අපට හැකි විය. අවසානයේ විදේශිකයාගේ මිතුරන් ලෙස පෙනී සිටිමින් ලක්‌මාල්ට සම්බන්ධ වීමට අප සමත් විය.

එතැන් සිට ගෙවී ගියේ තවත් සංක්‍රාන්ති කාලයකි. එසේ ලක්‌මාල් සමග සබඳතාවය ආරම්භ කිරීමෙන් පසු අපි මඳකට නිහඬව සිටියෙමු. එය සතියක පමණ කාලයක්‌ විය. එහිදී අපේ උපක්‍රමය වූයේ ලක්‌මාල් තුළ අප කෙරෙහි යම් විශ්වාසයක්‌ ගොඩ නැගීමය.

මේ අතරේ දිනක්‌ ලක්‌මාල් අපට ඇමතුමක්‌ ලබා දෙන්නට විය. " කෝ ඔයාලා ළමයි දෙන්නෙක්‌ ඉල්ලුවා නේද? මොකද ෆොරිනර් ලංකාවෙන් ගියාද? අද ඕනේ නම් මට වැඩේ කරන්න පුළුවන්.. මොකද කියන්නේ.." හේ දිගින් දිගටම විමසීය.

"අනේ සොරි මිස්‌ටර් ලක්‌මාල්.. අපිටත් වැඩේ කරගන්න ඕනේ.. ෙච්න්ඡ් එකකට මඟ බලාගෙන අපිත් දඟලන්නේ.. ඒත් දැන් අපි බිස්‌නස්‌ වගේකට නුවර ඇවිත් ඉන්නේ.. තව දවස්‌ දෙක තුනකින් අපිට රෙස්‌ට්‌ එකක්‌ ලැබෙනවා.. දන්නේ නැද්ද ඉතින් බිස්‌නස්‌ වැඩවලට බැස්‌සහම.. ඔයා මුකුත් හිතන්න එපා.. අපි තව දවස්‌ දෙකතුනකින් ඔයාට කතා කරන්නම්.. අපිටත් වැඩේ කරගන්නම ඕනේ.. පොඩි රශියන් ගර්ස්‌ලා ඉන්නවා නේද ඔයා ළඟ..

සමන් ගමගේ

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.