නෙවිල්
ප්‍රනාන්දු විසින් බිහිකරනු ලැබූ “කණ්ඩායම් සංගීතය” නමැති දරුවා පෝෂණය කොට
ජනතාව අතරට
ගෙන යාමේ පුරෝගාමියා ලෙස අවිවාදයෙන් සැලකිය හැකි ක්ලැරන්ස් විජේවර්ධන කලාකරුවාණන් සදහටම සමුගෙන වසර දහනමයක් සපිරෙයි. ගායනය - ගී පද රචනය හා සංගීතය යන ත්‍රිවිධ අංශයන්ගෙන්ම එක සේ සමත්කම් දැක්වූ ක්ලැරන්ස් තවත් විශාල පිරිසකට ආලෝකය දෙමින් සඳක් සේ දිලුණේය. ඔහුගේ නිර්මාණ තුළින් ගී ලොවට පිවිසි අය ද, ගී ලොවේ ස්ථාවර වූ අය ද බොහෝය. ඉන්ද්‍රානි පෙරේරා - ඇනස්ලි මාලේවන - අනිල් භාරතී - වර්නන් පෙරේරා - සමන් ද සිල්වා ආදීන් ඊට උදාහරණ වේ.
“මූන්ස්ටෝන්ස්” සංගීත කණ්ඩායම පිහිටුවාගෙන සංගීත ගමන ඇරඹූ ක්ලැරන්ස් ඒ යුගයේ කණ්ඩායම සමඟ ගැයූ නිර්මාණවල මූලික ගායකයා ලෙස ඇනස්ලිව යොදා ගත්තේය. මංගො නැන්දා - රුවන්පුරය අපේ ගම තමයි ආදී ගීත සිහිපත් කළ හැකිය. ඉන්පසුව “ගෝල්ඩන් චයිම්ස්” හා “සුපර් ගෝල්ඩන් චයිම්ස්” සමඟ ඔහු පෙරට ගියේය. කරුණාරත්න අබේසේකර ශූරීන් පුවත්පතකට ලියූ කවි පෙළක් ඇසුරින් “දිලීප පොඩි පුතු” ගීය ක්ලැරන්ස් ගැයුවේය. එය ඔහුගේ මුල්ම තනි ගීතයයි. කතෝලිකයෙකු වූ ඔහු ගැයූ “කඳ සුරිඳුනි” ගීතය ඉමහත් ජනප්‍රියත්වයකට පත් විය. මලට බඹරෙකු සේ - සිහින ලොවක් දුටුවා මතකයි - මෑණියනී - දුව මා වගේදෝ - හිරුගේ ලොවේදී - රන් සමනලයන්... ආදී වශයෙන් ගැයුණු ක්ලැරන්ස්ගේ සරල සුගම ගීතාවලිය ගීත ලෝලීන් ආදරයෙන් වැලඳ ගත්තේ එම ගීතවල මිහිරියාව නිසාමය. ඔහු මියගොස් වසර දහනමයකට පසුත් වර්තමාන පරපුර පවා එම ගීතවලට දක්වන ඇල්ම Face Book වැනි සමාජ වෙබ් අඩවි මඟින් පැහැදිලිව දැකගත හැකිය. එවැනි වෙබ් අඩවි මඟින් සිය ප්‍රියතම ගායක සංගීතවේදියාගේ ගීත නිර්මාණ වර්තමාන රසික ජනතාව අතරට ගෙන යාමේ කාර්යයට උර දී සිටින රොහාන් ඉඳිකැටිහේවගේ - ගීතානි මංගලිකා - සමන්ත සංජීව - මුදිත අමරතිස්ස - සුනිල් ශාන් ප්‍රනාන්දු වැනි අයගේ මෙහෙවර අගය කළ යුතුය.
ක්ලැරන්ස් අනුව යමින් නිර්මාණකරණයේ යෙදෙන රුක්ෂාන් කරුණානායක තරුණ සංගීතවේදියා ද, ක්ලැරන්ස්ගේ ගීත සංරක්ෂකයකු වන රුක්ෂාන්ගේ පියා දේවින්ද කරුණානායක ද මෙහිදී සිහිපත් වේ. මොවුන් ඇතුළු බහුතර රසික පිරිසක් ක්ලැරන්ස්ගේ නිර්මාණ සුරකිමින් ඒවා අලුත් රසික පරපුර වෙත ගෙන යාමේ ක්‍රියාවලියක යෙදෙන අතර තවත් පිරිසක් ක්ලැරන්ස්ගේ ගීත “විකුණන් කෑමේ” ක්‍රියාවලියක නිරත වෙති. ඒ රිඟින්ටෝන් මාෆියාව මඟිනි. ගීත නිෂ්පාදකයන් කීප දෙනෙක් ද ඒ මංකොල්ලයේ නිරත වෙති.
ක්ලැරන්ස් ජීවතුන් අතර සිටියදී “නිදිකුම්බා මල්” ටෙලිනාට්‍යයට ඔහුගේ සංගීතයට ගීයක් ගැයූ පණ්ඩිත් අමරදේවයන් කීවේ ඔහු වැනි ප්‍රතිභා සම්පන්න නවීනයෙකුගේ සංගීතයට ගයන්නට ලැබීම වාසනාවක් බවයි. ක්ලැරන්ස් මියගිය පසුව තිස්ස අබේසේකර පැවසුවේ සිංහල සංගීත වංශය ලියවෙන විටක පණ්ඩිත් අමරදේව තරමටම ක්ලැරන්ස් ද වැදගත් වන බවයි. මෑතදී තරුණ සංගීතවේදී කසුන් කල්හාර පැවසුවේ එදා ක්ලැරන්ස් විජේවර්ධන මේ රටේ බිහි නොවුණා නම් අපේ සංගීතයේ විශාල හිස්තැනක් පවතිනු ඇති බවයි. එහෙත් මේ රටේ කුහක විචාරකයෝ කිසි දිනක ක්ලැරන්ස්ගේ නිර්මාණ දෙස ඇහැක් ඇර නොබැලූහ. ඔහුගේ මුල්ම චිත්‍රපට සංගීත අධ්‍යක්ෂණය වූයේ “සිකුරුලියා” යි. එහි ජේ. ඒ. මිල්ටන් පෙරේරා ගැයූ “සිකුරුලියා” ගීතය ගැන භාරතීය මහා සංගීතවේදී නෞෂාඩ්ගේ පැසසුම් පවා ලැබුණත් මේ රට ක්ලැරන්ස්ගේ නිර්මාණය අගය කළාද?
වෙනත් ගායක ගායිකාවන්ගේ ජනප්‍රියත්වයට හේතු වන නිර්මාණ රැසක් ක්ලැරන්ස් අතින් බිහිවිය. “දිල්හානී දුවනී” ගීතයෙන් ඉන්ද්‍රානි පෙරේරා පෙරට ආවාය. “ටිකිරිමලී” හා “මා ආදරෙයි” වැනි ගීත අනිල් භාරතීට සවියක් විය. “සමුගෙන යන්නෙමි” හා “රූසිරිය ඈගේ” වැනි ගීත වර්නන් පෙරේරාට ආලෝකය ගෙනාවේය. “යොවුන් සිහින ලෝකේ” මරියසෙල් ගුණතිලකට වාසනාවන්ත විය. “තණ නිල්ල දිගේ” සමන් ද සිල්වා පෙරට ගෙනාවේය. එමෙන්ම එච්. ආර්. ජෝතිපාලයන් ජනප්‍රියත්වයේ ඉහළින්ම සිටියදී “මල් පිබිදෙන එක වසන්ත සමයක” හා “සඳට මුවාවෙලා ගියත්” වැනි ගීතවලින් ජෝතිගේ ගීතාවලිය හැඩ කළේය. ක්ලැරන්ස් හැදූ ගීතවලින් වැඩි හරියක් ගැයුවේ මිල්ටන් මල්ලවආරච්චි ගායක මිතුරාය. ඒ ගී රැස අතරින් “තනි වී සිටින්නයි” ගීතයේ “මගෙ පාළු ලෝකයේ තනි වූ මෙමා - සක්විති රජුන් හමුවේ නැත හිස නමා” යනුවෙන් ලියූ අයුරින්ම ක්ලැරන්ස් කිසිදු බලවේගයකට හිස නොනමා සෘජුව ජීවත් විය. බිරිඳ ශීලා සහ දුව අමිලා සමඟ නුගේගොඩ තලපත්පිටිය පාරේ නිවසේ නිදහසේ ජීවත් වූ ඔහු තමන් රිසි දේශපාලන පක්ෂයකට සහාය දුන්නා මිස එම පක්ෂය ජය ගත් පසුව මහජන මුදල් කොල්ලකෑමට හෝ වරදාන, වරප්‍රසාද ලබාගැනීමට දේශපාලකයන් පසුපස ගියේ නැත.
ක්ලැරන්ස් සේම ගිටාර් වාදකයකු ලෙස ක්ෂේත්රයට පිවිසි පසුව ගායකයකු සේ පෙරට ගිය ග්‍රේෂන් ආනන්දයන්ට ක්ලැරන්ස්ගේ නිර්මාණයක් ගයන්නට කිසිදා අවස්ථාවක් ලැබුණේ නැත. එහෙත් මිත්‍රත්වය ඔවුන් අතර පැවතුණි. රසවත් මිතුරු සමාගමයට ඇලුම් කළ ක්ලැරන්ස් එබඳු අවස්ථාවල “ග්‍රේෂන් මල්ලිට සිංදුවක් කරන්න ඕනෑ” කියා කී බවත්, එය ඉටුකර ගැනීමට පෙර ක්ලැරන්ස් අප හැර ගිය බවත් ග්‍රේෂන් නිතර සොවින් කියයි. මගේ ගීත රචනා දිවියට ඉමහත් අනුබලයක් දුන් මිතුරු ක්ලැරන්ස් ගැන මා ලියූ පදවැලක් මම ග්‍රේෂන්ට පෙන්වූයෙමි. එය වෙනත් ගායකයෙකු ලවා ගයවන්නට මා ලියූවකි. “මේක මට දීපන්...” ග්‍රේෂන් කීය. මම එය ඔහුට දුන්නෙමි. සිය පුත් මාරියෝ ආනන්දගේ සංගීතයට ග්‍රේෂන් එය ගායනා කළේය. එය ග්‍රේෂන් ආනන්ද ගයන අවසන් ගීතය වේ යයි මම කිසිදා නොසිතුවෙමි. එහෙත් එය එලෙසම සිදු විය. එය ඔහු ගැයූ අවසන් ගීතය විය. එහි පදවැල ක්ලැරන්ස් ගැන මා ලියූවත් අද එය ග්‍රේෂන් සම්බන්ධව ද අදාළ වේ යයි මම දුකින් සිතමි.
කොවුලා කොහේදෝ
ගොලු වී ගියාදෝ
සරදම් ලබා දෛවයේ
මිතුරා කොහේදෝ
වෙන්වී ගියාදෝ
ඉරණම් ලෙසේ ජීවිතේ
සුර දූතයන් හෝ
සුර දූතියන් හෝ
අපටත් වඩා මිතුරු වීදෝ
මෙලෙසින් අකාලේ
මෙලොවින් මිදීලා
සිතුවේ සොයා යන්න සුරලෝ