සිරකරුවන් නඩත්තුවට
මාසයකට කෝටි 18 1/2 ක්
මෙරට බන්ධනාගාර විසිඅටක සිටින මුළු සිරකරුවන් 7975 සඳහා රජය රුපියල් දහඅට කෝටි හැටහය ලක්ෂ පහළොස් දහසක් මසකට වැයකරන බව එම බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන හා නැවත පදිංචි කිරීමේ ඇමැති ඩී. එම්. ස්වාමිනාදන් (11 දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
එමෙන්ම මෙම සිරකරුවන් සඳහා දිනකට වැයවන මුදල රුපියල් හැටදෙලක්ෂ විසිදහස් පන්සියයක් බවද ඇමැතිවරයා කීවේය. මරණ දඬුවම නියම වූවන් 1211 ක්, සොරකම් සම්බන්ධව 1236 ක්, ස්ත්‍රී දූෂණ චෝදනාවට
543 ක්, ළමා අපචාර වරදකරුවන් 174 ක්, මත්ද්‍රව්‍ය චෝදනාව මත 2995 ක් සහ වෙනත් චෝදනා මත සිරකරුවන් 1816 ක් මෙම බන්ධනාගාරවල රඳවා සිටින බවද ඇමැතිවරයා කීවේය.
මේ අය අතර පළමුවරට සිරගත වූවන් 4679 ක්, දෙවැනි වරට සිරගත වූවන් 2224 ක් සහ තෙවැනි වරට සිරගත වූවන් 1072 ක් සිටින බවද කී ඇමැතිවරයා සිරගත වූවන් අතර වයස අවුරුදු
17 ත් 29 ත් අතර තරුණ තරුණියන් 2057 ක් සිටින බවද කීය. වයස අවුරුදු 75 ට වැඩි පුද්ගලයන් 10 ක් සිරගතව සිටින බව කී ඇමැතිවරයා මව්වරු සිරගතවීම නිසා බන්ධනාගාරය තුළ දරුවන් 58 ක් ජීවත් වන බවද කීය.
එමෙන්ම භික්ෂුන් වහන්සේලා 15 ක්, කතෝලික පූජකවරුන් 01 ක් සහ හින්දු පූජකයන් 01 ක් සිරගතව සිටින බවද ඇමැති ස්වාමිනාදන් ප්‍රකාශ කළේය.
මාතර දිස්ත්‍රික් මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම ඇසූ පැනයකට පිළිතුරු දෙමින් ඇමැති
ඩී. එම්. ස්වාමිනාදන් ඉහත ප්‍රකාශය කළේය.