ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Tuesday, December 15, 2015

බල්ලොත් නොකන කෑම මිනිසුනට කැවූ අපතයන් 30 මාට්ටු...!!!

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් පුරා දින 03ක් තිස්සේ ආරච්චිකට්ටුව සහ අවට සිදු කරන ලද
මෙහෙයුමකින් පසුව මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර අලවි කළ ව්‍යාපාරිකයින් 30 දෙනෙකුට එරෙහිව හලාවත දිසා අධිකරණය හමුවේ නඩු පැවරීමට කටයුතු කර ඇත.
ඉකුත් 12,13 සහ 14 යන තෙදින පුරා මෙම මෙහෙයුම ක්‍රියාත්මක විය.
ආරච්චිකට්ටුව සති පොල ඇතුළු ඒ අවට පිහිටි ව්‍යාපාරික ස්ථාන 62 ක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් තම පරීක්ෂාවට ලක් කර ඇත.එසේ පරීක්ෂා කරන ලද ව්‍යාපාරික ස්ථාන අතරින් මිනිස් පරිභෝජනයට නුසුදුසු කල් ඉකුත් වූ ආහාර,පුස් සහ කෘමී සතුන් සහිත ආහාර,විවිධ ලේබල් අඩුපාඩු සහිත ආහාර සහ දුහුවිල්ලට නිරාවරණය කර තිබූ අහාර විශාල තොගයක්ද තම බාරයට ගැනීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කර ඇත.නඩු පවරා ඇත්තේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් තම බාරයට ගෙන ඇති ආහාර වර්ග අලවිය සදහා ළග තබා ගෙන සිටි ව්‍යාපාරිකයින්ට එරෙහිවය.ආරච්චිකට්ටුව සති පොලේ තිබූ මිනිස් පරිභෝජනයට නුසුදුසු කරවල විශාල ප්‍රමාණයක්ද මෙහිදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් විනාශ කර දමන ලදි.
ඇතැම් ව්‍යාපාරික ස්ථාන වල පිරිසිදු තත්ත්වය සම්බන්ධයෙන්ද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් එම ව්‍යාපාරයන් පවත්වා ගෙන ගිය අයවළුන්ට අවවාද කරන අයුරුද මෙහිදී දක්නට ලැබුණි.
ආරච්චිකට්ටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ශාන්ත කුමාර, අතිරේක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රවී ප්‍රසාද්ගේ උපදෙස් සහ මෙහෙයවීම මත පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක රංජිත් විජයකුමාර ගේ අධීක්ෂණය යටතේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වන චමින්ද ගම්ලත්,අසේල හේරත්,නලීන් සේනාරත්න,සුමිත් ජයනන්ද වාස්,අජිත් රෝහණ ප්‍රනාන්දු,නිලංග පියුමාල් සහ දිලුක ලක්ෂාන්  විසින් මෙම වැටලීම් සිදු කරන ලදි.
(මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් ආරච්චිකට්ටුව සති පොලේ කරවල සහ එළවළු අලවි කරන ස්ථාන පරීක්ෂා කළ ආකාරය ඡායරූප වලින් දැක්වේ)
 ජූඩ් සමන්ත ලංකානිව්ස්
 

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.