දකුණේ ආණ්ඩුවට බලපෑම් කිරිම සදහා උතුරු නැගෙනහිර දමිළ ව්‍යාපාරිකයන් රටේ
ප්‍රභලම ව්‍යාපාරිකයන්
අදාළ ව්‍යාපෘති සියල්ලක්ම ඩොලර් බිලියනය ඉක්මවා යන ආකාරයේ ව්‍යාපෘති වන අතර ඒ සදහා කැදවන ලද සෑම යොජනාවකම අනිවාර්ය සාධකය ලෙස දක්වා ඇත්තේ
එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරිමේ කණ්ඩායමේ සමාජික පිරිසගෙන් සියයට 85 (85%)අනිවාර්යෙන් දමිල සමාජිකයන් විය යුතු බවයි.
මිට අමතරව අදාළ ව්‍යාපෘති සියල්ලම ව්‍යාපාරික ප්‍රජාව නගා සිටුවිම සදහා පමණක් ක්‍රියාත්මක අල යුතු අතර අදාළ ව්‍යපෘති ලබා ගැනිම සදහා දෙමළ ජාතික සන්ධානයේ කැමත්තද ලබාගත යුතු වන බවද මේ වනවිට අනාවරණය වී තිබේ.
මේ අතර ඇමරිකාවේ දේශපාලන කටයුතු පිළිබඳ සහකාර ලේකම් තෝමස් සෙනෝන් පෙරේදා ශ්‍රී ලංකාවට පැමිණී අතර එම සංචාරයේ අරමුණ වි ඇත්තේ නැගෙනහිර පළාතේ ක්‍රියාත්මක US-AID හි ව්‍යාපෘති පිළිබඳවද සොයාබැලීමට වන අතර මිට අමතරව මෙම සංචාරයේදී විදේශ කටයුතු අමාත්‍යවරයා, රජයේ ජ්‍යෙෂ්ඨ පාර්ලිමේන්තු මන්ත්‍රිවරු, ව්‍යාපාරිකයින් ඇතුළු පිරිසක් හමුවීමට නියමිත සිටි.
මේ අතර අදාළ US – AID දමිළ ව්‍යාපාරික ව්‍යාපෘතිය හරහා බිලියන 3ක ව්‍යාපෘතියක් අත්පත් කර ගැනිමට එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක සහ දිගාමඩුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ කටයුතු කර ඇති අතර එම ව්‍යාපෘතිය හරහා ලැබේන මුදල් ව්‍යාපෘතිය මගහැර බෙන්තොට ප්‍රදේශයේ ප්‍රසිද්ධ සංචාරක හෝටලයක් බිලියන දෙකක මුදලක් යොදවා මිළදි ගැනිම සදහා මේ වනවිට කටයුතු කරමින් සිටි.
රුපියල් බිලියන ගණනක් ගෙවා ලොතරැයි මණ්ඩල හිටපු සභාපති, ලංකා පුත්‍ර සංවර්ධන බැංකු හිටපු සභාපති ඇතුළු රාජ්‍ය ආයතන රැසක ඉහළ නිළතල ඉසුලූ උපාලී ලියනගේ හරහා කාල්ටන් ස්පොර්ට් නෙට්වර්ක්ස් (CSN ) ආයතනය මිළදී ගැනිමට මාන බැලු දයා එය අසාථක විමෙන් පසුව මෙම හෝටලය මිලදි ගැනිමට කටයුතු කර තිබේ.