බුද්ධාගමට හිමි ප්‍රමුඛස්ථානය පොතෙන් එළියට, ඊලඟට ව්‍යවස්ථාවෙන්.
චන්ද්‍රිකා සිටින්නේ පාසල් යන වයසක නොවේ. නමුත් ළඟදී චන්ද්‍රිකාට පාසල් පෙළ පොත් මතක් විය. අපටත් ඇතැම් විට කුඩා කළ බැලූ ඒ
පොත පත කිසියම් අතීතාශ්වාදජක හැඟීමක් මුසුව මතකයට නැගෙන අවස්ථා ඇත. නමුත්
චන්ද්‍රිකා ට පාසල් පෙළ පොත් මතක් වූයේ එවැනි හැඟීමක් ඇතිව නොවේ.
බටහිරයන් විසින්
වරෙක ඇය තම පුතණුවන් සිංහලයකු වීම පිලිබඳ ඔහු අතිශයින් ලැජ්ජා වන වග තමා සමඟ පැවසු බව ප්‍රසිද්ධියේ පැවසුවාය. ඇයද තමා සිංහලයකු වීම පිලිබඳ ලැජ්ජා වන ස්ත්‍රියකි. නොඑසේ නම් සිය පුතා සිංහලයකු වීම පිලිබඳ ලැජ්ජා වන බව ප්‍රසිද්ධියේ කියන්නේ නැත. ඇය මේ රටේ සිංහලයන්ට සහ බෞද්ධයන්ට හිමි තැන නොපිලිගන්නා ස්ත්‍රියකි.බ්‍රිතාන්‍යයන් විසින් අත්සන් තැබූ උඩරට ගිවිසුමේ පවා බෞද්ධාගම රැක ගැනීම උදෙසා ඔවුන් සතු වගකීම අවධාරණය වී ඇත්තේ එය මේ රටේ ඓතිහාසිකව පැවත ආ සම්ප්රදාය වූවා සේම එය රජවරුන් සතු යුතුකමක් සහ රාජ්‍යත්වයට ඇති හිමිකමද නිර්ණය වන සාධකයක් වි තිබුන බැවිනි. රටක ව්‍යවස්ථාව සහ නීති බවට පත් වන්නේ එම රටේ සම්ප්රදායයි. නමුත් බ්‍රිතාන්‍යය යටත් විජිතයක් වූ අප සතුව ඇත්තේ බ්‍රිතාන්‍යයේ සම්ප්රදාය මත සැකසූ ව්‍යවස්ථාවක් විනා අපගේ සම්ප්රදාය මත සැකසූ ව්‍යවස්ථාවක් නොවේ. කෙසේ නමුත් උඩරට ගිවිසුමට ද ඇතුලත් කර ඇති පරිදිම වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දෙවන පරිච්ඡේදයට අයත් වන නව වන වගන්තියට අනුව ශ්‍රී ලංකා රජය බුද්ධාගමට ප්‍රමුඛස්ථානය පිරිනැමිය යුතුය. එසේම බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කිරීම රජයේ වගකීම විය යුතුය යනුවෙන්ද එහි ඇතුළත්ය.

නමුත් චන්ද්‍රිකා පෙළ පොත සර්ව ආගමික කිරීම හරහා නිකුත් කරන්නේ සංඥාවකි. පැහැඳිලි සංඥාවකි. නැතිනම් චන්ද්‍රිකාට ඉස්කෝලේ පොත් මතක් වෙන වයසක් නොවේ මේ. මුලින්ම එන්නේ සර්ව ආගමික පාසල් පෙළ පොතක්, බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ලබා දී නැති පාසල් පෙළ පොතක්. ඉන් පසුව එන්නේ බුද්ධාගමට ප්‍රමුඛස්ථානය නැති ව්‍යවස්ථාවක්. බුද්ධාගමට ප්‍රමුඛස්ථානය නැති රටක්.
පෙළ පොත හරහා කාර්යයන් දෙකක් සාක්ෂාත් කර ගත හැකිය. එකක් මුලින් මුට්ටිය දමා බැලීමය. මේ මුට්ටියට කුඩු වෙන්න ගැහුවද හොරා පසුබසිනු ඇත්තේ තාවකාලිකවය. මේ හොරා මෙහය වන්නේ බටහිර අධිරාජ්‍යවාදී බලවතුන් විසිනි. ව්‍යවස්ථාව සදන්නේ නෝර්වේ රටින් උපදෙස් ගනිමිනි. එනිසා හොරාටද හොරකමේ යනවා හැරෙන්න වෙන විකල්පයක් නැත. ඉන් සාක්ෂාත් කර ගන්නා දෙවන කාරණය ඊටත් වඩා අතිශය භයානකය. එනම් මතවාදීව බුද්ධාගමට ප්රමුඛස්ථානයක් හිමි විය යුතු නැතැයි තහවුරු කර ගැනීමයි. පෙළ පොතට මේ වෙනස කරන විට බොහෝ දෙනෙකු ඒ ගැන එතරම් උනන්දු නොවන, බිය නොවන හේතුවක් තිබේ. ඒ ළමුන්ට අන් ආගම් ගැනද වැටහීමක් ලැබීමේ කිසියම් සාධනීය පැත්තක්ද ඇති බැවිනි. එහි සත්‍යයක්ද තිබේ. නමුත් චන්ද්‍රිකා.... ඇය දැන් කල්පනා කරන්නේ ළමුන්ගේ අධ්‍යාපනය ගැනද? අපි ඇය ගැන දනිමු. ගොනා හැරෙන්නේ පොල් පැළයට වැඩේ දීමට බව අපට පෙනී යා යුතුය.
මුලින් පෙළ පොත සර්ව ආගමික කළ පසු සියළු ආගම් මේ රට තුළ සමස්ථානයේ ලා සැලකිය යුතු බවට මතයක් පසුව තහවුරු කර ගැනීම පහසු වේ. කිසිදු ආගමකට ප්රමුඛස්ථානයක් අවැසි නැති බව පවසනු ඇත. අවශ්‍ය නම් බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ලබා දීම බෞද්ධ ධර්මයට පවා පටහැණි යැයි උගන්වන ඊනියා උගතුන් කිහිප දෙනෙකුද කළ එළි බසිනු ඇත. අඥාන සිංහලයාට මෙය වැටහෙන කොට පෙරහැර ගිහින්ය. බුද්ධාගමට හිමි ප්‍රමුඛස්ථානය ඉවත් කිරීම සඳහා චන්ද්‍රිකාලා රනිල්ලා හරහා බටහිරයන් ඉතා දක්ෂ අයුරින් මානසික පරිවර්තනයක් සැලසුම් කර ක්‍රියාත්මක කරන බව අපට දැන් පෙනී යා යුතුය. එය මෙරට මහා සංඝයා වහන්සේ ඇතුළු බෞද්ධ දායක දායිකාවන්ගේ අප්‍රමාදි අවධානයටවත් ලක් විය යුතුය. හොරා අල්ලා ගැනීම කෙසේ වෙතත් මුට්ටිය බිද දැමීමටවත් මේ සියළු දෙනා නින්දෙන් අවදි විය යුතුය. නැතිනම් අපට වසර දෙදහස් පන්සියයකට වඩා පැවත ආ සම්ප්‍රදායට, අලිඛිත ව්‍යවස්ථාවට සහ ලිඛිත ව්‍යවස්ථාවට පටහැණි රටක් බිහි වීමට ඇත්තේ තවත් වසර දෙකකට අඩු කාලයක් බව සිහි කැඳවා ගත යුතුය. යළි යටත්විජිතකරණයට ලක් වූ මේ දේශයේ අප ගත කරන්නේ ඉතිහාසය වෙනස් කරවන සන්ධියක් පසු කරන ඉතාම තීරණාත්මක අවධියකි. නිදිගෙන සිටියහොත් සොරා ගෙයි වටිනා කියන කිසිවක් ඉතිරි නොකරනු නිසැකය.
-ලසන්ත වික්‍රමසිංහ